2011-07-28

Google Plus හි තමන්ගේ Profile එකට link එකක් හදාගමු

Google Plus ,G+ , එහෙමත් නැත්නම් ඔයාල දන්න විදියට කියනවනං පස් වල එකවුන්ට් එක කාටවත් දෙන්න ගියාම ලින්ක් එක ටිකක් අවුල් නේ..
මේ තියෙන්නේ මගේ profile එක.
https://plus.google.com/117408766082951350719
ඉතිං ඕකෙ තියෙන නම්බර් ටික නිසානේ අවුල.. ඒකට මෙහෙම වැඩක් කරගන්න පුලුවන්.

http://ongplus.com/ ගිහින් ඔයාල කැමති නමක් දාගන්නකෝ.
  කියන තැනට ඔයාලට දාගන්න ඕනි නම දෙන්න
දැන් අර උඩ ලින්ක් එකේ තියෙන අංක ටික. plus.google.com එකට පස්සේ තියෙන ටික Google+ ID: කියන තැනට දෙන්න
මෙන්න මේ විදියට.





ඔය ටික කරල ක්ලේම් කලාම දැන් මෙන්න මෙහෙමයි මගේ profile එකට යන්න පාර තියෙන්නේ
http://ongplus.com/kpgtharaka

2011-07-27

බස් රේඩියෝවේ හඬ පටියක බුද්ධිමය දේපල සුරැකීමයි

බස් රේඩියෝවේ ඒසි නොමැති දවස් වල (මළ කෙළියයි ජූලි හතරයි පොළව දෙදරවාගෙන ඒමට පෙර) මා විසින් සකස් කර ගුවනට මුදා හරින ලද ජිංගල් වල කට හඬ පිළිබදව අසන්නන්ගෙන් කල විමසීම් වලදී දැනගත් විස්තර සංක්ශිප්තය මෙපරිදිය..

අසන්නන් : කාගෙද ඒ ලස්සන කටහඬ.. හසී ගේ නේද?
හසී : අසන්නන්ගෙන් හලි කලදලේ හලේ ඔය කටහඬ මගේ කියලා.. ඒක මගේ නෙවෙයි.. ඒක අර තාරක අයියගේ ගෑණු ලමයාගේනේ.. එයා කියන්නැහැ කවුද කියලා..

අසන්නන් : ඇත්ත කියන්න හසී.. ඒ ලස්සන කටහඬ ඔයාගේ නේද?
හසී : තාරක අයියගෙන් අහන්න.. එයා තමයි අයිතිකාරයා..

----------
තවත් අසන්නන් පිරිසක් : කාගෙද ඒ ස්වීට් වොයිස් එක?

මේ අතර ඒසී කල බසයේද මුල්ම කටහඬ වූයේ මෙම කටහඬ වන අතර තවමත් එම කටහඬ බහුතර ප්‍රේක්ෂක පුතිචාර මධ්‍යයේ ප්‍රචාරය වනු අසාගත හැක.

එසේද මෙම කටහඬෙහි හිමිකාරීත්වය  හෙළි නොවුනු නිසා තවත් කලක් එම කටහඬෙහි අයිතිකාරිය තවමත් රහසක්ව පවතින අතර තවමත් අසන්නන්ගෙන් විවිධ ප්‍රතිචාර ලැබෙමින් පවතී.. මෙන්න එම විවේචනය වලට ලක්වූ හඩපට

Buzz-Voice01 by kpgtharaka

Buzz-Voice02 by kpgtharaka




මේ වෑයම එහි නියම හිමිකාරියට එහි අයිතිකාරීත්වය ලබා දීමටයි.. මේ වන විට එම හඬට වෙනත් පාර්ශව මගින් අයිතිවාසිකම් කීමට සැරසෙන බැවින් මෙය එහි හිමිකාරිය ප්‍රකාශ කිරීමට හොදම කාලය බව මම සිතමි.

ඇගේ නම කුමක්ද?





මෙම කට හඬවල් තව දුරටත් රහසක් නොවනු ඇත.  ඒ හඬෙහි නියම අයිතිකාරය නම්....



මෙම බ්ලොග් අවකාශය තුල වසර දෙකහමාරක් තිස්සේ ලිපි ලියා සිංහල භාෂාව අන්තර්ජාලය තුල ප්‍රචලිත කිරීමට අපත් සමග සිටි ටෙම්ල්ලේට් නිසා නිතරම අවුල් ගිය සිහින වස්සානයේ දඟකාර ලියුම්කාරිය ලෙසින් රෝස වළාකුළු තුළින් ඔබ හමුවූ


නෙරංජි (නීනු)



ආදරණීය රෝස වලාකුළ


එක බින්දු සිර වුණු
මගේ හදවතට
ආදරය කියාදුන්
රෝස වළාකුළ
නුඹයි මගේ ආදරය

කුළුදුල් ආදරය

සිතේ සිත්තමක් වී,
මා ජීවත් කරලූද..
මා ජීවය වූද..
මා ප්‍රියාදරී
මා අභියසම
කුළුදුල් ආදරය
දෝතින් දරා
මා වෙතට
නෙතු දල්වා
පැමිණි ඒ මොහාත
කෙසේ නම් පවසම්ද
අකුරු වලින් මා....

අද දින නුඹ
මගේ කුළුදුල් ආදරය
පිළිගෙන මට දුන්
සන්තෝෂය
කෙසේ නම් පවසම්ද
අකුරු වලින් මා...

සත්තමයි...
මා ආදරෙයි
නුඹට මා තුල
මේ හුස්ම
පවතිනා තුරාවටම
කෙසේ නම් පවසම්ද
අකුරු වලින් මා....

(හැබයි තවමත් මල්සරා තනිකඩය....)

-තාරු-

2011-07-21

අලුත් වැඩක් - පින්තූර ඇල්බම් එක

ඔන්න මාත් පටන් ගත්ත පින්තූර ඇල්බම් එකක්. තාක්ෂණික වැඩ වලට වඩා වෙනස් දෙයක්නේ.. හැමදාම ඒවම කරල හරියන්නෙත් නැහැනේ.. මේක මට ඉස්සරහට වඩාත් වැදගත් වෙයි කියල හිතෙනවා.

Flickr එකේ තමා කරන්නේ..මේක මං අරගනිපු පින්තූර වලින් මට හොදයි කියල හිතෙන පින්තූර ටික දාල හදාපු ඇල්බම් එකක්.

හදන්න හිතුනේ මං ගනිපු පින්තූරයක් දැකල කෙනෙක් ඇල්බම් එකක් නැද්ද කියල අහපු නිසා..  දැන් ඉතිං ඔන්න ගන්න ගන්න පින්තූර ඕකට දාන්න තමා හිතන් ඉන්නේ..

තාම ඉතිං හරියට කැමරාවක් වත් නැහැ.. මේව අරන් තියෙන්නේ මගේ ජංගම දුරකථනයෙන්.. කට්ටියට මතකද දන්නෑ අර රිමෝට් එකක් විදියටත් පාවිච්චි කරනව කීව එක තමයි.

කැමති නම් පින්තූර වලට කමෙන්ට් කරන්නත් පුලුවන්.. අකමැති නම් ඒත් පුලුවන්..
මට හුඟක්ම වටින්නේ පින්තූර ගැන කරන විවේචන තමා..
ඒ කීවේ.. මේක මේ විදියට ගත්තනම් මීට වඩා හොදයි කියල උපදෙසක් ගන්න පුලුවන් නම් තමා..

මොකද මං පොටෝග්‍රැෆි වත් ග්‍රැෆික් ගැනවත් වැඩි දෙයක් දන්නැති නිසා.

එහෙනම් ගිහිල්ලම බලන්නකෝ.

http://www.flickr.com/photos/54021321@N06/

2011-07-09

Fedora Code Names & මගේ ලිනක්ස් ආරම්භය

මෙච්චර කාලෙකට ආපු Fedora version වල Code Names ටික තමයි මේ..

Fedora Core 1 (Yarrow)
Fedora Core 2 (Tettnang)
Fedora Core 3 (Heidelberg)
Fedora Core 4 (Stentz)
Fedora Core 5 (Bordeaux)
Fedora Core 6 (Zod)
Fedora 7 (Moonshine)
Fedora 8 (Werewolf)
Fedora 9 (Sulphur)
Fedora 10 (Cambridge)
Fedora 11 (Leonidas)
Fedora 12 (Constantine)
Fedora 13 (Goddard)
Fedora 14 (Laughlin)



ඉතිං ඔතනිං මං මුලින්ම අත තිබ්බේ Moonshine එකට තමා.. ඒත මොඩම් එක ගත්තෙ නැති නිසා වැඩිය මුකුත් කරන්න බැරි උනා.. මේ තියෙන්නේ මං lklug එකට යවපු මුල්ම මේල් එක.
http://www.linux.lk/lurker/message/20070715.141609.25f51b8a.pl.html#linux

ඒකට උත්තරේ එවල තියෙන්නේ Bud


ආයෙ Sulphur වල ඉදං පටන් ගත්ත දැන් තියෙන්නේ පාවිච්චි කරන්නේ Leughlin දැන් නම් කරදරයක් නැතිව වැඩ කරනවා..

දැන් තියෙන්නේ Fedora 15 (Lovelock)
ඊළඟ එක තමයි Fedora 16 (Verne)

ආසනම් මේවත් කියවන්න..

Related Posts Plugin for WordPress, Blogger...