Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2012-04-13

ලිනක්ස් ස්ථාපනයට පෙර Hard Disk සූදානම් කිරීම.

ගොඩාක් අයට අමාරුයි කියල හිතෙන දෙයක් තමයි තියෙන Windows OS එකටයි ඩේටා වලටයි මුකුත් නොවී ලිනක්ස් දාගන්නෙ කොහොමද කියන එක. ඉතිං අද මේ කියන්න හදන්නේ ලිනක්ස් දාන්න Windows 7 OS එක විතරක් භාවිතා කරල Hard Disk එක පෙර සූදානම් කරගන්න ආකාරය තිරපිටපත් එක්කම.
මුලින්ම කියන්න ඕන මේ මං දාන්න හදන්නෙත් ලැප්ටොප් එකකට. එකෙ ස්ථාපනය කරන්න කලින් තමයි මේ තිරපිටපත් සියල්ල ගත්තෙ මේ පෝස්ට් එක වෙනුවෙන්.



මේ තියෙන්නේ සාමාන්‍ය පරිදි Computer එකේ තියෙන Hard Disk Partition ටික. මේකේ විදියට බැලුවම තියෙන්නේ 320GB HDD එකක් සහ 4GB RAM එකක්. Hard Disk එක පාටිෂන් 3කට කඩා වෙන්කරල තියෙන බව පේනවනේ. 320GB HDD එකක් කීවට මේකේ Available use කරන්න පුලුවන් ප්‍රමාණය 298.09GB විතරයි.

මුලින්ම Computer Right Click කරල Manage කියන එක තෝරල පහත පරිදි Computer Management කවුලුවේ Disk Management කියන එක තෝරගන්න. එතකොට පරිගණකයේ දැනට ඇති Drive සේරම වල විස්තරයක් පෙන්නාවි. බලන්න Hard Disk එක කොටස් කරල තියෙන විදිය. ඒ වගේම තමයි ඔතනදී තව දෙයක් පේනවා. System සහ C,D කොටස් තද පැහැයෙන් තියෙනව. අනිත් එක ටිකක් ලාපාටක් තියෙන්නේ. ඒවගේම ඒක වටේ කොළපාටක් තියෙනවා. එත් එක්කම උඩ තියෙන විස්තර බැලුවොත් පෙනෙයි ඒකට හේතුව මොකක්ද කියලා. System සහ C,D කොටස් Primary ලෙසත් G කොටස Logical ලෙසත් පැවතීම තමයි හේතුව. සාමාන්‍යෙයන් උපරිම වශයෙන් Primary Partitions 4ක් සාදන්න පුලුවන්. Windows  7 ස්ථාපනයේදී ස්ථාපනය අතරම මෙම Partition කිරීම කල හොත් මුල් කොටස් සියල්ල Primary ලෙස සෑදෙනවා.  එහෙම උනොත් ලිනක්ස් ස්ථාපනයේදී Grub එක ස්ථාපනය කරන්න Primary Partition එකක් නැතිවීම Error එකක් දීමට හේතුවක් වෙන්න බොහෝවිට ඉඩ තියෙනවා. මේ විදියට තියෙනවනම් ප්‍රශ්නයක් නැහැ. තව Primary එකක් තැනීමට ඉඩක් තියලයි මම 7 ස්ථාපනය කරල තියෙන්නේ.


දැන් මම හදන්නේ ලිනක්ස් ස්ථාපනයට ඉඩක් වෙන් කරගැනීමටයි. ඉතිං ඒ සඳහා G Partition එකෙන් 30GB ඉඩක් මම ඒ සඳහා වෙන් කරනවා. මෙච්චරම වෙන් කරන්න ඕන නැහැ. තමන් දාන වෙළුම අනුව ඒක තීරණය කරගන්න පුලුවන්. උදාහරණයක් විදියට හන්තාන ලිනක්ස් ස්ථාපනය කරනවනම් 15GB වෙන් කරගත්තනම් හොදටම ඇති.

මුලින්ම ඉඩ ගන්න පුලුවන් partition එක Shrink කරන්න අවශ්‍යයි. මෙහිදි මෙම partition එකේ Data තිබෙනවනම් ඔබ වෙන්කරන්න බලාපොරොත්තු වෙනවාට වඩා වැඩි ඉඩක් free space ලෙස තිබීම වැදගත්. නැතිනම් ඔබට බලාපොරොත්තු වෙන ප්‍රමාණයට ඉඩ වෙන්කරගන්න නොහැකි වෙන්න පුලුවන්.

ඉතින් G partition එක shrink කරන්න එය මත right click කර Shrink Volume යන්න තෝරන්න


එවිට පහත පරිදි කවුලුවක් ලැබෙනු ඇත. එහි දැනට වෙන්කරගත හැකි උපරිම ඉඩ ප්‍රමාණය සුදු කොටුව තුල වෙන්වනු ඇති. 


මෙය MB වලින් එනම් Megabyte වලින් ලබාදෙන ප්‍රමාණයන් නිසා. 30GB වෙන් කරගැනීමට නම් 30720MB වෙන් කල යුතුය. එය ලබාගන්නේ අදාල GB ගණණ 1024න් වැඩි කිරීමෙනි. උදාහරණයක් ලෙස 15GB වෙන් කරගැනීමට අවශ්‍ය නම් 15*1024 මගින් ලබාදිය යුතු ගණන  ලබාගත් හැක.


දැන් Shrink කල විට පහත පරිදි 30GB ඉඩක් Free space ලෙස පෙන්වනු ඇති.


ඉහත පරිදි ඔබට අවශ්‍ය Gigabyte ගණන Free Space ලෙස පෙන්වයි නම් දෘඩ තැටියෙන් ඔබට අවශ්‍ය ප්‍රමාණය වෙන් කරගෙන අවසන්.. 

හන්තාන ස්ථාපනය කරන්න ඇවැසි නම් දැන් http://hanthana.org/si/install.php හි විස්තර කර ඇති ආකාරයට ස්ථාපනය කල හැකි වනු ඇත.

අනෙකුත් ලිනක්ස් වෙළුම්ද මේ ආකාරයෙන්ම ස්ථාපනය කළ හැකි වනු  ඇත.

2012-04-04

Google Music තාම හම්බුනේ නැද්ද? එහෙනම් අරගන්න

Google Search එකේ Navigation එකට ලඟදි අලුතින්  Play කියල එකක් එකතු වෙලා තියෙනව ඔයගොල්ලොත් දකින්න ඇති.
සාමාන්‍යෙයෙන් ලංකාවෙ කෙනෙක් ඕක click කරල ගියොත් ලැබෙන්නේ සාමාන්‍යයෙන් කලින් Android Market එක තිබුණු එකම Play කියල වෙනස් කරලනේ.. ඊට අමතරව US වල කෙනෙක් ගියොත් Music, Books, Movies, Android Apps කියල හතරකුත් දකින්න ලැබෙයි.


මේක බලාගන්න  නම් US වලින්ම යන්න එපැයි.. ඉතිං මාත් US වලින් ලොග් උනා..
වැඩිය මුකුත් කලේ නැහැ Hotspot Shield දාගත්ත. නිකංම Google Music ලැබෙනවා.
මොකක්ද මේ Google Music කියන්නෙ කියන කුතුහලය නිසා බැලුව මිසක් ඇති වැඩකට කරපු දෙයක් නෙවෙයි. බලන්න ඕනනම් කරල බලන්න.