Satellite හරහා නොමිලේ TV බලමු කියල කලින් ලිව්ව පෝස්ට් එකේ පොඩ්ඩක් මං කරපුවත් එක්ක කවලමේ ලිවුව නිසා අපැහැදිලි ඇති. අද කියන්න යන්නෙ මොනවද සැටලයිට් එකක් අල්ලන්න කලින් දැනගන්න ඕන කියලා.
අලුතින් Dish ගන්න හිතං ඉන්න අයටත් මේක වැදගත් වෙයි කියල හිතනවා. ගොඩක් වෙලාවට වෙන්නෙ තමන් ගාව තියෙන Dish එකට අහුවෙන්නෙ මොන සැටලයිට්ද කියල දන්නැතිව අල්ලන්න යන එක. මුලින්ම අපිට ඕන චැනල් තියෙන අපට සිග්නල් අහුවෙන සැටලයිට් එකක් වෙන්න එපැයි. නැත්තං ලෝකෙ අනිත්පැත්තෙ තියෙන ඒව කොච්චර හොද චැනල් තිබ්බත් අපට සිග්නල් නෑනෙ.
මේ තියෙන්නෙ 45.1°E පිහිටුමේ තියෙන Intelsat 904 අපි දන්නෙ Dialog TV මගින් ආවරණය වන කලාපය. ලංකාව අයිති ප්‍රදේශයට වැඩිපුර ආවරණය වෙන විදියට තියෙනව පේනව ඇතිනෙ. ඒවගේම 52.6 කියල පෙන්නන්නෙ EIRP අගය dBW වලින්. ඒ කියන්නෙ කොච්චර ප්‍රබලතාවයක් මේ සිග්නල් වල තියෙනවද කියන එක.
ඒ ප්‍රබලතාවය අනුව අපට පුලුවනි බලාගන්න කොච්චර ලොකු Dish එකක් මේ සඳහා අවශ්‍ය වෙනවද කියලා.
මේ තියෙන වගුවෙන් බලාගන්න පුලුවන්.
EIRP (dBW) | >50 | 50 | 49 | 48 | 47 | 46 | 45 | 44 |
Size (cm) | 50 | 50-60 | 55-65 | 60-75 | 65-85 | 75-95 | 85-105 | 95-120 |
තමන් සැටලයිට් එක අල්ලන්න හදන ස්ථානය ඒ සිතියමේ ක්ලික් කලානම් එතනට අදාලව කොච්චර Azimuth එකක් සහ Elevation එකකින්ද සිග්නල් එන්නෙ කියල බලාගන්න පුලුවන්.
ඉතිං අල්ලන්න කලින් ඔය විස්තර ගැන ටිකක් හොයල බැලුවනම් වෙලාව ඉතිරිකරගන්න පුලුවන්.
Good post bro
ReplyDeleteවටින ලිපියක්. නොදන්න ගොඩක් දේ දැනගත්තා ++++++👏👏👏
ReplyDeleteසුපිරි
ReplyDelete@Anonymous
ReplyDeleteස්තුතියි
@Hasitha Prasad
ස්තුතියි
@harshana sampath kariyawasam withanage
ස්තූතියි
මට දැනගන්න ඔන හොට් බර්ඩ් සැටලයිට් 13eවල සිග්නල් ලංකාවට අල්ලගතහැකිද හැකිනම් කොපමන විසාල ඩිෂ් එකක් උවමනාද කියන එකයි
ReplyDelete