Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2020-06-25

Windows 10 වල Programs Uninstall කරන්න දෙන්නෙ නැද්ද? පරණ පුරුදු තැනින්ම uninstall කරමු

Kaspersky license expire වෙලා නිසා ආයෙ ගන්නකල් AVG free දාගන්න ගියා...

වින්ඩෝස් 10 වල This PC එකේ තියෙන uninstall  or change program ගියාට Kaspersky වලට  uninstall option එක active වෙන්නෙ නෑ.



හැබයි පරණ Add/Remove Programs වල change option එක තිබ්බ මතකයි.

ඉතිං ඒකට යන විදියක් හොයාගත්තා 

Control Panel එකේ Network වල Network and Sharing Center ගිහින් Control Panel Home ගියා..  

දැන් තියෙනව uninstall a program කියල පරණ add remove programs එක. 


මේ තියෙන්නෙ ලස්සනට change බට්න් එක. ඒක ඔබල uninstall කලා 


රවුම් ගහල යන්නැතිව කෙලින්ම පරණ control panel එකට යන්න නම් Win+R ගහල run එක අරගෙන ඒකෙ control කියල ටයිප් කරල Enter Key එක ඔබන්න.



2020-06-24

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System  එකේ ලොකුම විශේෂාංග මොනවද කියල පෙන්නුවනෙ. බැලුවම මේවයින් ගොඩක් ඒව ඇන්ඩ්‍රොයිඩ් වල තිබ්බ ඒව. ටිකක් හොයල බලන්න හිතුන ඉතිං. පුරුදු විදියටම සමහර ඒවා ගූගල් එකෙන් අවුරුදු ගානකට කලින් දීපු ඒවාම වගේ.


  • Home Screen Widgets
අන්තිමට ඇපල් සමාගම පරිශීලකයින්ට home screen එකට app widgets දාගන්න ඉඩ දීල  තියෙනවා. ඇන්ඩ්‍රොයිඩ් ආරම්භයේ පටන්ම තිබ්බ මේ පහසුකම. හැබයි huawei ල ඇන්ඩ්‍රොයිඩ් උනාට පොඩ්ඩක් වෙනස් කරල හෝම් ස්ක්‍රීන් එකක් නැතිව ඒකට කෙලින්ම app drawer එකම දීල තිබ්බා. පස්සෙ ඕනනම් Home Screen එකක් දාගන්න ඒකෙත් පහසුකම් දීල තිබ්බා.. ඉතිං ඇපල් ල ලොකුම පහසුකමක් විදියට මේක හඳුන්වල දෙනව තිබ්බ ඒකාකාරී iOS Home Screen එක වෙනුවට මේ widgets දාගන්න දීපු එක

  • App List View
ඇපල් අය මේක "The App Library" කියල හැඳින්නුවට මේක කෙලින්ම Google එකේ App Drawer එකනෙ. ඔක්කොම ඇප්ස් මේකෙ පෙන්නනවා ‍Home Screen එකේ වෙනුවට. ඇන්ඩ්‍රොයිඩ් වල වගේ නැතිව  Auto ම ඇප්ස් කැටගරි වෙනව social, entertainment හරි apple arcade විදියට. 
ඇපල්ල හැබයි පරිශීලකයින්ට apps hide කරන්න පුලුවන් කරල තියෙනව එතකොට පෙන්නන්නෙ apps library view එකේ විතරයි


  • Third-Party Default Email and Browser Apps
Mail සහ Safari වෙනුවට ඔන්න පරිශීලකට කැමති Browser එකක් Email App එකක් දාගෙන පාවිච්චි කරන්න අවස්ථාව හම්බෙනව මේකෙදි. 

හැබයි iOS Browsers වල apple වල rendering engine එකම පාවිච්චි වෙන නිසා developers ලට තම තමන්ගෙ email browser apps ඒ Features support කරන විදියට අප්ඩේට් එකක් කරන්න වෙයි. හැබයි maps music ඒව තිබ්බ විදියට ලිමිට් වෙනවා ඒවම පාවිච්චි කරන්න වෙනවා ඔයගොල්ලො Google Maps හරි Spotify වලට කැමති උනත්

  • Discreet Voice Assistant And Calls
මේකත් ඉතිං Google Assistant වැඩ කරන විදියටම Siri ස්ක්‍රීන් එක පුරාම එන්නැතිව යටින් පෙන්නනවා උඩ හරියට යන්නැතිව. මේක ඉතිං ආවම ඉන්කමිං කෝල් highlight නොකර Google එකේ වගේම පොඩියට පෙන්නයි උඩින් මුලු ස්ක්‍රීන් එකේම එන්නැතිව

  • App Slices / App Clips
මේකත් ඉතිං android වල 2017 2018 වගේ ආපු ෆීචර් එකක්.  Google app slices, instant apps වලට සමානකම් දක්වනවා

  • Cycling Directions
Apple maps එකත් ඕන් Google Maps වල කෑල්ලක් දාල.  2010 වගේ Google මේක Maps වලට දැම්මෙ මතක විදියට. ඇපල් එක ඉතිං NYC, LA, San Francisco, Shanghai, Beijing වල විතරයි වැඩ. ඉක්මනට අනිත් රටවල් වල ඒවත් ඇඩ් කරන්න වෙනවා.  

  • Translate
Translate කිව්ව ගමන් ඉතිං Google Translate එකනෙ මතක්වෙන්නෙ. ඉතිං iOS 14 දි ඔන්න ඇපල් යූසර්ස්ලට චාන්ස් එකක් දීල තියෙනවා type කරල හරි කියල හරි ට්‍රාන්ස්ලේට් කරගන්න. මේක safari වලදි website පිටින් translate කරන්න පුලුවන් කියල කියනවා. සීමිත භාෂා ප්‍රමාණයක් විතරයි තාම ඉතිං.

  • Picture In Picture
Android 8 වල තිබ්බ කෑල්ලක් කියන්න පුලුවන් ඉතිං මේ PIP එක.  ඔන්න දැන් පුලුවන් Videos පැත්තකින් Play වෙන්න දාල තව වැඩක් කරන්න. Face time කරද්දි ඉතිං ඔන්න වෙන වැඩක් කරන්න චාන්ස් එකක් හම්බෙලා තියෙනවා ඇපල් පාවිච්චි කරන කට්ටියටත්.

  • Password Monitoring
Google ගිය අවුරුද්දෙ අඳුන්වල දුන්න දෙයක් ඕන් safari වලටත් ආව එහෙනං. Chrome වල Password alert පහසුකම safari වලටත් ඇඩ් වෙනව මේකෙන්.


iOS 14 වල තේමාව වගේ දාලා තියෙන්නෙ Looks Brand new. Feels like Home කියල ඉතිං. 

මේවට අමතරව ඉතිං Messages වල Pinned Conversation, Group Photos, Mention Highlights, Inline replies අලුත් emoji styles, stickers, siri ට web answers ගන්න පුලුවන්කම, Audio Messages එහෙමත් අලුත් Features විදියට දාල තියෙනවා.

අන්තිමට IOT වලට එන Home Automation, car, automatic switching between devices එහෙමත් එකතු කරල තියෙනවා. 

මොනව හරි අමතක වෙලා නං පහලින් ලියාගෙන යන්න බලන්න.