Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2022-08-23

සිංහලෙන් ටයිප් කරපු එකක් Google Docs වලින් Microsoft Word වලට ගමු

image source: https://www.lifewire.com/

මේ දවස් වල Online Collaboration tool එකක් වෙච්ච Google Docs හොඳට පාවිච්චි වෙනවනෙ. ඉතිං සිංහලෙන් ටයිප් කරපු එකක් වැරදිලා හරි ඩවුන්ලෝඩ් කරල බැලුවොත් ශ්‍ර ප්‍ර වගේ අකුරු පෙන්නන්නෙ ශ්ර ප්‍රර කියල. අපි කොහාමත් ඩවුන්ලෝඩ් කරන්නෙ .docx විදියට නිසා තමා ඔය අවුල වෙන්නෙ.

ගොඩක් වෙලාවට කරන්නෙ ඉතිං ආයෙ ඩොකියුමන්ට් එකම මුල ඉඳන් Proof read කර කර අකුරු ටික ආයෙ ටයිප් කරන එක. ඒක ගොඩක් කරදර වැඩක්. සමහර වෙලාවට මඟඇරෙන්නත් පුලුවන්. ඒක නිසා කරන්න තියෙන්නෙ තියෙන විදියටම ගන්න එක.

ඒකට කරන්න තියෙන්නෙ Download කරනකොට .odt එහෙමත් නැත්තම් Open Document Format එකෙන් ඩවුන්ලෝඩ් කරන එක. ඒක word වලින් Open කරන්නත් පුලුවන් නිසා පස්සෙ කැමති ෆෝමැට් එකකින් Save කරගන්න පුලුවන්.