Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

Showing posts with label Satellite. Show all posts
Showing posts with label Satellite. Show all posts

2020-11-07

Satellite Receiver එක සපෝට් නැති චැනල් බලමු. (SAT2IP)

මං ගාව තියෙන්නෙ Freesat V8 Super වර්ගයේ සැටලයිට් රිසීවර් එකක්. ඒකට පුලුවන් H.264 Decode කරන්න විතරයි. ඒත් SAT2IP Feature එක තියෙනවා.ඒකියන්නෙ 45E, 88E 93.5E, 95E, 108E වල HD චැනල්ස් පුලුවන් උනාට 91E එකේ HD චැනල්ස් බලන්න බෑ මොකද ඒක H.265 විදියට බ්‍රෝඩ්කාස්ට් කරන්නෙ.

ඊටපස්සෙ Laliga චැනල්ස් අහුඋනා 100.5E Asiasat5 එකේ ඒවත් බලන්න බෑ H.264 උනාට 4:2:2 chroma subsampling කරල තියෙන්නෙ Bandwidth එක අඩු කරන්න ඇත්තටම 4:2:2 subsampling කලාම 4:4:4 uncompressed එකක් Broadcast කරන්න යන Bandwidth එකෙන් 1/3ක් අඩු වෙනවා. මේ තියෙන්නෙ මගේ Receiver එකේ පොටා් එකක්.

මේක ලියන වෙලාවෙත් Asiasat 5 එකේ Overon 1, Overon 2, Overon 3 Broadcast වෙනවා. ඉතිං ඒ ටික අල්ලගන්න සුපුරුදු විදියටම Asiasat 5 සැටලයිට් එකේ Blind Scan එකක් දැම්මම  ටක් ගාල චැනල් ටික අහුවෙනවා.

චැනල් ටික අහු උනාට දාල බැලුවම පේන්නෙ නෑ. Encrypted කියල එන්නෙ. BISS Key එක දැම්මමත් Blank Screen එක තමා එන්නෙ. ස්ක්‍රීන් එකේ Dark image එකක් ආපු වෙලාවට විතරක් පේනවා මෙන්න මේ වගේ.



මේ තියෙන්නෙ අද දවසෙ BISS Key ටිකක් දාල. සේරම මැනුවලි එන්ටර් කරා. Auto Biss Key ගන්නෙ නැති නිසා.



ඊට පස්සෙ පේන්නෙ නැති ටික බලන්න SAT2IP Option එක ඔන් කරා. මේක කලාම වෙන්නෙ Satellite Receiver එකේ තියෙන Favorite දාපු වැඩසටහන් 128ක් විතරක් LAN එක හරහා වෙන Device එකකින් බලන්න පුලුවන් වෙනවා. ඒ කියන්නෙ Stream වෙනවා. Codec එක මොකක් උනත් Satellite Receiver එකට ලැබෙන ඩේටා ටික BISS Key එකෙන් Decrypt කරල Network එක හරහා Decrypted Video එක Broadcast වෙනවා. එතකොට ඒ Video එක Decode කරගන්න පුලුවන් Player එකකින් බලන්න පුලුවන් කම ලැබෙනවා.

මේ තියෙන්නෙ SAT2IP ඔන් කරන තැන. Menu->Network->SAT2IP left එක ක්ලික් කලා නම් ඔටෝ ඔන් වෙනවා.


මං සාමාන්‍යෙයන් Favorite List 4ක් තියන් ඉන්නවා. Movies, Sports, Child, Music චැනල් වෙන වෙනම. ඉතිං මට ඕන චැනල් ටික උඩට ගන්න මං කරන්නෙ අන්තිමට ස්කෑන් එකෙන් අහුවෙච්ච චැනල් ටිකත් Favorite List එකකට දාල All Channels ලිස්ට් එකේ ඒ චැනල් ටික උඩටම ගන්න එක. Overon චැනල් ටික දැම්ම Sports Favorite List එකට. දාල All Channels වල චැනල් ටික Move කලා උඩටම එන්න.


බොක්ස් එකේ සෙටිංස් එච්චරයි. දැන් තියෙන්නෙ Laptop එකට VLC දාගන්න. මෙතනදි වැදගත් කාරණයක් වෙන්නෙ Receiver එකයි Laptop එකයි එකම Network එකක වෙන්න ඕන. එකම Router එකකට දෙකම Connect වෙනව නම් කිසිම අවුලක් නෑ. ඊලඟට එකම IP Range එකේ වෙන්න ඕන. VLC ඕපන් කරල Playlist එකෙට ගිහින් Universal Plug and Play ක්ලික් කලාම Receiver එකේ නම පෙන්නනවා. ඒක ඩබල් ක්ලික් කලාම  Satellite Programs කියල එකක් එනවා ඒකත් ඩබල් ක්ලික් කලාම චැනල් ලිස්ට් එක එනවා. Favorite දාපු චැනල් 128ක් විතරක් මේ ලිස්ට් එකට එන්නෙ. 


ඊට පස්සෙ තියෙන්නෙ බලන්න ඕන චැනල් එක ඩබල් ක්ලික් කරන එක. එතකොට Receiver එකේ චැනල් එකත් Autoම ඩබල්ක්ලික් කරපු Channel එකට වැටෙනවා.


මේකට අදාල Codec Information මේ තියෙන්නෙ


Telecity Enc 5 කියල තියෙන්නෙ Receiver එක සපෝට් කරන චැනල් එකක්. ඒක Box එක සපෝට් නිසා ටීවී එකේම පේනවා. ඒත් Overon 1, Overon 2, Overon 3 කියන චැනල් ටික 4:2:2 Subsampling කරල තියෙන නිසා මේ Receiver එකේ පේන්නෑ. 


ඒ චැනල් එකක් ඩබල් ක්ලික් කලාම VLC playlist එකෙන් TV එකේ මෙහෙම වැටෙනවා. ඊට පස්සෙ VLC එකෙන් චැනල් එක අවුලක් නැතිව පේනවා.


Laptop එක HDMI හරහා TV එකට කනෙක්ට් කරගත්තම TV එකෙන්ම බලන්න පුලුවන් ඉතිං.
Overon 2 එකේ Codec Information මේ. ඒක බැලුවම පේන්න තියෙනවා Decoded Format Planner 4:2:2 YUV කියලම


Sat2ip On කලාම VLC එකේ විතරක් නෙවෙයි. Device List එකට, Media Player එකට විතරක් නෙවෙයි. Network එකේ තියෙන හැම Device එකේමත් පෙන්නනවා. මේ මගේ Samsung Smart TV එක. Builtin WIFI එන නිසා කනෙක්ට් කරල තියෙන්නෙ. ඒකෙ Input Selection එකේ පවා මේක පේන්න තියෙනවා.


සිලෙක්ට් කරල ඇතුලට ගියාම චැනල් ලිස්ට් එකත් පේනවා ඒත් TV එකේ DLNA සපෝට් කරන්නෙ Normal MP4 ඒවට විතරයි. H.264 ඕපන් වෙන්නෙ නෑ. ඉදිරියෙදි  අලුතින්එන TV වල සපෝට් එක එයි කියල හිතනවා.

ඉතිං  SAT2IP සරලව ගත්තොත් සැටලයිට් එකෙන් අරන් කෙලින්ම Receiver එකේ IP එක හරහා Stream කරනවා මුලු නෙට්වර්ක් එකටම. ඕනතරම් Device වලින් Access කරන්න පුලුවන්. හැබයි Satellite එකෙන් Broadcast කරන Video Format එක Decode කරගන්න පුලුවන් Device වලින් විතරක් බලන්න පුලුවන්. මෙතනදි Video එක Decode කරන්න පාවිච්චි වෙන්නෙ Laptop එකේ Processor එක. ඒක නිසා HD H.264 4:2:2 sub sampaling එකක් Decode වෙනකොට අනිත් චැනල් බලනවට වඩා Processor එක වැඩියෙන් පාවිච්චි වෙනවා. 

2017-11-28

සැටලයිට් අල්ලන්න කලින් දැනගන්න ඕනෙ මොනවද?

Satellite හරහා නොමිලේ TV බලමු  කියල කලින් ලිව්ව පෝස්ට් එකේ පොඩ්ඩක් මං කරපුවත් එක්ක කවලමේ ලිවුව නිසා අපැහැදිලි ඇති. අද කියන්න යන්නෙ මොනවද සැටලයිට් එකක් අල්ලන්න කලින් දැනගන්න ඕන කියලා.

අලුතින් Dish ගන්න හිතං ඉන්න අයටත් මේක වැදගත් වෙයි කියල හිතනවා. ගොඩක් වෙලාවට වෙන්නෙ තමන් ගාව තියෙන Dish එකට අහුවෙන්නෙ මොන සැටලයිට්ද කියල දන්නැතිව අල්ලන්න යන එක. මුලින්ම අපිට ඕන චැනල් තියෙන අපට සිග්නල් අහුවෙන සැටලයිට් එකක් වෙන්න එපැයි. නැත්තං ලෝකෙ අනිත්පැත්තෙ තියෙන ඒව කොච්චර හොද චැනල් තිබ්බත් අපට සිග්නල් නෑනෙ.

මේ තියෙන්නෙ 45.1°E පිහිටුමේ තියෙන Intelsat 904 අපි දන්නෙ Dialog TV මගින් ආවරණය වන කලාපය. ලංකාව අයිති ප්‍රදේශයට වැඩිපුර ආවරණය වෙන විදියට තියෙනව පේනව ඇතිනෙ. ඒවගේම 52.6 කියල පෙන්නන්නෙ EIRP අගය dBW වලින්. ඒ කියන්නෙ කොච්චර ප්‍රබලතාවයක් මේ සිග්නල් වල තියෙනවද කියන එක.


Spot 1 (Ku band)


ඒ ප්‍රබලතාවය අනුව අපට පුලුවනි බලාගන්න කොච්චර ලොකු Dish එකක් මේ සඳහා අවශ්‍ය වෙනවද කියලා.

මේ තියෙන වගුවෙන් බලාගන්න පුලුවන්.

EIRP  අගය 50ට වඩා වැඩි නිසා 55cm Dish එකකින් මේ සැටලයිට් එකෙන් සිග්නල් ලබාගන්න පුලුවන් වෙන්න ඕන.  මේ තියෙන්නෙ තව ඔය වගේ dish size පරාසයන් තියෙන වගුවක්. 

EIRP
(dBW)
>5050494847464544
Size
(cm)
5050-6055-6560-7565-8575-9585-10595-120

ඩයලොග් වල වහින වෙලාවට  සිග්නල් නැතිවෙන්නෙ වලාකුළු නිසා signal level අඩුවෙන නිසා. ඒක අඩු කරගන්න පුලුවන් ටිකක් ලොකු Dish එකක් දාගත්තනම්.

ඒ සැටලයිට් එකේම තව Beam එකක් තියෙනව පහල විදියට. බැලුව ගමන් පේනව ඇති මේකෙ සිග්නල් ලංකාවෙ අහලකටවත් ඇවිත් නෑ. ඒක අයිති Vivacom ලට. Dialog වගේම Packages තියෙන එකක්. 
Spot 2 (Ku band)

මේ සිග්නල් උනත් අල්ලන්න පුලුවන් ටිකක් ලොකු ඩිෂ් එකක් තිබුනොත්.

සැටලයිට් වලින් කොහොමද ප්‍රදේශ ආවරණය වෙන්නෙ කියල පොඩි අදහසක් එන්න ඇති කියල හිතනවා.  ඉතිං ඒ ආවරණ කලාපයේ අපි ඉන්නවද කියල satbeams,  tracksat වගේ සයිට් වලින් බලාගන්න පුලුවන්.
තමන් සැටලයිට් එක අල්ලන්න හදන ස්ථානය ඒ සිතියමේ ක්ලික් කලානම් එතනට අදාලව කොච්චර Azimuth එකක් සහ Elevation එකකින්ද සිග්නල් එන්නෙ කියල බලාගන්න පුලුවන්. 


ඊලගට බලන්න ඕන අදාල නාලිකා මොන සංඛයාත වලින් ඒ සැටලයිට් එකෙන් විකාශය කරනවද කියල. ඒ විස්තරත් lyngsat, tracksat, වගේ සයිට් වල තියෙනවා.

ඉතිං අල්ලන්න කලින් ඔය විස්තර ගැන ටිකක් හොයල බැලුවනම් වෙලාව ඉතිරිකරගන්න පුලුවන්.

2017-11-12

Satellite හරහා නොමිලේ TV බලමු.


ජනවාරි වලින් පස්සෙ මොකවත් ලියල නෑනෙ මේකෙ.. ආයෙ ලියන්න කියවන්න පටන් ගත්ත ඉතිං. අද නං වෙනස්ම මාතෘකාවක් අරන් ආවෙ. TV වලට කරපු කලින් experiment එක හෙම මතකත් නැතිව ඇති නේ. මෙතනින් ගිහින් බලන්න පුලුවන් ඒක


Satellite හරහා TV බලන්න පුලුවන් කියන එක අලුත් දෙයක් නෙවෙයිනෙ..  CBN SAT ඩයලොග් එකෙන් අරන් දැන් Dialog TV කියල ඇඩ් දානව දැකල ඇතිනෙ ඕනතරම්. තව DishTV, Videoconn එහෙම ඔය හයිකරල තියෙන්නෙ ඕනතරම් ගෙවල්වල වහලවල් උඩ.

ඉතිං TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත්  තනියෙම Satellite එකකට Dish එකක්  Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..  මේ කියන්න යන්නෙ කොහොමද මේක තනියෙම කරගන්නෙ කියන එක.

Satellite Dish වර්ග දෙකකට බෙදෙනවා.. C Band සහ Ku Band කියල. Ku කියන්නෙ පොඩි සයිස් ඩිෂ් එක. අර ඩයලොග් එකෙන් දෙන සයිස් එකේ එකක්. පෙනුම මේන් මේ වගේ

 [image source = https://www.alibaba.com/product-detail/ku-band-35cm-satellite-dish-antenna_227163673.html]

C බෑන්ඩ් එක ගොඩක් ලොකු සයිස් එකක්.  මේන් මේ වගේ.


[image source = http://www.daveswebshop.com/10ft.shtml]

ඕව මැද්දෙ අර ටොච් එක වගේ එකට කියන්නෙ LNB කියලා..

මේ කියන්නෙ Ku Band Dish එකකින් කොහොමද ටීවි බලන්න හදාගන්නෙ කියලා.

ගාණ අඩු නිසාත් තනියෙන් එහාට මෙහාට කරගන්න පුලුවන් නිසාත් මේක පටන් ගන්න හොද වෙයි. මාත් මුලින්ම ටියුන් කලේ  මේ Ku Band එකක්.  මුලින්ම බලමු මොනවද ඕන කරන්නෙ කියල.. 

  • Ku Band Dish එකක්
  • LNB එකක්
  • FTA support කරන Satellite Receiver එකක්
  • TV එකක්
ගොඩක් වෙලාවට Dish එකටම LNB එක හයි කරල තියෙන එකක් හොයාගන්න පුලුවන්. මමත් කලේ පාවිච්චි කරල අයින් කරපු Videoconn Dish එකක් ඉල්ලගත්තු එක. මලකඩ කාල තිබුනට අවුලක් උනේ නෑ.

ඕන කරන උපකරණ ටික හරි නම් අමතරව තව මාලිමාවකුත්, ටිල්ට් එක බලාගන්න කෝණමානයක් වගේ උපකරණයකුත් අවශ්‍ය වෙනවා. 
[image source = http://www.dx.com/p/naturehike-lensatic-analog-compass-black-190358#.Wgcr-MaWbIU] 
protractor.gif
[image source = https://math8geometry.wikispaces.com/measuring+angles+with+a+protractor] 

කෝණමානෙට අර අංශක බෙදෙන තැන මැදින් හිලක් විදල බරක් එල්ලගත්තනං අංශක ගාන බලාගන්න පුලුවන්.

හරියටම කියනවනං inclinometer කියල වෙනම මීටරයක් තියෙනවා ඇලවෙච්චි ගාන බලාගන්න.


 මම නං කලේ Samsung Galaxy Note 2  ජංගම දුරකථනය පාවිච්චි කරල. Compass ඇප් එකක් දාගත්තනං වැඩේ ගොඩ. හැබයි True Azimuth එකයි Magnetic Azimuth එකයි වෙනස් කියලත් මතක තියාගන්න.  කලින්  Phone එකෙන් තේ විතරයි හැදුවෙ නැත්තෙ කියල කමෙන්ට් කරලත් තිබුනනෙ. මේකත් ඒවගේ තමා Note 8 ඇවල්ලත් තාම Note 2 එකෙන් වැඩ.

එතකොට කොහොමද හරියටම Signal level එක බලාගන්නෙ. ඒකටත් වෙනම මීටර් තියෙනවා. ඒත් රිසීවර් එකෙන්ම ඒකත් කරගන්න පුලුවන් හරියට කරනවනං.

ඔක්කොම ආම්පන්න ටික කොහොමහරි සෙට් කරගත්ත කියමු. කෝ ඉතිං සැටලයිට් එකක් ඇහැට පේන එකක්යැ. අනික අපි කොහොමද දැනගන්නෙ ලංකාවට උඩින් තියෙන/ එහෙම නැතිනං ලංකාවට සිග්නල් එන සැටලයිට් මොනවද කියල. ඒකටත් ඕන තරම් වෙබ් සයිට් තියෙනව බලාගන්න. ඕව හොයන්න කම්මැලි ඇතිනෙ.. ඒකත් මමම කියන්නං ඉතිං.

FTA කියන්නෙ Free-to-Air කියන එක. ඒ කියන්නෙ FTA තියෙන චැනල් බලන්න කාටවත් සල්ලි ගෙවන්න ඕන නෑ.. නොමිලෙම බලන්න පුලුවන්. ඉතිං අල්ලපු රටේ එකකින් පටන් ගමු එහෙම තියෙන.

ඉන්දියාවෙ තියෙනවා DD Free Dish කියල  Sattelite TV Service එකක්. ඒක තියෙන්නෙ G-SAT-15 කියන සැටලයිට් එකේ.. Position කරල තියෙන්නෙ 93.5°E කියන තැන. ඉතිං එතන ඉදං එන සිග්නල් තමා අපි අල්ලගන්න ඕන. අල්ලන්න කලින් තියෙන චැනල් මොනවද කියල දැනගන්නත් එපැයි.

මේ ලින්ක් එකට ගියානම් ඒ සැටලයිට් එකේ  තියෙන චැනල් සේරම ටික පෙන්නනවා තව විස්තර ටිකක් එක්ක. Satellite ගැන උනන්දුවක් තියෙන එක්කෙනෙක් නම් දැනටම ඔය සයිට් එක දන්නව ඇති.
කැමති නම් ඔය සයට් එකේ තියෙන වෙන සැටලයිට් එකක් උනත් තෝරගන්න පුලුවන්. මේකෙ ගොඩක් චැනල්  Free තියෙන නිසා මම මේක තෝරගත්තා.

මේ වගුවෙ Frequency කියන්නෙ අර LNB එකට අල්ලන්න ඕන  සංඛ්‍යාතය. ඒක receiver එකෙන් සෙට් කරන්න තියෙන්නෙ. ඒ අදාල Frequency එකෙන් තමා එතන Group එකේ තීන Channel List එකම එන්නෙ. ඉතිං ඒක දාල scan ක ලා නම් ඒ චැනල් ටික සේරම ගන්න පුලුවන් වෙනවා. මං නං වැඩිපුරම බැලුවෙ ඔය Satellite එකේ 9XM එකයි MBeats කියන චැනල් එකයි තමා. සිංදු විතරයි ඒ චැනල් දෙකේම යන්නෙ. ඉතිං ඒ දෙකට අදාල Frequncy පිලිවෙලින් 11510 V සහ 11550 V

9XM කියන චැනල් එක ගත්තම ඒකට අදාල විස්තර මෙහෙමයි තියෙන්නෙ

Satellite : G-SAT-15
Service Provider : DD Free Dish
Frequency :11510 V
Transponder : tp20
Reagion : India
System : DVB-S
Symbol Rate : 29500
Fec : 3/4
Channel Name : 9XM
SID : 2153
VID : 5153
AID : 6153
Language : Hi

හතරවෙනි  තීරුවෙ තියෙනවා F කියල අකුරක් ඒකෙන් අදහස් වෙන්නෙ ඒ චැනල් එක Free බලන්න පුලුවන් කියන එකයි.

ඉතිං ඔය විස්තර ටික වගුවත් එක්ක බැලුවම කෙටියන් කියල තියෙන්නෙ මොනවද කියල තේරුම් ගන්න පුලුවන්. ඔතනින් අපට Receiver එකට දාන්න තියෙන්නෙ   Frequency එකයි  Symbol Rate එකයි FEC එකයි විතරයි. අනික් ඒව ගැන දැනට හිතන්නැතිව ඔන්න ඔය තුන දාගන්නයි තියෙන්නෙ. දාන විදිය receiver එකෙන් receiver එකට වෙනස් වෙනවා. V, H අකුරුවලින් කියන්නෙ Polarization එක. ඒ කියන්නෙ Signal Transmit කරන්නෙ Vertically ද Horizontally ද කියන එක




සරලව මේ පියවර ටික ඕනම receiver එකක අනුගමනය කලා නම් TP (transponder) ටික ඇඩ් කරගන්න පුලුවන් වෙයි.

Menu එකට ගිහින් බලන්න Antenna Setup කියල තැනක් තියෙනවද කියලා.. එතනට ගිහින්  Satellite එකක් Add කරගන්න. කැමති නමක් දෙන්න පුලුවන්.  ඒ දාද්දි LNB Power එක ON කරන්නත් LNB Type එක Universal කියල දාන්නත් අමතක කරන්න එපා. අනිත් දෙක නම් Off කරන්න පහල පින්තූරෙ විදියට.



ඊට පස්සෙ ඒ සැටලයිට් එකට අදාල Transponders Add කරගන්නයි තියෙනනේ.
මං නම් කරන්නෙ Satellite එකට අදාලව F අකුරු  තියෙන ඔක්කොම TP's ටික අදාල Polarization එකත් එක්ක දාගන්න එක තමයි. එතකොට සිග්නල් අහුඋන හැටියෙ ඔක්කොම චැනල් ටික ස්කෑන් කරන්න විතරයි තියෙන්නෙ.Transponders කියන එක උඩට ඇවිත් OK කරාම හරි Satellite එක Add කරගත්තට පස්සෙ TP list කියන තැනට ගියාට පස්සෙ පහල විදියට එකක් එයි.  Signal Level කොල පාට නොවී එක බාර් එකක් වත් ඇවිත් නැති වෙන්න පුලුවන්. ඊගාවට කරන්නෙ ඒ විදියට කොල පාට හරි සිග්නල් ලෙවෙල් පෙන්නනකල් ටියුන් කරගන්න එක.


TP හරියට අර සයිට් එකේ පෙන්නල තිබුන විදියට විස්තර දාල ඇඩ් කරගන්නයි තියෙන්නෙ. Ku Dish එකක් නිසා C band ඒව දැම්මට වැඩක් වෙන්නැහැ. ඒක නිසා අංක 4ක් තියෙන Ferquncy නොදා අංක 5ක් තියෙන ඒව විතරක් දාගන්න. අංක 4න් එන්නෙ C Band Frequencies. chart එකේ C කියලත් තියෙනව ඒවට යටින්.  Modulation විදියට DVB-S එකයි. Polarization එකයි Symbol Rate එකයි හරියට දුන්නන්ම FEC හරියට දාගත්තත් All කියන එක දැම්මත් signal පෙන්නනවා.




 TP ටික දාගත්ත කියන්නෙ දැන් receiver එක රෙඩි. Dish එකට LNB එක හයි කරල LNB එකට Coaxial F connector වලින් TV Antenna Cable එකක් හයි කරගන්න පුලුවන්.


මේ තියෙන්නෙ මම තාවකාලිකව Dish එක කෙලින් තියාගත්ත හැටි.


Dish එක කෙලින් හිටව ගත්තට පස්සෙ ඊලඟට කරන්න තියෙන්නෙ Receiver එකට කේබල් එක හයි කරගන්න.. LNB IN, LNB OUT,  Loop, IF IN වගේ නම් වලින් ඔය F connector එක හයි වෙන තැන් තියෙන්න පුලුවන් ඒවයින් LNB OUT, Loop හැර අනිත් නමකින් තියෙන එකක් හරහා LNB එක receiver එකට හයි කරගන්න පුලුවන්.  දැන් Receiver එක On කරල නම් තියෙන්නෙ Signal එනකල් Dish එක හරවන්නයි තියෙන්නෙ. 



ඒත් ප්‍රශ්නයක් කොයි පැත්තෙන්ද සිග්නල් එන්නෙ කියන එක. ඒකටත් මෙන්න මේ සයිට් එක ප්‍රයෝජනවත් වේවි.  ඔය ලින්ක් එක ක්ලික් කරල ගිහින් මැප් එකේ දැන් ඔයා ටියුන් කරන Dish එක තියෙන තැන Zoom කරල ක්ලික් කරන්න. එතකොට මේ වගේ විස්තරයක් පැත්තෙන් වැටේවි.

දැන් ඔය ලැබිල තියෙන්නෙ හරවන්න ඕන පැත්තයි උස්සන්න ඕන Angle එකේ අංශක ගානයි. Azimuth කියන්නෙ ඔතන උතුරෙ ඉදන් තියෙන අංශක ගනන. ඉතිං මාලිමාව අතට අරන් අංශක 115.1 තියෙන පැත්තට LNB එක තියෙන විදියට DISH එක හරවගන්නයි තියෙන්නෙ. දැන් 115 කියන්නෙ නැගෙනහිර පැත්තට වෙන්න. මාලිමාව අරන් 115 කෙලින් Dish එකේ බාර් එක පේන්න තියාගෙන ඒ කෙලින් LNB එක පේන විදියට තියාගත්තනං හරි. Tilt එක කියන්නෙ අංශක ගනන ඉතිං මේ Offset Dish එකක් නිසා ඕකෙ තියෙන ගානම නොවෙන්නත් පුලුවන්. නමුත් දල වශයෙන් ඔය ගානට තියාගන්න. සිග්නල් ආවෙ නැත්තං පොඩ්ඩක් පහලට කරල බලන්න. G-SAT-15 ගාවම තව Sat තියන නිසා Signal පෙන්නුවත් Quality එක පෙන්නන්නැති වෙන්න පුලුවන් එහෙම උනොත් ඩිෂ් එක පොඩ්ඩක් උතුරු පැත්තට ගන්න අංශක 4ක් විතර. එතකොට මේකෙ විදියට TP එකට අදාලව  Signal පෙන්නන්න පුලුවන්. ඉතිං ඉවසීමෙන් හෙමින් තමයි Dish එක හරවන්න ඕන. මතක තියාගන්න අංශකයක් හැරෙව්වත් ලඟ 1mm වගේ පෙනුනට Satellite වලට එන දුර වෙනකොට කිලෝමීටර් ගානක් වෙන්න පුලුවන්.. වැඩේ අමාරුයි කියල හිතෙනවනම් Sat-Finder එකක් පාවිච්චි කරන්න පුලුවන්. රුපියල් 1000ක් වගේ වෙන්නෙ. මම නම් කවදාවත් පාවිච්චි කරල නැහැ. Phone එක අරන් Dish එක ගාවට ගිහින් ටියුන් කරනව ඇරෙන්න.

සිග්නල් ආව කියන්නෙ වැඩේ ගොඩ.  ඉතිං අනිත් TP ත් බලන්න සිග්නල් තත්වෙ කොහොමද කියලා. සේරම හොදයි වගේ නම් තියෙන්නෙ Scan කරන්න තමයි. මදි නම් පොඩ්ඩක් Dish එක හරවල බලන්න තව ටිකක්. නැත්නම්.  LNB එක පොඩ්ඩක් කරකවල බලන්න. LNB එක පොඩ්ඩක් ඉස්සරහට පස්සට කරල බලන්න.

ටීවි එක Dish එක ගාවට ගන්න බැරි නිසා TV එකේ Screen එක Phone එකට අරන් තමා මම නම් ටියුන් කරගත්තෙ. ඒත් TP මාරු කරන්න ආයෙ Receiver එක ගාවට යන්න වෙනවා. ඒක නිසා තමා බිම තියල Dish එක Align කරගත්තෙ. මේ අලුත් D2h Box එක නම් Lock නිසා Signal ගන්න විතරයි පාවිච්චි කලේ. Channels Scan කරාට පෙන්නන්නෙ නැහැ..



මුලින්ම මම පාවිච්චි කලේ  මෙන්න මේ වගේ FTA receiver එකක්.

කාඩ් දාන්නත් බැහැ. FTA Channels විතරයි ඒකත් MPEG-2 විතරයි. MPEG-4 සපෝට් කරන්නෙත් නැහැ. ඒත් 9XM, MBeats වගේ FTA Channels පේනවා.
ටිකක් පුරුදු උනාම මාලිමාවක් නැතිව උනත් Signal Level එකයි Quality එකයි ගන්න පුලුවන්. 




මේ තියෙන්නෙ Dialog Now Intelsat 904 (45E) වල අල්ලපු එකක්.



ABS 2, NSS 6,  SES 8 එහෙම අල්ලල බලන්න පුලුවන් තව. Scrambled Channels බලන්න card දාන්න පුලුවන් receiver එකක් ගන්න වෙනවා. 


කාලෙකින් ලියපු නැති නිසා style එක වෙනස් වෙලා.  පැහැදිලි නැති තැන් තියෙනවනම් පහලින් කමෙන්ට් එකක් දාල අහන්න.