සිතේ සිත්තමක් වී,
මා ජීවත් කරලූද..
මා ජීවය වූද..
මා ප්‍රියාදරී
මා අභියසම
කුළුදුල් ආදරය
දෝතින් දරා
මා වෙතට
නෙතු දල්වා
පැමිණි ඒ මොහාත
කෙසේ නම් පවසම්ද
අකුරු වලින් මා....
අද දින නුඹ
මගේ කුළුදුල් ආදරය
පිළිගෙන මට දුන්
සන්තෝෂය
කෙසේ නම් පවසම්ද
අකුරු වලින් මා...
සත්තමයි...
මා ආදරෙයි
නුඹට මා තුල
මේ හුස්ම
පවතිනා තුරාවටම
කෙසේ නම් පවසම්ද
අකුරු වලින් මා....
(හැබයි තවමත් මල්සරා තනිකඩය....)
-තාරු-
2011-07-27
කුළුදුල් ආදරය
12:11 AM
6 comments










6 අදහස්:
හෝව් හෝව්...දැන් කවුද තාරු කිව්වේ? මල්සරා තනිකඩ වුණාට ගයාන් තාරක තනිකඩ නැද්ද? හැංගිලා හැංගිලා හොර වැඩක් ගැන ලියලද මන්දා ;)
@Deeps
තාරු කියන්නේ මම..
හොරවැඩ එලිපිට කරන්නැහැ..
:)
ඔයාත් දැනගනීවි
මෙන්න කොල්ලා අමාරුවේ වැටිලා.. දැන් කව්සුතුවිලිත් පහල වෙලා :D :D
එළ එළ.. සුභ මංගලම් :D
හික්ස්...මන් දන්නවා...මන් මේ ඉන්නේ පළවෙනිදා වෙනකම් අයියගේ හොර වැඩේ ගැන හරියටම දැනගන්න
අපෝ වැඩේ නඟා පත්තු කරලනේ....සුභපැතුම් අයියා
මල්සරා හෙවත් මඟුල් කපුවා තවමත් තනියෙන් ..ඒත් ඉතින් මල්සරාත් නොදැනම , දෙන්නෙක් පෑහිලා කියන්නේ මංගල කටයුත්තක් ..
ලස්සනම වැඩේ කියන්නේ , මේ කතන්දරේ දී කපුහාමිනේ දන්නෙත් නැහැ ,එයා නිසයි මේ දෙන්න එක්වුනේ කියලා....හෙහ් හෙහ් මල්සරා හෙවත් කපුව මේක දැන ගත්තෙ පස්සෙලු.... මල්සරාට පුදුමලු.....
( අනේ මන් ද, අතේ තියන දුනු ඊතල , මල්සරාත් නොදැනි පත්තු වෙලා වගේ )
එහෙනම් ඉතින් ....සුබම සුබ අනාගතයකට ආසිරි...
Post a Comment