Pages

2009-05-10

ගණිතය+පරිගණය+Electronic+Electrical එකට ගත්කල මැවුණු ආලෝක රටා

මේ පහලින් තියෙන පින්‍තූරෙ තියෙන්නේ මම 2007 දී ඩිප්ලෝමාව අවසානයේ කල ව්‍යාපෘතියේ ආදරශන පුවරුවයි. මේක හැදු‍වෙ පරිගණකය මගින් ගෘහස්ථ විදුලි උපකරණ පරිහරණය කරන ආකාරය පෙන්නන්න.
ආදර්ශකය

පාලක වැඩසටහන
Objectives
  • Develop a system thata controls overall electric items in the house.
  • Develop a system theat can remotely control eletric items.
  • Secure the house from intruders
  • Make use of domestic electricitiy efficiency
මේක මගින් ගෙදර තියෙන ඉලෙක්ට්‍රික් උපකරණ පරිගණකය මගින් පාලනය කරන්නත් ආරක්ෂණ කටයුතු සඳහාත් විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කිරීමත් ආදර්ශනය කරන්න තමයි හැදුවේ.

මේක ගැන නෙවෙයි මම කියන්න ගියේ. මේ සැරේ වෙසක් එක දවසේ උදේ බල්බ් වැල එලියට ගත්තා. මීයෙක් ටිකක් අත ගහල තිබුණ නිසා උදේම කරේ ෂොපින් බෑග් එකක් ඉරල මීය වැඩ දාපු තැන් ටික ‍ජොයින්ට් කරල ඔතල රත් කරල සීල් කරා. (ටේප් ගහනවට වඩා ෂුවර්නේ).

ඊලග පියවර බල්බ් වැලට හයි කරල තිබුණු පරිපථය ගෙදර නෑ. මොනව කරන්නද රෑ‍ වෙනකොට වැඩේ තියෙන්න එපැයි. උඩ පින්තූරෙ තියෙන බෝඩ් එක ගත්ත. බල්බ් වැල ඒකට හයි කරා.

(වී‍ඩියෝ වල පැහැදිලි තාව නම් මදි තමයි. කැමරා කොහෙන් හොයන්නද මේ වෙලාවෙ.)

ඊට පස්සේ ඒක පරිගණකයට සම්බන්ධ කරා. අලුතින්ම ලිවුව වැඩසටහනක් රටා වලට බල්බ පත්තු වෙන්න. වැඩසටහන නම් තනිකරම ගණිත සෙල්ලමක්. හිත හිත ඉන්න වෙලා නැති නිසා ‍දෙකේ පා‍දයේ ඒව දහේ පාදයට හරවගන්න තව වැඩසටහනක් ලියා ගත්ත. ‍ඒක නිසා තමයි ඉක්මණට වැඩේ කරගන්න හම්බුණේ. කොහොම හරි දවල් 2 විතර වෙනකොට ‍වැඩේ කරගත්ත.



මේ බල්බ් වැල පරිගණකයෙන් පාලනය කරනකොට ගත්ත එකක්. ටිකි ටික ගාල සද්දෙ එනව දාපු රිලේ වලින් ට්‍රැයක් දැම්ම නම් ඒ සද්දෙත් නැති කරන්න පුලුවන්. ලේසියට තමයි රිලේ පාවිච්චි කලේ. මෙන්න අන්තිම ප්‍රතිඵලය



ඔන්න ඔහොමයි වෙසක් දවස. මේ යුටියුබ් එක්ක වැඩ කරපු පලවෙනි පාර නිසා තමයි පරක්කු උනේ. ඉතිං කොහොමද මගේ වැඩේ.

13 comments:

  1. මේක නිකං නැටුම් පංතියක් වගේ නෙව! කියලා දින්නකෝ අපිටත් සරන්න ලේසි පොටක් එහෙම!

    ReplyDelete
  2. කියල‍ දෙන්නං.. කියල දෙන්නං. .මේකත් පෝස්ට් කරන්න මාර වෙලාවක් ගියා. වෙසක් දවසේ ඉදල පෝස්ට් කරන්නේ.

    ReplyDelete
  3. හික් හික් වීඩියෝ එකයි පින්තූර ටිකයි දැක්කට ඊයෙ හිතුනෙ නෑ මෙච්චර ජිල්මාට් එකක් දාල කියල

    එල එල

    නරකද සෝර්ස්කෝඩ්, පරිපත සටහන් ටිකක් දැම්මොත්. ලබන වෙසක් එකට අපිටත් කරගන්න (දැන්ම ලියන්න පටන් ගන්නකො, ලබන වෙසක් එක වෙද්දි ඉවර කරගන්න පුලුවන් :D)

    ReplyDelete
  4. නරකම නෑ අදහස. ගණිතය+පරිගණය+Electronic+Electrical මේ සේරම පුලුවන් කරන්න එපැයි ඉතිං. එකක් හරි අඩුවෙන් කරන්නත් බෑනේ. කොච්චර පුරුදුකාරයෙක් උනත් මේක කරන්න ගිහින් කරන්ට් එකත් වද්දගත්තා. පොඩි රිස්ක් එකකුත් තියෙනවා.

    ReplyDelete
  5. මොකද හිතන්නෙ මේ ජිල්මාට් එක ගැන.

    ReplyDelete
  6. මම මෙහෙම පරිගනකෙන් සෙල්ලන් කාර් එලවලා තියෙනවා exhibition එකකට

    ReplyDelete
  7. නාගයා නොකරපු වැ‍ඩක් නෑ වගේ. ඒත් මේකෙදි පරිපථ සියල්ල පුරා විදුලිය හා සම්බන්ධයි. නිකමට වත් 12නේ කියල ඇල්ලුවොත් ‍සොරිම තමා.

    Exhibition කිවුවම මතක් උනේ. මේ ‍ව්‍යාපෘතිය මම තිබ්බා ඇල්පිටියේ තිබ්බ Votec ප්‍රදර්ශනේට. පරිගණකය භාවිතා කරත් එයාල මේක දැම්මෙ ඉලෙක්ට්‍රොනික් රූම් එකට. ඉතින් ප්‍රදර්ශන වලදි වෙන වැඩ කියන්න ඕනෙ නෑනේ. සමහරු එනව අපිව අන්නන්න බලාගෙන. ඉතිං පොරක් ඇවිත් කඩ්ඩෙන්ම ටෝකක් දීගෙන දීගෙන ගිහින් ඔය රිලේස් වලින් එන වයර් 9 වයර් 5කට අඩුකරල තියෙන තැන දාල තියෙන ජිල්මාට් එකට අත තිබ්බා. (එතන ටේප් වත් ගහල තිබ්බෙ නෑ විස්තර කරන්න ඕන නිසා. ) අත තිබ්බ ගමන් වැදුන කරන්ට් එක (එතන නම් 230V) අප‍රාදෙ කියන්න බෑ. කරන්ට වැදුන ගමන් මෑන් සිංහලෙන් කියපි "හරි හරි මල්ලි මං ගිහිං එන්නං කියල"

    ReplyDelete
  8. @ගයා
    බි පෙ සි!

    ReplyDelete
  9. ඔව් ඉතින් මම ඔය හැම දේම කරලා තියෙනවා...මම interfacing පටන් ගත්තේ 9 වසරෙදී විතර...MAX 232 තියෙන වැඩක් කරන්න ගියා...ඒත් ඒකාලේ ඒක හොයා ගන්න බැරි උනා...දැන්නම් තියෙනවා...මම ඉතින් ඒ නිසා parallel port interfacing තමා කලේ..ඉස්සරහට නම් ඉතින් කොහොමත් මට interfacing කරන්න වෙනවා ;)

    ඔයාට කරන්ට් වැදුණේ ඔච්චර opto-couplers පාවිච්චි කරේ නැද්ද?ldr & led පාවිච්චි කරලා opto-couplers ලේසියෙන්ම හදාගත හැකි නේ...

    කොහොමත් 230V එක්ක පරිස්සමින්..වැදුනොත් එපා කියන්න යැයි...
    ඔයා nokia 3310 lcd(philips එකක් lcd එක නම්) එක parellel port interface කරලා තියෙනවාද?ලේසියි..මම කරන්න ගියා...ඒත් ඒක අඩුවට හොයාගන්න තිබ්බෙ නෑ...අඩුම 400ක් කීවා :(

    micro-controller එක්ක interfacing තමා මරුම....PC ඕනි නෑනේ...12F675 & nokia 3310 lcd ද කොහොද පාචිව්චි කරලා ලේසියෙන් උෂ්ණත්වමානයක් හදාගන්න පුලුවන් ;)

    ReplyDelete
  10. @බුද්ධික
    මට නම් 9 වසරෙදි ඉස්කෝලෙ කම්පියුටර් රූම් එක පලාතෙ යන්න හම්බුනේ නෑ. 12 වසරෙදි තමයි මගේම කියල එකක් ගන්න පුලුවන් උනේ. ඒ කාලෙ ඉදන් තිබුණ නම් නියමයි. අපි උපේ කරද්දී තමයි තොරතුරු තාක්ෂණය විශයක් හැටියට දැම්මේ. ලිව්ව පේපර් එකේ ලකුණු වත් දුන්නෙ නෑ. Exam එකට paper එකක් තිබුණෙත් නෑ.

    මාත් Serial කරන්න ආසයි. ඒත් RS232 යුනිට් එකක් හදන්න එපැයි. හොයන්න වෙලාවක් තිබුණෙත් නෑ. පුලුවන්නම් මට පරිපථ සටහනක් එවනවද?

    opto-couplers දාලතියෙන්නේ.PowerSupply වලත් තියෙනවා. රෙපෙයාර් කරන තැන් වලින් ගන්න පුලුවන්. ඔය LED පේලියට කලින් තියෙන්නෙ ඒව තමා. එතනින් පස්සේ C828 පේලයකට දීල LED වලටත්. තව ට්‍රාන්සිස්ටර් පේලියකට පස්සෙ රිලේ වලටත් දීල තියෙන්නේ. හදන්න ඕන උනේ නැ කඩේ අඩුවටම තියෙන ඒව තමයි මාත් පාවිච්චි කරේ දැන් ගාන නම් මතක නෑ.

    මට කරන්ට් වැදුනේ බල්බ් වැලේ නියුටල් එකට දාපු ජොයින්ට් එකක් ඕපන් තිවිල දැක්කෙ නෑ. අතේ තැරඋනා.

    මම ලියල තියෙන්නේ PIC 16F84 ටයි 8055 මයික්‍රො‍කන්ට්‍රොලර් එකටයි විතරයි. ඒකෙන් තොරණක රශ්මියකුත් ගහල තියෙනවා. interfacing කරන්න ගියේ නෑ. මෙට්‍රික්ස් ‍ඩිස්ප්ලේ වෙනුවට LED මෙමරි කන්ට්‍රොල් එකක් හදන්න ඉන්නේ.තාම පොටක් පෑදුනේ නෑ

    නොකිය ඩිස්ප්ලේ එකක් හොයාගන්න බැරිවෙන එකක් නෑ.

    USB එකකට ට්‍රයි කරන්න පුලුවන්නේද RS232 එකෙන්ම

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ