Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2019-10-25

ඔබේ පරිගණකයත් ස්ලෝ වෙලාද? හේතු මෙන්න

ගොඩක් වෙලාවට අලුතින් ගත්තු computer එකක් ටික කාලයක් යද්දි ස්ලෝ වෙන්න බලනවා. හේතු විවිධාකාර වෙන්න පුලුවන්. ඉතිං කොහොමද හරි හේතුවක් හොයාගන්නෙ කියන ඒක ප්‍රශ්නයක් නම්  ෙමෙහම කරල බලන්න. කී බෝඩ් එකේ  Alt+Ctrl+Delete ඒකට ඔබල එන screen එකෙන් Task Manger හෝ Task bar එක right click කරාම එන Menu එකෙන් Task Manager තෝරන්න. මේ වගේ වින්ඩෝ එකක් එයි. මේ ස්ලෝ වෙච්චි වෙලාවක Task Manger එක බලපු එකක්

Windows 8.1 Task manager

දැන් බලන්න ඒකෙ 100% හෝ ඊට කිට්ටුවෙන් භාවිතා වෙන්නෙ මොන එකද කියල. මේ පෙන්නන එකේ නම් Disk තමා 96% Use වෙන්නෙ.  මේකෙ හැටියට නම් වෙලා තියෙන්නෙ Virus Guard එකෙන් System Scan එකක් යනව. Endpoint Security නිසා user ට Control කරන්න බැහැ Scan වෙන එක. Server එකෙන් තමා Scan Schedule Run වෙන්නෙ. ඔබේ පරිගණකය නම් මෙහෙම වෙන්නෙ කරන්න තියෙන වැඩේ හදිසි නැත්තම් Virus Guard Scan එක run වෙන්න ඇරල වැඩේ කරගත්තනම් Speed එක එයි. නැත්තම් Virus Guard එකේ Scan එක Cancel කරා නම් ස්පීඩ් එක එනවා. (ඒක නම් Not Recommended)

ඔබ පාවිච්චි කරන්න හදන Application එක නැතිව වෙන Application එකක් Disk, Ram යූස් කරනවනම් ඔබට ස්ලෝවීමක් දැනෙන්න පුලුවන්. ඉතිං Task Manager එකෙන් බලල ඒක ඔබ පාවිච්චි නොකරන ඇප් එකක් නම් ක්ලෝස් කරල හෝ End Task කලා නම් Ram Disk Free කරගෙන ඕන Application එකට priority ගන්න පුලුවන්. ස්ලෝ වෙච්ච වෙලාවක කරල බලන්න
Performance Tab එකේ බැලුවනම් CPU, Memory, Disk, Network Summery එකක් බලාගන්න පුලුවන Graphically මේ තියෙනව වගේ




අන්තිමට කියන්න තියෙන්නෙ ඉතිං අද කාලෙ Laptop, Desktop ගනිද්දි තියෙන හොඳම Speed Processor එක අරන් 16GB රැම් එකක් ගැහුවත් වැඩක් නෑ HDD එකේ Speed එක 7200rpm උනත්. හොදටම ස්පීඩ් එක අත්විඳින්න නම් SSD එකක් හයි කරගන්න.  SSD කියන්නෙ Solid State Disk. වැඩි විස්තර ඕන නෑ

HDD vs SSD මේ වීඩියෝ එක බලන්න



හොඳට බලන්න  SSD එක තියෙන Laptop එකේ Desktop එක ආවත් HDD එක තියෙන එක ලෝඩ් වෙනවා. Photoshop ලෝඩ් වෙන්න SSD එකේ යන්නෙ තත්පර 3ක් වගේ කාලයක් තමා.