Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2010-04-25

ජංජාල ගත වෙන්න ගිහින් වෙච්චි දේවල් I

පහුගිය මාසේ 24 වෙනිදා විතර අපේ ගෙවල් පැත්තට එන ටැලිෆෝන් වයර් සෙට් එකේ 4' කේබල් එක කපල දාල කියල කලින් පෝස්ට් වලත් ලිවුවනේ. ඉතිං ටැලිෆෝන් නැති කල කවර ADSL ද? මේ ලියන්නේ ඊට පසු ජාලගත වෙන්නන දරපු මහන්සිය තමයි. දවස් දෙකකින් විතර SLT එකේ ඉන්ජිනේරුවෝ ඇවිත් නැවත යථා තත්වයට පත් කරා. ඒ වෙනකොට කේබල් කපපු අය පොලිසිය විසින් අත් අඩංගුවට අරන්ලු. (බඩුත් එකකම හොරු). ඇප දුන්නෙත් නෑ කියල තමයි කිවුවේ.

ඒත් හදපු දවසටම පහු වෙනිදා ආයිම අර කපපු තැනට පොඩ්ඩක් එහායින් ආයිම කපල. කපල තියෙන තැනට පොලිස් මුරපොලේ ඉදන් 200m විතර ඇති. ඒ වගේම ප්‍රදේශයේ තවත් පොලිස් මුරපොලවල් අවටිනුත් කේබල් කපාගෙන ගිහින්. නිකං බිල ගෙවන්න මොකටද SLT ආයතයෙන් විමසීමක් කරා. පලවෙනි පාර කිවුවා කොහොමත් බිල් එක ගෙවන්න වෙනවා කියල. ඉතිං අන්තිමට තීරණය කරා ADSL විසන්ධි කරන්න. විසන්ධි කරන්න ගියාම කියනවා බිල් එක අඩු කරන්නම් ලු. දැන්ම හදන්නැත්ද කියල ඇහුවම පොලීසියෙ කිසිම මෙව්ව එකක් නැති නිසා හදන්නැද්ද මොකක්ද කියල තිබුණ. ඉතිං අපි තීරණය කරා මේක නිවුස් එකක් කරන්න. කරල මාධ්‍ය වලට දුන්න. තවම හදල නෑ.

ඒත් ඕව හදනකං නෙට් නොයා ඉන්නයැ. අයියගේ Airtel Unlimited Sim එකයි E220යි තමයි අවුරුද්ද දවස් ටිකේ පාවිච්චි කලේ. Airtel 3G මේ පැත්තට නෑ. ඉතිං EDGE තමයි. මාර ස්ලෝ. මේල් එක වත් හරියට ලෝඩ් වෙන්නෑ.ඉතිං Unlimited උනා කියල කන්නයැ.හැම ජාතියම දාල බලුවා හොදට සිග්නල් තියෙන්නේ මොකේද කියලා. Etisalat එකෙත් EDGE විතරයි. Dialog පෙර ගෙවුම් සල්ලි ඉක්මණට ඉවරයි. අන්තිමේ හොද උනේ පාවිච්චි කරන මොබිටෙල් ම තමයි.



පහුගිය 18 වෙනිදා පරණ මොබිටෙල් සිම් එකේ දුවිලි පිහදාල අරන් ෆැක්ස් එකක් යවල සක්‍රිය කරගත්ත. 100ක් රීලෝඩ් කරා. ගත්ත 141 එකට කෝල් එකක්. 6 ගහල Weekly Delight (75)ඇක්ටිව් කරා. 75යි කිවුවට හරි ගාන රු 98.98. දැන් ඔන්න E220කට සිම් එක දාල නෙට් යන්න බැලුවම කනෙක්ට් වෙන්නෑ. එතකොට උදේ 7ට විතර ඇති. සැකසුම් දෝශයක්ද කියල සැකයක් ආපු නිසා පසු ගෙවුම් සබඳතාව දාල බැලුවා. හොදට වැඩ කරනවා. සිම් එකේ මොකක් හරි අවුලක් කියල තේරුණා. ගත්ත පාරිභෝගිකයන්ට කෙලවීමේ අංශයට 2පාරකට වඩා කතා කලොත් දැන් කීයක්ද කැපෙනව කියලත් කියනවා ඇහුනා. කොහොම හරි නියෝජිතයෙක් කතා කරා විනාඩි 20කට විතර පස්සේ.
ඉතිං ගැටලුව කිවුවා.

සිම් එකට weekly delight දැම්මා. බ්ලා... බ්ලා....බ්ලා..

මෙහෙන් අවුලක් නැහැ. සිම් එකට ඇක්ටිව් වෙලා තියෙන්නේ. සර්ගෙ මොබයිල් එක මොකක්ද ඇහුවා. ඉතිං මොබයිල් එකේ වර්ගය කිවුවා. දැන් සෙටිංග්ස් එවන්නම් කිවුවා. .

මං කිවුවා සෙටිංස් වල අවුල් නෑ. අනිත් සිම් එකෙන් කනෙක්ට් වෙනවා. ඒ උනාට එහෙම හරියන්නෑ කියල සැකසුම් ටික එවුවා. ඕෆ් කරල තියල ඔන් කරන්න එතකොට හරියයි කියල කිවුවේ. මං කිවුවා ෆෝන් එකේ නෙවෙයි මොඩම් එකටත් වැඩ කරන්නැහැ කියලා. පොඩ්ඩක් ඉන්න කිවුවා. විනාඩි 2ක් විතර ඉන්න ඇති කට් උනා. ඉතිං !@#$%^&*()

මාත් ඉතිං කරලම බැලුව. සිම් එකට Packet Data සක්‍රිය නැ වගේ තමයි ෆෝන් එකේ පෙන්නෙන්නේ. Always online දැම්මම අර 3G යටින් වැටෙන කැඩි ඊතල පෙන්නන්නෑ. ඒ කියන්නේ Packet Data Not Available කියන එකනේ.

ආපහු ගත්තා අර ඉස්සෙල්ල ගනිපු සේවාවටම තවත් විනාඩි 20ක් විතර හිටියා ඔන්න නියෝජිතවරියක් ආව. ඒ පාර ඇහුවා කෙලින්ම weekly delight දැම්ම නෙට් යන්න බෑ මොකද කියලා. පාවිච්චි කරන්නේ මොකක්ද ඇහුවම කෙලින්ම E220ක් කිවුවා. ආයිම කියපි එහෙන් අවුලක් නෑ සෙටිංග්ස් හදාගන්න කියලා. මම දන්නැද්ද සෙටිංග්ස්. කෙලින්ම ඇහුවා මොඩම් එකට දෙන්න තියෙන්නේ apn එක mobitel3g නම්බර් එක *99# නේද කියල. එහෙනම් පොඩ්ඩක් ඉන්න කිවුවා. ඉතිං ආයිම හිටියා. විනාඩි 3ක් විතර ඉදල ආයිම කතා කරා.වෙන ඩොංගල් එකකට දාල බලන්න. ෆෝන් එකකට දාල බලන්න. අනං මනං ටිකක් ආයිම කිවුවා. මං කිවුව සේරම කරල බලල බැරි වෙච්ච නිසා තමයි ඔයාලට කතා කරේ කියල. එපාර ආයිම ඉන්නලු ඉතිං ඉන්නව ඉන්නවා. ඔන්න ආයිම ටික වෙලාවක්(විනාඩි 5ක් විතර) ඉදල කියනවා සර්ගෙ එකවුන්ට් එකේ සල්ලි මදිලු. මං කිවුවා 100ක් දාල තමයි ඇක්ටිව් කරේ. එතකොට කියපි රු 75 ට බදු එක්ක රු 98.98 ක් යනවා. දැන් රු 1 සත ගාණයි තියෙන්නේ. එපාර කියනවා නෙට් යන්න නම් අවම රු 2ක් තියන්න ඕනලු. එකවුන්ට් එක රීචාර්ජ් කරල බලන්නලු. මටත් දැන් ඇතිවෙලා බලං ඉදලම මේ වෙනකොට 10ටත් කිට්ටු වෙලා තිබුනා. හරි මං ඒකත් කරල බලන්නම් කියලා තිබ්බා. 2වෙනි චාන්ස් එකත් ඉවරයි. මැසේජ් එකක් ආව. තව පාරක් ගත්තොත් charge කරනව කියල තබයි තිබුනේ.

රිලොඩ් එකක් දාල බලන්න ඕන කියල හිතුන නිසා ඕං යාලුවෙක්ට කෝල් එකක් දීල කිවුවා 20ක් දාන්න කියලා. 20ත් ආව දැන් එකවුන්ට් එක රු 21.02 දැන් හරිනේ කිවුව විදියට දැන් නම් නෙට් යන්න බැරි වෙන්න විදියක් නෑ. ඔන්න ආයිම ට්‍රයි එකක්ද දුන්න. මොන අර විදියමයි. දැන් මොකද කරන්නේ. ආපහු ගත්තොත් charge වෙනවා. විනාඩි 20ක් විතර බලන් හිටියොත් රු20 ආයිම ඉවරයි.

එතකොට තමයි මතක් උනේ මම පාවිච්චි කරන්නේ මොබිටෙල් පසු ගෙවුම් පැකේජයක් කියලා. ඇමතුව පාර්භෝගික සේවා අංශය. විනාඩියක් යන්නත් කලින් ඕන් නියෝජිතවරියක් කතා කරා. එපා වෙලා හිටපු හින්දම උදේ ඉදන් උනු දේවල් කිවුවා. එක පාරක් ගත්තම කට් උනා. කරන්න කිවුව සේරම කලා තාම ඔයාලට හදල දෙන්න බැරි ඇයි කියලා. එපාර කියනවා අර සිම් එකෙන්ම කතා කරන්නලු. මං කිවුව ඒක මොඩම් එකේ තියෙන්නේ. ඒකයි මේකෙන් ගත්තේ කියලා. තද වෙච්ච නිසා මම කෙලින්ම කිවුවා නෙට් යන්න හදල දෙන්න බැරිනම් කැපිච්ච ගාන රිෆන්ඩ් කරන්න කියලා. එපාර අදාල අංශයට ඒ ගැන පැමිණිල්ලක් ගොනු කරන්නම් කියලත් කිවුවා. Weekly Delight එක ඉවර වෙන්න කලින් නෙට් යන්න හරි රිෆන්ඩ් එක හරි නොලැබුනොත් TRC එකට පැමිණිලි කරනවා කියල මම කට් කලා. එදා දවසත් සුපුරුදු විදියටම නෙට් නැතිව ගත කරන්න හිතුවත් පසුගෙවුම් පැකේජ් එකෙන් කනෙක්ට් වෙලා මේල් එක විතරක් චෙක් කරා. BCS එකේ විභාගය 21,22 නිසා Admission එක ප්‍රින්ට් කරගන්නත් ඕන.ඒත් මේල් එක හොයාගන්න බැරි උනා.

මේක මාගලක් වෙලා වගේ වැඩිය දිග ඒව කියවන්න කම්මැලි ඇතිනේ. අන්තිමේ ආපහු ජංජාල ගත වෙච්ච හැටියි අර රු 98.98 ට වෙච්ච දේයි ගැන ඊලග පෝස්ට් එකේ දාන්නම්.

2010-04-20

පරිවර්තන මැරතන් තරගයට ලේස්තිද

අවුරුද්දත් පහු වෙච්චි. අවුරුද්දත් එක්කලම ඉතිං පහුගිය දවස් ටිකේම අවුරුදු උත්සව තිබුණනේ. අන්තර්ජාලයේ ඉන්න යාලුවෝ එක්ක අවුරුද්දට මැරතන් දුවන්න ලේස්ති වෙනවා. ඉතිං මැරතන් දුවන එකෙන් තවත් සේවාවක් කරන්න තමයි මේ අවස්ථාව ඇවිල්ල තියෙන්නේ. ඉතිං ඔන්න සම්පූර්ණ විස්තරේ පල්ලෙහායින් තියෙනවා! සිංහලෙනුයි ඉංගිරිසියෙනුයි. දුවන කට්ටිය දුවන්න ලේස්ති වෙන්න. වතුර ගහන අය වතුර ලේස්ති කරගන්න. එහෙනං කට්ටියම මැරතන් පිටියෙදි හමුවෙමු.

පරිවර්තන මැරතන් තරගය - 2010 අප්‍රේල්



ශ්‍රී ලාංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ.



මෙහි අරමුණ වන්නේ දැනට පරිවර්තන කටයුතු අවසන් වූ Openoffice.org සිංහල නිකුතුවට අදාල උදව් පිටු සිංහලින් සකස් කිරීමයි.

Openoffice.org සිංහල නිකුතුව සඳහා වචන 96,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සිංහලට හැරවීමට තිබු අතර මෙම උදව් පිටු සඳහා එමෙන් පස්ගුණයක් පමණ විශාල වූ කාර්යයක් නිම කිරීමට සිදුව ඇත.
100% නොමිලේ ලබා ගෙන Windows, GNU/Linux සහ MAC මත භාවිත කළ හැකි නිදහස් සහ විවෘත මෘදුකාංග අතරින් සුවිශේෂි මෘදුකාංගයක් වන Openoffice.org ව්‍යපෘතියට ආදරය කරන එමෙන්ම සිංහල බසින් මෘදුකාංග ප්‍රජාව අතරට යාම සඳහා දායකත්වයදීමට ලැදි ඔබ සැමට මින් ඇරයුම් කරමි.

ඔබ කොහොමඳ එක්වෙන්නේ?

Openoffice.org ශ්‍රී ලාංකික ප්‍රජාව භාවිත කරන තැපැල් ලැයිස්තුවට එක් වෙන්න.
ඉන් අනතුරුව "Translation Marathon 2010 April "මාතෘකාව සහිතව ඔබේ සහයෝගය ලැබෙන බවට අපට විද්‍යුත් ලිපියක් එවන්න.
කරුණාකර මෙම මාතෘකාවම පමණක් භාවිත කරන්න.

ඔබ මොනවද දැනගත යුත්තේ?

සිංහල ලිවීම සඳහා සිංහල යුනිකෝඩ් භාවිතයෙන් ලිවීම අනිවාර්ය වේ.
අදාල ඉංග්‍රිසි වදන් තේරුම් ගෙන එය සිංහලින් සරළව ලිවීමයි ඔබ කළ යුතු වන්නේ

පරිගණක ක්‍රමලේඛනය පිළිබඳ දැනීමක් අවශ්‍ය නොවේ!

තනිවද තරග කරන්නේ?

ඔබට කැමති නම් තනිව හෝ කණ්ඩායමක් ලෙස තරඟ කළ හැක.
එනම් පාසැල්, විශ්ව විද්‍යාල, ආයතනික මිතුරන් සමඟ එක් රැස්වී තරඟ කළ හැක.

සයුරෙන් එහා ඉන්න මම?

ඔව් මව් රටින් බැහැර වුවත් ඔබටත් අන්තර්ජාලය හරහා දායක විය හැක.
පැය 27ක් පුරා දිවෙන බැවින් ඕනෑම වේලාකලාපයක කෙනෙක්ට සම්බන්ධ විය හැකියි.
(දැනට එක්සත් රාජධානිය, සවුදි සහ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකියන් තිදෙනෙක් සහය දීමට ඉදිරිපත්ව ඇත.)

එන්න අපහා එක්වන්න.
මෙය සුවිශේෂි ප්‍රජා ව්‍යාපෘතියකට දායකත්වය ලබා දීමට ඔබට ඇති මහගු අවස්ථාවකි.


OpenOffice.org Translation Marathon 2010 April

An event, a marathon is scheduled to be held for 27 hours starting on 27th April 2010 at 9pm. The event will bbe held online and the objective is to translate OpenOffice.org help files into Sinhala. We have almost finished translating the user interface of OO.org.



So this is an open invitation for you all. If you love OO.org, willing to contirbute and meet all the pre-requisites, this opportunity is for you. Spend few hours and be proud for years.

Pre-requisites
  • Sinhala unicode installed Linux/Windows system (how to install)
  • Ability to type Sinhala in Sinhala unicode (no need to be fluent, all that is needed is the ability)
How to contribute
  • Subscribe to openoffice-lk mailing list
  • Drop a mail with the subject "Translation Marathon 2010 April", say that your willing to contribute.
What you have got to do at the event
  • Type simple Sinhala terms for the English terms provided.
  • You should only use Sinhala unicode.
Your not alone
  • There will be a lot for sure.
  • You can ask others for unknown terms.
  • You can get to know each other.
  • You will have fun.
As this event is going to be held you 27 hours you can contribute at any time for any long. We hope to get a considerable percentage of the OO.org Help files translated to Sinhala in this event.

Make use of this significant opportunity you have, contribute to the community project, spend few hours at the event and be your self proud for the life time.

2010-04-09

Mozilla FireFox කාර්යක්ෂමව භාවිතා කිරීමට කෙටිමං..



[F3] - පිටුව තුල වචන සෙවුමට.

[F5] - වත්මන් පිටුව / ටැබය යලිපූරණයට.

[Ctrl + T] - නව ටැබයක් ලබාගැනීමට.

[Ctrl + W] - වත්මන් ටැබය වැසීමට.

[Ctrl + Shift + T] - අවසානයට වසා දැමූ ටැබය යලි විවෘත කිරීමට.

[Ctrl + Shift + P] - පෞද්ගලික ගවේශණය ආරම්භ කිරීමට.

[Alt + Left Arrow] හෝ [Backspace] - පෙර පිටුවට.

[Alt + Right Arrow] - ඉදිරි පිටුවට.

[F11] - පුළුල් තිර ආකාරය සහ පුළුල් තිර ආකාරයෙන් ඉවත්වීමට.

[Esc] - පිටුව පූරණය නැවැත්වීමට.

[Ctrl + (- or +)] - ෆොන්ටයේ ප්‍රමාණය, ෆොන්ටයේ ප්‍රමාණය '-' මගින් අඩුවන අතර '+' මඟින් වැඩිවනු ඇත.

[Ctrl + Shift + Del] -‍ ‍පෞද්ගලික දත්ත ඉක්මණින් හිස් කිරීම සඳහා Clear Data කවුලුව වීවෘත කිරීමට’

[F6] or [Alt + D] or [Ctrl + L] – වෙබ් ලිපිනය එකවර තෝරාගැනීමට.

[Ctrl + D] - විවෘතව ඇති වත්මන් පිටුව සඳහා පිටු සළකුණක් එක් කිරීමට.

[Ctrl + I] - භාවිතයට ඇති පිටු සළකුණු ‍දර්ශණය කිරීමට.

[Ctrl + J] - භාගත කිරීමේ කවුලුව (Download Window) විවෘත කිරීමට.

[Ctrl + N] - ගවේශකයේ නව කවුලුවක් විවෘත කිරීමට.

[Ctrl + P] - වත්මන් පිටුව / රාමුව මූද්‍රණයට.

[Ctrl + Tab] - විවාතව පවතින ටැබ අතර මාරුවීමට.

[Spacebar] - වරකට පිටුව බැගින් පහළට චලනයට.

[Shift + Spacebar] - වරකට පිටුව බැගින් ඉහළට චලනයට.



http://www සහ .com ලිපින තීරුවේ යතුරුලියනය කිරීමෙන් තොරව සම්පූර්ණ කිරීමට [CTRL + Enter]

උදා:- http://www.google.com ලබා ගැනීමට ලිපින තීරුවේ google ලෙස සඳහන් කර [Ctrl +Enter] යතුරු සංයෝජනය ලබාදෙන්න.

http://www සහ .org ලිපින තීරුවේ යතුරුලියනය කිරීමෙන් තොරව සම්පූර්ණ කරගැනීමට [CTRL + Shift + Enter]

උදා:- http://www.hanthana.org ලබා ගැනීමට ලිපින තීරුවේ hanthana ලෙස සඳහන් කර [Ctrl + Shift + Enter] යතුරු සංයෝජනය ලබාදෙන්න.

http://www සහ .net ලිපින තීරුවේ යතුරුලියනය කිරීමෙන් තොරව ලබාගැනීමට [Alt + Enter]

උදා:- http://www.batapola.net ලබා ගැනීමට ලිපින තීරුවේ batapola ලෙස සඳහන් කර [Alt + Enter] යතුරු සංයෝජනය ලබාදෙන්න.

---
ප.ලි.
මෙම ලිපිය cPlus සඟරාවේ මංගල කලාපය සඳහා මා විසින් සකස් කරන ලද්දකි.

කෙටිමං වලට හුරුවිම ඔබේ කාලය ඉතිරි කරයි.

2010-04-06

ගමටම ඇහෙන්න ගුවන් විදුලි විකාශනයක් කරපු හැටි

ජීවිතේ හැමදාම අපිට අලුතින් යමක් ඉගෙන ගන්න පුලුවන්. ඒ‍ වගේම සමහර සිහින බිඳ වැටෙන කොට සමහර සිහින ඉටු වෙනවා. මගෙත් පුංචි කාලෙ ඉදල හද පතුලේ පුංචිම පුංචි ආසාවක් තිබුනා කවද හරි ගුවන් විදුලි විකාශනයකට සම්බන්ධ වෙලා ඒ වැඩ කටයුතු ඉගෙනගන්න. ඒ ආසාව නිසාම තමයි පුංචිකාලේ ‍පුංචිම පුංචි ට්‍රාන්ස්මීටරයක් හදල ට්‍රාන්ස්මිෂන් එකක් කලේ. ඒ පුංචි ට්‍රාන්ස්මිෂන් එක ගැන පස්සේ දවසක කියන්නම් :D. මේ හීනෙන් වත් නොහිතපු ඇත්තටම කරපු ගුවන් විදුලි විකාශනයක් ගැන තමයි කියන්න හදන්නේ.

බටපොල නවෝද්‍යා පාසලේ හරිත උදානය 2010 ප්‍රදර්ශනය සහ සැනකෙළිය නිමිත්තෙන් මාතර මාධ්‍ය නිවස මගින් සුසර ප්‍රජා ගුවන් විදුලිය පාසලේ සිට විකාශය කරන්න කටයුතු කලා. Batapola.net වෙබ් අඩවිය හරහා විකාශනය කලෙත් මේ FM 96.1 ඔස්සේ ප්‍රචාරය කරපු සුසර ප්‍රජා ගුවන් විදුලියම තමයි. ඉතිං විකාශන කටයුතු කරන්න මැදිරියක් තියෙන්න ඕනනේ. බ‍ටපොල නවෝද්‍යා විදුහලේ පුස්තකාලය තියෙන ගොඩනැගිල්ල තමයි මැදිරයට යොදා ගත්තේ.
මේ පහලින් තියෙන්නේ නිවේදන කටයුතු කල ස්ථානය. සජීවී වැඩසටහනක් කරගෙන යන අතරතුර තමයි ඕකත් ගත්තේ.


සජීවී වැඩසටහනක් මෙහෙයවන අතරතුර නිවේදන මැදිරිය


මේ අතර ගුවන් විදුලි විකාශනය කිරීමට පාසලින්ම ළමුන් කිහිප ‍දෙනෙක් තෝරා‍ගෙන ඔවුන්ට මනා පුහුණුවක් ‍ලබා දී සහතිකපත්ද ප්‍රධානය කලා.ඉන් පසුව ඒ ළමයින්ට තනියෙම වැඩසටහන් මෙහෙයවන්න අවස්ථාවත් ලැබුණා. ඇත්තෙන්ම ඒ ළමයි විතරක් වැඩසටහන් මෙහෙයවපු ආකාරය ගැන අපට ඇස්පනාපිටම සාක්ෂි හම්බුනා. එක් අවස්ථාවක මැදිරිය නරඹන්න ආපු කෙනෙක් වැඩසටහන කරපු ළමය දිහා බලල ඇහුවා ඔය ලමයද දැන් මෙච්චර වෙලා කතා කලේ කියලා. එයා හිතල ති‍බුනේ කටහඬ අනුව හොද හැඩිදැඩි පුද්ගලයෙක් වැඩසටහන මෙහෙයවනව ඇති කියලලු. :D

නිවේදන කටයුතු කරපු ළමයෙක්


ඉතිං මුල් දවස්ටිකේ මට රැකියාව නිසා එම ස්ථානයට යාමට අපහසු වූ නිසා අවසන් දවස් දෙකේ තමයි මටත් මැදිරිය බලන්න යන්න අවස්ථාව හම්බුනේ. ඒ වගේම අපේ ගෙදර තමයි මේ මාධ්‍ය නි‍වසින් ආපු අය නවාතැන් ගත්තේ. දවල් කාලයේ ගෙදර හිටපු නැති නිසාත් ගෙදර යනකොට රෑ වෙන නිසාත් උදේම ආපහු වැඩට එන නිසාත් මේ අය මං දැක්කෙත් අන්තිම දවස් දෙකේ කිවුවොත් හරි.
හොදම වැඩේ කියන්නේ ආපු අයගෙන් දෙන්නෙක් මං ගැන දන්නවා. :D මං ජීවිතේට දැකලවත් නෑ. ගෙදර අයටත් පුදුමයි. වෙලා තියෙන්නේ ප්‍රතිභා මාධ්‍ය එකමුතුව කරන චමින්දයි කපිලයි දෙන්නම මගේ බ්ලොග් එක කියවල තියෙනව. මාත් ඒක කියවපු විත්තිය මතක තිබුණා. ඒ දවස් වල ඉන්ටනෙට් තිබුනෙත් නෑනේ. හේතුව කලිං පෝස්ට් එකේ ඇති. Audacity පෙන්නන්න ගිහින් බ්‍රවුසරේ ඕපන් උනා. ලොඩ් උනේ මගේ බ්ලොග් එක.
දැන් නෙට් නැතිව බ්ලොග් එක ලෝඩ් උනේ කොහොමද අහන්න එපා. Firefox කෑෂ් එකෙන් තමයි බ්ලොග් එක පෙනුනේ. එතනදි තමයි කට්ටිය අඳුනගත්තේ.

ඔයාල අහල ඇතිනේද ප්‍රධාන පාලක මැදිරියක් ගැන, ඔය නිවේදක නිවේදිකාවො හැම නිතරෝම කියන්නේ අන්න ඒක තමයි. ප්‍රධාන පාලක මැදිරියක් කියන්නේ අර නිවේදක මැදිරියේ සහ සිංදු, වැඩසටහන් තීම්, (ජිංගල්) :D ධාවනය කරමින් පාලනය කරන්න පුලුවන් මැදිරියට. මේ පහල එකේ තියෙන්නේ සුසර ප්‍රජා ගුවන් විදුලියේ පාලක මැදිරිය ලෙස තිබුණු ස්ථානය. එහා පැත්තෙන් නිවේදන මැදිරියෙ ලෙස භාවිතා කළ ස්ථානයත් පේන්න තිබුනට ඇත්තටම ගුවන්විදුලි විකාශනාගාරයක මේවට වෙන වෙනම කාමර තියෙනවා. මෙතනදී පොඩි ඉඩක ඔක්කොම තිබුනේ. ආපු අයට පැහැදිලි කරන්නත් ලේසි වෙන්න.


ඔය මෙහා කොනේ ඉදල එහා කොනටම තියෙන සේරම දේවල් පිලිවෙලින් කිවුවොත් පළවෙනියට තියෙන ලැප්ටොප් එක පාවිච්චි කලේ රෙකෝඩින් වලට ඊළග පරිගණකයෙන් තමයි වැඩසටහන් වල තීම් සිංදු ආදිය ධාවනය කලේ. ඊගාවට ප්‍රධාන මික්සර් එක. ඊළග දෙකින් උඩින් තියෙන්නේ අර නිවේදන කටයුතු කරන අය දාගෙන ඉන්න හෙඩ්ෆෝන් සම්බන්ධ කරල තියෙන උපකරණය. ඒකට යටින් තියෙන්නේ අසන්නන් දුරකථනයෙන් සිංදු ඉල්ලන වෙලාවට එයාලත් එක්ක කතා කරන්න භාවිත කරන උපකරණය.

නිතරම ප්‍රධාන පාළක මැදිරියෙන් ශ්‍රවණ තත්වය ගැන අවධානයෙන් ඉන්න ඕන. මයික්‍රෆොන් වලින් එන ශබ්ද ත්‍රීව්‍රතා පාලනය කරන ගමන් අවශ්‍ය වෙලාවල් වලදී සිංදු, තීම් ආදිය ධාවනය කිරීමත් සිදු කරන්නේ මෙතන තියෙන මික්සර් එක උදව්වෙන්.

මේ චමින්දයි මායි. ඔය පිටිපස්සෙන් ඉන්නේ මැදිරිය බලන්න ආපු අය.


ඔය ප්‍රධාන පාලන කටයුතු කරපු තැනයි නිවේදන කටයුතු කරපු තැනයි. මේත් සජීවී වැඩසටහනක් විකාශය කරන අතරතුර තමයි


මේ සජීවී වැඩසටහනක් කරන අතරතුර ගත්තු තත්පර 30ක වීඩියෝ එකක්.

මගේ යූනලයේ චැනල් එකට ඉතුරු ටිකත් හෙමීට දාන්න ඉන්නේ. ඒකට සම්බන්ධ වෙලා ඉන්න කට්ටියට නම් දාපු වෙලාවෙම ඒ ගැන දැනගන්න පුලුවන් වෙයි. පින්තූර ටිකත් මූණු පොතටම අලවන්න තමයි හිතාගෙන ඉන්නේ

ඔය ප්‍රධාන පාලක මැදිරියෙන් ‍ශබ්ද පරිපාලනය කරල අන්තිමටම ඒක විකාශනය කරන්න දෙන්නේ ට්‍රාන්ස්මීටර් එකකට. මේ පල්ලෙහායින් තියෙන්නේ ඒ ට්‍රාන්ස්මීටර් එක තමයි. වර්ග කිලෝමීටර 25කට ආසන්න ප්‍රදේශයකට FM 96.1 ඔස්සේ අවට ප්‍රදේශවාසී ජනතාවට සවන්දීමට හැකි උනේ මෙන්න මේ උපකරණය නිසා තමයි.

සජීව විකාශය සිදු කලේ මෙන්න මේ ‍ට්‍රාන්ස්මීටරය මගින්



ඔන්න ඔහොම තමා සාමාන්‍යයෙන් සරලවම ගුවන් විදුලි විකාශනයක් කරන්නේ. හොද විකාශනයක් කරන්න නම් නිවේදන කටයුතු කරන මැදිරියට බාහිර ශබ්ද වලින් වන බාධා වීම් වලින් තොර වෙන්න ඕන.

මෙතනදි ප්‍රදර්ශනයට සමගාමීව සිදු කරපු නිසා නොයෙක් බාධා වීම් සිදු උනත් මාධ්‍ය නි‍වසින් සුසර ගුවන් විදුලිය අරගෙන ආපු අයගේ සහ පාසලේ නිවේදන කටයුතු කරපු ළමයි තමන්ට හැකි පමණින් මේ විකාශන කටයුත්ත දිගටම කරගෙන ආව. අතිසාර්ථක අන්දමින් (චමීර අයිය කියපු විදියට 100ට 500ක් සාර්ථකව) සුසර ප්‍රජා ගුවන් විදුලිය බටපොල නගරය හා ඒ අවට ගුවන සිසාරා පැවතුන බව අසන්නන්ගේ ප්‍රතිචාර වලින් තේරුනා. අවසන් දවසේ මේ අවසන් විකාශය කියල දැනුම් දුන්නම ඇසට කඳුලු නැඟුනු අයත් සිටියා. ඔවුන් තව ටික දවසක් හෝ මෙය පවත්වන්න කියා ඉල්ලීම් පවා ඉදිරිපත් කලා.


ඔන්න ඔහොම තමයි ඇත්තටම කල ගුවන් විදුලි විකාශනයකට සම්බන්ධ වෙන්න පුලුවන් උනේ.
අපට මාතර මාධ්‍ය නිවසේ අය අමතක නොවෙන්න මතක තියෙනව වගේම ඔවුන්ටත් මේ අපිත් එක්ක ගත කරපු ඉතා කෙටි කාලය හොදට මතක හිටිවී. සුද්දට ගේට්ටු කකුල උඩින් යවන හැටියි, තිලංගට මීටියාගොඩයි ගේට්ටු මුර කරපුවයි, කපිලට අත පිච්චිචුන හැටියි, සුරංගාට ලිස්සලා වැටෙන හැටියි අමතක වෙන එකක් නෑ. නම් වශයෙන් සඳහන් නොකලත් ඔවුන් සියළු දෙනාම යලිත් දවසක කොහේදි හරි මුණ ගැහෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.

2010-04-01

SLT DNS අවුල සහ ටැලිපෝන් කැපීම




පසුගිය දිනවල මා සතු ඩොමේන වලට ප්‍රවේශ වීමට නොහැකි බව කිහිප දෙනෙක් දැනුම් දුන්නා. ඒ අයට මුලින්ම ස්තූතිවන්ත වෙනවා ඒක මට දැනුම් දුන්නට. SLT Automatic DNS වලින් වෙබ් අඩවි වලට ප්‍රවේශ වීමට බැරි වීම තමයි මෙයට හේතුව. මේක මට විතරක් වෙච්ච දෙයක් නොවන වගත් අනිත් අයගේ ප්‍රතිචාර වලින් තේරුණා. මේකට හේතුව හොයාගෙන හොයාගෙන යනකොට නැවතුනේ ටෙලිකොම් එකේ ස'වර් රූම් එකෙන්. එතනදි හොයාගත්ත ලෙඩේ මොකක්ද කියලා.

tracert www.batapola.net කියල දුන්නම එන්නේ මෙන්න මේක
Unable to resolve target system name www.batapola.net.

Google DNS දාල ඒකම දුන්නම
racing route to batapola.net [173.212.202.130]
over a maximum of 30 hops:

1 1 ms <1 ms <1 ms 192.168.1.1
2 353 ms 59 ms 48 ms 220.247.232.35
3 30 ms 26 ms 28 ms 203.94.91.242
4 25 ms 52 ms 77 ms 222.165.130.57
5 36 ms 95 ms 29 ms 222.165.130.10
6 235 ms 209 ms 351 ms so-2-3-3-dcr1.lnd.cw.net [166.63.161.237]
7 176 ms 261 ms 174 ms xe-5-0-0-xcr1.lnd.cw.net [195.2.25.121]
8 382 ms 330 ms 310 ms 195.66.226.167
9 243 ms 246 ms * vl0019.gwy02.sctn01.hostnoc.net [63.218.31.42]
10 415 ms 495 ms 280 ms ec1-00.gwy01.sctn01.hostnoc.net [64.191.108.38]
11 364 ms 241 ms 247 ms ec1-17.agg03.sctn01.hostnoc.net [96.9.191.2]
12 385 ms 246 ms 261 ms ec0-63.bp1901.sctn01.hostnoc.net [96.9.184.42]
13 458 ms 246 ms 270 ms 173-212-202-130.hostnoc.net [173.212.202.130]

Trace complete.

ඉතිං GoogleDNS OpenDNS වගෙම SLTDNS මැනුවල් හදාගත්තමත් යන්න බැරි උනු සයිට් වලට යන්න පුලුවන් උනා. ඒ automatic DNS වලිට පාවිච්චි වෙන්නේ 203.115.0.46 සහ 222.165.*26.22[දෙවනි එක හරියටම ෂුවර් නෑ] IP දෙකම මැනුවල් හැදුවම යන්න පුලුවන් උනා. ඉතිං ඒ ගැන ස'වර් රූම් එකේ ඉන්න අයත් එක්ක කතා කරල විසඳ ගත්තා දැන් ඒ යන්න බැරිව තිබුණු සයිට් වලට යන්න පුලුවන්. ඉතිං මේ දිනවල බටපොල හරිත උදානය 2010 නමින් කෘෂිකාර්මික අධ්‍යාපනික වෙළද ප්‍රදර්ශනය සහ සැණකෙළියක් 2010 මාර්තු 25,26,27,28 හා 29 දින පෙ.ව. 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වෙනවා. ඉතිං මාතර මාධ්‍ය නිවස මගින් විද්‍යාල පරිශ්‍රයේ සිට FM 96.1 ඔස්සේ විකාශය කරනු ලබන සුසර FM දැන් www.batapola.net වෙබ් අඩවිය හරහා ඔබට සවන් දීමටත් හැකියාව ලබාදුන්නා. ඒ වගේම ඔබට සිංදු ඉල්ලීම් කරන්නත් සුසුර FM මෙහෙයවන මාතර මාධ්‍ය නිවසේ අය සූදානම් කරල තිබුනා.[මාතර මාධ්‍ය නිවසේ අය ප්‍රථම වරට අන්තර්ජාල මාධය හරහා කරන ලද විකාශයද මෙයයි.] විකාශය අතර තුර සිංදු ඉල්ලීම් කරන්න පුලුවන් වෙලාවල් සහ දුරකථන අංකය ඔවුන් සඳහන් කරන අවස්ථාවල ඔබ ලෝකෙ කොයි කෙළවරේ සිටියත් සිංදු ඉල්ලීම් කරන්න පුලුවන් උනා. ඒ දිනයන් තුල පානදුර හා දෙහිවල යන ප්‍රදේශවලිනුත් සිංදු ඉල්ලීම් ලැබී තිබුණා. එයත් සතුටට කාරණයක්. FM රේඩියෝ මාධ්‍ය වගේම අන්තර්ජාල මාධයත් භාවිතා වන බව දැන් ඔවුන්ට වැටහෙන්නට ඇති.


ප.ලි: මේක ලියන්න ගත්තේ 26 වෙනිදා . ඒ උනාට කවුරු හරි බටපොල සිට උඩුවිල දක්වා දුරකථන රැහැන් කපා දමා තිබීම නිසා මට අන්තර්ජාලයට සම්බන්ධ වීමට නොහැකි වීමෙන් එදා පෝස්ට් කරගන්න බැරි උනා . දින දෙකක් ඇතුලත SLT ආයතනය රැහැන් යථාතත්වයට පත් කලත් නැවතත් පසුවදාම ඒ සම්බන්ධ කල ස්ථානයට මදක් ඈතින් කපා දමා තිබුණා. කෙසේ හෝ අන්තර්ජාල විකාශය සිදුකරන්නට ගෙදර සිට නොහැකි උනා. මේ සියලු බාධා මැද පාසලේ සිට සජීව විකාශය අන්තර්ජාලය හරහා සිදු කරන්නට කටයුතු සිදු උනා. මා හට පාසලට යාමට නොහැකි උනත් මාගේ සහෝදරයා එම ස්ථානයට යවා සාර්ථක ලෙස එතන සිට විකාශන කටයුතු ගෙන ඒමට පුලුවන් උනා.

ඉතිං පාසලේ පරිගණක විද්‍යාගාරය විවෘත කරන තුරු විකාශන කටයුතු සඳහා බලා සිටීමට සිදුවීමත් නිතරම එතන රැදී සිටීමත් නොහැකි විම නිසා අන්තර්ජාල විකාශනයට බාධා පැමිණුනා. ඒ පිළිබදව මාගේ කණගාටුව ප්‍රකාශ කරන අතර සවන් දුන් අයටත් අන්තර්ජාල විකාශයට තමාගේ සේවාදායකයක් නොමිලේම ලබා දුන් කාලිංග අයියාටත් ස්තූතිවන්ත වෙමි.