Pages

2010-01-15

ලංකාවේ OpenOffice භාවිත කරන්නන්ගේ සමූහය ආරම්භ වේ.


OpenOffice භාවිත කරන්නන්ට භාවිතයේදී පැන නගින ගැටළු සාකච්ඡා කිරීමටත් නවකයන්ට මග පෙන්වීමටත් ඔබ සතු OpenOffice පිළිබඳ දැනුම අන් අය සමග බෙදා ගැනීමටත් පහසු වන පරිදි ආරම්භ වූ මෙම සමූහය ආරම්භ කර වැඩි දවසක් ගතවී නැතත් මේ වන විට මෙම සමූහයේ දැනටමටත් සාමාජිකයන් 60දෙනෙක් සාමාජිකත්වය ලබා ගෙන ඇත. එමෙන්ම ඔවුන් සතු දැනුම බෙදා හදා ගැනීමට මේවන විටත් සිදුවෙමින් පවතින බව දැකිය හැක.

ඔබගේ දැනුම බෙදා ගනිමින් නොමිලේ ලබාගත හැකි OpenOffice භාවිත කරන නවකයින්ට සහාය වීමට අප හා එක්වන්න.

පරිශීලක සහාය:
OpenOffice.org පිළිබඳ ඔබේ දැනුම අන් අය සමඟ බෙදාගන්න, ඔවුන්ගේ ගැටලු විසදා ගැනීමට අලුත් දෙයක් කියා දීමට ඉදිපත් වන්න.

ප්‍රචාරණය:
OpenOffice.org හැකි තරම් ඔබේ හිතමිතුරන් අතරේ ව්‍යාප්ත කිරීමට දායක වන්න.

තත්ත්ව පාලනය:
ඉතා හොඳ තත්ත්වයේ නිපැයුමක් OpenOffice.org වෙතින් ඉදිරිපත් කිරීම සඳහා ඔබ දකිනා දෝෂ ඉදිරිපත් කිරීමෙන් හෝ ඒවා විසදිමෙන් ඔබේ දායකත්වය ලබා දෙන්න.

ප්‍රලේඛනය:
OpenOffice.org භාවිතය පිළිබඳ අන්තර්ගය ලිවීමට හෝ දැනට පවතින අන්තර්ගතයේ ඇති දෝෂ නිවැරදි කිරීමට දායක වන්න.

ඇත්තටම ඉතා පහසුවෙන්ම දායක විය හැකි ක්‍රමය ව්නනේ ඔබේ හිතමිතුරන්ට OpenOffice.org ස්ථාපනය කරදී, ඔවුන් අතරේ OpenOffice.org බෙදා හැරිමෙනි..


Subscribe to ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List


Email:





"ඔපන්ඔෆිස් භාවිත කරන්නන්ගේ සමූහය OpenOffice User List"

7 අදහස්:

  1. ලංකාෙව් අයට විතරමද මචන්???

    ReplyDelete
  2. නියමයි. දන් මාත් උඩුබුන්ටු හින්දා ..........

    ReplyDelete
  3. නියමයි! ඕනම වෙලා තිබුණු දෙයක්. ඔන්න ජොයින් වුණා

    ReplyDelete
  4. ~බිன்ku~
    මේක බලන්න
    http://groups.google.com/group/openoffice-lk/browse_thread/thread/26b21dee1871a81f#

    @All
    හැකිපමණ OpenOffice පිලිබඳ මිතුරන් දැනුවත් කරන්න. ඔවුන්ව OpenOffice භාවිතයට යොමුකරන්න. ගැටළු ඇත්නම් සමූහයේදී සාකච්ඡා කර විසඳුම් සොයාගමු. ස්තූතියි.
    :)

    ReplyDelete
  5. @බිංකු, එහෙම අදහසක් නැ.. තෙරෙන බාසාවකින් කියනවා නම් උදව් කරන්න පුලුවන් අය උදව් කරයි :)

    ReplyDelete
  6. මාත් එක පාරක් OpenOffice writer වල bug එකක් fix කරන්න try එකක් දුන්නා.
    ඒත් සමහර module වල documentation අඩු නිසාත් සමහර files debug වෙන්නෙ නැති නිසාත් වැඩෙ අත ඇරල දැම්ම.
    core development අමාරු උනාට ඕන කෙනෙක්ට ලේසියෙන් addons (Java,C++,Python..) ලියන්න පුලුවන්.

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ