2011-07-27

බස් රේඩියෝවේ හඬ පටියක බුද්ධිමය දේපල සුරැකීමයි

බස් රේඩියෝවේ ඒසි නොමැති දවස් වල (මළ කෙළියයි ජූලි හතරයි පොළව දෙදරවාගෙන ඒමට පෙර) මා විසින් සකස් කර ගුවනට මුදා හරින ලද ජිංගල් වල කට හඬ පිළිබදව අසන්නන්ගෙන් කල විමසීම් වලදී දැනගත් විස්තර සංක්ශිප්තය මෙපරිදිය..

අසන්නන් : කාගෙද ඒ ලස්සන කටහඬ.. හසී ගේ නේද?
හසී : අසන්නන්ගෙන් හලි කලදලේ හලේ ඔය කටහඬ මගේ කියලා.. ඒක මගේ නෙවෙයි.. ඒක අර තාරක අයියගේ ගෑණු ලමයාගේනේ.. එයා කියන්නැහැ කවුද කියලා..

අසන්නන් : ඇත්ත කියන්න හසී.. ඒ ලස්සන කටහඬ ඔයාගේ නේද?
හසී : තාරක අයියගෙන් අහන්න.. එයා තමයි අයිතිකාරයා..

----------
තවත් අසන්නන් පිරිසක් : කාගෙද ඒ ස්වීට් වොයිස් එක?

මේ අතර ඒසී කල බසයේද මුල්ම කටහඬ වූයේ මෙම කටහඬ වන අතර තවමත් එම කටහඬ බහුතර ප්‍රේක්ෂක පුතිචාර මධ්‍යයේ ප්‍රචාරය වනු අසාගත හැක.

එසේද මෙම කටහඬෙහි හිමිකාරීත්වය  හෙළි නොවුනු නිසා තවත් කලක් එම කටහඬෙහි අයිතිකාරිය තවමත් රහසක්ව පවතින අතර තවමත් අසන්නන්ගෙන් විවිධ ප්‍රතිචාර ලැබෙමින් පවතී.. මෙන්න එම විවේචනය වලට ලක්වූ හඩපට

Buzz-Voice01 by kpgtharaka

Buzz-Voice02 by kpgtharaka




මේ වෑයම එහි නියම හිමිකාරියට එහි අයිතිකාරීත්වය ලබා දීමටයි.. මේ වන විට එම හඬට වෙනත් පාර්ශව මගින් අයිතිවාසිකම් කීමට සැරසෙන බැවින් මෙය එහි හිමිකාරිය ප්‍රකාශ කිරීමට හොදම කාලය බව මම සිතමි.

ඇගේ නම කුමක්ද?





මෙම කට හඬවල් තව දුරටත් රහසක් නොවනු ඇත.  ඒ හඬෙහි නියම අයිතිකාරය නම්....



මෙම බ්ලොග් අවකාශය තුල වසර දෙකහමාරක් තිස්සේ ලිපි ලියා සිංහල භාෂාව අන්තර්ජාලය තුල ප්‍රචලිත කිරීමට අපත් සමග සිටි ටෙම්ල්ලේට් නිසා නිතරම අවුල් ගිය සිහින වස්සානයේ දඟකාර ලියුම්කාරිය ලෙසින් රෝස වළාකුළු තුළින් ඔබ හමුවූ


නෙරංජි (නීනු)



Reactions:

19 අදහස්:

කොස්සු පිර :D කවුද දන්නේ ඉතින් :D

එක දවසක්..මුං හිටියා...
වෙහෙර මහා දේවි උයනේ..
එදා ටිකක්..කලින් ගියා..
දෙන්නම අපිලට පොල්ල තියා...
දැන් ඉතිං..නටනව එළියේ..
හැංගි හැංගි බැන්දට රහසේ..
කොහොම උනත්..කමක් නැතේ..
අපිට කේක් දියවු දියවු...

අපි නම් කලින් ඉදන්ම දැනන් උන්නා ඕක :D :D :D

@DarKneT | ඉෂාර
ඒක තමයි..

@මාරයාගේ හෝරාව
ඉතිං අයියා මේක ඊට කලිං වෙච්ච සිද්දීයක්නේ.. බස්රේඩියෝ ඒසී කරන්නත් කලිංනේ.. ඒසී කලාට පස්සේ නේ එහේට ආවේ..

@Bunny
උඹ දන්නැහැ කිසි දෙයක්..

මල් සරා බැල්ම හෙලුවට පස්සේ කොල්ලා අතින් ලියවෙන්නෙම අමුතු අමුතු එව්වලු :) දැන් ඉතින් පාටි දියව් පාටි දියව් තමා

මාරයියා+++++++
:D

මරු... හොඳ අනාගතයක් තියානවා.. මගේ සුභ පැතුම්..!!!

තවත් අහිංසකයෙකුගේ අවසානය :D best of luck :D

@දීප්..
ඈහ් මං අමුතු වෙලාද ඇත්තටම?

@පූෂා
මොකද කී බෝඩ් එකේ + එක එබිලමද තියෙන්නේ

@තිස්ස දොඩන්ගොඩ
අයියට අනාගතෙත් පෙනවද? ස්තූතියි..

උණුසුම් සුභපැතුම් මචං!

ස්තූතියි බ්ලොග් ගඩොල්

ඔයාගේ කැමැත්තනේ!ඕනඑකක් වෙන්නකියල පදිමු දැන්.....

එළ එළ මාත් ඇහුවා කාගෙද මේ වොයිස් එක කියලා මුල දවසෙම. කොහෙද එකෙක් කිව්වෙ නෑනේ.. ඇත්තටම ලස්සන වොයිස් එකක් තියෙන්න.

උඹට බනිද්දිත් ආසාවෙන් අහන් ඉන්න පුලුවන්නේ....

සුභ අනාගතයක් ! :D

@නචියා
ස්තූතියි මචෝ..

අනිවා..

@Explorer
:)

සුභ පැතුම්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්

@සිරකරුවා
ස්තූතියි

Related Posts Plugin for WordPress, Blogger...