Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2011-12-14

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට  root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය හඳුන්වාදුන්නේ  අපේ ධනික සහෝදරයා.

ඉස්සර ඉතිං Opera දාගෙන යංතං ගැටගහගෙන සිංහල කියව ගත්තට දැන් එච්චර නහින්න ඕන නැහැ.

ඇත්තටම කිවුවොත් මේකත් ඇවිල්ල WEB Browser එකක්. මේකට හැකියාව තියෙනවා Android එකේ සිංහල නැති උනත් සිංහල අකුරු නියම විදියට render කරල පෙන්නන්න. ඒ කියන්නේ අර ස්පිලි පාපිලි පනින ලෙඩ නැතිව නියමාකාරයෙන් සිංහල දර්ශනය කිරීමට මෙම SET Brower එකට පුදුම හැකියාවක් තියෙනවා. වැඩි කතා ඕන නැහැ මෙන්න මෙතනින් අර ගන්න පුලුවන්.


හරි දැන් සිංහල බලාගන්න පුලුවන්. ඒත් ප්‍රශ්නයක් නේ සිංහල නැත්නම් සිංහල ටයිප් කරන විදිය. ඒකටත් විසඳුමක් ධනික සහෝදරයම ඉදිරිපත් කරල තියෙනවා. ඒ තමයි හෙලකුරු


මේ තමයි ජංගම දුරකථන සඳහා වන ප්‍රථම සහ එකම ශබ්දානුකූල සිංහල යතුරුපුවරුව. එහෙනං ඉතිං කරන්න තියෙන්නේ Android එකට සිංහල උගන්නලා සිංහලෙන්ම කියවන ගමන් ලියන එකයි.


මේ වෙද්දි ප්‍රධානම ප්‍රවෘත්ති මාධය්‍යක් මේ SETT rander වෙන ක්‍රමය අරන් යෙදුමක් සකස් කරල තියෙනවා. ඒත් ධනිකට කියලවත් නැහැ භාවිතා කරනව කියලවත්. එයාල ඒක හැදුවේ ධනික ඒ ක්‍රමය සොයාගත්ත නිසානේ. මේ වගේ නිර්මාණ කරන ඔහුව දිරිමත් කරනව වෙනුවට ඒ වගේ දේවල් කිරීමෙන් පේන්නේ අතහිත දෙනවට වඩා හොරකම් කරන්න කට්ටිය බලාගෙන ඉන්නව කියන එක කියලයි මගේ හැඟීම.

2011-12-11

ඉර හඳ තරු



කළුවර අහසට 
ආලෝකය දෙන්න
තරු රැසක් මළානික
ආලෝකයක් දෙද්දි
ආවාට පිරුණු
වටකුරු දෙයක්
ඒ එළියට වඩා 
හැමෝම ආස කරන
වැඩි මෘදු එළියක් 
පතුරුවලා ඒ අඳුර 
මකා දමන්න 
හැදුවත්,
ඒ හඳට 
මෘදු එළිය පතුරවන්න
උදව් වෙන්නේ
වෙන කෙනෙක්.

හැමදෙනාම
බැන්නට, 
ගණන් ගත්තෙ
නැති උනාට,
ඉර ඒ හැම දෙයම
උපේක්ෂාවෙන් 
විදගෙන ඉවසාදරා
ලෝකයේ හැමදෙනාටම
ජාති බේද නොසලකා
එක සමානව
ආලෝකය මෙන්ම 
උණුසුම බෙදා දෙනවා.

ඒත් මිනිස්සු  කතා කරන්නේ හඳ තරු ගැන විතරයි.

/\    /\
/  \  /  \
/ /\ \/ /\ \
/ /  \/ /  \ \
\ \  / /\  / /
\ \/ /\ \/ /
/\   \ \/  \ \/   /\
/  \  /\ \  /\ \  /  \
/ /\ \/ /\ \/ /\ \/ /\ \
/ /  \/ /  \/ /  \/ /  \ \
\ \  / /\  / /\  / /\  / /
\ \/ /\ \/ /\ \/ /\ \/ /
\  /  \ \/  \ \/  \  /
\/   /\ \  /\ \   \/
/ /\ \/ /\ \
/ /  \/ /  \ \
\ \  / /\  / /
\ \/ /\ \/ /
\  /  \  /
\/    \/

Tharu

2011-11-24

terminal එකෙන් resolution වෙනස් කරමු

terminal එක විවෘත කර root ලෙස ප්‍රවේශ වෙන්න.

දැන් xrandr විධානය මගින් පවතින resolution බලාගන්න.

Screen 0: minimum 320 x 200, current 1366 x 768, maximum 8192 x 8192
LVDS1 connected 1024x768+0+0 (normal left inverted right x axis y axis) 309mm x 174mm
   1024x768       60.0
   800x600        60.3     56.2
   640x480        59.9
VGA1 disconnected (normal left inverted right x axis y axis)



එහි දැක්වෙන resolution වලට පහසුවෙන් වෙනස් කිරීමට පහත විධානය භාවිතා කරන්න.

xrandr -size <නව resolution එක>
xrandr --size 1024x768

ඉතාමත් පහසුවෙන් resolution වෙනස් වන ආකාරය පේනව නේද?

දැන් බලමු මෙතන නැති resolution එකක් භාවිත කරන්නෙ කොහොමද කියලා
මුලින්ම ළගම ගැලපෙන resolution එක බලාගන්න cvt විධානය විභේදනය සමග ලබාදෙන්න

cvt 1360 768

# 1360x768 59.80 Hz (CVT) hsync: 47.72 kHz; pclk: 84.75 MHz
Modeline "1360x768_60.00"   84.75  1360 1432 1568 1776  768 771 781 798 -hsync +vsync

එහි modeline වලින් පසු ඇති ප්‍රතිඵලය copy කරගෙන එය xrandr වලට එකතු කරගන්න

xrandr --newmode  "1360x768_60.00"   84.75  1360 1432 1568 1776  768 771 781 798 -hsync +vsync"

xrandr --addmode "1360x760_60.00"

දැන් xrandr  මගින් නැවත පරීක්ෂාකරන්න.
නව විභේදනය එකතු වී තිබෙන අයුරු දැකගත හැකි වනු ඇත.
Screen 0: minimum 320 x 200, current 1366 x 768, maximum 8192 x 8192
LVDS1 connected 1366x768+0+0 (normal left inverted right x axis y axis) 309mm x 174mm
   1366x768       60.0
   1024x768       60.0*+
   800x600        60.3     56.2
   640x480        59.9
VGA1 disconnected (normal left inverted right x axis y axis)


දැන් පහසුවෙන්ම xrandr --size මගින් නව විභේදනයට මාරුකරගත හැකි වනු ඇත.

xrandr වලින් විභේදනය ඉවත් කිරිමට xrandr --rmmode ""  භාවිත කරන්න.

2011-10-27

Linux Live USB එකක් සෑදීම


හන්තාන සමගින් පෙරනිමියෙන් එන LiveUSB Creator මගින් පහසුවෙන් Live USB එකක් සාදාගත හැක. 
මේ සඳහා Fedora 15 මත  4GB PenDrive එකක් සහ හන්තාන මෙහෙයුම්පද්ධතියේ ISO එකක් මා භාවිතා කලෙමි.
මෙහිදී දත්ත මැකීයන බැවින් Pen එකෙහි වූ දත්ත බැකප් කර ගැනීම පළමුවෙන් කල යුතුය.

1.පියවර
LiveUSB Creator ආරම්භ කර Browse බොත්තම මත ක්ලික් කරන්න


2.පියවර
දැන් Live USB එකට දැමිය යුතු OS එකෙහි ISO එක තෝරා දෙන්න. මා මෙහිදි ලබාදුන්නේ Hanthana Linux 14.7.12 වෙළුමයි.


3.පියවර
ඔබගේ සැකසුම් සුරැකීමට අවශ්‍ය නම්
තේරූ ISO එක සමගින් Live USB එක තැනීමට Create Live USB බොත්තම ඔබන්න


දැන් Pen එකට OS එක මාරු වන අතර එහි Progress එක නිල් පැහැයෙන් පෙන්වයි.


අවසාන වූ පසු  පහත පරිදි කවුලුව දිස්වේ.


දැන් Live USB එක තනා අවසන්.

ඕනෑම පරිගණකයකට මෙම PEN එක සවිකර  First Boot එක ලෙස USB තේරුවිට පහසුවෙන් Hanthana Boot කරගත හැක.

* First Boot එක USB ලෙස තේරීමට පැරණි මව්පුවරු සහය නොදැක්විය හැක.
Boot Menu ලබාගැනීමට බොහෝමයක් මව්පුවරු වල ඇත්තේ  F12 හෝ F10 යන key එක එබීමටයි.
නැතහොත් POST Test එක අතරතුර එබිය යුතු යතුර දක්වනු ඇත.

ඊට අමතරව BIOS වලින් ස්ථිරවම Boot Sequence එක මාරු කිරීමද සිදුකල හැක

2011-08-09

හඳ සහ මව

 

අන්න පුතේ අර බලන්න හඳ හාමිගේ හා පැංචා.
අම්මට පිස්සුද හඳේ කෝමද හාවෙක් ඉන්නේ.
ඔය පේන්නේ හඳේ තියෙන ආවාටනේ..


2011-08-03

Generator Load Testing..

ඊයේ (2011-08-02) දින අධි බල විදුලි කණුවක JCB යන්ත්‍රයක් ගැටීම නිසා කාර්ය්‍යාලය අවට ප්‍රදේශයේ විදුලි ඇණ හිටීමක් සිදුවූ නිසා වැඩ කිරීමට විදුලි බලය ලබාගැනීමට විදුලි ජනකයක් පාවිච්චි කලා..

මාස ගණනාවකින් ක්‍රියාත්මක කිරීම නිසා ක්‍රියා කරවීම මඳක් අසීරු වුවත් කෙසේ හෝ ක්‍රියා කරවා 10ට පමණ වැඩ ආරම්භ කල හැකි උනා. 11.15ට පමණ විවේකයෙන් පසු විදුලි බලය මඳිකමක් දැනෙන්නට වූ බැවින් බලය වැඩි කිරීමට උත්සහ කලත් අසාර්ථක වූ නිසා ක්‍රියා විරහිත කර දැමුවා.. ඒ අවස්ථාවේ ජනකය තුල පුළිඟු පනින ආකාරය දැකගැනීමට තිබුනා.. බලය අඩුවීමට හේතුව එය වෙන්නට ඇතැයි අනුමාන කලා.

නැවතත් කෑම පැයෙන් පසු ක්‍රියාත්මක කලත් විදුලිය ලබාගත නොහැකි උනා. කිහිපවරක් උත්සහ කිරීමෙන් අනතුරුව කාර්මිකයෙක් ලවා ඇතිල්ලුම් පරීක්ෂා කර නැවත සවිකිරීමෙන් පසු විදුලිය ලබාගත හැකි උනා.. ජනකයෙන් විද්‍යුත් ගාමක බලය 230 දක්වා ලබා දී UPS ක්‍රියාත්මක කිරීමට හැදුවත් ඒවා ක්‍රියාත්මක වූයේ නැහැ. 250 දක්වා වැඩි කලත් සාර්ථක නොවූ බැවින් ක්‍ෂමතා පරීක්ෂාවක් සිදුකරමු යැයි කාරමිකයා විසින් යෝජනාවක් කලා..

මීට පෙර මෙවන් දෙයක් දැක නැති නිසා මේ ආකාරයෙන් ජංගමයෙන් සටහන් තබා ගත්තා.. මෙහිදි මුලින්ම භාජනයකට වතුර ටිකක් ගෙන ලුණු ස්වල්පයක් දමා 1.44 වයර් දෙකක් එය තුලට දමා ජනකයට සම්බන්ධ කර පණ ගැන්වීම තමයි සිදුකලේ.

 
විද්‍යුත් විච්චේදන ක්‍රියාවලියක් තමා මෙහිදී සිදුවෙන්නේ.. නමුත් ජනකයෙන් ධාරාව උපරිම ලෙස ලබාගන්නවා.. එබැවින් ක්‍ෂමතාව ගණනය කිරීමට ධාරාව මැනගැනීමෙන් පුලුවන්. මෙන්න අවසාන ප්‍රතිඵලය.

ධාරාව මැනල බැලුවම නම් 5kW ක්‍ෂමතාව ලබාගන්න පුලුවන්. හැබයි අන්තිමට කොප(ර්) දියවෙලා..
අවසානයේදී විද්‍යුත්ගාමක බලය 260ක් දක්වා වැඩි කිරීමෙන් අනතුරුව තමයි UPS ක්‍රියාකල හැකි වූයේ.. 260V වැඩි කියල හිතුණත් සියළුම UPS සහ පරිගණක ක්‍රියාත්මක කල පසු 255V දක්වා පහත වැටී තිබෙනු දක්නට ලැබුනා..

2011-07-28

Google Plus හි තමන්ගේ Profile එකට link එකක් හදාගමු

Google Plus ,G+ , එහෙමත් නැත්නම් ඔයාල දන්න විදියට කියනවනං පස් වල එකවුන්ට් එක කාටවත් දෙන්න ගියාම ලින්ක් එක ටිකක් අවුල් නේ..
මේ තියෙන්නේ මගේ profile එක.
https://plus.google.com/117408766082951350719
ඉතිං ඕකෙ තියෙන නම්බර් ටික නිසානේ අවුල.. ඒකට මෙහෙම වැඩක් කරගන්න පුලුවන්.

http://ongplus.com/ ගිහින් ඔයාල කැමති නමක් දාගන්නකෝ.
  කියන තැනට ඔයාලට දාගන්න ඕනි නම දෙන්න
දැන් අර උඩ ලින්ක් එකේ තියෙන අංක ටික. plus.google.com එකට පස්සේ තියෙන ටික Google+ ID: කියන තැනට දෙන්න
මෙන්න මේ විදියට.





ඔය ටික කරල ක්ලේම් කලාම දැන් මෙන්න මෙහෙමයි මගේ profile එකට යන්න පාර තියෙන්නේ
http://ongplus.com/kpgtharaka

2011-07-21

අලුත් වැඩක් - පින්තූර ඇල්බම් එක

ඔන්න මාත් පටන් ගත්ත පින්තූර ඇල්බම් එකක්. තාක්ෂණික වැඩ වලට වඩා වෙනස් දෙයක්නේ.. හැමදාම ඒවම කරල හරියන්නෙත් නැහැනේ.. මේක මට ඉස්සරහට වඩාත් වැදගත් වෙයි කියල හිතෙනවා.

Flickr එකේ තමා කරන්නේ..මේක මං අරගනිපු පින්තූර වලින් මට හොදයි කියල හිතෙන පින්තූර ටික දාල හදාපු ඇල්බම් එකක්.

හදන්න හිතුනේ මං ගනිපු පින්තූරයක් දැකල කෙනෙක් ඇල්බම් එකක් නැද්ද කියල අහපු නිසා..  දැන් ඉතිං ඔන්න ගන්න ගන්න පින්තූර ඕකට දාන්න තමා හිතන් ඉන්නේ..

තාම ඉතිං හරියට කැමරාවක් වත් නැහැ.. මේව අරන් තියෙන්නේ මගේ ජංගම දුරකථනයෙන්.. කට්ටියට මතකද දන්නෑ අර රිමෝට් එකක් විදියටත් පාවිච්චි කරනව කීව එක තමයි.

කැමති නම් පින්තූර වලට කමෙන්ට් කරන්නත් පුලුවන්.. අකමැති නම් ඒත් පුලුවන්..
මට හුඟක්ම වටින්නේ පින්තූර ගැන කරන විවේචන තමා..
ඒ කීවේ.. මේක මේ විදියට ගත්තනම් මීට වඩා හොදයි කියල උපදෙසක් ගන්න පුලුවන් නම් තමා..

මොකද මං පොටෝග්‍රැෆි වත් ග්‍රැෆික් ගැනවත් වැඩි දෙයක් දන්නැති නිසා.

එහෙනම් ගිහිල්ලම බලන්නකෝ.

http://www.flickr.com/photos/54021321@N06/

2011-07-09

Fedora Code Names & මගේ ලිනක්ස් ආරම්භය

මෙච්චර කාලෙකට ආපු Fedora version වල Code Names ටික තමයි මේ..

Fedora Core 1 (Yarrow)
Fedora Core 2 (Tettnang)
Fedora Core 3 (Heidelberg)
Fedora Core 4 (Stentz)
Fedora Core 5 (Bordeaux)
Fedora Core 6 (Zod)
Fedora 7 (Moonshine)
Fedora 8 (Werewolf)
Fedora 9 (Sulphur)
Fedora 10 (Cambridge)
Fedora 11 (Leonidas)
Fedora 12 (Constantine)
Fedora 13 (Goddard)
Fedora 14 (Laughlin)



ඉතිං ඔතනිං මං මුලින්ම අත තිබ්බේ Moonshine එකට තමා.. ඒත මොඩම් එක ගත්තෙ නැති නිසා වැඩිය මුකුත් කරන්න බැරි උනා.. මේ තියෙන්නේ මං lklug එකට යවපු මුල්ම මේල් එක.
http://www.linux.lk/lurker/message/20070715.141609.25f51b8a.pl.html#linux

ඒකට උත්තරේ එවල තියෙන්නේ Bud


ආයෙ Sulphur වල ඉදං පටන් ගත්ත දැන් තියෙන්නේ පාවිච්චි කරන්නේ Leughlin දැන් නම් කරදරයක් නැතිව වැඩ කරනවා..

දැන් තියෙන්නේ Fedora 15 (Lovelock)
ඊළඟ එක තමයි Fedora 16 (Verne)

2011-06-15

Winamp සඳහා Crossfading සක්‍රිය කිරීම

මේ දවස්වල ඉතිං ඉඩක් ලැබුනම කරන දෙයක් තමයි BuzzRadio එක සඳහා ගීත වාදනය කරන එක.. තව ඒකටම පොඩි පොඩ් එක්පෙරිමන්ට් කරල බලන එක. http://radio.lk7.info ගියානම් ලෝකේ කොහේ හිටියත් අහන්න පුලුවන්. ඒකට පාවිච්චි කරන්නේ winamp තමා.. ඉතිං අනිත් අය සිංදු දාද්දි දැකපු දෙයක් තමයි. සිංදු අතර ඉඩක් තියෙන එක. ඒ කීවේ සිංදුවක් ඉවරවෙලා ඊඟාව සිංදුව පටන් ගන්න කලිං තත්පර කිහිපයක් නිහඬතාව රජ කරන එක. ඒක වලක්වගන්න පුලුවන් මෙන්න මේ දෙන මෘදුකාංගයෙන්.. ඇත්තටම කීවොත් ඒක winamp Plugin එකක්.

මෙතනින් ගන්න..

ඕක ස්ථාපනය කරල සක්‍රිය කරා නම් ස්වයංක්‍රීයව සිංදු අතර තියෙන ඉඩ අඩු කරල එකක් ඉවර වෙනවත් එක්කල තව එකක් පටන් ගනීවි..



දාලම බලන්න.. උදව්වක් හෙම ඕන නම් පහලින් ලියන්නකෝ..

2011-06-13

Y FM ඇහුවට තෑගි ලැබීම - YFM Top Fan

උ.පේ කරල ඉවර වෙලා හා හා පුරා කියල ජොබ් එකකට ගියා.. රිසල්ට් එකෙන් නම් නෙවෙයි.. ඒ පලවෙනි ජොබ් එක උනේ Post of Associate. වැඩ කලේ එංගලන්තේ.. රට ගියේ කවදද අහන්න එපා! එංගලන්තෙ වැඩ කලාට මෙහේම තමයි හිටියේ. කරපු වැඩේ තමයි ගිහිපු වෙලේ ඉදන් ෆෝම් පුරවන එක.. හරි හරි.. තේරෙන සිංහලෙන් කියනවනං Data Entry Operator කෙනෙක්.. වැඩ කලේ හවස 6.30 ඉදන් උදේ 3.30. වවුල වගේ තමා නයිට් වැඩ කරල දවල් නිදාගන්නවා..

ඔය අතරෙ වැඩ කරන තැන දාන්නේම BBC සංදේශය තමා.. දාන සිංදුත් ඊට හපන්.. ඒ මදිවට AC එකට අතේ ඇඟිලිත් Freeze වෙනවා. ටික කාලයක් ගිහින් ගත්ත Mobile Phone එකක්.. Nokia 6230. ඒ දවස් වල හැටියට ඒකේ තිබුන පහසුකම් වැඩිත් එක්කල. ඉතිං මොකද කලේ හැමදාම රේඩියෝ එක අහන්න පුරුදු උනා.. Data Entry කරන ගමන් Hands-free එක ගහගෙන සිංදු අහනවා. බීට් එකට Typing Speed එක හරි හරියට යනවා. :) 8-10 වෙනකල් අවුලක් නැහැ. ඊට පස්සේ තමයි අවුල slow සිංදු ගියොත් නං ඇඟිලි වලට වෙනම Exercise දෙන්න වෙනවා ආයේ ටයිප් කරන්න.


ඔය අතරෙ තමයි 2005 දෙසැම්බර් පලවෙනිදා වැරදීමකින් හරි රේඩියෝ ලයින් එකක් FM 92.6න් අහු උනේ.. ඒකේ සිංදු විතරමY. එදා ඉදං ඉතිං පුලුවන් තරං ඇහුවේ ඕකම තමා. නියම බීට් එක. හැබයි කොළඹ ඉදිද්දි විතරයි අහන්න පුලුවන්. ඉතිං ගෙදර එන්න 3.30ට බස් එකට නැග්ගත් පුලුවන් තරම් දුර අහගෙන එනවා. කොහොම හරි පානදුර වාද්දුව හරියට විතරයි අහන්න පුලුවන්. ටිකෙන් ටික ඒකට ඇබ්බැහි උනා වගේ උනා.. Cool Mix Drive, Love Dreams සහ Y Music Unlimited විතරද කොහේ ඒ දවස් වල අහන්න හම්බෙන්නෙත්.. තාමත් මතකයි Dj Slash ගෙ Dark Angle Remix එක. ලගදි දවසක් ආයේ ඒක අහන්න හිතිල Slash ගෙන් ඉල්ලුවට පරණයි කියල දුන්නෙ නැහැ.

මාස 5කට පස්සේ ඒ රස්සාවෙන් අයින් උනා. ඉතිං Y අහලත් හමාරයි..

දවසක් හදන්න ගෙනාපු Hi-Fi එකක් ගෙදර තිබුණා. නිකමට 92.6ට Tune කලා.. පැහැදිලිම නැති උනත් අහුවෙනවා. Digital Tuner එකක් නිසා වෙන්න ඇති. මාසයක් විතර Mono දාගෙන ඇහුවා. Mono කරාම ටිකක් පැහැදිලිව ඇහුනා. කොහොම හරි ඒ දවස් වල ගෙදරට ආපු යාලුවෙකුටත් විස්තරේ කියලා පොඩ්ඩක් අහන්න දුන්නා. පස්සෙ ආරංචි උණු විදියට Y අහන්න ගේ වටේම වයර් ඇදල බලලා. ඒත් අහුවෙලා නං නෑ. හෙන කාලයක් එක එක විදියේ ටැස්ටිං කොර කොර ඇහුවා y. පහු පහු වෙද්දි 92.6ට දෙමල ලයින් එකක් අහුවෙන්න ගත්ත. 101.3 වලින් දකුණට දුන්නට අපේ පැත්තට අහුවෙන්නැහැ.

2009 ජනවාරි පළවෙනිදා අන්තර්ජාල සබදතාව ගෙදරට ලැබුනේ.. එදා ඉදල නං දිගටම ඔන්ලයින් අහන්න පුලුවන් උනා. ඉතිං කොච්චර ට්‍රයි කරත් මේ පැත්තට නං FM වලින් Y දෙන පාටක් නං නැහැ. ඔන්ලයින් දිගටම අහන්නනං PC එක දාල තියන්න ඕන. ඒත් ලයිට් බිල ඒකට හරස් වෙනවා. ඒක නිසා හැදුව පොඩි අයිටම් එකක්. :) ඒක ගැන පස්සෙ කියන්නං.

ඉතිං ඔහොම අහගෙන අහගෙන ඉන්නකොට තමයි මාර්තු මාසේ Fans ලට තරඟයක් තියනව තියල දැනගන් ලැබුනේ. කරන්න තිබුනේ කරන දේවල්ම කර කර ඉන්න ගමන් YFM බැජ් එක FB Profile Pic එකට ගහන් ඉන්න තමයි. ඒකත් ගහල ඔන්න සුපුරුදු විදියටම ඉන්න අතරෙ තමයි අප්‍රේල් 27 වෙනිදා කිවුවේ ජයග්‍රාහකයින් තෝරාගෙන අවසන් කියලා. එදා Y Cafe එක අහගෙන ඉන්නකොට එකපාරටම සිංදුවක් වත් ඉල්ලන්නැතිව මගේ නම කියපි.. FB wall එකේ නම් ටික දාල තියෙනව කිවුව නිසා ටක් ගාල බැලුව මේං මේ ලැයිස්තුව දාල තිබුණා.


Top 30 Winners List :

1. Gayan Tharaka
2. Anjalee Subasinghe
3. Amal Madawa
4. Leader Manori Perera
5. Ramesh Lakmal Kumarasinghe
6. Supuni Jayawardhana
7. Erangi Yatawara
8. Smart Boy Cg
9. Smith Prabath
10. Jalini Dulanjali
11. Rujith Siriwardana Alwis
12. Shiras Rock
13. ShaShini KauShali FonSeka
14. Nelunika Kumari
15. Shaminda Srinath
16. Kasun Andy Doo
17. Amith Sampath
18. Danush Samaradiwakara
19. Amali Samanmali
20. Chamara Shirantha
21. Udana Pasan
22. Sasila Jehan
23. Ruwan Dhananjaya
24. Dilukshan Silva
25. Pavan Malith
26. Venura Edirisinghe
27. Anoja De Zylva
28. Deepal Nuwan
29. Sasini Chathurika
30. Janu Usgodaarachchi

30ක් තෝරගත්ත නිසා මට මුලින්ම හිතුනේ 30දෙනාටම එක හා සමාන අවස්ථා ලැබිලා කියල. මැයි 19 වෙනිදා ඇවිත් තෑගි අරන් යන්න කියල YFM එකෙන් කතා කරල කිවුවා. ඉතිං 20 වෙනිදා ඇමතුම් ලැබුණු අය කිහිප දෙනෙක් එනව කීව නිසා 20 නිවාඩුවක් දාල ගියා තෑගි ගන්න.
කොටුවට ගිහින් එදා යන කස්ටියත් එක්ක දෙපානමට ගියාට පස්සේ DJ-ස්ලෑෂ් නදීෂ් නික් තුන්දෙනාවත් හම්බඋනා. ඉතිං පොඩි සතුටු සාමීචියක් හෙම දාල බැලින්නං මුල් පස්දෙනාට විතරක් තෑගී ජාති ඔක්කොම වලින් තියෙනවා. ඉති මේං මේවා තමා හම්බුනේ.











ඉතිං ඇහුවට පාඩුවක් උනේ නං නෑ..

PS: දෙවන Sundown Concert එක ජුලි 9 මාතර සනත් ජයසූරිය ක‍්‍රීඩාංගනයේ තියෙනවා.

2011-04-14

අවුරුදු Sajje

ඊයේ (13 වෙනි දින) පැවැත්වූ අවුරුදු සාජ්ජයේ ඊයේ සිට මේ දක්වා වන විට සියලුම සිංදු ගණන 1313ක්. මෙන්න සිංදු කියපු ලැයිස්තුව හා සිංදු ගනන..

156 RoylyFdo
118 AnjulaMalshan
95 nisald
83 NisansaDdS
82 KolithaBee
82 GayanMW
68 hajara_
63 anushkalakmal
62 roshm
40 xaInDC
37 kpgtharaka
33 lahirunirmala
32 zashgal
30 lasanthabuddika
30 isuru71
25 pixzumaliya
24 uvindubt
22 astroanu
21 chethaka
20 PolZie
20 udaraumd
19 Ashenr2
17 hogsmate
17 namila007
15 yfmdjslash
10 yoshrox
9 crazykesh
9 Thilinabuwa
8 ilhams
6 Dili
5 pahans
5 janukz
4 bkrishantha
3 dilanrf
3 gihangamos
3 hasitha77
3 Malithsen
3 thameera
3 Tylershehan
2 arvindjkv
2 Aysha_SM
2 naveenmadhawa
2 SeeJay
1 akila87
1 Ashu_Bashu
1 chanux
1 charithsoori
1 chathuraw
1 Elmoq
1 iHaneez
1 indunan
1 ireshsl
1 kanirockz
1 Lakshani55
1 Lollipop_Kid
1 nipunika11
1 ranmalm7
1 rimiiee
1 ruzeenr
1 sidathsam
1 thilinamees
1 vishalrc
1 WorldPNT

විශේෂ ස්තූතිය sandaruwan ට

2011-04-13

Cyber සිහින උළෙල - 2 වන කොටස

සිහිනයක් නොවූ සිහින උලෙළේ දෙවෙනි කොටස අරන් ආවා.. මේකෙ අඩංගු වෙන්නේ ආරම්භය සිදු උන ආකාරය සහ තරග ආරම්භය සනිටුහන් උනු හැටි තමා.. මේකෙ වීඩියෝ කොලිටිය ටිකක් වැඩියෙන් අප්ලෝඩ් කරා..

ආරාධිත අමුත්තන්ට සාම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වන්න ආරාධනා කරන්නේ රචින්ත මලයා.. කොහොමද බලන්නකෝ කටහඩ..
පොල්තෙල් පහන දල්වලා අභීත අයිය ගෙදරින් ලියාගෙන ආපු කතාව කරනවා :)

මීටර් 100 දිවීම තරඟය..
පළවෙනියාට තෑගි දීමට පෙර මාරයියා කරුණු පැහැදිලි කරනවා.. පැරචුට් එකක්වත් තිබ්බා නං මාරයා දුවයි..

ඊගාවට කස්ටිය සීනි බනිස් වේලන්න එල්ලන හැටිත්


ඇස් බැඳල ඉන්නකොට ටොකු අනින්න එන්නෙ කවුද කියලත් බලාගන්නකෝ එහෙනං..
ඒ අතරම අභීත අයියගේ ඩාන්ස් පාරකුත් වීඩියෝ වෙලා නෙව.. :) අන්තිම එක නං හැමෝම දැක්ක මේක දැක්කද දන්නෑ. මොකක් හරි වන්නමකට ලේස්ති වෙනව වෙන්න ඇති.

යෝගට් කවන්න ඇස් බදින හැටි සහ අන්තිමයා පලවෙනියා වෙන හැටිත් බලාගන්න පුලුවන්.. ඒ අතර සමහරු යෝගට් පොවනවා.. හෙහෙ.
එතනදි දෙන්නෙක් පස්කන්න ට්‍රයි එකක් දුන්න නමුත් ඒක මෙකේ නැහැ.

යෝගට කෑවට පස්සේ මූණ කොහොම ඇත්ද

හරි හරි වැඩි කතා ඕනි නෑ බලලම ඉන්නකෝ..




ප.ලි. : බිල සැර වැඩිවෙයිද මන්දා

2011-04-08

Cyber සිහින උළෙල - 1 වන කොටස

අර තිවුවයි කිවුව සයිබර් සිහින උළෙල ගැනනේ මේ දවස් වල කාගේත් කතාව.. ඒ වගේමයි පින්තූර ටැග් වෙනවා.. කමෙන්ට් වැටෙනවා මඩ වදිනවා.. වීඩියෝ කලාට ඒ සේරම අප්ලෝඩ් කරන්න බෑ. විශේෂයෙන් මාරයා ඉන්න එවුවට ගෙවන්න කිවුවත්නේ :). මේකත් Hi Quality තමා හැදුවේ අන්තිමට සයිස් එක 690MB උනා. ඉතිං Video සයිස් අඩු කරල අන්තිමට Quality බස්සල මේ ගාණට අරගෙන අප්ලෝඩ් කරා..

සහභාගී නොවුනු අය පින්තූර බලල දුක් වෙන විත්තිය කමෙන්ට් වලින් තේරුණා.. මේක බලල තවත් දුක් නොවී ඊළග පාර එකට කොහොම හරි එන්න උත්සහ කරන්න කියල තමයි මුලින්ම කියන්න තියෙන්නේ

ඇතුල් වෙනකොට ගේට්ටුවෙ හිටිය එල පොරක් ඉතිං බැලුවම පිලිගැනීමේ නිලධාරියද දොරටුපාලද කියල නම් හිතාගන්න බැරි උනත් එතන ඉදන් තමා වීඩියෝ කිරිල්ල පටන් ගත්තේ. අන්තිමට බලද්දි මෑන්ස් ටිකට් කඩල තියෙන්නෙ අපට විතරක් නෙවිලු. ආරාධිත අමුත්තන්ටත් ටිකට් කඩලාලු.. හෙහෙ

රසවත් අවස්ථා ගොඩාක් තිබුණත් ටිකක් විතරක් මෙහෙම ලියන්නම්. වීඩියෝව බලල ඔයාලම අවස්ථා සම්බන්ධය දාගන්නකෝ

“හොදට ගනිං ඈ.. වීඩියෝ වෙනවනේ.“

“ගන්න මල්ලි. හැබැයි අයකරනවා“

මේක තමයි උනු සිරාම සීන් එක වීඩියෝ කරද්දි පොරක් පින්තූර ගන්නකොට ඉන්නව වගේ ඉදල අන්තිමට අහපි
“ඕක වීඩියෝ කැමරාවක්ද“ කියලා.. කවුද කියල හොයාගන්නකෝ

අනිත් එක තමයි මේක බලද්දි උනු දේවල් යලිත් මතක් වෙනවා.. ඒවගේ දේවල් ලියන්න ඔය පහල කොටුවක් තියල ඇති හොදේ :)

වීඩියෝ එක බැලුවම සේරම කතා ටික ලියන්න පුලුවන් උනත් වීඩියෝ එක බලලම ඉන්නකෝ..



ඉතිං මේ පෙර සූදානම විතරයි ඉතිරි ටික එහෙමම තියෙනවා.. හදල අප්ලෝඩ් කරන්නම්.
2වෙනි කොටසින් ආයෙ හමුවෙමුකෝ

2011-03-27

Fedora මත MySQL ස්ථාපනය

වැඩි දෙයක් කරන්න ඕනි නෑ.. අන්තර්ජාලය හා සම්බන්ධ වෙලාවක
Terminal එකට root ලෙස ලොග් වෙලා
yum -y install mysql mysql-server
ඒ පියවර අවසන් වූ විට mysql භාවිතා කිරීමට පෙර mysqld ධෘවනය කල යුතු වෙනවා.
ඒ සඳහා නැවතත් Terminal එකතුල
service mysqld start ලෙස හෝ /sbin/service mysqld start ලෙස ලබා දෙන්න.
නිවැරදිව සිථාපනය වූයේ නම් කොළ පැහැයෙන් OK ලෙස ලැබෙනු ඇති.
දැන් mysql යන්න යතුරු ලියනය කර mysql console ලබාගත හැක.

පරිගණකය ආරම්භයත් සමග mysql server එක ධාවනය කරවීමට
chkconfig mysqld on ලෙස ටමිනලයට ලබාදෙන්න.

mysql root පරිශීලකට මුරපදයක් එක් කිරීමට අවශය නම්.
mysqladmin -u root password 'මුරපදය'

*හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතියත් සමග mysql පෙරනිමියෙන්ම ලබාදෙනවා. එබැවින් ඔබ භාවිතා කරන්නේ හන්තාන ලිනක්ස් නම් ස්ථාපන පියවරයන් සිදුකල යුතු වන්නේ නැහැ.

2011-02-14

LED Sign Board එක සහ තෙවන වසරට පා තැබීම.


ඕං තව වැඩක් හරි ගියා.. PIC16F84 දාල හදපු 30x8 LED Sign Board එක තිතට වැඩ කරනවා.. මේ තියෙන්නේ වැඩ කරද්දි ගනිපු පින්තූරයක්. පැහැදිලිව පෙනේද මංදා..



Flasher එක නිසා එළිය අඩුවෙන් තමා පේන්නේ. ඔක්කොම වැඩ ඉවර කලාම වීඩියෝ එකක්ම දාන්නං. ලීවේ Assembly වලින් තමා.. MicroLab IDE එකෙන් ලියල කම්පයිල් කරල Winpic එකෙන් Program කරගන්තා.
දැනට මූලික පියවර ගොඩ.. ඒ කියන්නේ සාර්ථකව වැඩ කරනවා.


ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා.



දෙවන වසරට පා තැබීම ගැන ලීවෙ අද ඊයෙ වගේ උනත් ඒක ලියලාත් අවුරුද්දක් වෙනවා. එතකොට සිංහලෙන් බ්ලොගය ලියන්න අරන් අදට අවුරුදු දෙකක් වෙනවා.. මේ තියෙන්නේ දෙවන වසර ඇරඹුම ගැන ලියපු සටහන..

ඒ කාලේ එක්කල බලද්දී දැන් නම් ලිවීමේ වේගය සීඝ්‍ර ලෙස අඩුවීමක් පෙන්නුම් කරනවා.. ආයෙ ලියන්න ගන්න කාලෙ හරි නෙවෙයි ලියන්න ඕනා.. ඩ්‍රාෆ්ට් වල තියෙන ටික දැන් පරණ නිවුස් නිසා එවු‍ව එහෙමම තියෙන්න ඇරල අලුත් දේවල් ලියන්න තමයි හිතන් ඉන්නේ.

2011-01-28

සැබෑවූ සිහිනයක්

ඔන්න ඉතිං අපි දෙදහස් එකොළොස්වන වසරටත් පා තබලා. ‍දෙදහස් එකොලහ වසර ලබල මාසයක් අහවර වෙන්නත් කිට්ටුයි. ඒත් කමක් නැහැ. සියළු දෙනාටම ලැබුවා වූ දෙදහස් එකොලහ වසර සුභම සුභ වෙන්න කියලා පතනවා.
මේ අවුරුද්ද ආරම්භය නම් ගොඩාක් සුභ දායක විදියට සිදු උනා. මුලින්ම NVQ5&6 කියල ලියාපු විභාගෙන් පස්සේ NVQ6 සදහා පරීක්ෂණයකට පසුගිය මාසය තුලදී මුහුණ දුන්නා. ඉතිං මේ අවුරුද්දෙ ආරම්භයේම NVQ6 සහතිකය ලබාගන්න පුලුවන් උනා. සහතිකය ලබාගත්ත ගමන්ම ඉතිං කලින් ලිපියකින් සදහන් කල Interview එක සමත් වීමට අවශය මූලිකම සුදුසුකම සපුරාගන්න පුලුවන් උනා. ප්‍රතිචාරයකින් ඒක සිහිනයක් බව කෙනෙක් කීවත් මම අද දිනය වන විට University of Vocational Technology (UNIVOTEC) එහෙමත් නැතිනම් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ B.Tech (Multimedia and Web Design) Degree එකේ පළමු කණ්ඩායම සදහා සුදුසුකම් ලැබ ඇතුලත්ව සිටිනවා.

අමාරුම කියපු සිහිනයක් සැබෑවෙලා. අදින් Foundation Course එක අවසන්. හෙට සිට Degree එක පටන් ගන්නවා. ඉතිං තවත් එක Management Assignment එකක් හෙට දිනයේදී බාරදීමට ඇති නිසා අදට මේ ලිපිය මෙතකින් නැවැත්වීමට සිද්ධ වෙනවා.