Pages

2010-01-17

Fedora මත Google Chrome ස්ථාපනය






rpm භාවිතයෙන් ස්ථාපනයට http://www.google.com/chrome වෙත ගොස් Chrome rpm එක කෙලින්ම භාගත කර ස්ථාපනය කිරීමෙ කරගත හැකි උවද කරගත හැකි වුවත් yum මගින්ම ස්ථාපනය පහත පරිදි සිදුකරගත හැක.

මේ සඳහා පළමුවෙන්ම Google Repo එක පිහිටුවාගත යුතු වෙනවා.
Terminal එකේ පහත විධානය ලබා දී google.repo ගොනුව සෑදීමට vi එඩිටරය විවෘත කරගන්න
$ sudo vi /etc/yum.repos.d/google.repo
පහත ‍පේලි ටික එයට එකතු කරන්න. (මෙය පිටපත් කර terminal එකට ගොස් ctrl+Shift+v ලබාදීමෙන් ටමිනලයට ලබාගත හැක.)

[google]
name=Google - i386
baseurl=http://dl.google.com/linux/rpm/stable/i386
enabled=1
gpgcheck=1
gpgkey=https://dl-ssl.google.com/linux/linux_signing_key.pub

[google-chrome]
name=google-chrome
baseurl=http://dl.google.com/linux/rpm/stable/i386
enabled=1
gpgcheck=1

දැන් Escape යතුර ඔබා :wq යතුරුලියනය කර Enter යතුර ඔබා ගොනුව සුරකින්න
දැන් පහත විධානය ලබාදෙන්න.

$ sudo yum install google-chrome-beta -y
දැන් Google Chrome Fedora වලට ස්ථාපනය වනු ඇත.
දැන් මෙනුවේ අන්තර්ජාලය යටතේ පරීක්ෂා කර බලන්න.

___
*පහන් පැවසූ පරිදිම beta වෙළුමේ Extension Crash වීමට හැකි බැවින් කපා ඇති විධානය වෙනුවට පහත විධානය භාවිතා කරන්න .
$ sudo yum install google-chrome-unstable

0 අදහස්:

Post a Comment

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ