Pages

2011-12-14

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට  root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය හඳුන්වාදුන්නේ  අපේ ධනික සහෝදරයා.

ඉස්සර ඉතිං Opera දාගෙන යංතං ගැටගහගෙන සිංහල කියව ගත්තට දැන් එච්චර නහින්න ඕන නැහැ.

ඇත්තටම කිවුවොත් මේකත් ඇවිල්ල WEB Browser එකක්. මේකට හැකියාව තියෙනවා Android එකේ සිංහල නැති උනත් සිංහල අකුරු නියම විදියට render කරල පෙන්නන්න. ඒ කියන්නේ අර ස්පිලි පාපිලි පනින ලෙඩ නැතිව නියමාකාරයෙන් සිංහල දර්ශනය කිරීමට මෙම SET Brower එකට පුදුම හැකියාවක් තියෙනවා. වැඩි කතා ඕන නැහැ මෙන්න මෙතනින් අර ගන්න පුලුවන්.


හරි දැන් සිංහල බලාගන්න පුලුවන්. ඒත් ප්‍රශ්නයක් නේ සිංහල නැත්නම් සිංහල ටයිප් කරන විදිය. ඒකටත් විසඳුමක් ධනික සහෝදරයම ඉදිරිපත් කරල තියෙනවා. ඒ තමයි හෙලකුරු


මේ තමයි ජංගම දුරකථන සඳහා වන ප්‍රථම සහ එකම ශබ්දානුකූල සිංහල යතුරුපුවරුව. එහෙනං ඉතිං කරන්න තියෙන්නේ Android එකට සිංහල උගන්නලා සිංහලෙන්ම කියවන ගමන් ලියන එකයි.


මේ වෙද්දි ප්‍රධානම ප්‍රවෘත්ති මාධය්‍යක් මේ SETT rander වෙන ක්‍රමය අරන් යෙදුමක් සකස් කරල තියෙනවා. ඒත් ධනිකට කියලවත් නැහැ භාවිතා කරනව කියලවත්. එයාල ඒක හැදුවේ ධනික ඒ ක්‍රමය සොයාගත්ත නිසානේ. මේ වගේ නිර්මාණ කරන ඔහුව දිරිමත් කරනව වෙනුවට ඒ වගේ දේවල් කිරීමෙන් පේන්නේ අතහිත දෙනවට වඩා හොරකම් කරන්න කට්ටිය බලාගෙන ඉන්නව කියන එක කියලයි මගේ හැඟීම.

7 අදහස්:

  1. ධනිකට කිව්වෙ නැති එක නෙමෙයි මං හිතන්නෙ වැරැද්ද, උන් හදපු ඇප් එක Open source විදියට රිලීස් නොකිරීමයි.

    ReplyDelete
  2. මමත් +++++++++++ ඉන්දරේ අයියා ....ධනිකයියාටත් කියන්ඩ තිබ්බා ... නැද්ද පැංචො

    ReplyDelete
  3. @Pravin
    ඔවු GPL3 නිසා හදන එවුවත් ඕපන් වෙන්න ඕන. ඒක තමා ලොකුම වැරැද්ද. මං අදහස් කලේ මෑන්ව දිරිමත් කරනව වෙනුවට ඔහෙම කලාම එපා වෙනවනේ. අඩුම තරමේ එයාට කියල වත් ගත්ත නම් නේද?

    ReplyDelete
  4. @නෙරංජි
    හෙහෙ ඔව් ඔව් පැංචියෝ.

    ReplyDelete
  5. SETT සහ හෙළකුරු කියන්නේ ඉතාමත්ම අගය කළ යුතු දෙයක්.
    මචෝ SETT ඇන්ඩ්‍රොයිඩ් වලට එන බ්‍රව්සර් එකක් විතරයි.අනෙක් ඇප් වලදී සිංහල කියවන්නනම් රූට් කරන්න ඕන.

    ReplyDelete
  6. ඔවු මම පැහැදිලිව කියල තියෙනවා SETT කියන්නේ බ්‍රවුසරයක් කියලා. root කරල සිංහල දැම්මත් rendering අවුල් නේද?
    මුලින්ම මමත් root කලා. GingerBread Update එක ගැහුවට පස්සේ කලේ නැහැ. kernal එක downgrade කරන නිසා.

    ReplyDelete
  7. එල එල ජය වේවා. මමත් දා ගත්ත ලෙසටම වැඩ
    ස්තූතියි

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ