Network Environment එකක් ගෙදර කොයින්ද .
පරිගණක දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එකිනෙක සම්බන්ධ වෙනවනම් ඒක Network එකක්නේ. ඉතිං වින්ඩෝස් තියෙන පරිගණකයකුයි. ලිනක්ස් තියෙන පරිගණකයකුයි Cross-over කේබල් එකක් අරගෙන Ethernet port වලින් එකිනෙක සම්බන්ධ කරල ගත්තම ඒකත් Network එකක් තමයි.
ෆෙඩෝරා පරිගණකයේ සැකසුම්
මේකට සම්බා අවශ්‍ය වෙනවා. (හාල් නෙවයි. ) ඒක ස්ථාපනය කරගන්න අග්‍රයේ root ලෙස පහත විධානය දෙන්න
# Yum install sambaදැන්
පද්ධතිය --> කළමණාකරණය --> සම්බා අනුගමනය කර සම්බා සේවාදායකය මානකරණයට පිවිසෙන්න. එහිට පිවිසීමට root මුරපදය ලබාදිය යුතුය. දැන්
රුචි අරුචි-->සේවාදායකයේ පරිස්ථිතයන් වෙත ගොස් පහත විස්තර ලබාදෙන්න.සේවා කණ්ඩායම
workgroupවිස්තරය
Fedoraඑම කවුළුවේම ඇති ආරක්ෂාව ටැබයට පිවිස
අනන්‍යතාවය තහවුරු කරගන්නා ආකාරය
පොදුව රහස් පදයන් සංකේත වලට හරවන්න
ඔව් ආගන්තුක ගිණුම
පරිගණකයට ප්රවේශවන නාමය හෝ සකස්කරගත් පරිශීලක නාමය ලබාදී හරි බොත්තම ඔබන්න. ෆෙඩෝරා පරිගණකය සූදානම් කර අවසන්.
දැන් වින්ඩෝස් ඇති පරිගණකයේ MyComputer මත මවුසයේ දකුණු බොත්තම ඔබා properties ලබාගන්න. එහි Computer Name ටැබයෙන් Change --> Name and workgroup ලබාදෙන්න.
Name
windowsWorkgroup
workgroupතවද User account එකට Password එකක් ලබාදෙන්න (ජාලය තුල හාවිතයට මුරපද අවශ්යෙ වේ.
ජාලය සූදානම් කර අවසන්.
දැන් වින්ඩෝස් වල ඇති Folder එකක් Share කරන්න. ඉන්පසු ෆෙඩෝරා පරිගණකයෙන්
ස්ථාන-->සේවාදායකයට සම්බන්ධවන්න මගින් සේවාදායකටය සම්බන්ධවන්න කවුළුව විවෘත කරගන්න. එහි පහත පරිදි සැකසුම් ලබා දෙන්න.සේවා වර්ගය
Windows Shareසේවාදායකය
windows (වින්ඩෝස් පරිගණකයට ලබාදුන් නම)බහලුම
Share කරන ලද Folder එකේ නම(Share කරද්දී ලබාදුන් නම)පරිශීලක නම
වින්ඩෝස් හි User Nameකලාප නම
workgroupදැන් සම්බන්ධවීම මත එබූ විට මුරපදය විමසා සිටිනු ඇත. එවිට වින්ඩෝස් පරිශීලකට අදාල මුරපදය ලබාදෙන්න.
එවිට ලබාදුන් පරිශීලක නාමය මුරපදය හා කලාප නම නිවැරදි නම් නව කවුලුවකින් වින්ඩෝස් මගින් share කරන ලද Folder එක තුල අඩංගු සියල්ල පෙන්වනු ඇත.
Linux Folder එකක්, Windows වලට share කරන්නත් පුළුවන්ද මෙකෙන්?
ReplyDeleteපුලුවන් ඒක කරන විදිය මම ඊලඟ පෝස්ට් එකේ දානවා. පොඩි සෙල්ලමක් දාන්න තියෙනවා.
ReplyDeleteඑළ එළ...
ReplyDeleteමම කලින් ඕක කරලා තියෙනවා.
Windows Folder, Linux වලට share වෙනවා.
නමුත් Linux, Windows වලට share වෙන්නෙ නෑ.. :(
මම දැනුත් පාවිච්චි කරනවා. ඒක වැඩකරනවා පොඩ්ඩක් ඉවසන් ඉන්න දානකන්.
ReplyDelete