Pages

2010-05-28

මෙවර මගේ පරිගණක වෙසක් සැරසිල්ල

මට ගිය පාර වෙසක් එකට දාන්න බල්බ් වැල ගත්තම ඒකෙ පරිපථයට සිද්ද වෙච්ච දේ කට්ටියට මතක ඇතිනේ. මතක නැති අය නොදන්න අය ඉන්නවනම් මෙතනින් බලාගන්න‍. ඉතිං මේපාර ඒ පරිපථය හොයාගත්තත් වැඩ කරන තත්වයක තිබුනෙ නෑ. ආයිම සංගෘහිත පරිපථ 2ක් අලුතින් සවි කරල. ට්‍රාන්සිස්ටර 6ක්ම දාල ගත්තම වැඩ කරන තත්වෙට ගන්න පුලුවන් උනත් බල්බ වැලට ඇමිණිමෙන් පසු AC විදුලිය ලබාදුන් විට දිගටම දැල්වී තිබෙන්නට වූ නිසා නැවතත් ගියවර කල ආකාරයටම යොමු වීමට සිදු උනා. නමුත් මෙවර කලේ පෙර අවස්ථාවේ භාවිතා කල රිලේ වෙනුවට ට්‍රැයැක් භාවිතා කිරීමයි. (සද්ද නැතිව වැඩ ගැනීමට).

ගියවර ලියාගත්තු පරිගණක වැඩසටහනම මෙවරත් භාවිතා කිරීමට හැකි වුනා. එබැවින් වැඩ ටිකක් ලේසි වූ නිසා එක් වෙසක් කූඩුවක් වර්ණ දෙක බැගින් ආලෝකමත් කරන්නත් හැකියාව ලැබුණා.


ඒ ඉතිං පිටින් එන අයට පෙනෙන ඉදිරිපස පෙනුමනේ.. තිරය පිටුපස පිටින් එන අයට පේන්නෙ නැහැ නෙව. මේ තියෙන්නේ පරිගණකයෙන් එන සංඥා වලින් 230v බල්බ හසුරුවන පරිපථය.


ගියවර භාවිතා කරපු එකමයි. හැබයි රිලේ නැති නිසා සද්ද නැතිව වැඩ. මං 6කින් යුතු 5w බල්බ 38ක් හසුරුවන්නේ පුංචි ට්‍රැයැක් උපකරණ 6කින් තමයි.

සරලව ක්‍රියාකාරීත්වය කිවුවොත් පරිගණකයේ සමාන්තරගත තොටුපලින් එන සංඥා ට්‍රාන්සිස්ටර් මගින් වර්ධනය කර LED දර්ශක(DC) වෙත හා ඉන් අනතුරුව තවත් දර්ශක පෙලකින් පසුව ට්‍රයැක් උපකරණය වෙත ලබා දෙනවා. ට්‍රැයැක් උපරණ වෙත අමුණා ඇති බල්බ වැල පරිගණකයේ සිට එන සංඥා වලට අදාලව පාලනය වෙනවා. ඊට අමතරව එතන පසු ආරක්ෂණ ක්‍රියාමාරිගයකුත් තියෙනවා. (නැත්තං මව්පුවරුවට සොරි තමා)

එකම වෙසක් කූඩුව වර්ණ දෙකකින් දැල්වීමට යොදාගත් උපක්‍රමය තමයි මේ. බල්බ දෙකක් යොදා වෙන වෙනම දැල්විමට සැලැස්වීම තමයි කලේ.



ඔය ඔක්කොම එකතු කරල දවසම මහන්සි වෙලා කරපු දේ අවසන් ප්‍රතිඵලය තමයි මේ තියෙන්නේ.

8 comments:

  1. ඔයිට වැඩ ලේසි නෙද්ද මචන් Rs 150 ට බුල්බ් වැලක් ගෙනල්ල එල්ල ගත්ත නම්.

    ReplyDelete
  2. මැක්සා මචං!! :)

    @ Anonymous
    එතකොට ඉතින් දෙයක් ඉගෙනගන්න වෙන්නෙ නෑ නේද?

    ReplyDelete
  3. අනේ හොඳයි වැඩේ. පොසොන් එකට මටත් එකක් හදල දෙනවද ??

    ReplyDelete
  4. මල්ලියෝ අපි ඩිසයින් කරන ඕනෙම ඉලෙක්ට්‍රොණික් සර්කිට් එකක් කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් ලියල ඒක පැරළල් පෝට් මාර්ගයෙන් අවුට් පුට් එකක් විදියට ගන්න පුලුවන්ද?නැත්තන් ඊට වැඩිය ඇඩ්වාන්ස් ක්‍රමයක් තියනවද?පොඩි පැහැදිලි කිරීමක් කරල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.
    ටයිම් තියනවනම් මේකට මේල් එකක් දාන්න.(dinukuma@gmail.com)

    ReplyDelete
  5. nayanaharsha@gmail.com....mta prot programing gena tikak dena ganna one..oyata puluwannam oyage meail eka ewanawada?

    ReplyDelete
  6. nayanaharsha@gmail.com....mta prot programing gena tikak dena ganna one..oyata puluwannam oyage meail eka ewanawada?

    ReplyDelete
  7. මරු වැඩේ , ජය !!

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ