Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

Showing posts with label Phone. Show all posts
Showing posts with label Phone. Show all posts

2013-03-15

Android එකේ GPS එක Slow වගේද? A-GPS වලට මාරු වෙමුද?


Android ෆෝන් එකක් දැකපු නැති කෙනෙක් නෑනේද? ඉතිං ඕකේ GPS කියල Function එකකුත් තියෙනව. GPS වැඩ කරන හැටි දන්නැත්නම් මෙන්න කාලිංග අයිය ලියපු එකක් තියෙනවා.

ඒත් GPS එක්ක වැඩ කරන්න ගියාම තියෙන එක අවුලක් තමයි ඔය position එක ගන්න ටිකක් වෙලා යන එක. බොරුනම් බලන්න Android එකක Google Maps Open කරල කොච්චර වෙලාවක් ගන්නවද කියල ඉන්න තැන පෙන්නන්න. Google Maps වල නම් Position එක දෙන්න GPS එකයි Data එකයි on කරන්න කියයි.

එත් Phone වල spec බැලුවම A-GPS කියල එකකුත් තියෙනවනේ. මෙන්න මේවගේ.
GPS Yes, with A-GPS support
ආන් ඒ  ෆෝන් වලට හැකියාව තියෙනවා A-GPS වලින් ස්ථානය ඉක්මණින් ලබාගන්න.

A-GPS කියන්නේ Assisted GPS කියන එක කෙටි කරල.

වැඩි කතා ඕන නැහැ. A-GPS කියන්නේ ජංගම දුරකථන ජාලය හරහා තමන් ඉන්න තැන ලබාගන්න පුලුවන් ක්‍රමයක්.
 මේකෙන් දළ අදහසක් ගන්න පුලුවන් වෙයි කියල හිතනවා.
ඉතින් ඔය ක්‍රමයෙන් Location එක ගන්න Android ජංගම දුරකථනවලදි
Location and Security Settings වල තියෙන Use Wireless Networks කියන එක සක්‍රිය කරගන්න.
සක්‍රිය කලාට පස්සේ නැවත බලන්න Position එක දෙන්න ගතවෙන වෙලාව කොච්චරද කියල.
ඉස්සෙල්ලට වඩා අඩුයි නේද?

GPS නැති ජංගම දුරකථන වල ස්ථානය ගන්න විදිය මාලින්ද ලියල තිබුන. ඒකෙන් Nokia Phone වල තියෙන මැප් එකෙන් උනත් බලාගන්න පුලුවන්.
මගේ ගාව තිබුණු N73 එකෙත් ඒ විදියට Position එක ගන්න පුලුවන් කම තියෙනවා.

2012-05-18

Android එක්ක ජීවිතේ



Sony Ericsson Xperia X10 එක ගත්තට පස්සේ වැඩිය PC එකෙන් සෙල්ලම් දැම්මෙ නැහැ. වැඩිපුරම Connect කලේ charge කරන්න තමයි.. ඊට පස්සේ ඉතිං Gingerbread වලට Update කලා. ඕන නං තව වැඩිම උනොත් root කරන්න විතරමයි.. root කිරිල්ලත් දෙපාරක් කරන්න උනා. මොකද කියනවනම් මුලින් කරපු root කිරිල්ල අප්ඩේට් එකෙන් පස්සේ unroot වෙලා තිබ්බ හින්ද.

Google ගිණුමත් එක්කලම තියෙන හින්ද Application install කරන්න පුලුවන් කජු කනවා වගේ. පස්සේ නිකංම  phone එකට install වෙනවා net connect කරගමන්ම. හැබයි හොදම ඒව මෙව්ව නැතිව දෙන්නෙ නැති නිසා කළුකඩේ පිහිට තමා.

ඔපිස් ප්‍රෝ, හොට් ප(ර්)සුයිට් හිට දාල බැලුවා.

xmbc remote එක නං සිරාවටම වැඩ කරනවා.

අනිත්දේවල් නම් ඉතිං හැමෝම ට්‍රයි කරල ඇතිනේ.

යංතං ඇඩ් ටික අයින් කරගත්ත lucky patcher එකෙන් මතක හැටියට අයින් කලේ.

SE PC suite එකෙන් වැඩක් උනේ අප්ඩේට් කරන්න විතරයි. අන්තිමට හොයාගත්ත කන්ටැක්ස් මැසේජස් පික්චර්ස් මියුසික් මැනේජර් එකක්.

ඕන නං ට්‍රයි කරල බලන්න මෙන්න කඹේ  http://www.wondershare.com/android-manager/guide.html

නම MobileGo

තව experiments කරපුවනම් තියේ..

හොදම ඇප් දෙක කියල කියන්න පුලුවන් super manager සහ ES filemanager.






2010-05-05

ජංජාල ගත වෙන්න ගිහින් වෙච්චි දේවල් II

රාත්‍රි 9.00 ට විතර මතක් උනා තව පෙර ගෙවුම් එකක් තිබුණ කියලා. දාල බැලුවා ඒකත් ඩිස්කනෙක්ට්. ඩිස්කනෙක්ට් වෙච්ච එකක් අරගත්තු නිසා සේ මෙචච්චර කට්ටක් කෑවේ. වැඩ කරන එකක් හොයාගත්ත නම් හරි කියලා හිතුනා.

ගෙදර පෙර ගෙවුම් එකක් පාවිච්චි කරන්නේ නංගි විතරයි. ඉතිං පහුවෙනිදා රීලෝඩ් එකක් දාල දෙන පොරොන්දුව පිට ඒක ඉල්ල ගත්තා. අයිය නැති නිසා E220ත් නෑ. සිම් දෙක මාරු කරා. හැබයි ෆෝන් දෙකම මම ලඟ ;)
කනෙක්ට් වෙන්න පුලුවන්ද බැලුවා. ගින්දර වගේ වැඩ. එවෙලෙම දැම්මා Daily Delight (25) පැය 2ක් විතර පාවිච්චි කරා. කරපු වැඩ ටික අනුව ඒක ඉවර ඇති කියල හිතුණා. ඉතිං ඔන්ලයින් වැඩ ටික නවත්තල එදා ඕෆ්ලයින් වැඩ කරන්න ගත්ත.

පහුවෙනිදා උදේම වැ‍ඩට යන ගමන් ගත්ත ඇමතුමක් මොබිටෙල් පාරිභොගික සේවා අංශයට. අපරාදේ කියන්න බෑ විනාඩියක් යන්නත් කලින් කෙනෙක් කතා කරා.(කතා කරන නම්බර් එක අනුවත් සෑහෙන වෙනසක්). මම දාපු පැමිණිල්ලෙ අංකය දීල විමසීමක් කරා. පොඩ්ඩක් ඉන්න කියල ඕං දැම්ම අර ඇඩ් පෝලිම. ටිකකිං කට් උනා. මං යමින් ගමන් නිසා සිග්නල් වල තත්වය මදි වෙලාද දන්නෙත් නැහැ. ටිකක් වෙලා ඉදල ආයිම ගත්ත. කලින් වගේම විනාඩියක් යන්නත් කලින් නියෝජිතවරියක් සම්බන්ධ උනා. ඉතිං නැවත මුල සිට විමසීමක් කරන්න උනා. අන්තිමේදි පැමිණිල්ල අරගනිපු නියෝජිතයව දැනුවත් කරන්නම් මේ සම්බන්ධයෙන් හොයල බලන්න එයා කෝල් එකක් දෙයි කියල කිවුවා.

වෙන මුකුත් දැනගන්න තියෙද කියල ඉතිං එයාල අන්තිමට අහනවනේ. ඒ වෙලාවෙදි මට අහන්න හිතුන මොබිටෙල් පැකේජ පිලිබඳ විස්තර. මොකද මං පාවිච්චි කලේ 2003 මොබිටෙල් හදුන්වාදීමෙදී ගත්තු Cool 100 එකක්. ඒක නම් මාසෙට රු100 යි. ඒ දවස් වල නම් පිටතට ගන්නා ඇමතුමකට රු 11ක් විතර අය කරනවා. පස්සේ සහන දීල දීල දැන් වීඩියෝ ඇමතුම් විනාඩි 100ක් නොමිලේ ලැබෙනවා. බලද්දී පස්සෙ දීපු Cool Plus 100 එකම තමයි.
අවම දත්ත පැකේජය ගැන විම‍සීමේදී දැනගන්න ලැබුනේ මාසික ගාස්තුව රු 300 ක් වෙන Active F එක තමයි. ඒකෙ නම් විනාඩි 300ක විඩියෝ ඇමතුම් සහ 300Mb දත්ත ප්‍රමාණයක් නොමිලේ භාවිතා කරන්න අවස්ථාව ලැබෙනවා.
ඊළගට තියෙන්නේ SRIL කියන පැකේජය. ඒකෙ මාසික ගාස්තුව රු 500යි සාමාන්‍ය ඇමතුම් විනාඩි 500ක්, වීඩියෝ ඇමතුම් විනාඩි 500 ක කාලයක් සහ 500Mb දත්ත ප්‍රමාණයක් නොමිලයේ භාවිත කරන්න අවස්ථාව ලැබෙනවා.
(නොමිලයේ කිවුවට ඉතිං අපි මාසෙකට ගාණක් ගෙවලනේ) ඒත් සාමා්‍යයෙන් මාසෙට වියදම් වෙන ගාණ අනුව බැලුවම ඔයින් පැකේජයක් ගන්න එක ලාබයි පෙරගෙවුම් එකක් භාවිතා කරනවට වඩා.
වැඩි විස්තර ඕන නම් මොබිටෙල් වෙබ් අඩවියේ මෙන්න මෙතනින් ගන්න පුලුවන්

මාසෙට 1000 ට 2000කට ව‍ඩා වැඩියෙන් වියදං වෙන කවුරු හරි ඉන්නවනං මෙන්න මේවා හොදයි

ඔන්න ඉතිං කතාව වෙන පැත්තකට යනවා. ආපහු මාතෘකාවට එමු. ඉතිං අර පැමිණිල්ල දාපු නියෝජිතයා අමතන කං බලන් ඉන්න වෙනවා. ඕං ඔ‍ෆීසි‍යට ඇවිත් වැඩ කරන කොට ‍ආව මොබිටෙල් එකෙන් ඇමතුමක්. කතා කලේ අර නියෝජිතයා. ඇත්තම කියනවනම් පැමිණිල්ල ලියාගෙන තියෙන්නේ නියෝජිත වරියක්. එයා කලිං ගෙදරට කතා කලාලු. ෆෝන් එක රිං වෙනවා ආන්සර් කලේ නෑ. කිවුවා. ඉතිං පැහැදිලි කරල කිවුවා ගෙදර තියෙන SLT දුරකථනය තමයි රැහැන් කපාදාල තියෙන්නේ. ඒක වැඩ කලා නම් මට වීක්ලි ඩිලයිට් එක දාන්න ඕනත් නෑ ඒකෙන්ම ADSL අරන් තියෙන නිසා කියල. කොහොම හරි ඉතිං ආපහු මං අර දාගත්තු Weekly Delight එක අයින් කරගන්න කං ‍මුදල් ලබා දෙන්න විදියක් නෑ. ඒක අයින් කරගත්ත ගමන් මුදල් ආපසු ලැබෙයි කිවුවා. මට ඒත් සැකයක් ආව රු 75යි නේ Weekly Delight ‍දාන්න යනව කියන්නේ. සම්පූර්ණ අය කිරීම රු 98.98ක්. ඒ ගැන විමසීමේදී කිවුවේ ඒ සම්පූර්ණ මුදලම ලබා දෙන බව තමයි. ඉතිං ඒක ආපහු ලැබුණට පස්සේ ජංගම දුරකථනයේ සැකසුම් පරීක්ෂා කරල නැවත Weekly Delight දාගන්නත් කිවුවා. ආපහු දාන්නේ මොකටද මේ වෙච්ච දේ හොදටම ඇතිනේ. අර වැඩ කරන සිම් එකටම ගිණුමෙ ශේෂය මාරු කරගත්තනම් හරිනේද කියල හිතල ඒ මුදලට නැවත නොදා ඇමතුම් ගන්න භාවිතා කරන්න බැරිද කියල ඇහුවා. ඒකට කැමති දෙයක් කරන්න පුලුවන් කියල එපාර කිවුවා.
ඒ ඇමතුමෙන් පස්සේ ඔන්න #170# මගින් දාගනිපු Weekly Delight එක අක්‍රිය කලා. ඒත් මුදල් නම් ආපහු ලැබුනෙ නෑ. හවස 2ට විතර ගියා මාතර මොබිටෙල් ශාඛාවට තියෙන පැකේජය පාඩුයි වගේ නිසා ඒක ‍මාර කරගන්න තමයි ගියේ. ඒකත් මාරු කරල ඉවරවෙලා අර කරපු පැමිණිල්ලෙ නවතම තත්වය මොකක්ද කියල විමසීමක් කරා. ‍එයාල මූලස්ථානයත් එක්කල කතා කරල බලල අද හවස 5 ට කලින් නැවත මුදල් ලබා දෙන බව දැනුම් දුන්නා.

ඉතිං කොහොම හරි හවස 6 ට විතර බැලුවත් අර මුදල ආපහු ඇවිත් තිබුනෙ නෑ. Daily Delight දාපු සිම් එකට #170# ගහල බලද්දි තවත් පැය කිහිපයක් සහ මෙගාබයිට කිහිපයක් ඉතිරිව තිබුණා. එදා දවසත් ඒ සිම් එකම භාවිතා කරන්න පුලුවන් උනා. මෙන්න ඒ වෙලාවෙ වේගය


කොහොම හරි පහුවෙනිදා උදෑසන වෙනකොට නැවත රු 98.98ක් වෙච්ච මුලු මුදලම මගේ ගිණුමට ආපහු ඇවිත් තිබුණා. ඕං ඔහොමයි ජංජාල ගත වෙන්න ගිහිල්ල වෙච්චි ජංජාලෙන් බේ‍රුනේ. දැන් නම් ADSL එක යථා තත්වයට පත් කරල ආයෙම හොරු කපයිද දන්නෙත් නෑ. :)

2010-04-25

ජංජාල ගත වෙන්න ගිහින් වෙච්චි දේවල් I

පහුගිය මාසේ 24 වෙනිදා විතර අපේ ගෙවල් පැත්තට එන ටැලිෆෝන් වයර් සෙට් එකේ 4' කේබල් එක කපල දාල කියල කලින් පෝස්ට් වලත් ලිවුවනේ. ඉතිං ටැලිෆෝන් නැති කල කවර ADSL ද? මේ ලියන්නේ ඊට පසු ජාලගත වෙන්නන දරපු මහන්සිය තමයි. දවස් දෙකකින් විතර SLT එකේ ඉන්ජිනේරුවෝ ඇවිත් නැවත යථා තත්වයට පත් කරා. ඒ වෙනකොට කේබල් කපපු අය පොලිසිය විසින් අත් අඩංගුවට අරන්ලු. (බඩුත් එකකම හොරු). ඇප දුන්නෙත් නෑ කියල තමයි කිවුවේ.

ඒත් හදපු දවසටම පහු වෙනිදා ආයිම අර කපපු තැනට පොඩ්ඩක් එහායින් ආයිම කපල. කපල තියෙන තැනට පොලිස් මුරපොලේ ඉදන් 200m විතර ඇති. ඒ වගේම ප්‍රදේශයේ තවත් පොලිස් මුරපොලවල් අවටිනුත් කේබල් කපාගෙන ගිහින්. නිකං බිල ගෙවන්න මොකටද SLT ආයතයෙන් විමසීමක් කරා. පලවෙනි පාර කිවුවා කොහොමත් බිල් එක ගෙවන්න වෙනවා කියල. ඉතිං අන්තිමට තීරණය කරා ADSL විසන්ධි කරන්න. විසන්ධි කරන්න ගියාම කියනවා බිල් එක අඩු කරන්නම් ලු. දැන්ම හදන්නැත්ද කියල ඇහුවම පොලීසියෙ කිසිම මෙව්ව එකක් නැති නිසා හදන්නැද්ද මොකක්ද කියල තිබුණ. ඉතිං අපි තීරණය කරා මේක නිවුස් එකක් කරන්න. කරල මාධ්‍ය වලට දුන්න. තවම හදල නෑ.

ඒත් ඕව හදනකං නෙට් නොයා ඉන්නයැ. අයියගේ Airtel Unlimited Sim එකයි E220යි තමයි අවුරුද්ද දවස් ටිකේ පාවිච්චි කලේ. Airtel 3G මේ පැත්තට නෑ. ඉතිං EDGE තමයි. මාර ස්ලෝ. මේල් එක වත් හරියට ලෝඩ් වෙන්නෑ.ඉතිං Unlimited උනා කියල කන්නයැ.හැම ජාතියම දාල බලුවා හොදට සිග්නල් තියෙන්නේ මොකේද කියලා. Etisalat එකෙත් EDGE විතරයි. Dialog පෙර ගෙවුම් සල්ලි ඉක්මණට ඉවරයි. අන්තිමේ හොද උනේ පාවිච්චි කරන මොබිටෙල් ම තමයි.



පහුගිය 18 වෙනිදා පරණ මොබිටෙල් සිම් එකේ දුවිලි පිහදාල අරන් ෆැක්ස් එකක් යවල සක්‍රිය කරගත්ත. 100ක් රීලෝඩ් කරා. ගත්ත 141 එකට කෝල් එකක්. 6 ගහල Weekly Delight (75)ඇක්ටිව් කරා. 75යි කිවුවට හරි ගාන රු 98.98. දැන් ඔන්න E220කට සිම් එක දාල නෙට් යන්න බැලුවම කනෙක්ට් වෙන්නෑ. එතකොට උදේ 7ට විතර ඇති. සැකසුම් දෝශයක්ද කියල සැකයක් ආපු නිසා පසු ගෙවුම් සබඳතාව දාල බැලුවා. හොදට වැඩ කරනවා. සිම් එකේ මොකක් හරි අවුලක් කියල තේරුණා. ගත්ත පාරිභෝගිකයන්ට කෙලවීමේ අංශයට 2පාරකට වඩා කතා කලොත් දැන් කීයක්ද කැපෙනව කියලත් කියනවා ඇහුනා. කොහොම හරි නියෝජිතයෙක් කතා කරා විනාඩි 20කට විතර පස්සේ.
ඉතිං ගැටලුව කිවුවා.

සිම් එකට weekly delight දැම්මා. බ්ලා... බ්ලා....බ්ලා..

මෙහෙන් අවුලක් නැහැ. සිම් එකට ඇක්ටිව් වෙලා තියෙන්නේ. සර්ගෙ මොබයිල් එක මොකක්ද ඇහුවා. ඉතිං මොබයිල් එකේ වර්ගය කිවුවා. දැන් සෙටිංග්ස් එවන්නම් කිවුවා. .

මං කිවුවා සෙටිංස් වල අවුල් නෑ. අනිත් සිම් එකෙන් කනෙක්ට් වෙනවා. ඒ උනාට එහෙම හරියන්නෑ කියල සැකසුම් ටික එවුවා. ඕෆ් කරල තියල ඔන් කරන්න එතකොට හරියයි කියල කිවුවේ. මං කිවුවා ෆෝන් එකේ නෙවෙයි මොඩම් එකටත් වැඩ කරන්නැහැ කියලා. පොඩ්ඩක් ඉන්න කිවුවා. විනාඩි 2ක් විතර ඉන්න ඇති කට් උනා. ඉතිං !@#$%^&*()

මාත් ඉතිං කරලම බැලුව. සිම් එකට Packet Data සක්‍රිය නැ වගේ තමයි ෆෝන් එකේ පෙන්නෙන්නේ. Always online දැම්මම අර 3G යටින් වැටෙන කැඩි ඊතල පෙන්නන්නෑ. ඒ කියන්නේ Packet Data Not Available කියන එකනේ.

ආපහු ගත්තා අර ඉස්සෙල්ල ගනිපු සේවාවටම තවත් විනාඩි 20ක් විතර හිටියා ඔන්න නියෝජිතවරියක් ආව. ඒ පාර ඇහුවා කෙලින්ම weekly delight දැම්ම නෙට් යන්න බෑ මොකද කියලා. පාවිච්චි කරන්නේ මොකක්ද ඇහුවම කෙලින්ම E220ක් කිවුවා. ආයිම කියපි එහෙන් අවුලක් නෑ සෙටිංග්ස් හදාගන්න කියලා. මම දන්නැද්ද සෙටිංග්ස්. කෙලින්ම ඇහුවා මොඩම් එකට දෙන්න තියෙන්නේ apn එක mobitel3g නම්බර් එක *99# නේද කියල. එහෙනම් පොඩ්ඩක් ඉන්න කිවුවා. ඉතිං ආයිම හිටියා. විනාඩි 3ක් විතර ඉදල ආයිම කතා කරා.වෙන ඩොංගල් එකකට දාල බලන්න. ෆෝන් එකකට දාල බලන්න. අනං මනං ටිකක් ආයිම කිවුවා. මං කිවුව සේරම කරල බලල බැරි වෙච්ච නිසා තමයි ඔයාලට කතා කරේ කියල. එපාර ආයිම ඉන්නලු ඉතිං ඉන්නව ඉන්නවා. ඔන්න ආයිම ටික වෙලාවක්(විනාඩි 5ක් විතර) ඉදල කියනවා සර්ගෙ එකවුන්ට් එකේ සල්ලි මදිලු. මං කිවුවා 100ක් දාල තමයි ඇක්ටිව් කරේ. එතකොට කියපි රු 75 ට බදු එක්ක රු 98.98 ක් යනවා. දැන් රු 1 සත ගාණයි තියෙන්නේ. එපාර කියනවා නෙට් යන්න නම් අවම රු 2ක් තියන්න ඕනලු. එකවුන්ට් එක රීචාර්ජ් කරල බලන්නලු. මටත් දැන් ඇතිවෙලා බලං ඉදලම මේ වෙනකොට 10ටත් කිට්ටු වෙලා තිබුනා. හරි මං ඒකත් කරල බලන්නම් කියලා තිබ්බා. 2වෙනි චාන්ස් එකත් ඉවරයි. මැසේජ් එකක් ආව. තව පාරක් ගත්තොත් charge කරනව කියල තබයි තිබුනේ.

රිලොඩ් එකක් දාල බලන්න ඕන කියල හිතුන නිසා ඕං යාලුවෙක්ට කෝල් එකක් දීල කිවුවා 20ක් දාන්න කියලා. 20ත් ආව දැන් එකවුන්ට් එක රු 21.02 දැන් හරිනේ කිවුව විදියට දැන් නම් නෙට් යන්න බැරි වෙන්න විදියක් නෑ. ඔන්න ආයිම ට්‍රයි එකක්ද දුන්න. මොන අර විදියමයි. දැන් මොකද කරන්නේ. ආපහු ගත්තොත් charge වෙනවා. විනාඩි 20ක් විතර බලන් හිටියොත් රු20 ආයිම ඉවරයි.

එතකොට තමයි මතක් උනේ මම පාවිච්චි කරන්නේ මොබිටෙල් පසු ගෙවුම් පැකේජයක් කියලා. ඇමතුව පාර්භෝගික සේවා අංශය. විනාඩියක් යන්නත් කලින් ඕන් නියෝජිතවරියක් කතා කරා. එපා වෙලා හිටපු හින්දම උදේ ඉදන් උනු දේවල් කිවුවා. එක පාරක් ගත්තම කට් උනා. කරන්න කිවුව සේරම කලා තාම ඔයාලට හදල දෙන්න බැරි ඇයි කියලා. එපාර කියනවා අර සිම් එකෙන්ම කතා කරන්නලු. මං කිවුව ඒක මොඩම් එකේ තියෙන්නේ. ඒකයි මේකෙන් ගත්තේ කියලා. තද වෙච්ච නිසා මම කෙලින්ම කිවුවා නෙට් යන්න හදල දෙන්න බැරිනම් කැපිච්ච ගාන රිෆන්ඩ් කරන්න කියලා. එපාර අදාල අංශයට ඒ ගැන පැමිණිල්ලක් ගොනු කරන්නම් කියලත් කිවුවා. Weekly Delight එක ඉවර වෙන්න කලින් නෙට් යන්න හරි රිෆන්ඩ් එක හරි නොලැබුනොත් TRC එකට පැමිණිලි කරනවා කියල මම කට් කලා. එදා දවසත් සුපුරුදු විදියටම නෙට් නැතිව ගත කරන්න හිතුවත් පසුගෙවුම් පැකේජ් එකෙන් කනෙක්ට් වෙලා මේල් එක විතරක් චෙක් කරා. BCS එකේ විභාගය 21,22 නිසා Admission එක ප්‍රින්ට් කරගන්නත් ඕන.ඒත් මේල් එක හොයාගන්න බැරි උනා.

මේක මාගලක් වෙලා වගේ වැඩිය දිග ඒව කියවන්න කම්මැලි ඇතිනේ. අන්තිමේ ආපහු ජංජාල ගත වෙච්ච හැටියි අර රු 98.98 ට වෙච්ච දේයි ගැන ඊලග පෝස්ට් එකේ දාන්නම්.

2009-12-13

ජංගම දුරකතනය Remote එකක් කර TV එක පාලනය කලෙමි.

කරන්න පුලුවන් වැඩක්ද? ම්.. ම්.. පුලුවනි. කරල බලපු නිසා තමයි මේක දාන්නෙ.

මුලින්ම කියන්න ඕන මගේ ජංගම දුරකතනය ගැන. මේක Nokia N73 Music Edition එකක්. ඔව් අපේ සමහරඅය නම් ගන්න එපා කියලත් කිවුවෙ මේක තමයි ;) (@ Skype conversation) හිටපු කස්ටිය‍ට මේක කියවද්දි මතක් වෙයි. කෙහොම උනත් Nokia ගැන තියෙන පැහැදීම නිසාම මේක ගත්තෙ.



මෙන්න N73 Music Edition එක ගැන සම්පූර්ණ විස්තරයක්. විස්තරය මඟහරින්න>>

General

Operating frequency

  • Dualmode WCDMA/GSM and quadband GSM coverage on up to five continents (WCDMA2100/EGSM850/900/1800/1900 networks)
  • Automatic switching between bands and modes
Dimensions
  • Weight: 116 g
  • Height: 110 mm
  • Width: 49 mm
  • Thickness (max): 19 mm
Color
  • Black
Memory Functions
  • Up to 40 MB internal dynamic memory for contacts, text messages, multimedia messages, ringing tones, images, video clips, calendar notes, to-do list and applications
  • Support for miniSD memory card (hot swappable)
  • Approx. memory capacity indication with 1GB miniSD memory card:
    • Video (mpeg4 CIF @ 15fps, AAC audio ) up to 5.8 hours
    • Photos (3.2 megapixel) up to 1000 photos
    • Music (eAAC+) up to 1000 tracks

Display and User Interface

  • Active standby main services always on top
  • Active toolbar interface in camera and gallery
  • On device photo editor and video editor (manual & automatic)
  • Large bright 2.4 inch QVGA (240 x 320 pixels) TFT color display with up to 262,144 colors
  • Ambient light detector - used to optimize display brightness and power consumption
  • Review key provides direct access to photos and videos
  • Multimedia key provides direct access to predefined application
  • Slideshow from gallery with Ken Burns effect (automatic zoom and pan) and 3D sound effect stereo speakers
  • Operating system: S60V3 software on Symbian OS
Call Management
  • Speed dialing
  • Voice dialing and commands
  • Nokia Push to talk (PoC)
  • Contacts: advanced contacts database with support for multiple device and e-mail details per entry, also supports thumbnail pictures and groups
  • Call logs: keeps lists of your dialed, received, and missed calls
  • Automatic redial
  • Automatic answer (works with compatible headset or car kit only)
  • Supports fixed dialing number, which allows calls only to predefined numbers
  • Conference call

Imaging

Camera Specifications
  • CMOS sensor, 3.2 megapixel (2048x1536 pixels) with autofocus and digital zoom up to 20x
  • Carl Zeiss Optics, Tessar™ lens
  • Focal length 5.6 mm
  • Focus range 10 cm ~ infinity
  • Macro mode with 10 cm focus distance
  • Mechanical shutter with 1/1000~0.2 sec shutter speed
  • Active slide cover for lens protection
Photography
  • 3.2 megapixel camera (2048 x 1536 pixels) with up to 20x digital zoom
  • 2-stage capture key for autofocus control
  • 2.4 inch camera viewfinder in landscape orientation and with active toolbar
  • Slide for camera protection and activation
  • Integrated flash (operating range up to 1m)
  • Modes: auto, off, on, red-eye reduction
  • Advanced camera modes: still, sequence, video
  • Scenes: automatic, user defined, close-up, portrait, landscape, sport and night
  • White balance: automatic, daylight, cloudy, tungsten, fluorescent
  • Color tone: normal, sepia, B&W, vivid, negative
  • Light sensitivity: high, medium, low, automatic
  • Settings for brightness adjustment, image quality, self-timer, white balance and color tones
Video
  • Video: play, record, stream
  • Audio recording AAC stereo
  • Video stabilization
  • Video clip up to 1.5h (limited by available memory)
  • File format .mp4 (high), .3gp (normal, MMS)
  • Video capture: 352x288 (CIF) at up to 15 fps MPEG-4
  • Automatic white balance control
  • Scenes: auto, night, close-up, snow/beach, cine, old film
  • Digital zoom CIF up to 4x / QCIF up to 8x
  • Two-way video call capability
  • Second VGA camera (640 x 480 pixels ) with up to 2x digital zoom
  • Real time video sharing to another compatible mobile device
Editing
  • On device photo editor and video editors (manual & automatic)
  • Home photo editing on compatible PC with Adobe Photoshop Album Starter Edition
Music
Music Features
  • Digital music player: supports MP3/AAC/eAAC/eAAC+/WMA with playlists and equalizer
  • OMA DRM 2.0 support for music files
  • Stereo FM radio (87.5-108MHz /76-90MHz)*
  • Integrated stereo speakers with 3D sound effect
  • Nokia Music Manager application in Nokia PC Suite for music transfer

*Stereo sound can only be heard with a compatible stereo headset.

Visual Radio*

  • Listen to music and interact with your favorite radio stations
  • Find out what song is playing, who sings it, and other artist information
  • Enter contests and answer surveys, vote for your favourite songs
  • Find out more about Visual Radio

* To check the availability and cost of the service, contact your network operator or service provider.

Explore
Productivity

  • Quickoffice document viewers (Quickword, Quickpoint, Quicksheet)
  • Adobe PDF reader
  • PIM (Personal Information Management): Contacts, Calendar, To-do, Notes, Recorder, Calculator, Clock, Converter, Printing
  • PC synchronization with Nokia PC Suite - Local/Remote (Windows 2000, XP)
  • Data: Calendar, Contacts, To-do, Notes
  • PC applications: Microsoft Outlook (2000, 2002, 2003), Outlook Express, Lotus Organizer (5.0, 6.0), Lotus Notes (5.0, 6.0)
  • Anti-virus
  • E-mail client with attachments
  • Settings Wizard/Access Point Configurator

Browsing & Messaging

  • Internet browser: XHTML, HTML
  • E-mail (SMTP, IMAP4, POP3), MMS, SMS

Connectivity

  • Pop-PortTM interface with USB 2.0 full speed
  • Bluetooth wireless technology 2.0
  • Infrared

Data Transfer*

  • WCDMA 2100 with simultaneous voice and packet data (PS max speed UL/DL= 128/384kbps, CS max speed 64kpbs)
  • Dual Transfer Mode (DTM) support for simultaneous voice and packet data connection in GSM/EDGE networks
  • WCDMA packet data rates: UL 384kbps, DL 384kbps
  • Circuit data to 64kbits/s for video call
  • EGPR class B, multi slot class 11 (UL 118.4 kbps, DL 236.8 kbps)
  • Speech codecs supported: FR, EFR, WCDMA, and GSM AMR
  • Data transfer application for moving data from compatible old Nokia S60 device over Bluetooth connectivity

*Actual achieved speeds may vary depending on network support.

Add-on Software

  • Java: MIDP2.0, CLDC 1.1, 3D API, PIM API, File access API
  • C++ and Java SDKs
Video
RealPlayer media player

  • Download and play multimedia files (video and music)
  • Stream media files from compatible media portals
  • Full-screen video playback on the device to view downloaded, streamed or recorded video clips in larger size
  • Played formats: AMR-NB, AMR-WB, AAC, RealAudio, RealVideo, H.263, MPEG-4

දැන් Remote එක ගැන බලමු

Remote Controls වැඩ කරන්නේ ‍අධෝරක්ත(IR) කිරණ වලින්. ඉතිං මගේ ජංගම දුරකතනයේ අධෝරක්ත පහසුකම් තියෙන නිසා ඒක උපයෝගී කරගෙන රූපවාහිනිය පාලනය කරන්න පුළුවන් ද කියල හිතුන නිසා ඒ ගැන පොඩ්ඩක් Google ගෙන් අහල බැලුවා. හම්බුනා මෙන්න මෙහෙම Application එකක්.



මේකෙන් පාලනය කල හැකි උපකරණ



































Air ConditionAMPCDDVDHiFiHome Theatre
Air ConditionAmpCDDVDHiFiHome Theatre
SATTuner
TVVCROther
SATTunerTVVCR
විතරක්ම නෙවෙයි තවත් අමතර ඒවටත් සහය දක්වනවා.




සති තුනක් විතර ෆෝරම් වල රස්තියාදු වෙලා Remote Control Application එක කොහොම හරි ‍Phone එක ඇතුලට ඔබා ගත්ත.

මෙතන ගොඩාක් උපකරණ තිබුණත් ඊළඟට ආව ප්‍රශ්නේ ගෙදර TV එකේ Remote Control Model (Goldstar 105-210J) එක ලිස්ට් එකේ තිබුනෙ නැති එක. නමුත් වෙබ් අඩවියේ ඒක නැති උනත් ඒකට හරියන එකක් (Goldstar 105-210A) හොයාගන්න පුලුවන් උනා. Appliation එකේ නැති Remote Model ගොඩාක් වෙබ් අඩවියේ තියෙනවා. .ir ‍ගොනුවක් විදියට තියෙන ගොනුව Phone එකට දාල File Browser එකෙන් විවෘත කලා විතරයි. Remote Database එකට ඒකත් එකතු වෙනවා. දැන් මෙන්න TV ලැයිස්තුව.

TV යටතේ Brand එක Goldstar තෝරගත්තම ඒ 105-210A එකත් පෙන්නනවා.

ඔක්කොම සෙට් කරගෙන ගියා TV එක ළඟට. වැඩ නෑනේ..

බැලුව හදන්න වෙන මොකවත් එහෙම තියේද කියල. Setting වල IR Mode කියල එකක් තියනවා. ඒක වෙනස් කරල Method 1 සිට Method 6 දක්වා වෙනස් කරන්න පුලුවන්. ආයිම ‍TV එක ළගට ගියා. තාත්ත Sport News බලනවා.. Method ‍ඒක වෙනස් කර කර ‍‍Check කරා.





Method 4 එකේදී එකපාරටම චැනල් එක මාරු උනේ නැතෙයි.

හුරේ!!!!

හුරේ නෙවෙයි. තාත්තට වැඩේ මීටර්. පොඩ්ඩක් බැනුම් ඇහුවා. තවත් බනින්න කලින් දඩි බිඩි ගාල Phone එකෙන්ම ආපහු News ගිය එකටම දාල මම එතනින් මාරු උනා. ;)

Remote එකේ බටන් වැඩීනේද ‍Phone එකට වඩා # එක එබුවම ඉතිරි බටන් ටිකත් එනවා. ඒවයින් TV Tune කරන්න උනත් පුලුවන්.


ඉතිං වැඩේ හරි ගියත් නිකං ඉන්න බෑනේ බැලුව ir ෆයිල් එකක් විවෘත කරල.

XML එකක් වගේ වෙනස් කරල අලුතින් එකක් ලියල බැලුව වැඩ. Remote වල Transfer වෙන Values දන්නවනම් ලියන්න පුලුවන්.

වැඩි විස්තර http://irremote.psiloc.com/
ඉතිං කොහොම හරි දැන් Universal Remote එකක් කොයිවෙලෙත් ළඟ තියෙනවා. ඔන්න ඕකයි Remote කතන්දරේ..