Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2010-02-14

දෙවන වසර ආරම්භය.

ඔන්න පෙබරවාරි 14 වෙනිදත් ආවා.
ඉතිං පෙබරවාරි 14 විශේෂ ‍වෙන්නෙ ඇයි.

ආදරවන්තයි‍න්ගේ දිනය කියන නිසා නම් නෙවෙයි. මේ කියන්න යන්නේ සිංහල බ්ලොග් අවකා‍ශයේ තියෙන තාරක‍ගේ සටහන් පිටුව කියන මේ සිංහල බ්ලොග් අඩවියට පෙබරවාරි 14 වෙනිදා තියෙන විශේශත්වය මොකක්ද කියලා.

ඉතිං අදට හරියටම වසරකට කලින් අන්තර්ජාලය නම් මහා දැනුම ගබඩාවට තවත් එක පුංචිම පුංචි බ්ලොග් අඩවියක් ආරම්භ උනා. ඉතිං එදා ඉදලා ලියඋනු ලිපි ටික සංඛ්‍යාත්මකව ගත්තොත් 114ක් වෙනවා. මේ තියෙන්නේ එදා සටහන් කරපු තාරකගේ පළවෙනි සටහන

ඒ සටහනත් එක්ක පටන් ගත්තු සටහන් පිටුවට හැම මාසෙකම නොවැරදීම සටහන් එකතු උනා. ඉතිං මේ සටහනත් එක්ක තාරක සටහන් පිටුවත් අරගෙන ඉර වටේ රවුමක් ගිහිල්ල තියෙන්නේ තාරකටත් නොදැනීමයි.



සටහන් පිටුව ආරම්භ කරාට පස්සේ බ්ලොග් එක කියවපු කියවල අදුන ගත්තු අය එක්ක කොච්චර මේල් යවලා චැට් කරලා ස්කයිප් හරහා කතා කරල තිබුනත් ඒ අය හමුවෙලා දැන හදුන ගන්න ලැබීම මේ අවුරද්ද තුල සිදු වෙච්ච වැදගත්ම දෙයක් කියල කියන්න පුලුවන්.

මුලින්ම දක්ෂිණ ලිනක්ස් සංසදය ආරම්භ කලෙත් එහෙම හම්බෙලා දැන අදුනගෙන හිටපු අය එක්ක නෙවෙයි. දක්ෂිණ ලිනක්ස් සංසදයේ පළමු වැඩසටහනට ගියත් කවුරුවත් මූණ බලල අඳුන ගන්න බැරි උනා. වැටසටහන සංවිධානය කරගත්තෙත් අන්තර්ජාලය හරහාමනේ. එපාර ඩනිෂ්ක අයිය තමයි මුලින්ම කතා කරල අඳුන ගත්තේ ඊටත් පස්සේ ගයාන් කල්හාර, අනුෂ්ක ලක්මාල්, කල්ප පැතුම්, වී අමිත්ත ;) බන්දුල සර් එහෙම අඳුනගත්තා. ටිකක් වෙලා යනකොට අර මුලින් දැනුනු නුහුරු ගතිය නැතිඋනා. කට්ටිය සෑහෙන කාලෙක ඉඳල දන්නව වගේ ආශ්‍රය කරන්න පුලුවන් උනේ අන්තර්ජාලය තුලින් කතා බහ කරල තිබුණ නිසා වෙන්න ඇති.

දක්ෂිණ ලිනක්ස් සංසදය තුලින් අප පාසල් රැසකට නිදහස් හා විවෘත මෘදුකාංග ගැන වැඩමුළු කලා.ඒ සියල්ලම මෙහෙම සඳහන් කරන්න අමාරුයි. ඒ අතර මම බටපොල නවෝද්‍යා පාසල වෙනුවෙන් නිදහස් හා වීවෘත මෘදුකාංග ගැන වැඩමුලුවක් සංවිධානය කලා. එදා තමයි ගෙදරින් දැනගත්තේ මම මේ කරන දේවල් මොනවද කියලා ;) (මගේ අම්මා ගුරුවරියක්) ඉතිං ගෙදර ඇවිත් මට ඌන පූරණ කරන්න විතරයි තිබුනේ. අම්මා සේරම දේවල් අනිත් අයට කිවුවා. මෙන්න මෙහෙමයි වැඩේ උනේ කියලා.

දේශීයකරණ වැඩමුලුත් අමතක කරන්න බෑ ඒ වැඩසටහනෙන් පස්සේ මම කරපු එක තමයි මේ
ඊටත් පස්සේ හන්තාන ව්‍යාපෘතියට දායක උනේ. හන්තාන ව්‍යාපෘතිය හදුන්වා දුන්නේ Software Freedom Day එක දවසෙදී ඒ අයත් එක්කම තවත් කිහිප දෙනෙක් හමු උනා. හිරන්‍ය ශ්‍රීමාල් සහ ප්‍රවීන් ඉන්ද්‍රනාමත් ඒ අය අතර හිටියා.

ඒ අතර තවත් එකක් කට්ටියටම අමතක නොවන හමුවීම මතක ඇති. විස්තර කියන්න ඕන නෑනේ. හැම බ්ලොග් එකකම වගේ ලිවුවනේ ඒක ගැන.

මෙන්න ලින්ක් ටිකක්. සිංහල බ්ලොග් අවකාශයට අලුතින් ආපු කස්ටියයි මතක නැති කට්ටියයි, මතක් කරල නැවත ඒ අවස්ථාව විදගන්න ආස අයයි ආපහු පාරක් ගිහින් බලන්නකෝ

මේ මගේ කැමරාවේ (ඇත්තම කිවුවොත් ජංගම දුරකථනයේ) සටහන් වෙලා තිබුණු සොදුරු මතකසටහන් ටිකක්.


ගයන්තට කන්න පුලුවන් දේවල් තොරන ගමන්
මෙයා කෑම තේරුවනම් තාම තෝර තෝර ඉන්නවා

ශ්‍රී ශානු තාම කෑම කන්න කලින්



මේ තමයි සමූහ ඡායාරූපය ගත්ත හැටි. අර කලින් දාපු ලින්ක් වල කිහිප තැනකම තියෙන නිසා මෙතන සමූහ ‍එක දැම්මෙ නෑ.

නෑෂ් කැමරාව මානමින්..


කාලිංග අයියගේ සමූහ ඡායාරූපකරණය



දකුණු පළාතේ වර්ෂයක් පුරා බ්ලොග් ලියපු තුන්දෙනෙක් :D


අන්තිමට වටිනම පින්තූරේ. බළලා හිනා වෙනව හෙම නෙවෙයි ඕං. ;)

ඉතිං ඔන්න ඔය විදියට තමයි මේ පහුඋන අවුරුද්දක කාලය ගත උනේ..

අවුරුද්දක් පුරා මේ බ්ලොග් එකක් ලියාගෙන ගිහිල්ල ඒකේ සටහන් සියයකටත් අධික ප්‍රමාණයක් තියල කියල හිතෙන කොට මටත් ඇත්තටම පුදුම හිතුනා. මොකද මම එච්චරම ලිවීමේ දක්ෂයෙක් නොවන නිසා. ඒ කොහොම උනත් මේ වෙද්දී සටහන් පිටුවේ පළමු සංවත්සරය සමරන්න වෙලාව ඇවිල්ලා. ඉතිං ඒ අවුරුද්ද පුරාම මාත් එක්කම හිටපු තාරකගේ සටහන් පිටුවේ ප්‍රතිචාර දක්වලා මට සහයෝගය දක්වපු, ප්‍රතිචාර නැති උනත් සටහන් පිටුවට පා තබල කියවපු , කියවපු නැතත් පා තබපු හැමදෙනාටමත්, සටහන් පිටුවට පා නොතබාම RSS හරහා කියවපු හැමදෙනාටමත් බොහොම ස්තූතියි.

2010-02-07

ජනවාරි මාසය.. ලිනක්ස් පිස්සුව..හා නැවත ලැබීම..

මට සිද්ද උනු ඇබැද්දිය මතක ඇතිනේ. මතක නැති අය මෙතනට ගිහින් බලාගන්න

උනු දෙයින් මම යවත්කාල කරන වෙබ් අඩවියක් යවත්කල් කරන්න විදියක් තිබුනෙ නෑ. ඉතිං ඒබව දැනුම් දුන්නම ඒක හදාගන්න කල් Toshiba ලැප්ටොප් එකක් ලැබුණා. ඉතිං කරපු වැඩ ටික තිබුනේ මගේ ලැප් ටොප් එකේනේ. ඒකෙන් හාඩ් ඩිස්ක් එක ගලවලා අලුත් එකට ගැහුවා. ෆෙඩෝරා නිසා ඩ්‍රයිවර්ස් ගැන වද වෙන්න දෙයක් තිබුනෙ නෑ. හාඩ් එකෙන් බූට් කරා Brand දෙකක් උනත් මොනවත් එරර්ස් නෑ.තත්පර 20කින් කෙලින්ම ලොගින් ස්ක්‍රින් එකේ පාස්වර්ඩ් එක ගැහුව වෙනද වගේ ම වැඩ ටික කරගත්තා.
මේ තියෙන්නේ හාඩ් එක හයි කරපු ලැප් ටොප් එක.

වම් පැත්තෙන් තියෙන්නේ මගේ එක.

ඉතිං සෙනසුරාද පංති යන ගමන් ලැප්ටොප් එක අරන් ගියා. උදේම රෙපෙයාර් එකට දාල එනගමන් අරගෙනම ආවා. ඒකට 6000ක් ගියා. ඉතිං හාඩ් එක ඒකට හයි කරාම ආපහු ඒක වැඩ. දැන් ඉතිං අනිත් ලැප්ටොප් එක නිකංනේ තියෙන්නේ. ඔන්න ලිනක්ස් පිස්සුව පටන් ගත්ත. ලිනක්ස් වල මීඩියා සෙන්ටර් දාන්න බැරිද? සොයන්නාට සම්බවේ කියනවනේ. මුලින්ම දැම්මෙ Enna ඒක එච්චර මට ඇල්ලුවෙ නෑ. ඊට පස්සේ දැම්ම XBMC ඒක නම් හිතට ඇල්ලුවා. තීම් මාරු කරන්නත් පුලුවන්. තීම් ටිකකුත් ඩවුන්ලෝඩ් කරා. ගින්දර වගේ තමයි.


මගේ ළඟ තව ලැප්ටොප් හාඩ් ඩිස්ක් එකක් තිබුන. මේ පින්තූරේ කොළ පාටින් තියෙන්නේ ඒක තමයි. යූස්බී කන්වර්ටර් එකක් හරහා හයි කරල ඉවර වෙලා ඒකට Ubuntu 9.04 දැම්මා. දාල 9.10 වලට අප්ඩේට් කරා. ඊට පස්සේ XBMC මීඩියා සෙන්ටර් එකත් දාල බැලුව. XBMC නම් මැක්සා. S-Video අවුට් එක හරහා ටීවි එකට උනත් ගන්න පුලුවන්නේ. නිල් පාට එක තමයි මගේ එකේ හාඩ් ඩිස්ක් එක. ඔය බූට් කරල තියෙන්නේ USB හරහා හයි කරපු හාඩ් එකෙන්.



මේ තියෙන්නේ XMBC දාපු එකත් එක්ක මගේ ලැප්ටොප් එක. ටික දවසකට තව experiment ටිකක් කරන්න පුලුවන්. ad-hoc එකේ වැඩේ නම් හරි ගියේ නෑ. ආපහු වෙලාවක ට්‍රයි කරන්න ඕන.

ඒ අතර තව දෙයක් කියන්න ඕන. cPlus මැගසින් එක ගන්න ගියා. බටපොල දාපු ටික නම් ඔක්කොම විකිණිලා. Unity ගියපු නිසා MC එකට ගිහින් බැලුවා. ගියාට කඩේ නම මතක නෑ 3rd ෆ්ලෝ කියල විතරයි මතක. කොහොම හරි හොයාගන්න බැරි උනා. MC එක‍ ඇතුලෙ පොල්ගස්ටිකක් පැලකරල :D
මේ පික් එකනම් මම කලින් ට්විට් කරා.


ගෙදර එන ගමන් අම්බලන්ගොඩ බහිද්දි 4.30ට විතර ඇති. 5.30 වෙනකං වෙලා තිබුන හින්දා පොඩ්ඩක් සඟරාව හොයල බැලුව. කොහොම හරි හොයාගත්තා.සඟරාව උනන්දුවෙන් ගන්න බලපු හේතුව16 වෙනි පිටුවෙ තියෙනවා.

ජනවාරි මා‍සය ඉක්මණට ගෙවිල ගියා කියල දැනෙනවා. ඒකට ගොඩක් හේතු තියෙනවා. මූලිකම දේ තමයි ජනවාරි පළවෙනිදා ජොබ් එකේ වැඩ පටන්ගත්ත එක. මුලින්ම මහන්සියෙන් උපයපු ටික සේරම එහෙම්පිටින්ම අම්ම අතට දුන්න. හැබයි පළවෙනි පඩියෙන් කරන්න උනේ ලැප්ටොප් එක හදන එක තමයි. දැන් ඉතිං තවත් මං ගෙදරට බරක් නෙවි‍. දැන් මාත් වෙබ් ඩිවලොපර් කෙනෙක්.

ජොබ් එකට යන්න ග්‍රාම නිළධාරිගෙන් සහතිකයක් ගන්න එපැයි. ඒකට ගිහිල්ලත් උනේ සිරා වැඩක් තමයි. ග්‍රාමනිලධාරිතුමා ෆොර්මය සිංහලෙන් පුරවන්න ගත්ත. පුරවගෙන පුරවගෙන ගිහිල්ල අහපි මොකක්ද ඔය යන රක්ෂාව කියලා. ගත්කටටම කියල දැම්මා වෙබ් ඩිවලොපර් කියලා. සිංහලෙන් ඕනලු. හත්ඉලව්වේ මෙච්චර දවස් දේශීයකරණය කරත් ඒ වෙලාවේ ඕකට නමක් නම් හිතාගන්න බැරි උනා. එපාර මොකක්දෝ එකක් ලිවුවා. දැන්නම් මතක නෑ. :D

තව දෙයක් සිද්ධ උනා. ඒ තමයි BCS ක්ලාස් එකේ ටෙස්ට් එකක් තිබ්බා. ඉතිං පාඩං කරන්න වෙලාවක් තිබුනෙත් නෑ. හොදටම දන්නවා පාඩම් කරන්න ඕන කියල. ඒත් කරන්න උනේ නෑ. කොහොම කොහොම හරි ටෙස්ට් එක ලිවුවා. හැබයි අපරාදේ එක ලේසි ප්‍රශ්නයක් පස්සෙ ලියන්න කියල තියල වෙලා මදි වෙලා ඒක ලියන්න හම්බුනේ නෑ. ඉතිං ලකුණු මදි වෙයි කියලම තමයි හිතුවේ. කොහොම හරි ඊළඟ සතියෙ ක්ලාස් එකේ දී පේපර් දුන්න. මගේ එක අතට අරන් නම කිවුවා. හැබයි දුන්නෙ නෑ. තව දෙයක් කිවුව. මම ඩිම් වෙලා හිටියේ.
මොකක්ද දන්නවද කිවුවේ. සමාන්තර පන්තිත් එක්කලම වැඩිම ලකුණු තියෙන්නෙ මටලු. ඉතිං හිතාගන්න පුලුවන්ද වෙචිච දේ. පාඩං නොකර ලියල බයෙන් හිටපු එකාට වැඩිම ලකුණු ආව කිවුවම. ගත්ත ගමන් බැලුව පේපර් එක මගේ එකම තමා. වැල් වටාරම් නොලිය ඕන කරන කරුණු ලියවිච්ච නිසා ලකුණු වැටිල. :D හැබයි අර ප්‍රස්නෙටත් උත්තර ලිවුවනම් තවත් ලකුණු වැටෙනවා.
ආයිම නම් පාඩම් නොකර විභාග කරන්න බලාපොරාත්තුවක් නෑ.

අද පෝස්ට් එක නම් කිසිම ගැලපීමක් නැතුව ඇති දෙක තුනක් එක‍ පෝස්ට් එකක ලියපු පළවෙනි පාර නිසා.

කොහොම කොහොම හරි ආයිම මගේ ලැප්ටොප් එකේම වැඩ කරන්න හම්බුනා. ඒක නම් මාර සතුටක්.

ඔය අතරේ ඊයේ රාත්‍රියේ නැවත අපේ කට්ටිය තවත් ඔන්ලයින් සාජ්ජයක් සාර්ථකව නිමා කරා. වෙනසක් තිබුනේ කාන්තා පාර්ශවයත් ඒක නියෝජනය කරපු එකයි. රජරට සහ උඩරට බයිලා වාදයකුත් ගියා.

එහෙනම් මම අදට නවතිමු.

Fedora 12 වලදී භාෂා අතර මාරුවීමට තවත් යතුරක්

Fedora වලදී සිංහල-ඉංග්‍රිසි භාෂා අතර මාරු වීමට සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ Ctrl+Space යතුරු සංයෝජනයයි.
නමුත් තනි යතුරක් මගින් භාෂා අතර මාරු වීමට හැකියාව තිබෙනවා. ඒ තමයි දකුණු alt යතුර. එක් වරක් එබීමෙන් භාෂාව සිංහලට මාරු වන අතර තවත් වරක් ඉබීමෙන් ඉංග්‍රිසි බවට මාරු වේ.

2010-02-03

Internet Explorer ලිනක්ස් තුල ස්ථාපනය

IE Linux තුල ස්ථාපනය කරන්න පුලුවන්ද කියල පැන නැඟුණු පැනයකට පිලිතුරක් සෙවීමට දැරූ උත්සහක් තමයි මේ සනිටුහන් කරන්න සූදානම. පහත පියවර අනුගමනය කිරීමෙන් ලිනක්ස් තුල ස්ථාපනය කරගත හැකියි.

ලින්ක්ස් තුල වින්ඩෝස් යෙදුම් ධාවනය කල හැක්කේ කෙසේද යන පැනයටද පිලිතුරු ලැබෙනු ඇත


පළමු පියවර ලෙස ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට exe ගොනු ස්ථාපනය කල හැකි ලෙස සැකසිය යුතු වෙනවා.
ඒ සඳහා මෙම විධානය ට'මිනලය තුල root පරිශීලක ලෙස ලබාදෙන්න.

yum -y install wine*
වයින් ගැන වැඩි දුර තොරතුරු සඳහා මවිසින් කොම්පුටරේ බ්ලොගයට ලියූ ලිපිය බලන්න.

ඊළඟට මෙම විධානය ලබාදෙන්න
yum -y install cabextract


දැන් exit විධානය ලබාදී ඔබගේ සාමාන්‍ය පරිශීලක ගිණුමට ප්‍රවේශ වන්න

ඊළඟ පියවර ලෙස IE ස්ථාපන ගොනු(Files) ඇති ස්ථානයෙන් ස්ථාපන ගොනු ලබාගත යුතුය. ඒ සඳහා wget විධානය භාවතා කල හැක.
wget http://www.tatanka.com.br/ies4linux/downloads/ies4linux-latest.tar.gz


මෙහිදී සිදුවන්නේ wget ඉදිරියෙන් දී ඇති ලිපිනයේ අඩංගු ගොනුව වත්මන් බහලුමට(Folder) එකට ලබාගැනීමයි.
හොදින් දිගුව(extension) දෙස බැලුවහොත් මෙම ගොනුව tar.gz නම් වර්ගයේ බව ඔබ‍ට පෙනෙනු ඇත. මේ ගොනු ආකාරයද සම්පීඩන(compress) ගොනු ආකාරයකි. දැන් මෙම සම්පීඩිත ගොනු දිගහැරීම සඳහා tar විධානය zxvf යන පරාමිතීන් සමඟ ලබාදෙන්න.
tar zxvf ies4linux-latest.tar.gz



එවිට එම ගොනුව තිබූ ස්ථානයේ බහලුමක් තැනී එයතුලට සම්පීඩිත ගොනු දිගහැරෙනු ඉහත රූපයේ පරිදි බහලුම ඇති ස්ථානයට පිවිසි විට දැකගැනීමට හැකියාව ලැබේ.
එම බහලුම තුලට ඇතුලු වීමට cd විධානය සමග බහලුමේ නම ලබාදෙන්න.
cd ies4linux-*

දැන් එය තුල වූ ස්ථාපනය කල හැකි ගොනුව ක්‍රියාත්මක කිරීමට පහත විධානය ලබාදෙන්න.
./ies4linux

එවිට මෙම කවුලුව පැන නගිනු ඇත.


එහි ඇති OK බොත්තම එබූ විට පහත පරිදි ස්ථාපනය ආරම්භ වනු දැකිය හැක.


**දෝශ මතුවේ නම් අවසන් විධානය නැවත ලබාදෙන්න.

මෙවැනි කවුලුවක් මතුවේ නම් Install මත ක්ලික් කරන්න.


එය අවසන් වූ පසු IE6 ආරම්භ වනු ඇත.

මේ Fedora තුල් ධාවනය කරන ලද IE6 හි තිර පිටපත් කිහිපයකි.






ඉතිං ඔන්න ඔහොමයි ලිනක්ස් ඇතුලේ Internet Explorer ස්ථාපනය කරන්නේ. කැමති අය ඉන්නවනං දාලම බලන්න.

2010-02-02

බ්ලොග් කරුවනි ඔබේ අවධානයට

අත්තර්ජාලයේ සැරිසරමින් ඉන්නකොට මට හමුවුණු දෙයක්. මේ සබැඳිය දෙස බලන්න.

රුක්ෂාන්ගේ බ්ලොග් සටහන , ටෙක්කතා වෙබ් අඩවිය, සහ සිංහල බ්ලොග්කරුවන්ගේ සින්ඩිකේටරය යන මේවා යොදාගෙන තැනූ බ්ලොගයක්. ඒවිතරක් නෙවේ. ඒසමගම ගූගල් ඇඩ්. මේකේ අරමුණ මොකක්ද කියල හිතාගන්න පුලුවනිද?

මෙන්න ඕකට මම ගිය ලින්ක් එක තියෙන සයිට් එක ටෙක්කතා එකේ ලාංඡනය එක්ක ‍දාල තියෙන්නෙ ලින්ක් එක අර බ්ලොග් එකට.

ගූගල් එකටත් සිංහලෙන් ලියන අපට තමා ඇඩ් දෙන්න බැරි ඒකත් මේ අඩවියට සහය දක්වන එකනේ වැඩේ. ඉතිං ඔන්න කස්ටියටම දැනගන්න මගේ බ්ලොග් එකේ ලිවුවා. මේකට කරන්න තියෙන්නේ මොකක්ද? ගන්න පුලුවන් පියවර මොනවද?
තීරණය කිරීම ඔබ සියලු දෙනාට බාරයි.