Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2009-05-28

බටපොල නිදහස් හා විවෘත මෘදුකාංග වැඩමුළුව

වර්ෂ 2008ක් වූ මැයි මස 26 වෙනිදා ගා/බටපොල නවෝද්‍යා විදුහලේදී නිදහස් හා විවෘත මෘදුකාග ගැන වැඩමුළුවක් විදුහලේ 11, 12 ,සහ 13 ශ්‍රේණි වල ළමුන් සඳහා පැවැත්විණ. මෙය බටපොල ප්‍රදේශයේ පැවැත්වූ ප්‍රථම ලිනක්ස් වැඩසටහන වීමද ‍මෙම වැඩමුළුවේ ‍විශේෂත්වයකි.දක්ෂිණ ලිනක්ස් හවුල මගින් වැඩමුළුව මෙහෙයවූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අම්බලන්ගොඩ කලාප තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂිකා වාසනා මෙනවිය සහභාගි විය.
විදුහල්පති තුමා මෙහි ආම්භක කතාව පැවැත්වූ අතර එහිදී තොරතුරු තාක්ෂණය සහ පරිගණක භාවිතයේ වැදගත්කම ගැන තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂිකා වාසනා මෙනවියද ළමුන්ට මතක් කලාය.

මෙහිදී වැ‍ඩසටහන මෙහෙයවු දක්ෂිණ ලිනක්ස් හවුලේ සාමාජිකයින් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කල කරුණු වූයේ

* නිදහස් හා විවෘත මෘදුකාංග
* ලිනක්ස් යනු කුමක්ද
* පාසල් වල ලිනක්ස් භාවිතය
* Gnome Desktop හි විශේෂතා
* ෆෙඩෝරා අධ්‍යාපනික තැටිය
* ෆෙඩෝරා ස්ථාපනය
* ලිනක්ස් හි සිංහල භාවිතය
* සිංහල ෆයර්ෆොක්ස්
* උබුන්ටු ස්ථාපනය
* පැන විසදුම්

ළමුන් නැගූ පැන වලට විසදුම් දෙන අතරම ලිනක්ස් මෙහෙයුම් පද්ධති අඩංගු තැටි බෙදාදීමද දක්ෂිණ ලිනක්ස් හවුලේ සාමාජිකයන් විසින් සිදු කරන ලදී.

උදෑසන 8.00 සිට පස්වරු 1.30 වන තුරු වැඩසටහන පැවැත්වීමට පෙර සූදානම් කර තිබුණද පාසල කලින් අවසන් කිරීමට කටයුතු යෙදුණු බැවින් දහවල් 12.30 වන තුරු පමණක් වැඩමුළුව පැවත් වීමට සිදුවිය.
වැඩසටහනේ සාර්ථකත්වය ළමුන්ගේ උනන්දුවෙන් පෙනුණි. වැඩසටහන අවසන් වූ පසුවද ළමෝ හවුලේ සාමාජිකයන්ගෙන් අවශ්‍ය දේවල් දැන ගැනීමට ඔවුන් වටා එක්රැස් වී සිටි අයුරු දැකගත හැකිවිය.













2009-05-26

2009ට අලුත් වෑර්ලස් තාක්ෂණයක්

දැන් ඉන්ෆරෙඩ් බ්ලූටූත් වලට වඩා වේගවත් අලුත්ම තාක්ෂණය ගැනයි මේ කතාව.
මේ නව තාක්ෂණය හදුන්වල තියෙන්නේ TransferJet නමින්.


TransferJet හැසිරවීමට පහසු, වඩාත් ආරක්ෂාකාරී, කාර්ය්‍යක්ෂම දත්ත හුවමාරුවක් ලබාදෙන බව තමයි කියන්නේ.


හැසිරවීමේ පහසුව

මෙම තාක්ෂණය අඩංගු උපකරණ දෙකක් ස්පර්ෂවන පරිදි තැබූවිගස ගොනු හුවමාරුව ආරම්භ කිරීම නිසා හැසිරවීමට පහසුයි.


ආරක්ෂාව
මේක වැඩ කරන්න ‍ඉතාමත් කුඩා දුර ප්‍රමාණයක වීම නිසා ආරක්ෂාකාරී සබදතාවක් කියල කියන්න පුලුවන්.


කාර්ය්‍යක්ෂම දත්ත හුවමාරුව
ඉතා විශාල ගොනු ‍ඉතාමත් වේගවත්ව හුවරමාරු කිරීමේ හැකියාව තියෙන නිසා ‍කාර්ය්‍යක්ෂම හුවමාරුවක් TransferJet තාක්ෂණය සතුයි. ‍භෞතික ස්ථර හුවමාරු වේගය 560Mbps ද වැ‍ඩිම දත්ත හුමාරු වේගය 375Mbps ක්ද මෙම තාක්ෂණය සතුවේ.


මේ TransferJet තාක්ෂණය උපකරණ වැඩකරන අපූරුව බලන්න




ජංගම දුරකථන වලට මේකෙන් සිංදු දාන්න මාර ලේසියිනේ

2009-05-25

Microsoft Office 2010 තාක්ෂණික පෙරදැක්ම කලින්ම අත්හදා බලන්න කැමතිද

office 2010

The Microsoft Office 2010 Technical Preview is a limited, invitation only program which will provide you with the opportunity to experience early, pre-release versions of Office 2010 which will include the following applications: Word 2010, Excel 2010, Outlook 2010, PowerPoint 2010, OneNote 2010, Access 2010, InfoPath 2010 and Publisher 2010.

By registering you are signing up to be considered for the Technical Preview Program, you will be waitlisted for consideration to be invited into the Technical Preview Program. We will notify invitees in early to mid July.

Please click below to make your request to be waitlisted for the Technical Preview.

Waitlist Me for the Technical Preview!

for more details

Source:

https://microsoft.crgevents.com/Office2010TheMovie/Content/Home.aspx

ආරක්ෂාකාරී GMail SSL සබදතාවක් සඳහා https සක්‍රිය කිරීම

GMail වඩාත් ආරක්ෂාකාරී ලෙස SSL (Secure Socket Layer) පහසුකම ලබදී ඇත. නමුදු එය භාවිතය සඳහා
සක්‍රීය කර නොමැත. ඒ සඳහා HTTPS සක්‍රිය කරගැනීමෙන් වඩාත් ආරක්ෂාකාරී ලෙස E-mail පරිශීලනය කිරීමට හැකියාව ලැබේ. සැකසුම පහත පරිදි වේ.

GMail වෙත ප්‍රවේශ වන්න. එහි Settings තේරූවිට ලැබෙන General ටැබයේ Browser Connection(අවසන් සැකසුම) වෙත යන්න.
Browser Connection https ලෙස සැකසීම ආරක්ෂාකාරී සබඳතාවකට ඉඩ ලැබීම මෙන්ම එය ඔබගේ දත්ත ආරක්ෂාකාරීව තබාගැනීමටත් hijacking වලින් ආරක්ෂා කරගැනීමටත් උපකාරීවේ. මෙය වඩාත් වැදගත් වන්නේ අන්තර්ජාලය සහ ඊ-මේල් පොදු Wifi හෝ non-encripted ජාල ඇති ස්ථාන වල පරිශීලන කරන අවස්ථාවන්හිදීය. ඉදින් ඔබ Wireless සබදතා ඇති අවන්හල් ගුවන්තොටුපලවල් වැනි ස්ථෘන වල ඊ-මේල් භාවිත කරනවා නම් මේ අමතර ආරක්ෂඛ ලේයරය ඔබ‍ගේ දත්ත ආරක්ෂා කරනු ඇත.

සාමාන්‍යයෙන් GMail වෙත පිවිසි විට දිස්වන ආකාරය.SSL සක්‍රිය අවස්ථාවේ දිස්වන ආකාරය
සුරක්ෂිත වීමට ඔබගේ දත්ත ආරක්ෂා කරගන්න

2009-05-24

Office 2007 වලින්ම PDF සහ XPS සෑදීම


Microsoft Office 2007 හි සිටම PDF සහ XPS ගොනු සෑදිය හැකියි.
මේ සඳහා කල යුත්තේ ඇඩෝනයක් ස්ථාපනය කරගැනීමයි. මෙය ස්ථාපනය කරගත් පසුව PDF හෝ XPS ලෙස ‍හරවාගත යුතු ගොනුව විවෘත කොට Save or Publish to PDF or XPS යන්න Office හෝ File
මෙනුවෙන් තෝරාගන්න. එවිට එම ගොනුව PDF හෝ XPS ලෙස සුරැකිමට හැකිවනු ඇත.

මෙය Windows Server 2003; Windows Vista; Windows XP Service Pack 2 මෙහෙයුම් පද්ධති සඳහා සහ
  • Microsoft Office Access 2007
  • Microsoft Office Excel 2007
  • Microsoft Office InfoPath 2007
  • Microsoft Office OneNote 2007
  • Microsoft Office PowerPoint 2007
  • Microsoft Office Publisher 2007
  • Microsoft Office Visio 2007
  • Microsoft Office Word 2007
යෙදුම් සඳහාත් සහයෝගය දක්වනවා.

ඕන අය මෙතනින් ගන්න.

2009-05-20

Firefox-3.5b5pre.si.linux-i686.tar.bz2 ෆෙඩෝරා මත ස්ථාපනය කිරීම

අග්‍රය හරහා
පලමුවෙන්ම Firefox-3.5b5pre.si.linux-i686.tar.bz2 භාගත කරගන්න.
එය භාගත වූවාට පසු අග්‍රයට root ලෙස ප්‍රවේශ වී
එය විසුරුවීම සඳහා පහත විධානය ලබාදෙන්න.
[root@fedora]#tar xvjf ‍firefox-3.5b5pre.si.linux-i686.tar.bz2

එම ගොනුව තුලට ඇතුලුවීම සඳහා
[root@fedora]#cd firefox

දැන් ./firefox විධානය පහත පරිදි ලබාදෙන්න
[root@fedora firefox]#./firefox

දැන් ‍shiretoko ආරම්භ වේ

මවුසය ආධාරයෙන්
Firefox-3.5b5pre.si.linux-i686.tar.bz2 මත right click කර "මෙතන විසුරුවන්න" තෝරන්න.
දැන් අලුතින් නිර්මාණය වන firefox ගොනුව විවෘත කර Firefox.sh මත දෙවරක් ඔබන්න.
එවිට Shiretoko ඔබගේ පද්ධතියට පහසුවෙන්ම ස්ථාපනය කරගත හැකිය.

2009-05-18

Server ගැන දැනගන්න

මේ Server ගැන දැනගන්න කැමති අයට සහ Server එක්ක වැඩ කරන අයට සුභ ආරංචියක්. ඉගෙනගන්න අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.

ඉතිං Server2003 ගැන සියලු දේ එක තැනකින් දැනගන්න මෙන්න තැනක්. Server.lk ගිහිල්ලම බලන්න.

Join to Server.lk FaceBook Group

2009-05-13

ALT+CTRL+DEL වෙනුවට

විනඩෝස් හි Task Manager ගැනීමට සාමාන්‍යයෙන් ඔබන්නේ ALT+CTRL+DEL යන යතුරු සංයෝජනයන්ය. නමුත් මෙම තුනම එකවර තදකිරීමට අත් දෙකම යොදාගත යුතු වෙනවා. මේ යතුරු සංයෝජනය වෙනුවට තවත් යතුරු සංයෝජනයක් වින්ඩොස්හි තිබෙනවා. ඔබත් උත්සහ කර බලන්න තනි අතකින් එබිය හැකි සංයෝජනය

CTRL+SHIFT+ESC

2009-05-11

Gmail Signature එකට HTML සහාය.

ඔබ Gmail Signature එක වරක් හෝ භාවිත කර තිබෙනවා නම් එය HTML Codes සඳහා සහාය නොදක්වන බව දන්නවා ඇති. මේ කියන්න යන්නේ Gmail Signature එකට ‍HTML Codes සඳහා සකසා ගන්නා ආකාරයයි.

ඇත්තටම මෙය කිරීමට මම භාවිත කලේ ෆයර්ෆොක්ස් ඇඩෝතයකි. නම
Blank Canvas Gmail Signatures 1.11.12



මෙතනින් ගන්න.

----
සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයට සහ ටෙක් කතා ගූගල් සමූහයන්ට ලිපි යොමු කිරීමේදී
http://www.sinhalabloggers.com/guidelines හි 5 වන වගන්තියට අනුව පින්තූර භාවිත කිරීමෙන් වලකින්න. සබැදියන් පමණක් භාවිත කිරීම වඩා යෝග්‍ය වේ. Gmail මගින් පින්තූර එක්වරම දර්ශනය නොකරන බැවිනි.

උදා:-
ගයාන් තාරක
[Blog] [Website]
[E-mail] [Skype]


මෙවැනි දෑ යොදා නොගන්න
--

ගයාන් තාරක [Blog] [Website]
[E-mail] [Skype]

මමත් අර්ධ ශතකයක් ගහලනේ


පෙබරවාරි දාහතර වෙනිද තිබුණ බ්ලොග් එක සිංහල බ්ලොග් එකක් විදියට හරවල පටන්ගත්ත සිංහල බ්ලොග් කෙරුවාව අද බලනකොට අර්ධශතකයත් පසු කරල. මගේ ලිවීමේ කලාව නම් එච්චරම හොද නැහැ. පුලුවන් විදියට තමයි ලිවුවේ. ඉතිං මේක අවස්ථාවක් කරගන්නවා මම මගේ බ්ලොග් එක බලපු සියලුම දෙනාටත් කමෙන්ට් කරල මාව දිරිමත් කරපු සියලුම දෙනාටත් ස්තුති කරන්න.

ඒ වගේම මෙම සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය පටන් ගැනීම සහ පවත්වාගෙන යෑම පිලිබදව එහි නිර්මාතෘ වරුන්ට සහ ඇඩ්මින්වරුන්ටද මාගේ ප්‍රණාමය පුද කර සිටිමි!.

2009-05-10

ෆෙඩෝරා මත Apache Web Server ස්ථාපනය කිරීම සහ සැකසීම

ලිනක්ස් හි සම්මත වෙබ් සවරය වන්නේ ‍Apache වේ. එහි සේවාව httpd ලෙස ලිනක්ස් හිදී හදුන්වනු ලැබේ. පහත දැක්වෙන්නේ Apache සවරය ෆෙඩෝරා තුල නිවැරදිව ස්ථාපනය කිරීම සහ සැකසීම සිදු කරන ආකාරයයි

මෙම Apache සවරය ෆෙඩෝරා මත ස්ථාපනය වී ඇත්දැයි දැන ගැනීමට,
අග්‍රය හෙවත් ටමිනලය තුල rpm -q httpd‍ යන විධානය දෙන්න.
එවිට එය ස්ථාපනය වී ඇත්නම් ස්ථාපිත වෙලුම පහත පරිදි පෙන්වයි.
httpd-2.2.11-2.fc10.i386
ඉහත වෙලුම වෙනුවට
package httpd is not installed ලෙස දිස්වේ නම් පලමුව httpd ස්ථාපනය කරගන්න.

httpd ස්ථාපනය කිරීමට
yum install httpd

වෙබ් සවරය ආරම්භ කිරීම
සවරය ස්ථාපනය කිරීමෙන් පසුව ඊලග පියවර ලෙස වෙබ් සවරය ක්‍රියාත්මක වී ඇත්දැයි සැකහැර දැනගන්න.
‍සවරයේ තත්වය
/sbin/service httpd status
විධානය මගින් පෙන්වයි.
httpd (pid xxxx) is running... ලෙස පෙන්වයි නම් දැනටමත් වෙබ් සවරය ධාවනය වෙමින් පවතියි.

httpd is stopped ‍ලෙස දිස්වේ නම් වෙබ් සවරය ධාවනය කිරීමට
/sbin/chkconfig --level 3 httpd on විධානය ලබාදී සවරයේ තත්වය නැවත බලන්න.

වෙබ් සවරය පරීක්ෂා කිරීම.
දැන් වෙබ් සවරය පරීක්ෂා කිරීම සඳහා ඔබේ වෙබ් බ්‍රවුසරයේ ලිපින තීරුව තුල Loop back ජාල ලිපිනය (127.0.0.1) හෝ localhost යන්න ඇතුලත් කර එන්ටර් කරන්න.

දැන් බ්‍රවුසරය තුල ඉහත පරිදි ෆෙඩෝරා පරීක්ෂණ පිටුව දිස්වේ නම් ඔබගේ සවරය සාර්ථකව ක්‍රියා කරයි.

මීලග පියවර >>සවරය ජාලයට නිදහස් කිරීම

ගණිතය+පරිගණය+Electronic+Electrical එකට ගත්කල මැවුණු ආලෝක රටා

මේ පහලින් තියෙන පින්‍තූරෙ තියෙන්නේ මම 2007 දී ඩිප්ලෝමාව අවසානයේ කල ව්‍යාපෘතියේ ආදරශන පුවරුවයි. මේක හැදු‍වෙ පරිගණකය මගින් ගෘහස්ථ විදුලි උපකරණ පරිහරණය කරන ආකාරය පෙන්නන්න.
ආදර්ශකය

පාලක වැඩසටහන
Objectives
  • Develop a system thata controls overall electric items in the house.
  • Develop a system theat can remotely control eletric items.
  • Secure the house from intruders
  • Make use of domestic electricitiy efficiency
මේක මගින් ගෙදර තියෙන ඉලෙක්ට්‍රික් උපකරණ පරිගණකය මගින් පාලනය කරන්නත් ආරක්ෂණ කටයුතු සඳහාත් විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කිරීමත් ආදර්ශනය කරන්න තමයි හැදුවේ.

මේක ගැන නෙවෙයි මම කියන්න ගියේ. මේ සැරේ වෙසක් එක දවසේ උදේ බල්බ් වැල එලියට ගත්තා. මීයෙක් ටිකක් අත ගහල තිබුණ නිසා උදේම කරේ ෂොපින් බෑග් එකක් ඉරල මීය වැඩ දාපු තැන් ටික ‍ජොයින්ට් කරල ඔතල රත් කරල සීල් කරා. (ටේප් ගහනවට වඩා ෂුවර්නේ).

ඊලග පියවර බල්බ් වැලට හයි කරල තිබුණු පරිපථය ගෙදර නෑ. මොනව කරන්නද රෑ‍ වෙනකොට වැඩේ තියෙන්න එපැයි. උඩ පින්තූරෙ තියෙන බෝඩ් එක ගත්ත. බල්බ් වැල ඒකට හයි කරා.

(වී‍ඩියෝ වල පැහැදිලි තාව නම් මදි තමයි. කැමරා කොහෙන් හොයන්නද මේ වෙලාවෙ.)

ඊට පස්සේ ඒක පරිගණකයට සම්බන්ධ කරා. අලුතින්ම ලිවුව වැඩසටහනක් රටා වලට බල්බ පත්තු වෙන්න. වැඩසටහන නම් තනිකරම ගණිත සෙල්ලමක්. හිත හිත ඉන්න වෙලා නැති නිසා ‍දෙකේ පා‍දයේ ඒව දහේ පාදයට හරවගන්න තව වැඩසටහනක් ලියා ගත්ත. ‍ඒක නිසා තමයි ඉක්මණට වැඩේ කරගන්න හම්බුණේ. කොහොම හරි දවල් 2 විතර වෙනකොට ‍වැඩේ කරගත්ත.



මේ බල්බ් වැල පරිගණකයෙන් පාලනය කරනකොට ගත්ත එකක්. ටිකි ටික ගාල සද්දෙ එනව දාපු රිලේ වලින් ට්‍රැයක් දැම්ම නම් ඒ සද්දෙත් නැති කරන්න පුලුවන්. ලේසියට තමයි රිලේ පාවිච්චි කලේ. මෙන්න අන්තිම ප්‍රතිඵලය



ඔන්න ඔහොමයි වෙසක් දවස. මේ යුටියුබ් එක්ක වැඩ කරපු පලවෙනි පාර නිසා තමයි පරක්කු උනේ. ඉතිං කොහොමද මගේ වැඩේ.

2009-05-09

ලිනක්ස් දේශීයකරණය කිරීමට මාගේ දායකත්වය අද සිට...


හා හා පුරා කියා ඔන්න අද තමයි ලිනක්ස් දේශීයකරණයට අතගහන්න හම්බුනේ. අද කල‍‍හේ ශ්‍රී සුමංග‍‍‍ලෝදය මහා විද්‍යාල‍යේ තිබුණ Translation Workshop එක නිසා තමයි වැඩේට අතගහන්න ලැබුණේ. අයහපත් කාලගුණික තත්වය යටතේ උනත් වැඩ සටහන සාර්ථකව කරගෙන ගියා.

අපේ බ්ලොග් කරුවනුත් කිහිපදෙනෙක් හමුවෙලා කතා බහ කරන්නත් අවස්ථාව ‍ලැබුණා. මෙච්චර දවස් දැකල තිබුනෙ නෑනෙ කතා බහ කරාට.
ඉතිං Gnome වල evolution-mapi.master ෆයිල් එක තමයි මුලින්ම සිංහලට හැරෙව්වේ. 72%ක් විතර හැරෙව්වා. ටිකක් ආස හිතෙන වැඩක්.

අද දව‍ස ගතකලේ මේ වෙනුවෙන් තමයි.

2009-05-08

Desktop එක ධාවනය වන යෙදුම් සමග සුරැකීම

වැඩක් කරමින් සිටින විට පරිගණකය වසා දමන්න සිදුවුවහොත් ඔබ කරන්නේ කුමක්ද?
බොහෝ විට කරන්නේ සියල්ල සුරකීම සිදුකොට වසා දැමීමයි.

එහෙත් Desktop එක විවෘත කර ඇති යෙදුම් සමගම ‍සුරකීම සිදු කර වසා දමා නැවත ආරම්භ කල විට වසද්දී තිබූ තැනටම ගත හැකි විකල්පයක් වින්ඩොස් හි ඇත.

එය Hibarnation නම්‍ වේ.පෙරනිමියෙන් මෙය සක්‍රීය නොවේ.
සක්‍රිය කිරීමට Control Panel හි Power Options වල Hibarnation නම් ටැබය යටතේ ඇති Enable Hibernation tick එක සක්‍රිය කරන්න.
(මේ සඳහාද Hard disk එකෙන් යම් ඉඩක් වැයවේ.)
දැන් විකල්පය සක්‍රිය කර අවසන්.

භාවිත කිරීම මෙසේ සිදු කල හැක. මීඩියා ප්ලේයරය හැර ඕනෑම යෙදුමක් හෝ කිහිපයක් ධාවනය කරන්න.
දැන් Start-->Shutdown තෝරන්න.
සුපුරුදු විකල්ප තුන වන Stand by, Shutdown, Restart එහි දිස්වනු ඇත.
දැන Shift යතුර තද කරන්න. එවිට Stand by යන්න Hibarnate ලෙස වෙනස් වනු ඇත.
Hibernate දිස්වී තිබෙන විට එය මත ක්ලික් කිරීම මගින් පරිගණකය Hibernate කිරීම සිදු කල හැක.
එවිට සියල්ල සුරකීමට කාලයක් ගනිමින් පරිගණකයේ විදුලිය විසන්ධි වනු ඇත. එවිට එය Shutdown කිරීම හා සමාන අවස්ථාවකට පත්වේ.

දැන් නැවත පරිගණකය පණගැන්වූ විට Resume Windows ලෙස දිස්වෙමින් Hibarnate තත්වයට පත් කරද්දී තිබු Desktop එක ධාවනය වූ යෙදුම් සියල්ල එලෙසම විවෘත කර‍ දෙයි.

සැමට සුභ වෙසක් දිනක් වේවා!!

අද වෙසක් පුන් පොහෝ දිනයයි. ‍සියලු බෞද්ධ ජනයා පුණ්‍ය කටයුතු වල යෙදිමින් මේ උතුම් පොහෝ දිනය සමරනු ලබන්නේ ඉමහත් බැතියෙනි. මේ මා සම්බන්ධ වූ කටයුතු කිහිපයක මා සතු මතක සටහන් කිහිපයකි.






2009-05-06

සටහන් පිටුවත් දැන් අලුත් කරා.

ම‍ගේ සටහන් පිටුව ලෝඩ් වෙන්න වෙලා යනව කියල පැමිණිල්ලක් ආපු නිසා ටෙම්ප්ලේට් එක ගැන පොඩ්ඩක් හොයල බැලුවා. මම වෙනස් කරල හදාගනිපු එකක් නේ. පසුබිමේ තිබුණු පින්තූරෙ තමයි මූලිකම හේතුව වෙලා තිබුණේ. ඉතිං ඒකත් එක්කල ඔරලෝසුවත් අයින් කරල දැම්මා. එකින් එක අයින් කරනකොට අලුතෙන්ම හදන එක හොදයි කියල හිතුන. ඒක නිසා සරලම ටෙම්ප්ලේට් එකක් තොරල එක වෙනස් කරා. කලින් තීම් එක ලොඩ් වෙන්න විනාඩි 12ක් ගියා කියල ගයාන් මල්ලි කිවුවා.මුලු තීම් එකම වෙනස් කරල තියෙන්නේ. දැන් එක කොහොමද දන්නෑ. අදහස් ටිකක් ඕන වැඩේට.

Firefox හි Address bar එක මගින් සෙවීම

ඇත්තටම Firefox Address bar එක සෙවුම් යන්ත්‍රයක් විදියට වැඩ කරනවා. ඉතිං හොයන්න තියෙන දෙයක් Address bar එකට ඇතුලත් කරල හොයන්නත් පුලුවන්.

මේක හම්බුනේ මගේ පෙරනිමි සෙවුම් යන්ත්‍රය එක වෙනස් වීම නිසයි. ඉතිං පෙරනිමි සෙවුම් යන්ත්‍රය Google කරන්න මෙහෙම කරන්න.නැතිනම් අවශය සෙවුම් යන්ත්‍රයක් ලෙස සකසා ගන්න.

1.ලිපින තීරුවේ about:config ලෙස සඳහන් කර Enter කරන්න. එහිදි සුපරික්ෂාකාරී වන බවට පොරොන්දුවන්න.
2.පිළිබඳ:මානකරණයේ පෙරහනය තුල keyword.url ලෙස සඳහන් කරන්න.
3. ලැයිස්තුවෙන් keyword.URL තොරා දෙවරක් ක්ලික් කරන්න
4. එහිදී String අගයට පහත පෙල ඇතුලත් කරන්න.
http://www.google.com.my/search?q=
5.දැන් "හරි" යන බොත්තම මත ක්ලික් කරන්න.

ඔබේ Firefox ලිපින තීරුව සෙවුම් යන්ත්‍රයක් වී අවසන්.

ඉගියක්:
සස්රූත සෙවුම් යන්ත්‍රය අවශය නම් එය http://www.sasrutha.com/?search= ලෙස වෙනස් කරන්න.

ලිනක්ස් වල ටීවී කාඩ් වැඩකරනවා.

දින දෙකකට කලින් ගෙදර ටීවී එක වැඩ නොකරන තත්වයකට පත් විය. ඉතිං මේ දිනවල ටීවී බැලීමට භාවිතා වන්නේද පරිගණයකයයි. වින්ඩෝස් වල කොහොමත් වැඩ කරන නමුත් ලිනක්ස් සඳහා ස්ථාපනය කිරීමට උත්සහයක් දැරුවෙමි.
ලිනක්ස් සඳහා මුලින්ම ටීවී බැලීමට හොද මෘදුකාගයක් සොයද්දී tvtime ගැන දැනගතිමි. එනිසාම එය ස්ථාපනය කල මුත් ලිනක්ස් වලට ටීවී කාඩ් එක සපෝට් කරයිද යන්න සැක සහිත විය. මුලින් වැඩ නොකලද බුද්ධික ගේ අඩවියේ එම කාඩ් එක සඳහා සැකසුම් ඇතිබව බුද්ධික විසින් වෙනත් ස්ථානයකදී මට සඳහන් කිරීම ගැන මුලින් ඔහුට ස්තූතිවන්ත වෙමි.

ඉතිං ඒ අනුව සැකසුම් කර අවසානයේ සතුටු දායක තත්වයකට ගැනීමට හැකි විය. එනම් Composite input ක්‍රියාකාරී වීමයි. ඉතිං දැන් ටීවී කාඩ් එක වැඩ කරන බව දන්නා නිසා Channel සදහා Scan කල යුතුය. නමුත් මේ ටික කර අවසන් වන විටම විදුලි බලය ඇණහිටීම නිසා කටයුතු ටික අතරමඟ නැවත් වීමට සිඳු විය.

ඉතිං ලිනක්ස් වල ටීවී කාඩ් එකත් වැඩ කරනවා.

2009-05-05

ලිනක්ස් මිල ගණන්




ජාලය තුල සැරිසරන විට හමුවූ දෙයක්.
ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ ලිපිනයක් සඳහන් මෙම අඩ‍වියේ රු.40 සිට රු.200 දක්වා මිල ගණන් වලට ලිනක්ස් සීඩී මිල සදහන් කර ඇත.

ලිනක්ස් ‍වල වෙලුම් වර්ග එක තැනකදී දැකගතිමි.

මෙන්න ලිපිනය ගිහින් බලන්න.

නමුත් මේවා නිදහස් හා විවෘත මෘදුකාංග බව මතක තබා ගන්න. සංවර්ධනය කිරීමට හෝ සංවර්ධනය කර විකිනීමට ඔබට තහනමක් නැත. තවද නොමිලයේම භාගත කරගත හැකිය.

Ubuntu 9.04 සහ Kubuntu 9.04



දැන් උබුන්ටු සහ කුබුන්ටු 9.04 වෙලුම් ඔබට Shipit හරහා නැවතත් ගෙන්වාගත හැක.


*නිකරුනේ ගෙන්ව‍ා ගැනීමෙන් වලකින්න.

ටොරන්ට් හොයන්න හොදම තැනක්

අපි ටොරන්ට් එකක් හොයාගන්න ගොඩක් සෙවුම් යන්ත්‍ර භාවිතා කරනවා.
උදා :-
isohunt.com
mininova.org
vertor.com
thepiratebay.org
btjunkie.org
btjunkie.org
torrenthound.com
seedpeer.com
torrenthub.org
mybittorrent.com
monova.org
torrentportal.com
torrentreactor.net
BitTorrent.AM
extratorrent.com

ඉතිං අපට අවශ්‍ය ටොරන්ටය මේ සේරම වලින් හොයාගන්නෙ කොහොමද? ඉතිං එක සැරේ ගොඩක් ටොරන්ට් සෙවුම් ප්‍රතිඵල දෙන එකක් තියෙනවනම්. මෙන්න ඒකට විසඳුමක්. හැබයි මේකට හොදම ටොරන්ට් ගබඩාව වන Demonoid නම් ඇතුලත් වෙලා නෑ.

විසඳුම තමයි Torrentz.com ඉතිං හොයා ගන්න අමාරු ටොරන්ට් මෙහෙම හොයල බලන්න.

හොයද්දී සීඩ්ස් ගැන බලන්නත් අමතක කරන්න එපා.

Backstreet Boys - I'll Never Break Your Heart



Baby I know your hurting
Right now you feel like you could never love again
Now all I ask is for a chance
To prove that I love you

From the first day
That I saw your smiling face
Honey, I knew that we would be together forever
Ooh when I asked you out
You said no but I found out
Darling that you'd been hurt
You felt that you'd never love again

I deserve a try honey just once
Give me a chance and I'll prove this all wrong
You walked in you were so quick to judge
But honey he's nothing like me


I'll never break your heart
I'lll never make you cry
I'd rather die than live without you
I'll give you all of me
Honey that's no lie (2x)

As time goes by you
Will get to know me
A little more better
Girl that's the way love goes
And I know you're afraid
To let you're feelings show
And I understand
But girl it's time to let go

I deserve a try honey
Just once
Give me a chance and I'll prove this all wrong
You walked in you were so quick to judge
But honey he's nothing like me
Darling why can't you see



No way, no how

I'll make you cry (2x)

2009-05-03

Copy කරන කොට No to ALL තිබුණ නම්



ගොඩක් ‍‍ෆයිල්ස් කොපි කරන කොට වින්ඩෝස් වල තියෙන Function එකක් තමයි Yes to All කියල වෙනම විධාන බටනයක් තිබීම. ඒත් මේකෙ අනිත් පැත්ත අපට ඕන නම් මොකද කරන්නනේ. ඒ කිවුවෙ No to All කියල දෙන්න ඕන උනොත්. ඒකටත් විසඳුමක් තියෙනවා. මෙච්චරයි කරන්න තියෙන්නේ Shift යතුර ඔබාගෙන No කියල දෙන්න.

Create Virtual Hard Disk Without Programs

Add Virtual Drive
1) First Create Folder or get Path that you need to access virtually.
2) Now find not Assigned Drive Letter
3) Then Open Command Prompt(Start-->Run-->type CMD-->OK
4) type this command
SUBST
EX:to mount "C:\My Music" folder as a new hard Drive with letter L:
SUBST L: C:\My Music
5) It will add new Virtual Hard Disk. to Check Open My Computer and Watch.
6) Now you can Access you folder via new Drive Letter any whare.

Remove
at Command Prompt type
SUBST /D

But this may can use Cheat customers by adding virtual Harddisk's on My Computer
can say it has large Hard Disk. Because it shows the drive size of mounted folder included Drive

2009-05-01

තණ්හා ජායතී සෝකෝ

බලන්න මේක දැක්කම හිතෙන්නෙ මොනවද කියල.

මට නං හිතුනෙ තණ්හාව විනාශයට මුල බව කියල

යාලු‍වෙක්ටත් ෆෙඩෝරා

ඔන්න ඉතිං මං ෆෙඩෝරා දාගෙන වැඩ කරනවා. දැකපු යාලුවෙක්ටත් ආස හිතිල එයාටත් ෆෙඩෝරා දාල දෙනවද ඇහුවා. (ඉතිං ඕක අහන්නත් දෙයක්ද?)
ගෙන්න ගත්ත ‍කම්පුටරේ
බැලුව 250GB හාඩ් ඩිස්ක් එකක් තිබුනේ.
දැම්මා පාටිෂන් මැජික්.
Auto CAD දාන්න පුලුවන් නම් XP ඕන වෙන්නෑ කිවුවා.ඒ නිසා තීරණය කරා 7GB විතර ඇතිවෙයි කියල
බොහොම අමාරුවෙන් 7GB වෙන් කරගත්තා.(film සහ සිංදු සංරක්ෂණයක් කරනව වගේ ඒකයි අමාරු උනේ.)
එක වෙන්කරල 7GB Unpartition Space වෙන්න මකල ෆෙඩෝරා දැම්මා.
දාල EasyLife එකෙන් codec ටිකයි player ටිකයි දාල දුන්න.
wine එකත් දැම්මා.
ඊට පස්සේ AutoCAD දාන්න බලද්දී ඉඩ මදි.
හොයල බලද්දී ඒකෙ තියෙන්නේ 1GB Ram එකක්.
ඉතිං 2GB swap එකට අරගෙන ඉතුරු 5GB විතරයි.

දැන් ඉතින් CAD නොකරන වෙලාවට ෆෙඩෝරා වල වැඩ
පස්සෙ qcad එක වත් දාල දෙන්න ඕනෙ.

ඉතිං ඔන්න මං නිසා තව කෙනෙක් ලිනක්ස් පාවිච්චි කරනවා.