Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2017-11-28

සැටලයිට් අල්ලන්න කලින් දැනගන්න ඕනෙ මොනවද?

Satellite හරහා නොමිලේ TV බලමු  කියල කලින් ලිව්ව පෝස්ට් එකේ පොඩ්ඩක් මං කරපුවත් එක්ක කවලමේ ලිවුව නිසා අපැහැදිලි ඇති. අද කියන්න යන්නෙ මොනවද සැටලයිට් එකක් අල්ලන්න කලින් දැනගන්න ඕන කියලා.

අලුතින් Dish ගන්න හිතං ඉන්න අයටත් මේක වැදගත් වෙයි කියල හිතනවා. ගොඩක් වෙලාවට වෙන්නෙ තමන් ගාව තියෙන Dish එකට අහුවෙන්නෙ මොන සැටලයිට්ද කියල දන්නැතිව අල්ලන්න යන එක. මුලින්ම අපිට ඕන චැනල් තියෙන අපට සිග්නල් අහුවෙන සැටලයිට් එකක් වෙන්න එපැයි. නැත්තං ලෝකෙ අනිත්පැත්තෙ තියෙන ඒව කොච්චර හොද චැනල් තිබ්බත් අපට සිග්නල් නෑනෙ.

මේ තියෙන්නෙ 45.1°E පිහිටුමේ තියෙන Intelsat 904 අපි දන්නෙ Dialog TV මගින් ආවරණය වන කලාපය. ලංකාව අයිති ප්‍රදේශයට වැඩිපුර ආවරණය වෙන විදියට තියෙනව පේනව ඇතිනෙ. ඒවගේම 52.6 කියල පෙන්නන්නෙ EIRP අගය dBW වලින්. ඒ කියන්නෙ කොච්චර ප්‍රබලතාවයක් මේ සිග්නල් වල තියෙනවද කියන එක.


Spot 1 (Ku band)


ඒ ප්‍රබලතාවය අනුව අපට පුලුවනි බලාගන්න කොච්චර ලොකු Dish එකක් මේ සඳහා අවශ්‍ය වෙනවද කියලා.

මේ තියෙන වගුවෙන් බලාගන්න පුලුවන්.

EIRP  අගය 50ට වඩා වැඩි නිසා 55cm Dish එකකින් මේ සැටලයිට් එකෙන් සිග්නල් ලබාගන්න පුලුවන් වෙන්න ඕන.  මේ තියෙන්නෙ තව ඔය වගේ dish size පරාසයන් තියෙන වගුවක්. 

EIRP
(dBW)
>5050494847464544
Size
(cm)
5050-6055-6560-7565-8575-9585-10595-120

ඩයලොග් වල වහින වෙලාවට  සිග්නල් නැතිවෙන්නෙ වලාකුළු නිසා signal level අඩුවෙන නිසා. ඒක අඩු කරගන්න පුලුවන් ටිකක් ලොකු Dish එකක් දාගත්තනම්.

ඒ සැටලයිට් එකේම තව Beam එකක් තියෙනව පහල විදියට. බැලුව ගමන් පේනව ඇති මේකෙ සිග්නල් ලංකාවෙ අහලකටවත් ඇවිත් නෑ. ඒක අයිති Vivacom ලට. Dialog වගේම Packages තියෙන එකක්. 
Spot 2 (Ku band)

මේ සිග්නල් උනත් අල්ලන්න පුලුවන් ටිකක් ලොකු ඩිෂ් එකක් තිබුනොත්.

සැටලයිට් වලින් කොහොමද ප්‍රදේශ ආවරණය වෙන්නෙ කියල පොඩි අදහසක් එන්න ඇති කියල හිතනවා.  ඉතිං ඒ ආවරණ කලාපයේ අපි ඉන්නවද කියල satbeams,  tracksat වගේ සයිට් වලින් බලාගන්න පුලුවන්.
තමන් සැටලයිට් එක අල්ලන්න හදන ස්ථානය ඒ සිතියමේ ක්ලික් කලානම් එතනට අදාලව කොච්චර Azimuth එකක් සහ Elevation එකකින්ද සිග්නල් එන්නෙ කියල බලාගන්න පුලුවන්. 


ඊලගට බලන්න ඕන අදාල නාලිකා මොන සංඛයාත වලින් ඒ සැටලයිට් එකෙන් විකාශය කරනවද කියල. ඒ විස්තරත් lyngsat, tracksat, වගේ සයිට් වල තියෙනවා.

ඉතිං අල්ලන්න කලින් ඔය විස්තර ගැන ටිකක් හොයල බැලුවනම් වෙලාව ඉතිරිකරගන්න පුලුවන්.

2017-11-12

Satellite හරහා නොමිලේ TV බලමු.


ජනවාරි වලින් පස්සෙ මොකවත් ලියල නෑනෙ මේකෙ.. ආයෙ ලියන්න කියවන්න පටන් ගත්ත ඉතිං. අද නං වෙනස්ම මාතෘකාවක් අරන් ආවෙ. TV වලට කරපු කලින් experiment එක හෙම මතකත් නැතිව ඇති නේ. මෙතනින් ගිහින් බලන්න පුලුවන් ඒක


Satellite හරහා TV බලන්න පුලුවන් කියන එක අලුත් දෙයක් නෙවෙයිනෙ..  CBN SAT ඩයලොග් එකෙන් අරන් දැන් Dialog TV කියල ඇඩ් දානව දැකල ඇතිනෙ ඕනතරම්. තව DishTV, Videoconn එහෙම ඔය හයිකරල තියෙන්නෙ ඕනතරම් ගෙවල්වල වහලවල් උඩ.

ඉතිං TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත්  තනියෙම Satellite එකකට Dish එකක්  Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..  මේ කියන්න යන්නෙ කොහොමද මේක තනියෙම කරගන්නෙ කියන එක.

Satellite Dish වර්ග දෙකකට බෙදෙනවා.. C Band සහ Ku Band කියල. Ku කියන්නෙ පොඩි සයිස් ඩිෂ් එක. අර ඩයලොග් එකෙන් දෙන සයිස් එකේ එකක්. පෙනුම මේන් මේ වගේ

 [image source = https://www.alibaba.com/product-detail/ku-band-35cm-satellite-dish-antenna_227163673.html]

C බෑන්ඩ් එක ගොඩක් ලොකු සයිස් එකක්.  මේන් මේ වගේ.


[image source = http://www.daveswebshop.com/10ft.shtml]

ඕව මැද්දෙ අර ටොච් එක වගේ එකට කියන්නෙ LNB කියලා..

මේ කියන්නෙ Ku Band Dish එකකින් කොහොමද ටීවි බලන්න හදාගන්නෙ කියලා.

ගාණ අඩු නිසාත් තනියෙන් එහාට මෙහාට කරගන්න පුලුවන් නිසාත් මේක පටන් ගන්න හොද වෙයි. මාත් මුලින්ම ටියුන් කලේ  මේ Ku Band එකක්.  මුලින්ම බලමු මොනවද ඕන කරන්නෙ කියල.. 

  • Ku Band Dish එකක්
  • LNB එකක්
  • FTA support කරන Satellite Receiver එකක්
  • TV එකක්
ගොඩක් වෙලාවට Dish එකටම LNB එක හයි කරල තියෙන එකක් හොයාගන්න පුලුවන්. මමත් කලේ පාවිච්චි කරල අයින් කරපු Videoconn Dish එකක් ඉල්ලගත්තු එක. මලකඩ කාල තිබුනට අවුලක් උනේ නෑ.

ඕන කරන උපකරණ ටික හරි නම් අමතරව තව මාලිමාවකුත්, ටිල්ට් එක බලාගන්න කෝණමානයක් වගේ උපකරණයකුත් අවශ්‍ය වෙනවා. 
[image source = http://www.dx.com/p/naturehike-lensatic-analog-compass-black-190358#.Wgcr-MaWbIU] 
protractor.gif
[image source = https://math8geometry.wikispaces.com/measuring+angles+with+a+protractor] 

කෝණමානෙට අර අංශක බෙදෙන තැන මැදින් හිලක් විදල බරක් එල්ලගත්තනං අංශක ගාන බලාගන්න පුලුවන්.

හරියටම කියනවනං inclinometer කියල වෙනම මීටරයක් තියෙනවා ඇලවෙච්චි ගාන බලාගන්න.


 මම නං කලේ Samsung Galaxy Note 2  ජංගම දුරකථනය පාවිච්චි කරල. Compass ඇප් එකක් දාගත්තනං වැඩේ ගොඩ. හැබයි True Azimuth එකයි Magnetic Azimuth එකයි වෙනස් කියලත් මතක තියාගන්න.  කලින්  Phone එකෙන් තේ විතරයි හැදුවෙ නැත්තෙ කියල කමෙන්ට් කරලත් තිබුනනෙ. මේකත් ඒවගේ තමා Note 8 ඇවල්ලත් තාම Note 2 එකෙන් වැඩ.

එතකොට කොහොමද හරියටම Signal level එක බලාගන්නෙ. ඒකටත් වෙනම මීටර් තියෙනවා. ඒත් රිසීවර් එකෙන්ම ඒකත් කරගන්න පුලුවන් හරියට කරනවනං.

ඔක්කොම ආම්පන්න ටික කොහොමහරි සෙට් කරගත්ත කියමු. කෝ ඉතිං සැටලයිට් එකක් ඇහැට පේන එකක්යැ. අනික අපි කොහොමද දැනගන්නෙ ලංකාවට උඩින් තියෙන/ එහෙම නැතිනං ලංකාවට සිග්නල් එන සැටලයිට් මොනවද කියල. ඒකටත් ඕන තරම් වෙබ් සයිට් තියෙනව බලාගන්න. ඕව හොයන්න කම්මැලි ඇතිනෙ.. ඒකත් මමම කියන්නං ඉතිං.

FTA කියන්නෙ Free-to-Air කියන එක. ඒ කියන්නෙ FTA තියෙන චැනල් බලන්න කාටවත් සල්ලි ගෙවන්න ඕන නෑ.. නොමිලෙම බලන්න පුලුවන්. ඉතිං අල්ලපු රටේ එකකින් පටන් ගමු එහෙම තියෙන.

ඉන්දියාවෙ තියෙනවා DD Free Dish කියල  Sattelite TV Service එකක්. ඒක තියෙන්නෙ G-SAT-15 කියන සැටලයිට් එකේ.. Position කරල තියෙන්නෙ 93.5°E කියන තැන. ඉතිං එතන ඉදං එන සිග්නල් තමා අපි අල්ලගන්න ඕන. අල්ලන්න කලින් තියෙන චැනල් මොනවද කියල දැනගන්නත් එපැයි.

මේ ලින්ක් එකට ගියානම් ඒ සැටලයිට් එකේ  තියෙන චැනල් සේරම ටික පෙන්නනවා තව විස්තර ටිකක් එක්ක. Satellite ගැන උනන්දුවක් තියෙන එක්කෙනෙක් නම් දැනටම ඔය සයිට් එක දන්නව ඇති.
කැමති නම් ඔය සයට් එකේ තියෙන වෙන සැටලයිට් එකක් උනත් තෝරගන්න පුලුවන්. මේකෙ ගොඩක් චැනල්  Free තියෙන නිසා මම මේක තෝරගත්තා.

මේ වගුවෙ Frequency කියන්නෙ අර LNB එකට අල්ලන්න ඕන  සංඛ්‍යාතය. ඒක receiver එකෙන් සෙට් කරන්න තියෙන්නෙ. ඒ අදාල Frequency එකෙන් තමා එතන Group එකේ තීන Channel List එකම එන්නෙ. ඉතිං ඒක දාල scan ක ලා නම් ඒ චැනල් ටික සේරම ගන්න පුලුවන් වෙනවා. මං නං වැඩිපුරම බැලුවෙ ඔය Satellite එකේ 9XM එකයි MBeats කියන චැනල් එකයි තමා. සිංදු විතරයි ඒ චැනල් දෙකේම යන්නෙ. ඉතිං ඒ දෙකට අදාල Frequncy පිලිවෙලින් 11510 V සහ 11550 V

9XM කියන චැනල් එක ගත්තම ඒකට අදාල විස්තර මෙහෙමයි තියෙන්නෙ

Satellite : G-SAT-15
Service Provider : DD Free Dish
Frequency :11510 V
Transponder : tp20
Reagion : India
System : DVB-S
Symbol Rate : 29500
Fec : 3/4
Channel Name : 9XM
SID : 2153
VID : 5153
AID : 6153
Language : Hi

හතරවෙනි  තීරුවෙ තියෙනවා F කියල අකුරක් ඒකෙන් අදහස් වෙන්නෙ ඒ චැනල් එක Free බලන්න පුලුවන් කියන එකයි.

ඉතිං ඔය විස්තර ටික වගුවත් එක්ක බැලුවම කෙටියන් කියල තියෙන්නෙ මොනවද කියල තේරුම් ගන්න පුලුවන්. ඔතනින් අපට Receiver එකට දාන්න තියෙන්නෙ   Frequency එකයි  Symbol Rate එකයි FEC එකයි විතරයි. අනික් ඒව ගැන දැනට හිතන්නැතිව ඔන්න ඔය තුන දාගන්නයි තියෙන්නෙ. දාන විදිය receiver එකෙන් receiver එකට වෙනස් වෙනවා. V, H අකුරුවලින් කියන්නෙ Polarization එක. ඒ කියන්නෙ Signal Transmit කරන්නෙ Vertically ද Horizontally ද කියන එක




සරලව මේ පියවර ටික ඕනම receiver එකක අනුගමනය කලා නම් TP (transponder) ටික ඇඩ් කරගන්න පුලුවන් වෙයි.

Menu එකට ගිහින් බලන්න Antenna Setup කියල තැනක් තියෙනවද කියලා.. එතනට ගිහින්  Satellite එකක් Add කරගන්න. කැමති නමක් දෙන්න පුලුවන්.  ඒ දාද්දි LNB Power එක ON කරන්නත් LNB Type එක Universal කියල දාන්නත් අමතක කරන්න එපා. අනිත් දෙක නම් Off කරන්න පහල පින්තූරෙ විදියට.



ඊට පස්සෙ ඒ සැටලයිට් එකට අදාල Transponders Add කරගන්නයි තියෙනනේ.
මං නම් කරන්නෙ Satellite එකට අදාලව F අකුරු  තියෙන ඔක්කොම TP's ටික අදාල Polarization එකත් එක්ක දාගන්න එක තමයි. එතකොට සිග්නල් අහුඋන හැටියෙ ඔක්කොම චැනල් ටික ස්කෑන් කරන්න විතරයි තියෙන්නෙ.Transponders කියන එක උඩට ඇවිත් OK කරාම හරි Satellite එක Add කරගත්තට පස්සෙ TP list කියන තැනට ගියාට පස්සෙ පහල විදියට එකක් එයි.  Signal Level කොල පාට නොවී එක බාර් එකක් වත් ඇවිත් නැති වෙන්න පුලුවන්. ඊගාවට කරන්නෙ ඒ විදියට කොල පාට හරි සිග්නල් ලෙවෙල් පෙන්නනකල් ටියුන් කරගන්න එක.


TP හරියට අර සයිට් එකේ පෙන්නල තිබුන විදියට විස්තර දාල ඇඩ් කරගන්නයි තියෙන්නෙ. Ku Dish එකක් නිසා C band ඒව දැම්මට වැඩක් වෙන්නැහැ. ඒක නිසා අංක 4ක් තියෙන Ferquncy නොදා අංක 5ක් තියෙන ඒව විතරක් දාගන්න. අංක 4න් එන්නෙ C Band Frequencies. chart එකේ C කියලත් තියෙනව ඒවට යටින්.  Modulation විදියට DVB-S එකයි. Polarization එකයි Symbol Rate එකයි හරියට දුන්නන්ම FEC හරියට දාගත්තත් All කියන එක දැම්මත් signal පෙන්නනවා.




 TP ටික දාගත්ත කියන්නෙ දැන් receiver එක රෙඩි. Dish එකට LNB එක හයි කරල LNB එකට Coaxial F connector වලින් TV Antenna Cable එකක් හයි කරගන්න පුලුවන්.


මේ තියෙන්නෙ මම තාවකාලිකව Dish එක කෙලින් තියාගත්ත හැටි.


Dish එක කෙලින් හිටව ගත්තට පස්සෙ ඊලඟට කරන්න තියෙන්නෙ Receiver එකට කේබල් එක හයි කරගන්න.. LNB IN, LNB OUT,  Loop, IF IN වගේ නම් වලින් ඔය F connector එක හයි වෙන තැන් තියෙන්න පුලුවන් ඒවයින් LNB OUT, Loop හැර අනිත් නමකින් තියෙන එකක් හරහා LNB එක receiver එකට හයි කරගන්න පුලුවන්.  දැන් Receiver එක On කරල නම් තියෙන්නෙ Signal එනකල් Dish එක හරවන්නයි තියෙන්නෙ. 



ඒත් ප්‍රශ්නයක් කොයි පැත්තෙන්ද සිග්නල් එන්නෙ කියන එක. ඒකටත් මෙන්න මේ සයිට් එක ප්‍රයෝජනවත් වේවි.  ඔය ලින්ක් එක ක්ලික් කරල ගිහින් මැප් එකේ දැන් ඔයා ටියුන් කරන Dish එක තියෙන තැන Zoom කරල ක්ලික් කරන්න. එතකොට මේ වගේ විස්තරයක් පැත්තෙන් වැටේවි.

දැන් ඔය ලැබිල තියෙන්නෙ හරවන්න ඕන පැත්තයි උස්සන්න ඕන Angle එකේ අංශක ගානයි. Azimuth කියන්නෙ ඔතන උතුරෙ ඉදන් තියෙන අංශක ගනන. ඉතිං මාලිමාව අතට අරන් අංශක 115.1 තියෙන පැත්තට LNB එක තියෙන විදියට DISH එක හරවගන්නයි තියෙන්නෙ. දැන් 115 කියන්නෙ නැගෙනහිර පැත්තට වෙන්න. මාලිමාව අරන් 115 කෙලින් Dish එකේ බාර් එක පේන්න තියාගෙන ඒ කෙලින් LNB එක පේන විදියට තියාගත්තනං හරි. Tilt එක කියන්නෙ අංශක ගනන ඉතිං මේ Offset Dish එකක් නිසා ඕකෙ තියෙන ගානම නොවෙන්නත් පුලුවන්. නමුත් දල වශයෙන් ඔය ගානට තියාගන්න. සිග්නල් ආවෙ නැත්තං පොඩ්ඩක් පහලට කරල බලන්න. G-SAT-15 ගාවම තව Sat තියන නිසා Signal පෙන්නුවත් Quality එක පෙන්නන්නැති වෙන්න පුලුවන් එහෙම උනොත් ඩිෂ් එක පොඩ්ඩක් උතුරු පැත්තට ගන්න අංශක 4ක් විතර. එතකොට මේකෙ විදියට TP එකට අදාලව  Signal පෙන්නන්න පුලුවන්. ඉතිං ඉවසීමෙන් හෙමින් තමයි Dish එක හරවන්න ඕන. මතක තියාගන්න අංශකයක් හැරෙව්වත් ලඟ 1mm වගේ පෙනුනට Satellite වලට එන දුර වෙනකොට කිලෝමීටර් ගානක් වෙන්න පුලුවන්.. වැඩේ අමාරුයි කියල හිතෙනවනම් Sat-Finder එකක් පාවිච්චි කරන්න පුලුවන්. රුපියල් 1000ක් වගේ වෙන්නෙ. මම නම් කවදාවත් පාවිච්චි කරල නැහැ. Phone එක අරන් Dish එක ගාවට ගිහින් ටියුන් කරනව ඇරෙන්න.

සිග්නල් ආව කියන්නෙ වැඩේ ගොඩ.  ඉතිං අනිත් TP ත් බලන්න සිග්නල් තත්වෙ කොහොමද කියලා. සේරම හොදයි වගේ නම් තියෙන්නෙ Scan කරන්න තමයි. මදි නම් පොඩ්ඩක් Dish එක හරවල බලන්න තව ටිකක්. නැත්නම්.  LNB එක පොඩ්ඩක් කරකවල බලන්න. LNB එක පොඩ්ඩක් ඉස්සරහට පස්සට කරල බලන්න.

ටීවි එක Dish එක ගාවට ගන්න බැරි නිසා TV එකේ Screen එක Phone එකට අරන් තමා මම නම් ටියුන් කරගත්තෙ. ඒත් TP මාරු කරන්න ආයෙ Receiver එක ගාවට යන්න වෙනවා. ඒක නිසා තමා බිම තියල Dish එක Align කරගත්තෙ. මේ අලුත් D2h Box එක නම් Lock නිසා Signal ගන්න විතරයි පාවිච්චි කලේ. Channels Scan කරාට පෙන්නන්නෙ නැහැ..



මුලින්ම මම පාවිච්චි කලේ  මෙන්න මේ වගේ FTA receiver එකක්.

කාඩ් දාන්නත් බැහැ. FTA Channels විතරයි ඒකත් MPEG-2 විතරයි. MPEG-4 සපෝට් කරන්නෙත් නැහැ. ඒත් 9XM, MBeats වගේ FTA Channels පේනවා.
ටිකක් පුරුදු උනාම මාලිමාවක් නැතිව උනත් Signal Level එකයි Quality එකයි ගන්න පුලුවන්. 




මේ තියෙන්නෙ Dialog Now Intelsat 904 (45E) වල අල්ලපු එකක්.



ABS 2, NSS 6,  SES 8 එහෙම අල්ලල බලන්න පුලුවන් තව. Scrambled Channels බලන්න card දාන්න පුලුවන් receiver එකක් ගන්න වෙනවා. 


කාලෙකින් ලියපු නැති නිසා style එක වෙනස් වෙලා.  පැහැදිලි නැති තැන් තියෙනවනම් පහලින් කමෙන්ට් එකක් දාල අහන්න. 

2017-01-09

App Install ‍නොකර 2017 දිනදර්ශනය (Holidays In Sri Lanka) ජංගම දුරකථනයට දාගන්න

ලැබුවා වූ 2017 සයිබර්වාසී සියලුදෙනාම සුබම සුබ අවුරුද්දක් වේවා. මේ අවුරුද්දට හා හා පුරා කියන පලවෙනි පෝස්ට් එක තමයි මේ. 

මේ අවුරුද්දෙ ගොඩක් අය නිවාඩු දවස් දිහා ඇහැ ගහගෙනමනේ ඉන්නෙ. ඉතිං නිවාඩු දවස් ටික  phone එකට දාගන්න පොඩි ට්‍රයි එකක් දුන්න. 
2014 දි සිංහලෙන් හදාගෙන දාගත්ත ඒ කාලෙ ඉතිං සිංහල වැඩකරන phone තිබුනෙ අඩුවෙන්. දැන් නං Samsung, LG, Nexus වල සිංහල වැඩ නෙව. ඒත් Sony, Huawei එහෙම ගොඩක් ඒවයෙ තාම සිංහල  වලට කොටු දානවා. 

හැබැයි මේක තියෙන්නෙ නං ඉංග්‍රීසියෙන්. ඉතිං එතනට ගිහින් හරි ඔය පල්ලෙහා තියෙන එකේ හරි  +Google Calender කියන එක ඔබල Google Calendar එකට මේක දාගන්න. ලොගින් වෙන්න කිවුවොත් ඉතිං යූසර්නේම් පාස්වර්ඩ් දෙන්නයි තියෙන්නෙ google එකට



එතකොට calender.google.com එකට ගිහින් other calender යටතෙ පෙන්නනවා Holidays In Srilanka කියල. ඒකට ඉස්සරහින්  තියෙන කොටුව check කරගත්තනම් Holidays ටික අදාල කොටුවල පෙන්නන්න ගන්නව උඩ තියෙනව වගේ.

දැන් කරන්න තියෙන්නෙ Phone එකට ගිහින් calendar එක Open කරගන්න. LG එකේ නං Calendar කියලම තියෙනවා Samsung එකේ තියෙන්නෙ SPlaner කියල.

LG නං ඒකෙ සෙටිංග්ස් වලින් Accounts වලින් gmail එක තේරුවම ඒකට අදාල calendar ටික පෙන්නනවා. එතනිනුත් Holidays in Srilanka තෝරල තියෙන්න ඕන. calendars to sync එකෙනුත් ඒකම තෝරල sync now කරගන්න.

Samsung වල splaner open කරල settings වල Display යටතෙ තියෙන calendars වලින්  Holidays in Srilanka තෝරගන්න. දැන් sync කරන්න. Holidays ටික මේවිදියට පෙන්නන්න ඕන




පොකට් කැලැන්ඩරේ වගේම ඔය තියෙන්නෙ අපූරුවට.
මොනව හරි ගැටලුවක් තියෙනව නම් ඔන්න පහල  කමෙන්ට් බොක්ස් එකක් ඇති.