Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2012-05-31

ලිනක්ස් ස්ථාපනය

කලින් ලිපියකදි කියල දුන්නේ ලිනක්ස් ස්ථාපනයට පෙර Hard Disk සූදානම් කරන හැටිනේ. අද කියන්නෙ ඒ විදියට සූදානම් කරගත්තු Hard Disk එක සහිත පරිගණකයට ලිනක්ස් ස්ථාපනය කරන විදිය තමයි.

මුලින්ම බයෝස් වලට පිවිස Boot Order එකෙහි පළමු Device එක ලෙස CD/DVD ධාවකය සකසන්න
මේ ලෙස ඇත්නම් මුලින්ම දෘඩ තැටියෙන් Boot වනු ඇත.

එබැවින් එය පහත පරිදි වෙනස් කර ගත යුතුය.
(සැ.යු. පරිගණකයෙන් පරිගණකයට Bios ප්‍ර වේශ වන යතුරු වෙනස් විය හැකියි. සැකසුම්ද වෙනස් ආකාර වලින් පැවතිය හැකි නමුත් සියලුම පරිගණක වල මේවා අන්තර්ගත වේ.)

දැන් F10 යතුර ඔබා හෝ save කර bios වලින් ඉවත්වන්න. පහත පරිදි විමසීමක් කරයි නම් yes යන්න තෝරා enter යතුර තද කරන්න


එවිට පරිගණකය reboot වනු ඇති අතර. ධාවකයට හන්තාන DVD එකක් දමා තිබුනේ නම් එය මගින් පරිගණකය boot වනු දැකිය හැක.  මේ හන්තාන ධාවනයේදී දිස්වන පළමු තිරයයි.


ටික වේලාවක් ගතවූ පසු මෙම තිරය ලැබෙනු ඇත.

සම්පූර්ණයෙන්ම හන්තාන මගින් පරිගණකය ආරම්භ වූ පසු මෙයාකාර තිරයක් ඔබට ලැබෙනු ඇත. එහි දකුණු පස තීරුවේ අවසන් අයිකනය ක්ලික් කිරීමෙන් ඔබේ ස්ථාපන කාර්යය ආරම්භ කල හැකි වනු ඇත.

එහිදී ලැබෙන තිර next කරමින් යන විට Custom Layout තෝරාගත් විට පහත ආකාර තිරයකට ඔබව රැගෙන යනු දැකිය හැක. මෙහිදි කලින් ලිපියේ පරිදි shrink කරගත් පසු ඉතිරි වූ ඉඩ free යටතේ තිබෙනු දැකගත හැක.




එය මත ක්ලික් කර Create බොත්තම ඔබා දෘඩ තැටිය පහත පරිදි සාදාගන්න. මෙහිදී වින්ඩෝස් ස්ථාපනයේදී මේන් කෙලින්ම දෘඩ තැටියට ලියනු නොලැබේ.. මෙම අවස්ථාව පසු කල පසු පමණක් දෘඩ තැටියට අදාල සැකසුම් ආදේශ වේ.

සැකසුම් සියල්ල ඉහත පරිදි සකසා next කල විට පහත පරිදි තිරයක progress එක පෙන්වනු ඇත.
එය අවසන් වූ පසු restart වනු ඇත.
ඉන්පසු පරිශිලක කෙනෙක් සැකසීම සඳහා ඔබගේ තොරතුරු විමසා සිටින අතර ඒවා ලබාදුන් පසු ස්ථාපන ක්‍රියාවලිය සම්පූර්ණ වනු ඇත.

අවසන් වූ පසුව මෙම තිරය නැවත දැකගත හැකි වනු ඇත.

වම් පස ඉහල කෙළවරට mouse pointer එක ගෙන ගිය විට දැනට භාවිතයේ පවතින වැඩසටහන් දිස්වන අතර applications ටැබය පිවිසීමෙන් හන්තාන සතු මෘදුකාංග ලැයිස්තුව දිස්වනු ඇත.


එහෙනම් හන්තාන සමගින් නිදහස අත්විඳින්න. හන්තාන මත සිට වැඩ කරන ආකාරය තවත් ලිපියකින් ලියන්නම්.

2012-05-18

Android එක්ක ජීවිතේ



Sony Ericsson Xperia X10 එක ගත්තට පස්සේ වැඩිය PC එකෙන් සෙල්ලම් දැම්මෙ නැහැ. වැඩිපුරම Connect කලේ charge කරන්න තමයි.. ඊට පස්සේ ඉතිං Gingerbread වලට Update කලා. ඕන නං තව වැඩිම උනොත් root කරන්න විතරමයි.. root කිරිල්ලත් දෙපාරක් කරන්න උනා. මොකද කියනවනම් මුලින් කරපු root කිරිල්ල අප්ඩේට් එකෙන් පස්සේ unroot වෙලා තිබ්බ හින්ද.

Google ගිණුමත් එක්කලම තියෙන හින්ද Application install කරන්න පුලුවන් කජු කනවා වගේ. පස්සේ නිකංම  phone එකට install වෙනවා net connect කරගමන්ම. හැබයි හොදම ඒව මෙව්ව නැතිව දෙන්නෙ නැති නිසා කළුකඩේ පිහිට තමා.

ඔපිස් ප්‍රෝ, හොට් ප(ර්)සුයිට් හිට දාල බැලුවා.

xmbc remote එක නං සිරාවටම වැඩ කරනවා.

අනිත්දේවල් නම් ඉතිං හැමෝම ට්‍රයි කරල ඇතිනේ.

යංතං ඇඩ් ටික අයින් කරගත්ත lucky patcher එකෙන් මතක හැටියට අයින් කලේ.

SE PC suite එකෙන් වැඩක් උනේ අප්ඩේට් කරන්න විතරයි. අන්තිමට හොයාගත්ත කන්ටැක්ස් මැසේජස් පික්චර්ස් මියුසික් මැනේජර් එකක්.

ඕන නං ට්‍රයි කරල බලන්න මෙන්න කඹේ  http://www.wondershare.com/android-manager/guide.html

නම MobileGo

තව experiments කරපුවනම් තියේ..

හොදම ඇප් දෙක කියල කියන්න පුලුවන් super manager සහ ES filemanager.