Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2016-06-09

මේ සැරේ වෙසක් සැරසිල්ල

කොහොමද ඉතින් කට්ටියට. ඔන්න ඉතින් ආයෙත් සෑහෙන කාලෙකින් පෝස්ට් එකක් දාන්න හිතුනා. පරණ බ්ලොග් පෝස්ට් බලද්දි තමා තේරුනේ කොච්චර දේවල් ඒ කාලෙ කරල තියෙනවාද කියල. බ්ලොග් එක නොලිව්වට විසිට් 70 ක් විතර දවසට තියෙන නිසා නොලිය ඉන්නකු එකත් අපරාදෙ. ලොකු ලොකු පෝස්ට් දාන්න ගියොත් එකක් වත් ලියන්නෙ නැති නිසා පොඩියට ලියන්න හිතුනා.

2009 සැරසිල්ල

2010 සැරසිල්ල

වැඩි දෙයක් නෑ. මෙන්න මේ පාර වෙසක්  එකට දාපු සැරසිල්ල. නිවෙන පත්තුවෙන ඒව නෑ. LED බල්බ හදන විදියටම සර්කිට් වයර් දාල බල්බ් වැලක් හැදුව අයියත් එක්ක. වැඩිය නෑ බල්බ් 72 යි. වහලෙ දිගට මදිවෙයි කියල හිතුනට වැඩිත් එක්ක තිබුන. හැමදාම සුදු පාටින් අලවන කූඩු හය මේ පාර කහ පාටින් ඇලෙව්වා. එච්චරයි. මේ බ්ලොග් එක ගැන යෝජනා චෝදනා ඕනෙ දෙයක් වෙනද වගේම යට තියෙන කමෙන්ට් බොක්ස් එකේ ලියන්න පුලුවන්.