*කොන්දේසි සහිතයි.
- පළමුවෙන්ම මේ සඳහා ඔබේ දුරස්ථ පරිගණක වල ජාලක අතුරුමුහුණත් (Network Interface Card) ඒ සදහා සහය දැක්විය යුතුය. BIOS වෙත පිවිස එය සක්‍රිය කරගන්න. එහි නැති නම් මවුපුවරු අත්පොතෙහි පෙරනිමියෙන්ම එය සක්‍රියදැයි බලන්න.
- දැන් දුරස්ථ පරිගණකයේ NIC හි MAC ලිපිනය සොයාගන්න.
ipconfig /allයන්න command prompt එකෙහි ලබාදීමෙන් පහත පරිදි තොරතුරු ලබාගත හැක.
Ethernet adapter Local Area Connection:
Connection-specific DNS Suffix . :
Description . . . . . . . . . . . : Intel(R) PRO/100 VE Network Connecti
on
Physical Address. . . . . . . . . : 00-19-D1-EC-DC-21
Dhcp Enabled. . . . . . . . . . . : No
IP Address. . . . . . . . . . . . : 192.168.2.5
Subnet Mask . . . . . . . . . . . : 255.255.255.0
Default Gateway . . . . . . . . . : 192.168.2.1
DNS Servers . . . . . . . . . . . : 192.168.2.1
8.8.8.8
මෙහි Physical Address ඉදිරියෙන් ඇති ලිපිනය සටහන් කරගන්න. - Local Area Connection හි Configure කවුලුවේ Advance යටතේ ඇති Wake on Link->Enableසහ Wake on Settings->Wake on Magic Packet යන්න ඇත්දැයි බලන්න.
- දුරස්ථ පරිගණක පණගැන්වීම කරන පරිගණකය වෙත පැමිණ WOL ගොනුව බාගත කරගන්න. එය විහිදූ පසු bin බහලුම තුල ඇති ගොණු දෙක System32 බහලුමට පිටපත් කරගන්න.
- දැන් Command prompt එක විවෘත කර එහි පහත සදහන් පරිදි දැනට වසා ඇති පණගැන්වීමට අවශ්‍ය ඔබේ දුරස්ථ පරිගණකය පණගැන්වීමට පහත විධානය ලබා දෙන්න.
wol 00:19:D1:EC:DC:21
මෙහි 00:19:D1:EC:DC:21 යනු ඔබගේ දුරස්ථ පරිගණකයේ MAC ලිපිනය වේ. පෙරදී - සමග සටහන් කරගත් ලිපිනයෙහි - ඉවත් කර ඒ වෙනුවට : යොදා wol සමහ විධාන කරන්න. Enter යතුර එබූ සැනින් දුරස්ථ පරිගණකය වෙත wol මගින් මැජික් පැකට්ටුව යවා එය පණ ගැන්වන ආකාරය දැකිය හැකිය.

දැන් මැජික් පැකට්ටුව යැවීමට සූදානම් කරගන්නා ආකාරය බලමු.
දැන් දුරස්ථ පරිගණකය පණ ගැන්වී අවසන්. ඉතිං දැන් ජාලයේ ඕන තැනක ඉදන් ඕන රෙද්දක් කරන්න බැරියැ.
සැ/යු: මවිසින් මෙය මේ අවස්ථාවේම Windows XP මත සිට Windows 7 පරිගණකයක් පණගන්වා ප්‍රායෝගිකව අත්හදා බලා 100%ක් සාර්ථක වූ පසුව ලියා තැබූවක් බව සලකන්න.























