Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

Showing posts with label System. Show all posts
Showing posts with label System. Show all posts

2020-06-25

Windows 10 වල Programs Uninstall කරන්න දෙන්නෙ නැද්ද? පරණ පුරුදු තැනින්ම uninstall කරමු

Kaspersky license expire වෙලා නිසා ආයෙ ගන්නකල් AVG free දාගන්න ගියා...

වින්ඩෝස් 10 වල This PC එකේ තියෙන uninstall  or change program ගියාට Kaspersky වලට  uninstall option එක active වෙන්නෙ නෑ.



හැබයි පරණ Add/Remove Programs වල change option එක තිබ්බ මතකයි.

ඉතිං ඒකට යන විදියක් හොයාගත්තා 

Control Panel එකේ Network වල Network and Sharing Center ගිහින් Control Panel Home ගියා..  

දැන් තියෙනව uninstall a program කියල පරණ add remove programs එක. 


මේ තියෙන්නෙ ලස්සනට change බට්න් එක. ඒක ඔබල uninstall කලා 


රවුම් ගහල යන්නැතිව කෙලින්ම පරණ control panel එකට යන්න නම් Win+R ගහල run එක අරගෙන ඒකෙ control කියල ටයිප් කරල Enter Key එක ඔබන්න.



2019-10-25

ඔබේ පරිගණකයත් ස්ලෝ වෙලාද? හේතු මෙන්න

ගොඩක් වෙලාවට අලුතින් ගත්තු computer එකක් ටික කාලයක් යද්දි ස්ලෝ වෙන්න බලනවා. හේතු විවිධාකාර වෙන්න පුලුවන්. ඉතිං කොහොමද හරි හේතුවක් හොයාගන්නෙ කියන ඒක ප්‍රශ්නයක් නම්  ෙමෙහම කරල බලන්න. කී බෝඩ් එකේ  Alt+Ctrl+Delete ඒකට ඔබල එන screen එකෙන් Task Manger හෝ Task bar එක right click කරාම එන Menu එකෙන් Task Manager තෝරන්න. මේ වගේ වින්ඩෝ එකක් එයි. මේ ස්ලෝ වෙච්චි වෙලාවක Task Manger එක බලපු එකක්

Windows 8.1 Task manager

දැන් බලන්න ඒකෙ 100% හෝ ඊට කිට්ටුවෙන් භාවිතා වෙන්නෙ මොන එකද කියල. මේ පෙන්නන එකේ නම් Disk තමා 96% Use වෙන්නෙ.  මේකෙ හැටියට නම් වෙලා තියෙන්නෙ Virus Guard එකෙන් System Scan එකක් යනව. Endpoint Security නිසා user ට Control කරන්න බැහැ Scan වෙන එක. Server එකෙන් තමා Scan Schedule Run වෙන්නෙ. ඔබේ පරිගණකය නම් මෙහෙම වෙන්නෙ කරන්න තියෙන වැඩේ හදිසි නැත්තම් Virus Guard Scan එක run වෙන්න ඇරල වැඩේ කරගත්තනම් Speed එක එයි. නැත්තම් Virus Guard එකේ Scan එක Cancel කරා නම් ස්පීඩ් එක එනවා. (ඒක නම් Not Recommended)

ඔබ පාවිච්චි කරන්න හදන Application එක නැතිව වෙන Application එකක් Disk, Ram යූස් කරනවනම් ඔබට ස්ලෝවීමක් දැනෙන්න පුලුවන්. ඉතිං Task Manager එකෙන් බලල ඒක ඔබ පාවිච්චි නොකරන ඇප් එකක් නම් ක්ලෝස් කරල හෝ End Task කලා නම් Ram Disk Free කරගෙන ඕන Application එකට priority ගන්න පුලුවන්. ස්ලෝ වෙච්ච වෙලාවක කරල බලන්න
Performance Tab එකේ බැලුවනම් CPU, Memory, Disk, Network Summery එකක් බලාගන්න පුලුවන Graphically මේ තියෙනව වගේ




අන්තිමට කියන්න තියෙන්නෙ ඉතිං අද කාලෙ Laptop, Desktop ගනිද්දි තියෙන හොඳම Speed Processor එක අරන් 16GB රැම් එකක් ගැහුවත් වැඩක් නෑ HDD එකේ Speed එක 7200rpm උනත්. හොදටම ස්පීඩ් එක අත්විඳින්න නම් SSD එකක් හයි කරගන්න.  SSD කියන්නෙ Solid State Disk. වැඩි විස්තර ඕන නෑ

HDD vs SSD මේ වීඩියෝ එක බලන්න



හොඳට බලන්න  SSD එක තියෙන Laptop එකේ Desktop එක ආවත් HDD එක තියෙන එක ලෝඩ් වෙනවා. Photoshop ලෝඩ් වෙන්න SSD එකේ යන්නෙ තත්පර 3ක් වගේ කාලයක් තමා. 

2012-04-13

ලිනක්ස් ස්ථාපනයට පෙර Hard Disk සූදානම් කිරීම.

ගොඩාක් අයට අමාරුයි කියල හිතෙන දෙයක් තමයි තියෙන Windows OS එකටයි ඩේටා වලටයි මුකුත් නොවී ලිනක්ස් දාගන්නෙ කොහොමද කියන එක. ඉතිං අද මේ කියන්න හදන්නේ ලිනක්ස් දාන්න Windows 7 OS එක විතරක් භාවිතා කරල Hard Disk එක පෙර සූදානම් කරගන්න ආකාරය තිරපිටපත් එක්කම.
මුලින්ම කියන්න ඕන මේ මං දාන්න හදන්නෙත් ලැප්ටොප් එකකට. එකෙ ස්ථාපනය කරන්න කලින් තමයි මේ තිරපිටපත් සියල්ල ගත්තෙ මේ පෝස්ට් එක වෙනුවෙන්.



මේ තියෙන්නේ සාමාන්‍ය පරිදි Computer එකේ තියෙන Hard Disk Partition ටික. මේකේ විදියට බැලුවම තියෙන්නේ 320GB HDD එකක් සහ 4GB RAM එකක්. Hard Disk එක පාටිෂන් 3කට කඩා වෙන්කරල තියෙන බව පේනවනේ. 320GB HDD එකක් කීවට මේකේ Available use කරන්න පුලුවන් ප්‍රමාණය 298.09GB විතරයි.

මුලින්ම Computer Right Click කරල Manage කියන එක තෝරල පහත පරිදි Computer Management කවුලුවේ Disk Management කියන එක තෝරගන්න. එතකොට පරිගණකයේ දැනට ඇති Drive සේරම වල විස්තරයක් පෙන්නාවි. බලන්න Hard Disk එක කොටස් කරල තියෙන විදිය. ඒ වගේම තමයි ඔතනදී තව දෙයක් පේනවා. System සහ C,D කොටස් තද පැහැයෙන් තියෙනව. අනිත් එක ටිකක් ලාපාටක් තියෙන්නේ. ඒවගේම ඒක වටේ කොළපාටක් තියෙනවා. එත් එක්කම උඩ තියෙන විස්තර බැලුවොත් පෙනෙයි ඒකට හේතුව මොකක්ද කියලා. System සහ C,D කොටස් Primary ලෙසත් G කොටස Logical ලෙසත් පැවතීම තමයි හේතුව. සාමාන්‍යෙයන් උපරිම වශයෙන් Primary Partitions 4ක් සාදන්න පුලුවන්. Windows  7 ස්ථාපනයේදී ස්ථාපනය අතරම මෙම Partition කිරීම කල හොත් මුල් කොටස් සියල්ල Primary ලෙස සෑදෙනවා.  එහෙම උනොත් ලිනක්ස් ස්ථාපනයේදී Grub එක ස්ථාපනය කරන්න Primary Partition එකක් නැතිවීම Error එකක් දීමට හේතුවක් වෙන්න බොහෝවිට ඉඩ තියෙනවා. මේ විදියට තියෙනවනම් ප්‍රශ්නයක් නැහැ. තව Primary එකක් තැනීමට ඉඩක් තියලයි මම 7 ස්ථාපනය කරල තියෙන්නේ.


දැන් මම හදන්නේ ලිනක්ස් ස්ථාපනයට ඉඩක් වෙන් කරගැනීමටයි. ඉතිං ඒ සඳහා G Partition එකෙන් 30GB ඉඩක් මම ඒ සඳහා වෙන් කරනවා. මෙච්චරම වෙන් කරන්න ඕන නැහැ. තමන් දාන වෙළුම අනුව ඒක තීරණය කරගන්න පුලුවන්. උදාහරණයක් විදියට හන්තාන ලිනක්ස් ස්ථාපනය කරනවනම් 15GB වෙන් කරගත්තනම් හොදටම ඇති.

මුලින්ම ඉඩ ගන්න පුලුවන් partition එක Shrink කරන්න අවශ්‍යයි. මෙහිදි මෙම partition එකේ Data තිබෙනවනම් ඔබ වෙන්කරන්න බලාපොරොත්තු වෙනවාට වඩා වැඩි ඉඩක් free space ලෙස තිබීම වැදගත්. නැතිනම් ඔබට බලාපොරොත්තු වෙන ප්‍රමාණයට ඉඩ වෙන්කරගන්න නොහැකි වෙන්න පුලුවන්.

ඉතින් G partition එක shrink කරන්න එය මත right click කර Shrink Volume යන්න තෝරන්න


එවිට පහත පරිදි කවුලුවක් ලැබෙනු ඇත. එහි දැනට වෙන්කරගත හැකි උපරිම ඉඩ ප්‍රමාණය සුදු කොටුව තුල වෙන්වනු ඇති. 


මෙය MB වලින් එනම් Megabyte වලින් ලබාදෙන ප්‍රමාණයන් නිසා. 30GB වෙන් කරගැනීමට නම් 30720MB වෙන් කල යුතුය. එය ලබාගන්නේ අදාල GB ගණණ 1024න් වැඩි කිරීමෙනි. උදාහරණයක් ලෙස 15GB වෙන් කරගැනීමට අවශ්‍ය නම් 15*1024 මගින් ලබාදිය යුතු ගණන  ලබාගත් හැක.


දැන් Shrink කල විට පහත පරිදි 30GB ඉඩක් Free space ලෙස පෙන්වනු ඇති.


ඉහත පරිදි ඔබට අවශ්‍ය Gigabyte ගණන Free Space ලෙස පෙන්වයි නම් දෘඩ තැටියෙන් ඔබට අවශ්‍ය ප්‍රමාණය වෙන් කරගෙන අවසන්.. 

හන්තාන ස්ථාපනය කරන්න ඇවැසි නම් දැන් http://hanthana.org/si/install.php හි විස්තර කර ඇති ආකාරයට ස්ථාපනය කල හැකි වනු ඇත.

අනෙකුත් ලිනක්ස් වෙළුම්ද මේ ආකාරයෙන්ම ස්ථාපනය කළ හැකි වනු  ඇත.

2011-11-24

terminal එකෙන් resolution වෙනස් කරමු

terminal එක විවෘත කර root ලෙස ප්‍රවේශ වෙන්න.

දැන් xrandr විධානය මගින් පවතින resolution බලාගන්න.

Screen 0: minimum 320 x 200, current 1366 x 768, maximum 8192 x 8192
LVDS1 connected 1024x768+0+0 (normal left inverted right x axis y axis) 309mm x 174mm
   1024x768       60.0
   800x600        60.3     56.2
   640x480        59.9
VGA1 disconnected (normal left inverted right x axis y axis)



එහි දැක්වෙන resolution වලට පහසුවෙන් වෙනස් කිරීමට පහත විධානය භාවිතා කරන්න.

xrandr -size <නව resolution එක>
xrandr --size 1024x768

ඉතාමත් පහසුවෙන් resolution වෙනස් වන ආකාරය පේනව නේද?

දැන් බලමු මෙතන නැති resolution එකක් භාවිත කරන්නෙ කොහොමද කියලා
මුලින්ම ළගම ගැලපෙන resolution එක බලාගන්න cvt විධානය විභේදනය සමග ලබාදෙන්න

cvt 1360 768

# 1360x768 59.80 Hz (CVT) hsync: 47.72 kHz; pclk: 84.75 MHz
Modeline "1360x768_60.00"   84.75  1360 1432 1568 1776  768 771 781 798 -hsync +vsync

එහි modeline වලින් පසු ඇති ප්‍රතිඵලය copy කරගෙන එය xrandr වලට එකතු කරගන්න

xrandr --newmode  "1360x768_60.00"   84.75  1360 1432 1568 1776  768 771 781 798 -hsync +vsync"

xrandr --addmode "1360x760_60.00"

දැන් xrandr  මගින් නැවත පරීක්ෂාකරන්න.
නව විභේදනය එකතු වී තිබෙන අයුරු දැකගත හැකි වනු ඇත.
Screen 0: minimum 320 x 200, current 1366 x 768, maximum 8192 x 8192
LVDS1 connected 1366x768+0+0 (normal left inverted right x axis y axis) 309mm x 174mm
   1366x768       60.0
   1024x768       60.0*+
   800x600        60.3     56.2
   640x480        59.9
VGA1 disconnected (normal left inverted right x axis y axis)


දැන් පහසුවෙන්ම xrandr --size මගින් නව විභේදනයට මාරුකරගත හැකි වනු ඇත.

xrandr වලින් විභේදනය ඉවත් කිරිමට xrandr --rmmode ""  භාවිත කරන්න.

2011-10-27

Linux Live USB එකක් සෑදීම


හන්තාන සමගින් පෙරනිමියෙන් එන LiveUSB Creator මගින් පහසුවෙන් Live USB එකක් සාදාගත හැක. 
මේ සඳහා Fedora 15 මත  4GB PenDrive එකක් සහ හන්තාන මෙහෙයුම්පද්ධතියේ ISO එකක් මා භාවිතා කලෙමි.
මෙහිදී දත්ත මැකීයන බැවින් Pen එකෙහි වූ දත්ත බැකප් කර ගැනීම පළමුවෙන් කල යුතුය.

1.පියවර
LiveUSB Creator ආරම්භ කර Browse බොත්තම මත ක්ලික් කරන්න


2.පියවර
දැන් Live USB එකට දැමිය යුතු OS එකෙහි ISO එක තෝරා දෙන්න. මා මෙහිදි ලබාදුන්නේ Hanthana Linux 14.7.12 වෙළුමයි.


3.පියවර
ඔබගේ සැකසුම් සුරැකීමට අවශ්‍ය නම්
තේරූ ISO එක සමගින් Live USB එක තැනීමට Create Live USB බොත්තම ඔබන්න


දැන් Pen එකට OS එක මාරු වන අතර එහි Progress එක නිල් පැහැයෙන් පෙන්වයි.


අවසාන වූ පසු  පහත පරිදි කවුලුව දිස්වේ.


දැන් Live USB එක තනා අවසන්.

ඕනෑම පරිගණකයකට මෙම PEN එක සවිකර  First Boot එක ලෙස USB තේරුවිට පහසුවෙන් Hanthana Boot කරගත හැක.

* First Boot එක USB ලෙස තේරීමට පැරණි මව්පුවරු සහය නොදැක්විය හැක.
Boot Menu ලබාගැනීමට බොහෝමයක් මව්පුවරු වල ඇත්තේ  F12 හෝ F10 යන key එක එබීමටයි.
නැතහොත් POST Test එක අතරතුර එබිය යුතු යතුර දක්වනු ඇත.

ඊට අමතරව BIOS වලින් ස්ථිරවම Boot Sequence එක මාරු කිරීමද සිදුකල හැක

2011-03-27

Fedora මත MySQL ස්ථාපනය

වැඩි දෙයක් කරන්න ඕනි නෑ.. අන්තර්ජාලය හා සම්බන්ධ වෙලාවක
Terminal එකට root ලෙස ලොග් වෙලා
yum -y install mysql mysql-server
ඒ පියවර අවසන් වූ විට mysql භාවිතා කිරීමට පෙර mysqld ධෘවනය කල යුතු වෙනවා.
ඒ සඳහා නැවතත් Terminal එකතුල
service mysqld start ලෙස හෝ /sbin/service mysqld start ලෙස ලබා දෙන්න.
නිවැරදිව සිථාපනය වූයේ නම් කොළ පැහැයෙන් OK ලෙස ලැබෙනු ඇති.
දැන් mysql යන්න යතුරු ලියනය කර mysql console ලබාගත හැක.

පරිගණකය ආරම්භයත් සමග mysql server එක ධාවනය කරවීමට
chkconfig mysqld on ලෙස ටමිනලයට ලබාදෙන්න.

mysql root පරිශීලකට මුරපදයක් එක් කිරීමට අවශය නම්.
mysqladmin -u root password 'මුරපදය'

*හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතියත් සමග mysql පෙරනිමියෙන්ම ලබාදෙනවා. එබැවින් ඔබ භාවිතා කරන්නේ හන්තාන ලිනක්ස් නම් ස්ථාපන පියවරයන් සිදුකල යුතු වන්නේ නැහැ.

2010-12-15

Linux මත Automatic Login සක්‍රිය කිරීම


බොහෝමයක් ලිනක්ස් Live CD වල තියෙන්නේ බූට් කල විට Desktop එක ලැබෙනතෙක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමයි. නමුත් ස්ථාපනයෙන් පසු බොහෝවිට Desktop එක ප්‍රවේශ වීමට ප්‍රථම Login Screen එකේදී පරිශීලක නාමය සහ මුරපදය විමසා සිටී..

මෙය මඟහැරයාමට පහත පියවර අනුගමනය කරන්න..

/etc/gdm/custom.conf ගොනුවට [daemon] වලට පසු

AutomaticLoginEnable=true
AutomaticLogin=tharaka


හෝ
TimedLoginEnable=true
TimedLogin=tharaka
TimedLoginDelay=0


එක් කරන්න. එවිට පරිගණකය පණගැන්වූ වට මුරපද නොවිමසාම Desktop එක ලැබෙනු ඇත.

2010-03-04

Repaird Fedora 12 File System

Last time when i start my Laptop it was normally booted & worked well. while the working i saw there are several updates are available for fedora 12 so opened the terminal and logged as root. then run update command by giving
yum update -y
it start to update. during the update process is downloading updates just minimized it and worked same as normal. there are no unusual things happened that day.

but day after that day i start my laptop i it wouldn't boot
it gave following message & i gave root password for it.

*** An error occurred during the file system check.
*** Dropping you to a shell: the system will reboot
*** When you leave the shell.
Give root password for maintenance
(or type Control-D to continue):
bash: cannot set terminal process group (-1): Inappropriate ioctl for device
bash: no job control in this shell
(Repair filesystem) 1#


first i tried several times by pressing CONTROL-D. it restarted & gave same message
after that i found the problem it needs repair the file system. so i gave following command to repair file system (sda5)

fsck -t ext3 /dev/sda5

it takes a little time to repair file system

that's all after rebooting the laptop it was successfully booted to gnome desktop.

finally i got my desktop back
yepieeeeeee!

2010-02-07

Fedora 12 වලදී භාෂා අතර මාරුවීමට තවත් යතුරක්

Fedora වලදී සිංහල-ඉංග්‍රිසි භාෂා අතර මාරු වීමට සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ Ctrl+Space යතුරු සංයෝජනයයි.
නමුත් තනි යතුරක් මගින් භාෂා අතර මාරු වීමට හැකියාව තිබෙනවා. ඒ තමයි දකුණු alt යතුර. එක් වරක් එබීමෙන් භාෂාව සිංහලට මාරු වන අතර තවත් වරක් ඉබීමෙන් ඉංග්‍රිසි බවට මාරු වේ.

2010-02-03

Internet Explorer ලිනක්ස් තුල ස්ථාපනය

IE Linux තුල ස්ථාපනය කරන්න පුලුවන්ද කියල පැන නැඟුණු පැනයකට පිලිතුරක් සෙවීමට දැරූ උත්සහක් තමයි මේ සනිටුහන් කරන්න සූදානම. පහත පියවර අනුගමනය කිරීමෙන් ලිනක්ස් තුල ස්ථාපනය කරගත හැකියි.

ලින්ක්ස් තුල වින්ඩෝස් යෙදුම් ධාවනය කල හැක්කේ කෙසේද යන පැනයටද පිලිතුරු ලැබෙනු ඇත


පළමු පියවර ලෙස ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට exe ගොනු ස්ථාපනය කල හැකි ලෙස සැකසිය යුතු වෙනවා.
ඒ සඳහා මෙම විධානය ට'මිනලය තුල root පරිශීලක ලෙස ලබාදෙන්න.

yum -y install wine*
වයින් ගැන වැඩි දුර තොරතුරු සඳහා මවිසින් කොම්පුටරේ බ්ලොගයට ලියූ ලිපිය බලන්න.

ඊළඟට මෙම විධානය ලබාදෙන්න
yum -y install cabextract


දැන් exit විධානය ලබාදී ඔබගේ සාමාන්‍ය පරිශීලක ගිණුමට ප්‍රවේශ වන්න

ඊළඟ පියවර ලෙස IE ස්ථාපන ගොනු(Files) ඇති ස්ථානයෙන් ස්ථාපන ගොනු ලබාගත යුතුය. ඒ සඳහා wget විධානය භාවතා කල හැක.
wget http://www.tatanka.com.br/ies4linux/downloads/ies4linux-latest.tar.gz


මෙහිදී සිදුවන්නේ wget ඉදිරියෙන් දී ඇති ලිපිනයේ අඩංගු ගොනුව වත්මන් බහලුමට(Folder) එකට ලබාගැනීමයි.
හොදින් දිගුව(extension) දෙස බැලුවහොත් මෙම ගොනුව tar.gz නම් වර්ගයේ බව ඔබ‍ට පෙනෙනු ඇත. මේ ගොනු ආකාරයද සම්පීඩන(compress) ගොනු ආකාරයකි. දැන් මෙම සම්පීඩිත ගොනු දිගහැරීම සඳහා tar විධානය zxvf යන පරාමිතීන් සමඟ ලබාදෙන්න.
tar zxvf ies4linux-latest.tar.gz



එවිට එම ගොනුව තිබූ ස්ථානයේ බහලුමක් තැනී එයතුලට සම්පීඩිත ගොනු දිගහැරෙනු ඉහත රූපයේ පරිදි බහලුම ඇති ස්ථානයට පිවිසි විට දැකගැනීමට හැකියාව ලැබේ.
එම බහලුම තුලට ඇතුලු වීමට cd විධානය සමග බහලුමේ නම ලබාදෙන්න.
cd ies4linux-*

දැන් එය තුල වූ ස්ථාපනය කල හැකි ගොනුව ක්‍රියාත්මක කිරීමට පහත විධානය ලබාදෙන්න.
./ies4linux

එවිට මෙම කවුලුව පැන නගිනු ඇත.


එහි ඇති OK බොත්තම එබූ විට පහත පරිදි ස්ථාපනය ආරම්භ වනු දැකිය හැක.


**දෝශ මතුවේ නම් අවසන් විධානය නැවත ලබාදෙන්න.

මෙවැනි කවුලුවක් මතුවේ නම් Install මත ක්ලික් කරන්න.


එය අවසන් වූ පසු IE6 ආරම්භ වනු ඇත.

මේ Fedora තුල් ධාවනය කරන ලද IE6 හි තිර පිටපත් කිහිපයකි.






ඉතිං ඔන්න ඔහොමයි ලිනක්ස් ඇතුලේ Internet Explorer ස්ථාපනය කරන්නේ. කැමති අය ඉන්නවනං දාලම බලන්න.

2010-01-19

වින්ඩෝස්හි පාලනය ලිනක්ස් නතු කිරිම

මේ සඳහා ජාලගත කරන ලද වින්ඩෝස් හා ලිනක්ස් මෙහෙයම් පද්ධති ඇති පරිගණක දෙකක් අවශ්‍ය වෙනවා. මා යොදාගත්තේ වින්ඩෝස් XP සහ ෆෙඩෝරා මෙහෙයුම් පද්ධති දෙක වේ.

වින්ඩෝස් ලිනක්ස් මගින් පාලනය කරන්නේ මෙහෙමයි.‍
වින්ඩෝස් පරිගණකයට VNC ස්ථාපනය කරන්න. දැන් එහි Options කවුලුවේ Authentication ටැබයට ගොස් මුරපදයක් යොදන්න.

ලිනක්ස් පරිගණකයෙ තුල vnc ස්ථාපනය කරන්න.
yum install vnc

එය ස්ථාපනය වූ පසු ප්‍රධාන මෙනුවේ අන්තර්ජාල සේවා යටතේ TigerVNC Viewer දැකගත හැකි වනු ඇත.
දැන් එය මගින් හෝ
<alt+f2> මගින් ලැබෙන යෙදුම් ක්‍රියාත්මක කිරීමේ කවුලුවේ vncviewer යන්න ලබාදීමෙන් ලැබෙන කවුලුව පහත පරිදි වේ








පෙර යෙදූ මුරපදය ලබාදී පාලනය භාර ගන්න.










පෙර ලිපියක සඳහන් කල පරිදි dynamic DNS බාවිත කිරීමෙන් එම වින්ඩෝස් පරිගණකය ලොව ඕනෑම තැනක සිට පාලනය කිරීමට හැකියාව ලැබෙනවා. කල යුත්තේ dynamic DNS ලිපිනය අගට 5800 port එක භාවිතා කරන එකයි. http://<dynamic DNS ලිපිනය>:5800

2009-11-30

Fedora 12 මත ස්කයිප් ස්ථාපනය

ටර්මිනල් එකෙන් තමයි මේ වැඩෙත් කරන්න යන්නේ.
මුලින්ම root විදියට ටර්මිනල් එකට ප්‍රවේශ වෙන්න ටර්මිනල් එක විවෘත කරල su යන විධානය ලබා දෙන්න.
එවිට root සඳහා වන මුර පදය ඉල්ලා සිටින අතර එහිදි ඔබේ root පරිශීලක සඳහා වන මුරපදය ලබාදෙන්න.

දැන් vi හෝ nano වැනි editor එකකින් පහත සඳහන් වන ටික /etc/yum.repos.d/skype.repo යන ගොනුව සාදා එය තුල සුරකින්න.
මෙහිදී ඇත්තටම සිදුවන්නේ Skype සඳහා Repository එකක් සෑදීමයි.

[skype]
name=Skype Repository
baseurl=http://download.skype.com/linux/repos/fedora/updates/i586/
#gpgkey=http://www.skype.com/products/skype/linux/rpm-public-key.asc
gpgkey=file:///etc/pki/rpm-gpg/RPM-GPG-KEY-skype
enabled=1
gpgcheck=1


මේ ටික කරල ඉවර උනාම කරන්න තියෙන්නේ පුරුදු විදියටම yum මගින් skype ස්ථාපනයට විධානයට ලබාදීමයි.
එය පහත පරිදි ලබාදෙන්න.
yum install skype --nogpgcheck

දැන් yum මගින් ස්කයිප් ස්ථාපනය කරනු ඇති.

ස්ථාපනය අවසන් වූ පසු යෙදුම-->අන්තර්ජාලය-->Skype මගින් ස්කයිප් ලබාගත හැකියි.

2009-11-26

Windows XP 64bit එකක සිට සිංහලෙන් ලියමි

Windows XP 64bit SP1 එකට සිංහල යුනිකේත ස්ථාපනය කරන්න ගියාම Service Pack 2 ඕන කියනවා. ඉතිං Service Pack 2 වලට යාවත්කාල කලාට පස්සෙ මෙහෙම කියනවා.

මොනව කරන්නද? ඒත් එහෙම කියල බෑනෙව.

සිංහල යුනිකේත නිවැරදිව කියවීමේ පහසුකම ඉස්කෝල පොත‍ ෆොන්ටය Fonts folder එකට පිටපත් කර දසුන් සමීර සොයුරාගේ ලිපියට අනුව usp10.dll ගොනුව ෆයර්ෆොක්ස් ස්ථාපන ස්ථානයට පිටපත් කර සාදාගත් නමුත් මෙතෙක් සිංහල යුනිකේත ලිවීමේ හැකියාව නොතිබුණි.

නමුත් දැන් KeyTouch නමින් අලුත් IME (Input Method Editor - යතුරුලියන සංස්කරණ මෘදුකාංගයක් හදුන්වා දී ඇති අතර එමගින් සිංහල යුනිකේත ලිවීමේ හැකියාව Windows XP 64bit වෙළුම මතදීද ලබාදේ.

බාගත කිරීමට පහත සබැදියෙන් යන්න

http://cplus.lk/2009/11/keytouch-ime/

2009-11-23

Google talk Empathy සමග භාවිතා කරන්නේ මෙහෙමයි

Fedora 12 සමග පෙරනිමයෙන් එන chat client තමයි empaty කියන්නේ. ඉතිං ඒකට මේල් එකවුන්ට් ටික එකතු කරගත්ත. දැන් මේල් එකට ලොග් නොවී කෙලින්ම Empathy එකෙන් චැට් කරන්න පුලුවන්.

කරන්න තියෙන්නේ මෙච්චරයි


යෙදුම්-->අන්තර්ජාලය->Empathy IM Client
මගින් Empathy ලබාගන්න. එහි Account කවුලුවේ පහල තියෙන Add New බොත්තම ඔබන්න
දැන් Add New ඉදිරියෙන් ඇති ගලා හැලෙන මෙනුවෙන් Google Talk තෝරාගෙන Create බොත්තම එබූ විට පහත පරිදි දිස්වේ. එහි Login ID සහ Password ලබා දී Advanced යටතේ ඇති සැකසුම් පහත පරිදි සකසන්න.

Server: talk.google.com
Port: 5223
Use old SSL යන්න සලකුණු කර Apply කරන්න. එපමණයි Google Talk ලෙසම Empathy භාවිතා කල හැකි වනු ඇත.



මෙහි ඇති විශේෂත්වය නම් Google Talk හි ඇති ශ්‍රව්‍ය මාධ්‍ය මෙන්ම දෘෂ්‍ය මාධ්‍යද සහය දැක්වීමයි.

2009-11-21

Fedora 12 CONSTANTINE දාගතිමි


Fedora 12ත් ඇවිල්ල. මේක නම් කරල තියෙන්නේ CONSTANTINE කියල. සිකුරාද ඩවුන්ලෝඩ් කරගත්තට ගෙදර ගේන්න බැරි උනා. ඉතිං අද එමින් ගමන් ඩනිෂ්ක අයියගෙන් අරගෙන ඇවිත් දැම්මා.

දාල ඉවරඋනාම ඉඩගිහින් තිබුනේ මෙහෙමයි.






FilesystemSizeUsedAvailUse%Mounted on
/dev/sda513G3.0G8.5G26%/
tmpfs498M420K498M1%/dev/shm
/dev/sda3197M22M165M12%/boot
/dev/sda73.6G88M3.3G3%/home

Gigabyte 13න් Gigabyte 3ක් විතරයි අරන් තියෙන්නේ.

ඉතිං කොනක ඉඳන් හදන්න එපැයි.
<ALT+F2>අරගෙන Gnome-ter ගහනකොට gnome-terminal කියල පෙන්නනවනේ එන්ටර් කරා
[tharaka@localhost ~]$ su
Password:
[root@localhost tharaka]#


පටන් ගත්ත
RPM Fusion මූලය පිහිටෙව්වා.
rpm -Uvh http://download1.rpmfusion.org/free/fedora/rpmfusion-free-release-stable.noarch.rpm
rpm -Uhv http://download1.rpmfusion.org/nonfree/fedora/rpmfusion-nonfree-release-stable.noarch.rpm
rpm --import /etc/pki/rpm-gpg/RPM-GPG-KEY-rpmfusion-*


වේගවත් මිරර් එපැයි ඒකත් දාගත්තා
yum install yum-fastestmirror
[root@localhost tharaka]# yum install yum-fastestmirror
Loaded plugins: presto, refresh-packagekit

Setting up Install Process
Resolving Dependencies
--> Running transaction check
---> Package yum-plugin-fastestmirror.noarch 0:1.1.24-2.fc12 set to be updated
--> Finished Dependency Resolution

Dependencies Resolved

================================================================================
Package Arch Version Repository Size
================================================================================
Installing:
yum-plugin-fastestmirror noarch 1.1.24-2.fc12 updates 16 k

Transaction Summary
================================================================================
Install 1 Package(s)
Upgrade 0 Package(s)

Total download size: 16 k
Is this ok [y/N]: y
Downloading Packages:
Setting up and reading Presto delta metadata
Processing delta metadata
Package(s) data still to download: 16 k
yum-plugin-fastestmirror-1.1.24-2.fc12.noarch.rpm | 16 kB 00:01
Running rpm_check_debug
Running Transaction Test
Finished Transaction Test
Transaction Test Succeeded
Running Transaction
Installing : yum-plugin-fastestmirror-1.1.24-2.fc12.noarch 1/1

Installed:
yum-plugin-fastestmirror.noarch 0:1.1.24-2.fc12

Complete!
[root@localhost tharaka]#


අපි සිංදු අහන්නනැද්ද mp3 වැඩ නෑනේ
දැම්ම gstremer

yum install gstreamer-plugins-ugly audacious-plugins-freeworld-mp3


ෆ්ලෑෂ් ප්ලේයර් එක

rpm -Uvh http://linuxdownload.adobe.com/adobe-release/adobe-release-i386-1.0-1.noarch.rpm
yum install flash-plugin
mozilla-plugin-config -i -g -v




ඔය දේවල් ස්ථාපනය වෙන අතරතුරේ
echofun එක දාගත්තා
https://addons.mozilla.org/en-US/firefox/addon/5081

ආ තව EnSiTip එකත්

https://addons.mozilla.org/en-US/firefox/addon/7846


දැනට ඇති වගේ. තව දාගන්න දේවල් නම් තියේ :)

2009-08-29

Pidgin එකට මූණුපොතේ චැට් එක හදන්නේ මෙහෙමයි.



මූණු පොතේ චැට් එක pidgin එකට හදාගන්න මුලින්ම මේක බාගත කරගන්න.
ටර්මිනලය විවෘත කරගෙන ගොනුව බාගත කරන ලද ස්ථානයට cd විධානය මගින් පිවිසෙන්න. උදාහරණයක් ලෙස Download ෆෝල්ඩරයට බාගත කලේ නම්
$cd /home/පරිශීලක නම/Download
ලෙස ලබාදීමෙන් Download ෆෝල්ඩරයට පිවිසිය හැක.

දැන් එය පහත විධානය මගින් විසුරුවාගන්න.
$tar -xvzf pidgin-facebookchat-1.60.tar.bz2
එවිට ඔබ දැන් ප්‍රවේශ වී සිටින ෆෝල්ඩරය තුල usr නමින් අලුතින් ෆෝල්ඩරයක් තැනෙනු ඇත.
එය තුල වූ usr/lib/purple-2 ෆෝල්ඩරයට පහත විධානය ලබාදී ඇතුලු වන්න.
$cd usr/lib/purple-2
දැන් එය තුල වූ libfacebook.so ගොනුව /usr/lib/purple-2 යන ස්ථානයට පිටපත් කරන්න.
#cp libfacebook.so /usr/lib/purple-2

දැන් pidgin නැවත අරඹා නව ගිණුමක් තනන්න.
එහිදී protocol ඉදිරියෙන් Facebook ලෙස අලුතින් කල එක් කිරීම තේරීමෙන් Facebook ගිණුම pidgin වෙත එක් කරගන්න. දැන් පහසුවෙන්ම Facebook චැට් වෙතට බ්‍රවුසරය විවෘත කිරීමෙන් තොරව පිවිසිය හැක.

pidgin දැන් video චැට් පහසුකමද 2.6 අනුවාදනයේ සිට ලබා දී ඇත.

pidgin හරහා ඔබගේ Facebook Status යාවත්කාල කළ හැක.

2009-07-12

Remove Win7 BootLoader

Windows 7 did not support to ZTE ADSL modem so removed Windows Seven Boot Loader form a PC. it works well and now restord xp boot loader.
Steps to remove windows 7 boot loader.

put windows 7 dvd to DVD Drive
Start command prompt and give this code
D:\boot\bootsect.exe /nt52 ALL /force

Microsoft Windows XP [Version 5.1.2600]
(C) Copyright 1985-2001 Microsoft Corp.

C:\>D:\boot\bootsect.exe /nt52 ALL /force
Target volumes will be updated with NTLDR compatible bootcode.

C: (\\?\Volume{9546ffe8-57f9-11de-9e43-806d6172696f})

Updated NTFS filesystem bootcode. The update may be unreliable since the
volume could not be dismounted during the update:
Access is denied.

E: (\\?\Volume{1f344acc-57f9-11de-afe5-806d6172696f})

Forced dismount complete, open handles to this volume are now invalid.

Successfully updated NTFS filesystem bootcode.

\Device\HarddiskVolume2

Successfully updated FAT32 filesystem bootcode.

Bootcode was successfully updated on all targeted volumes.

C:\>

2009-07-04

තිරයට ගිණි තැබීම



මේ සඳහා පළමුව Compiz සැකසිය යුතු වෙනවා
ඒ සදහා අග්‍රයට root ලෙස ප්‍රවේශ වන්න.
දැන් ඔබේ පාරිසරිකය අනුව පහත විධානය ලබා දෙන්න

Gnome හිදි සක්‍රිය කිරීමට
#yum install -y ccsm emerald-themes compizconfig-backend-gconf fusion-icon-gtk emerald compiz-fusion compiz-fusion-gnome libcompizconfig compiz-gnome compiz-bcop compiz compizconfig-python compiz-fusion-extras compiz-fusion-extras-gnome

KDE හිදී සක්‍රිය කිරීමට
#yum install -y ccsm emerald-themes compizconfig-backend-kconfig fusion-icon-qt emerald compiz-fusion libcompizconfig compiz-bcop compiz compizconfig-python compiz-fusion-extras compiz-kde compiz-manager

Gnome සහ KDE දෙකෙහිම සක්‍රිය කිරීමට
#yum install -y ccsm emerald-themes compizconfig-backend-kconfig compizconfig-backend-gconf fusion-icon* emerald compiz-fusion compiz-fusion-gnome libcompizconfig compiz-gnome compiz-bcop compiz compizconfig-python compiz-fusion-extras compiz-fusion-extras-gnome compiz-kde compiz-manager

දැන් පද්ධතිය --> අභිප්‍රේත --> CompizConfig Settings Manager විවෘත කරගන්න
Print Fire on the Screen විකල්පය තොරන්න. දැන් යතුරුපුවරුවේ [Super]+[Shift] යන යතුරු සංයෝජනය තද කරමින් තිරයේ ඕනෑම තැනක මවුසය තබා Drag කරන්න.
[Super]යනුවෙන් සඳහන් වන්නේ Windows සලකුණ සහිත යතුරයි.

Drag කිරීම අරඹීමත් සමග තිරය ගිනි ගන්නා ආකරය දැකගත හැකිවනු ඇත.

ගින්දර නිවීමට [Super]+[Shift]+C යතුරු සංයෝජනය එකවර තද කරන්න.

Water Effect
සක්‍රිය කිරීමට [Shift]+F9
අක්‍රිය කිරීමට නැවත එම සංයෝජනයම ඔබන්න.

2009-06-22

Windows වලදී Fonts වැඩි ප්‍රමාණයක් එකවර ‍Copy කිරීම

Windows මත සිට Font එකක් කොපි කරන විට එම Font එක පද්ධතියේ දැනටම ස්ථාපිත නම් පහත පරිදි පණිවිඩයක් දිස්වනු බොහෝවිට අත්විද ඇති. ‍

මෙය ගැටළුසහගත වන්නේ ‍කොපි කරන Font ප්‍රමාණය වැඩි වූ විටයි. පහත තිරපිටපත බලන්න.


පද්ධතියේ දැනටම ස්ථාපිත Font හමුවූ විට මෙවන් පණිවිඩයක් දිස්වන අතර ‍Font කිහිපයක් මෙලෙස දැනටම ස්ථාපිත නම් එෟ හැම විටකදීම මෙම විමසීම කරයි.

‍මෙම ගැටළුව මතු වූයේ Windows ස්ථාපනය කර කලින් Backup කර තිබූ Font බහලුම නැවත ස්ථාපනය කිරීමේදීයි. පද්ධතිය සමගම එන ‍ Fonts පවා Backup එක තුල අඩංගු ‍වූ බැවින් මෙලෙස ස්ථාපනය කරද්දී ඒ හැම Font එකක් සඳහාම පෙර කී පණිවිඩය දිස්වීම මහත් කරදරයක් නොවන්නේද?

මෙය සරල පියවරකින් මඟහැර Fonts ස්ථාපනය කරගත හැක. කල යුත්තේ,
1) ස්ථාපනය කල යුතු Font සියල්ල එක බහලුමකට Copy කරගන්න.
2) දැන් Command Prompt (cmd) එක විවෘත කරගන්න.
3) CD විධානය මගින් අදාල ගොණුව ඇති ස්ථානයට යන්න.
උදා:- CD C:\Fontcollection
4) copy විධානය පහත පරිදි ලබාදෙන්න
COPY *.* C:\Windows\Fonts
5) මෙහිදීද පෙර ස්ථාපිත font හමුවූ විට
Overwrite c:\windows\fonts\Arial.ttf? (Yes/No/All):
ලෙස විමසීම කරන අතර එහිදී a අක්ෂරය යතුරුලියනය කර Enter කිරීම මගින් Yes to All විධානය දිය හැක. එවිට පෙර ස්ථාපිත ‍ Font හමුවූ විට All විධානය ලබා දි ඇති බැවින් සියලුම Fonts ස්ථාපනය විමසීමකින් තොරව සිදුවන ආකරය දැකියහැකි වනු ඇත.

2009-06-18

වින්ඩෝස් මත සිටම ලිනක්ස් අත්හදා බලන්න

ඔය ලිනක්ස් දාල බලන්න බය අයට මෙන්න කරල බලන්න පුලුවන් වැඩක්. Sun VirtualBox ගැන කට්ටිය දන්නවනේ. මීට කලින් අපේ හයබූසා තව ඇඳුරුතුමා එහෙම ලියල තිබුණනේ. ඉතිං සයිබර් දාපු පෝස්ට් එක බලද්දී මටත් හිතුන මේක වින්ඩෝස් වල කරල බලන්න. ඔක්කොම ලියල තිබුනේ උබුන්ටු වල ඉදන් කරපු විදියනේ.

Install VirtualBox
ඉතිං VirtualBox x86 එක Download කරල වින්ඩෝස් වලට ස්ථාපනය කරා. හරි වැඩේ ගොඩ VBox එක ධාවනය කරන්න පුලුවන්. ධාවනය කරන්න New එකෙන් ගිහින් OS එක තෝරල HardDisk එකක් එහෙමත් දාල (වෙනම HardDisk ඕන නෑ. .vdi ෆයිල් එකක් තමයි හාඩ් එක. :D ) Virtual Machine එකක් හදාගෙන වැඩ පටන් ගත්ත.

ඉතිං ෆෙඩෝරා ‍DVD එකක් තියේනම් ඒකෙන් හරි නැත්නම් ඒකට වියදම් කරන්න අකමැතිනම් නිකංම ISO එක mount කරලත් කරන්න පුලුවන්. ISO එකෙන් දාන එක ඉක්මන්.

ISO එක mount කරන්න ඕනෙ නම් කරන්න තියෙන්නේ. Virtual Machine එක ධාවනය කරල
Devices-->Mount CD/DVD-ROM-->Mount CD/DVD-ROM image.. කියන තැනින් ISO එක හොයල දෙන එකයි.

Boot From Image
ආයිම Machene-->Reset කරල නැවත පණගන්වන ගමන් Boot Device එක තෝරන්න F12 යතුර ඔබන්න කියල එයි. එතනදි F12 යතුර ඔබල CD/DVD-ROM එකෙන් පණගන්වන්න c යතුර එබුවම නිකංම Image එකෙන් Boot වෙන්න ගන්නවා.

ඉතිං එන Instruction කියවන්නෙත් නැතුවම Next කරගෙන කරගෙන ගියා. හාඩ් ඩිස්ක් එක ෆයිල් එකක් නිසා කිසි අවුලක් නෑනේ. (අනික ෆෙඩෝරා මට නුපුරුදු දෙයක් නෙවෙයිනේ). හාඩ් ඩිස්ක් පාටිෂන් ගැන වද වෙන්න දෙයක් උනෙත් නෑ.

එච්චරයි වින්ඩෝස් ඇතුලෙ ලිනක්ස් අත්හදා බලන්න පුලුවන්.
ඉතිං එච්චරයි නේ වැඩ කරන්න ඕන වෙන්නේ.

පසු වදන
මං ඉතිං සයිබර් ඔය වැඩක් නෑ කියන seamless-mode එක මොකක්ද බලන්න කියල Guest-Addon එකත් ISO එකත් Download කරල දාල බැලුවා.

ෆෙඩෝරා 10 දානවනම් 2.6.27 kernal Version එක හෝ ඊට වැඩි Version එකක් සහ kernel-headers kernel-devel අවශ්‍ය වෙන නිසා පහත විධාන අග්‍රයේ root ලෙස ලබාදී kernal එක අලුත් වෙලුමට යාවත්කාල කරගන්න. ෆෙඩෝරා 11 නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.
yum update kernel
දැන් kernel-headers kernel-devel ස්ථාපනය කරන්න
yum install kernel-headers kernel-devel
දැන් VBoxGuestAddon ISO එකත් අර විදියටම Mount කරගෙන අග්‍රයෙන් ධාවකයේ Path එකට පැමිණ
# sh VBoxLinuxAdditions-x86.run විධානය ලබාදෙන්න

[root@fedora10 VBOXADDITIONS_2.2.4_47978]# sh VBoxLinuxAdditions-x86.run

එවිට VBoxහි තිරය සම්පූර්ණ තිරය මතට ගත හැකිවාසේම Seamless-mode එකටද සහයෝගය දක්වනු ඇත.