Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

Showing posts with label Laptop. Show all posts
Showing posts with label Laptop. Show all posts

2020-11-07

Satellite Receiver එක සපෝට් නැති චැනල් බලමු. (SAT2IP)

මං ගාව තියෙන්නෙ Freesat V8 Super වර්ගයේ සැටලයිට් රිසීවර් එකක්. ඒකට පුලුවන් H.264 Decode කරන්න විතරයි. ඒත් SAT2IP Feature එක තියෙනවා.ඒකියන්නෙ 45E, 88E 93.5E, 95E, 108E වල HD චැනල්ස් පුලුවන් උනාට 91E එකේ HD චැනල්ස් බලන්න බෑ මොකද ඒක H.265 විදියට බ්‍රෝඩ්කාස්ට් කරන්නෙ.

ඊටපස්සෙ Laliga චැනල්ස් අහුඋනා 100.5E Asiasat5 එකේ ඒවත් බලන්න බෑ H.264 උනාට 4:2:2 chroma subsampling කරල තියෙන්නෙ Bandwidth එක අඩු කරන්න ඇත්තටම 4:2:2 subsampling කලාම 4:4:4 uncompressed එකක් Broadcast කරන්න යන Bandwidth එකෙන් 1/3ක් අඩු වෙනවා. මේ තියෙන්නෙ මගේ Receiver එකේ පොටා් එකක්.

මේක ලියන වෙලාවෙත් Asiasat 5 එකේ Overon 1, Overon 2, Overon 3 Broadcast වෙනවා. ඉතිං ඒ ටික අල්ලගන්න සුපුරුදු විදියටම Asiasat 5 සැටලයිට් එකේ Blind Scan එකක් දැම්මම  ටක් ගාල චැනල් ටික අහුවෙනවා.

චැනල් ටික අහු උනාට දාල බැලුවම පේන්නෙ නෑ. Encrypted කියල එන්නෙ. BISS Key එක දැම්මමත් Blank Screen එක තමා එන්නෙ. ස්ක්‍රීන් එකේ Dark image එකක් ආපු වෙලාවට විතරක් පේනවා මෙන්න මේ වගේ.



මේ තියෙන්නෙ අද දවසෙ BISS Key ටිකක් දාල. සේරම මැනුවලි එන්ටර් කරා. Auto Biss Key ගන්නෙ නැති නිසා.



ඊට පස්සෙ පේන්නෙ නැති ටික බලන්න SAT2IP Option එක ඔන් කරා. මේක කලාම වෙන්නෙ Satellite Receiver එකේ තියෙන Favorite දාපු වැඩසටහන් 128ක් විතරක් LAN එක හරහා වෙන Device එකකින් බලන්න පුලුවන් වෙනවා. ඒ කියන්නෙ Stream වෙනවා. Codec එක මොකක් උනත් Satellite Receiver එකට ලැබෙන ඩේටා ටික BISS Key එකෙන් Decrypt කරල Network එක හරහා Decrypted Video එක Broadcast වෙනවා. එතකොට ඒ Video එක Decode කරගන්න පුලුවන් Player එකකින් බලන්න පුලුවන් කම ලැබෙනවා.

මේ තියෙන්නෙ SAT2IP ඔන් කරන තැන. Menu->Network->SAT2IP left එක ක්ලික් කලා නම් ඔටෝ ඔන් වෙනවා.


මං සාමාන්‍යෙයන් Favorite List 4ක් තියන් ඉන්නවා. Movies, Sports, Child, Music චැනල් වෙන වෙනම. ඉතිං මට ඕන චැනල් ටික උඩට ගන්න මං කරන්නෙ අන්තිමට ස්කෑන් එකෙන් අහුවෙච්ච චැනල් ටිකත් Favorite List එකකට දාල All Channels ලිස්ට් එකේ ඒ චැනල් ටික උඩටම ගන්න එක. Overon චැනල් ටික දැම්ම Sports Favorite List එකට. දාල All Channels වල චැනල් ටික Move කලා උඩටම එන්න.


බොක්ස් එකේ සෙටිංස් එච්චරයි. දැන් තියෙන්නෙ Laptop එකට VLC දාගන්න. මෙතනදි වැදගත් කාරණයක් වෙන්නෙ Receiver එකයි Laptop එකයි එකම Network එකක වෙන්න ඕන. එකම Router එකකට දෙකම Connect වෙනව නම් කිසිම අවුලක් නෑ. ඊලඟට එකම IP Range එකේ වෙන්න ඕන. VLC ඕපන් කරල Playlist එකෙට ගිහින් Universal Plug and Play ක්ලික් කලාම Receiver එකේ නම පෙන්නනවා. ඒක ඩබල් ක්ලික් කලාම  Satellite Programs කියල එකක් එනවා ඒකත් ඩබල් ක්ලික් කලාම චැනල් ලිස්ට් එක එනවා. Favorite දාපු චැනල් 128ක් විතරක් මේ ලිස්ට් එකට එන්නෙ. 


ඊට පස්සෙ තියෙන්නෙ බලන්න ඕන චැනල් එක ඩබල් ක්ලික් කරන එක. එතකොට Receiver එකේ චැනල් එකත් Autoම ඩබල්ක්ලික් කරපු Channel එකට වැටෙනවා.


මේකට අදාල Codec Information මේ තියෙන්නෙ


Telecity Enc 5 කියල තියෙන්නෙ Receiver එක සපෝට් කරන චැනල් එකක්. ඒක Box එක සපෝට් නිසා ටීවී එකේම පේනවා. ඒත් Overon 1, Overon 2, Overon 3 කියන චැනල් ටික 4:2:2 Subsampling කරල තියෙන නිසා මේ Receiver එකේ පේන්නෑ. 


ඒ චැනල් එකක් ඩබල් ක්ලික් කලාම VLC playlist එකෙන් TV එකේ මෙහෙම වැටෙනවා. ඊට පස්සෙ VLC එකෙන් චැනල් එක අවුලක් නැතිව පේනවා.


Laptop එක HDMI හරහා TV එකට කනෙක්ට් කරගත්තම TV එකෙන්ම බලන්න පුලුවන් ඉතිං.
Overon 2 එකේ Codec Information මේ. ඒක බැලුවම පේන්න තියෙනවා Decoded Format Planner 4:2:2 YUV කියලම


Sat2ip On කලාම VLC එකේ විතරක් නෙවෙයි. Device List එකට, Media Player එකට විතරක් නෙවෙයි. Network එකේ තියෙන හැම Device එකේමත් පෙන්නනවා. මේ මගේ Samsung Smart TV එක. Builtin WIFI එන නිසා කනෙක්ට් කරල තියෙන්නෙ. ඒකෙ Input Selection එකේ පවා මේක පේන්න තියෙනවා.


සිලෙක්ට් කරල ඇතුලට ගියාම චැනල් ලිස්ට් එකත් පේනවා ඒත් TV එකේ DLNA සපෝට් කරන්නෙ Normal MP4 ඒවට විතරයි. H.264 ඕපන් වෙන්නෙ නෑ. ඉදිරියෙදි  අලුතින්එන TV වල සපෝට් එක එයි කියල හිතනවා.

ඉතිං  SAT2IP සරලව ගත්තොත් සැටලයිට් එකෙන් අරන් කෙලින්ම Receiver එකේ IP එක හරහා Stream කරනවා මුලු නෙට්වර්ක් එකටම. ඕනතරම් Device වලින් Access කරන්න පුලුවන්. හැබයි Satellite එකෙන් Broadcast කරන Video Format එක Decode කරගන්න පුලුවන් Device වලින් විතරක් බලන්න පුලුවන්. මෙතනදි Video එක Decode කරන්න පාවිච්චි වෙන්නෙ Laptop එකේ Processor එක. ඒක නිසා HD H.264 4:2:2 sub sampaling එකක් Decode වෙනකොට අනිත් චැනල් බලනවට වඩා Processor එක වැඩියෙන් පාවිච්චි වෙනවා. 

2010-05-05

ජංජාල ගත වෙන්න ගිහින් වෙච්චි දේවල් II

රාත්‍රි 9.00 ට විතර මතක් උනා තව පෙර ගෙවුම් එකක් තිබුණ කියලා. දාල බැලුවා ඒකත් ඩිස්කනෙක්ට්. ඩිස්කනෙක්ට් වෙච්ච එකක් අරගත්තු නිසා සේ මෙචච්චර කට්ටක් කෑවේ. වැඩ කරන එකක් හොයාගත්ත නම් හරි කියලා හිතුනා.

ගෙදර පෙර ගෙවුම් එකක් පාවිච්චි කරන්නේ නංගි විතරයි. ඉතිං පහුවෙනිදා රීලෝඩ් එකක් දාල දෙන පොරොන්දුව පිට ඒක ඉල්ල ගත්තා. අයිය නැති නිසා E220ත් නෑ. සිම් දෙක මාරු කරා. හැබයි ෆෝන් දෙකම මම ලඟ ;)
කනෙක්ට් වෙන්න පුලුවන්ද බැලුවා. ගින්දර වගේ වැඩ. එවෙලෙම දැම්මා Daily Delight (25) පැය 2ක් විතර පාවිච්චි කරා. කරපු වැඩ ටික අනුව ඒක ඉවර ඇති කියල හිතුණා. ඉතිං ඔන්ලයින් වැඩ ටික නවත්තල එදා ඕෆ්ලයින් වැඩ කරන්න ගත්ත.

පහුවෙනිදා උදේම වැ‍ඩට යන ගමන් ගත්ත ඇමතුමක් මොබිටෙල් පාරිභොගික සේවා අංශයට. අපරාදේ කියන්න බෑ විනාඩියක් යන්නත් කලින් කෙනෙක් කතා කරා.(කතා කරන නම්බර් එක අනුවත් සෑහෙන වෙනසක්). මම දාපු පැමිණිල්ලෙ අංකය දීල විමසීමක් කරා. පොඩ්ඩක් ඉන්න කියල ඕං දැම්ම අර ඇඩ් පෝලිම. ටිකකිං කට් උනා. මං යමින් ගමන් නිසා සිග්නල් වල තත්වය මදි වෙලාද දන්නෙත් නැහැ. ටිකක් වෙලා ඉදල ආයිම ගත්ත. කලින් වගේම විනාඩියක් යන්නත් කලින් නියෝජිතවරියක් සම්බන්ධ උනා. ඉතිං නැවත මුල සිට විමසීමක් කරන්න උනා. අන්තිමේදි පැමිණිල්ල අරගනිපු නියෝජිතයව දැනුවත් කරන්නම් මේ සම්බන්ධයෙන් හොයල බලන්න එයා කෝල් එකක් දෙයි කියල කිවුවා.

වෙන මුකුත් දැනගන්න තියෙද කියල ඉතිං එයාල අන්තිමට අහනවනේ. ඒ වෙලාවෙදි මට අහන්න හිතුන මොබිටෙල් පැකේජ පිලිබඳ විස්තර. මොකද මං පාවිච්චි කලේ 2003 මොබිටෙල් හදුන්වාදීමෙදී ගත්තු Cool 100 එකක්. ඒක නම් මාසෙට රු100 යි. ඒ දවස් වල නම් පිටතට ගන්නා ඇමතුමකට රු 11ක් විතර අය කරනවා. පස්සේ සහන දීල දීල දැන් වීඩියෝ ඇමතුම් විනාඩි 100ක් නොමිලේ ලැබෙනවා. බලද්දී පස්සෙ දීපු Cool Plus 100 එකම තමයි.
අවම දත්ත පැකේජය ගැන විම‍සීමේදී දැනගන්න ලැබුනේ මාසික ගාස්තුව රු 300 ක් වෙන Active F එක තමයි. ඒකෙ නම් විනාඩි 300ක විඩියෝ ඇමතුම් සහ 300Mb දත්ත ප්‍රමාණයක් නොමිලේ භාවිතා කරන්න අවස්ථාව ලැබෙනවා.
ඊළගට තියෙන්නේ SRIL කියන පැකේජය. ඒකෙ මාසික ගාස්තුව රු 500යි සාමාන්‍ය ඇමතුම් විනාඩි 500ක්, වීඩියෝ ඇමතුම් විනාඩි 500 ක කාලයක් සහ 500Mb දත්ත ප්‍රමාණයක් නොමිලයේ භාවිත කරන්න අවස්ථාව ලැබෙනවා.
(නොමිලයේ කිවුවට ඉතිං අපි මාසෙකට ගාණක් ගෙවලනේ) ඒත් සාමා්‍යයෙන් මාසෙට වියදම් වෙන ගාණ අනුව බැලුවම ඔයින් පැකේජයක් ගන්න එක ලාබයි පෙරගෙවුම් එකක් භාවිතා කරනවට වඩා.
වැඩි විස්තර ඕන නම් මොබිටෙල් වෙබ් අඩවියේ මෙන්න මෙතනින් ගන්න පුලුවන්

මාසෙට 1000 ට 2000කට ව‍ඩා වැඩියෙන් වියදං වෙන කවුරු හරි ඉන්නවනං මෙන්න මේවා හොදයි

ඔන්න ඉතිං කතාව වෙන පැත්තකට යනවා. ආපහු මාතෘකාවට එමු. ඉතිං අර පැමිණිල්ල දාපු නියෝජිතයා අමතන කං බලන් ඉන්න වෙනවා. ඕං ඔ‍ෆීසි‍යට ඇවිත් වැඩ කරන කොට ‍ආව මොබිටෙල් එකෙන් ඇමතුමක්. කතා කලේ අර නියෝජිතයා. ඇත්තම කියනවනම් පැමිණිල්ල ලියාගෙන තියෙන්නේ නියෝජිත වරියක්. එයා කලිං ගෙදරට කතා කලාලු. ෆෝන් එක රිං වෙනවා ආන්සර් කලේ නෑ. කිවුවා. ඉතිං පැහැදිලි කරල කිවුවා ගෙදර තියෙන SLT දුරකථනය තමයි රැහැන් කපාදාල තියෙන්නේ. ඒක වැඩ කලා නම් මට වීක්ලි ඩිලයිට් එක දාන්න ඕනත් නෑ ඒකෙන්ම ADSL අරන් තියෙන නිසා කියල. කොහොම හරි ඉතිං ආපහු මං අර දාගත්තු Weekly Delight එක අයින් කරගන්න කං ‍මුදල් ලබා දෙන්න විදියක් නෑ. ඒක අයින් කරගත්ත ගමන් මුදල් ආපසු ලැබෙයි කිවුවා. මට ඒත් සැකයක් ආව රු 75යි නේ Weekly Delight ‍දාන්න යනව කියන්නේ. සම්පූර්ණ අය කිරීම රු 98.98ක්. ඒ ගැන විමසීමේදී කිවුවේ ඒ සම්පූර්ණ මුදලම ලබා දෙන බව තමයි. ඉතිං ඒක ආපහු ලැබුණට පස්සේ ජංගම දුරකථනයේ සැකසුම් පරීක්ෂා කරල නැවත Weekly Delight දාගන්නත් කිවුවා. ආපහු දාන්නේ මොකටද මේ වෙච්ච දේ හොදටම ඇතිනේ. අර වැඩ කරන සිම් එකටම ගිණුමෙ ශේෂය මාරු කරගත්තනම් හරිනේද කියල හිතල ඒ මුදලට නැවත නොදා ඇමතුම් ගන්න භාවිතා කරන්න බැරිද කියල ඇහුවා. ඒකට කැමති දෙයක් කරන්න පුලුවන් කියල එපාර කිවුවා.
ඒ ඇමතුමෙන් පස්සේ ඔන්න #170# මගින් දාගනිපු Weekly Delight එක අක්‍රිය කලා. ඒත් මුදල් නම් ආපහු ලැබුනෙ නෑ. හවස 2ට විතර ගියා මාතර මොබිටෙල් ශාඛාවට තියෙන පැකේජය පාඩුයි වගේ නිසා ඒක ‍මාර කරගන්න තමයි ගියේ. ඒකත් මාරු කරල ඉවරවෙලා අර කරපු පැමිණිල්ලෙ නවතම තත්වය මොකක්ද කියල විමසීමක් කරා. ‍එයාල මූලස්ථානයත් එක්කල කතා කරල බලල අද හවස 5 ට කලින් නැවත මුදල් ලබා දෙන බව දැනුම් දුන්නා.

ඉතිං කොහොම හරි හවස 6 ට විතර බැලුවත් අර මුදල ආපහු ඇවිත් තිබුනෙ නෑ. Daily Delight දාපු සිම් එකට #170# ගහල බලද්දි තවත් පැය කිහිපයක් සහ මෙගාබයිට කිහිපයක් ඉතිරිව තිබුණා. එදා දවසත් ඒ සිම් එකම භාවිතා කරන්න පුලුවන් උනා. මෙන්න ඒ වෙලාවෙ වේගය


කොහොම හරි පහුවෙනිදා උදෑසන වෙනකොට නැවත රු 98.98ක් වෙච්ච මුලු මුදලම මගේ ගිණුමට ආපහු ඇවිත් තිබුණා. ඕං ඔහොමයි ජංජාල ගත වෙන්න ගිහිල්ල වෙච්චි ජංජාලෙන් බේ‍රුනේ. දැන් නම් ADSL එක යථා තත්වයට පත් කරල ආයෙම හොරු කපයිද දන්නෙත් නෑ. :)

2010-04-25

ජංජාල ගත වෙන්න ගිහින් වෙච්චි දේවල් I

පහුගිය මාසේ 24 වෙනිදා විතර අපේ ගෙවල් පැත්තට එන ටැලිෆෝන් වයර් සෙට් එකේ 4' කේබල් එක කපල දාල කියල කලින් පෝස්ට් වලත් ලිවුවනේ. ඉතිං ටැලිෆෝන් නැති කල කවර ADSL ද? මේ ලියන්නේ ඊට පසු ජාලගත වෙන්නන දරපු මහන්සිය තමයි. දවස් දෙකකින් විතර SLT එකේ ඉන්ජිනේරුවෝ ඇවිත් නැවත යථා තත්වයට පත් කරා. ඒ වෙනකොට කේබල් කපපු අය පොලිසිය විසින් අත් අඩංගුවට අරන්ලු. (බඩුත් එකකම හොරු). ඇප දුන්නෙත් නෑ කියල තමයි කිවුවේ.

ඒත් හදපු දවසටම පහු වෙනිදා ආයිම අර කපපු තැනට පොඩ්ඩක් එහායින් ආයිම කපල. කපල තියෙන තැනට පොලිස් මුරපොලේ ඉදන් 200m විතර ඇති. ඒ වගේම ප්‍රදේශයේ තවත් පොලිස් මුරපොලවල් අවටිනුත් කේබල් කපාගෙන ගිහින්. නිකං බිල ගෙවන්න මොකටද SLT ආයතයෙන් විමසීමක් කරා. පලවෙනි පාර කිවුවා කොහොමත් බිල් එක ගෙවන්න වෙනවා කියල. ඉතිං අන්තිමට තීරණය කරා ADSL විසන්ධි කරන්න. විසන්ධි කරන්න ගියාම කියනවා බිල් එක අඩු කරන්නම් ලු. දැන්ම හදන්නැත්ද කියල ඇහුවම පොලීසියෙ කිසිම මෙව්ව එකක් නැති නිසා හදන්නැද්ද මොකක්ද කියල තිබුණ. ඉතිං අපි තීරණය කරා මේක නිවුස් එකක් කරන්න. කරල මාධ්‍ය වලට දුන්න. තවම හදල නෑ.

ඒත් ඕව හදනකං නෙට් නොයා ඉන්නයැ. අයියගේ Airtel Unlimited Sim එකයි E220යි තමයි අවුරුද්ද දවස් ටිකේ පාවිච්චි කලේ. Airtel 3G මේ පැත්තට නෑ. ඉතිං EDGE තමයි. මාර ස්ලෝ. මේල් එක වත් හරියට ලෝඩ් වෙන්නෑ.ඉතිං Unlimited උනා කියල කන්නයැ.හැම ජාතියම දාල බලුවා හොදට සිග්නල් තියෙන්නේ මොකේද කියලා. Etisalat එකෙත් EDGE විතරයි. Dialog පෙර ගෙවුම් සල්ලි ඉක්මණට ඉවරයි. අන්තිමේ හොද උනේ පාවිච්චි කරන මොබිටෙල් ම තමයි.



පහුගිය 18 වෙනිදා පරණ මොබිටෙල් සිම් එකේ දුවිලි පිහදාල අරන් ෆැක්ස් එකක් යවල සක්‍රිය කරගත්ත. 100ක් රීලෝඩ් කරා. ගත්ත 141 එකට කෝල් එකක්. 6 ගහල Weekly Delight (75)ඇක්ටිව් කරා. 75යි කිවුවට හරි ගාන රු 98.98. දැන් ඔන්න E220කට සිම් එක දාල නෙට් යන්න බැලුවම කනෙක්ට් වෙන්නෑ. එතකොට උදේ 7ට විතර ඇති. සැකසුම් දෝශයක්ද කියල සැකයක් ආපු නිසා පසු ගෙවුම් සබඳතාව දාල බැලුවා. හොදට වැඩ කරනවා. සිම් එකේ මොකක් හරි අවුලක් කියල තේරුණා. ගත්ත පාරිභෝගිකයන්ට කෙලවීමේ අංශයට 2පාරකට වඩා කතා කලොත් දැන් කීයක්ද කැපෙනව කියලත් කියනවා ඇහුනා. කොහොම හරි නියෝජිතයෙක් කතා කරා විනාඩි 20කට විතර පස්සේ.
ඉතිං ගැටලුව කිවුවා.

සිම් එකට weekly delight දැම්මා. බ්ලා... බ්ලා....බ්ලා..

මෙහෙන් අවුලක් නැහැ. සිම් එකට ඇක්ටිව් වෙලා තියෙන්නේ. සර්ගෙ මොබයිල් එක මොකක්ද ඇහුවා. ඉතිං මොබයිල් එකේ වර්ගය කිවුවා. දැන් සෙටිංග්ස් එවන්නම් කිවුවා. .

මං කිවුවා සෙටිංස් වල අවුල් නෑ. අනිත් සිම් එකෙන් කනෙක්ට් වෙනවා. ඒ උනාට එහෙම හරියන්නෑ කියල සැකසුම් ටික එවුවා. ඕෆ් කරල තියල ඔන් කරන්න එතකොට හරියයි කියල කිවුවේ. මං කිවුවා ෆෝන් එකේ නෙවෙයි මොඩම් එකටත් වැඩ කරන්නැහැ කියලා. පොඩ්ඩක් ඉන්න කිවුවා. විනාඩි 2ක් විතර ඉන්න ඇති කට් උනා. ඉතිං !@#$%^&*()

මාත් ඉතිං කරලම බැලුව. සිම් එකට Packet Data සක්‍රිය නැ වගේ තමයි ෆෝන් එකේ පෙන්නෙන්නේ. Always online දැම්මම අර 3G යටින් වැටෙන කැඩි ඊතල පෙන්නන්නෑ. ඒ කියන්නේ Packet Data Not Available කියන එකනේ.

ආපහු ගත්තා අර ඉස්සෙල්ල ගනිපු සේවාවටම තවත් විනාඩි 20ක් විතර හිටියා ඔන්න නියෝජිතවරියක් ආව. ඒ පාර ඇහුවා කෙලින්ම weekly delight දැම්ම නෙට් යන්න බෑ මොකද කියලා. පාවිච්චි කරන්නේ මොකක්ද ඇහුවම කෙලින්ම E220ක් කිවුවා. ආයිම කියපි එහෙන් අවුලක් නෑ සෙටිංග්ස් හදාගන්න කියලා. මම දන්නැද්ද සෙටිංග්ස්. කෙලින්ම ඇහුවා මොඩම් එකට දෙන්න තියෙන්නේ apn එක mobitel3g නම්බර් එක *99# නේද කියල. එහෙනම් පොඩ්ඩක් ඉන්න කිවුවා. ඉතිං ආයිම හිටියා. විනාඩි 3ක් විතර ඉදල ආයිම කතා කරා.වෙන ඩොංගල් එකකට දාල බලන්න. ෆෝන් එකකට දාල බලන්න. අනං මනං ටිකක් ආයිම කිවුවා. මං කිවුව සේරම කරල බලල බැරි වෙච්ච නිසා තමයි ඔයාලට කතා කරේ කියල. එපාර ආයිම ඉන්නලු ඉතිං ඉන්නව ඉන්නවා. ඔන්න ආයිම ටික වෙලාවක්(විනාඩි 5ක් විතර) ඉදල කියනවා සර්ගෙ එකවුන්ට් එකේ සල්ලි මදිලු. මං කිවුවා 100ක් දාල තමයි ඇක්ටිව් කරේ. එතකොට කියපි රු 75 ට බදු එක්ක රු 98.98 ක් යනවා. දැන් රු 1 සත ගාණයි තියෙන්නේ. එපාර කියනවා නෙට් යන්න නම් අවම රු 2ක් තියන්න ඕනලු. එකවුන්ට් එක රීචාර්ජ් කරල බලන්නලු. මටත් දැන් ඇතිවෙලා බලං ඉදලම මේ වෙනකොට 10ටත් කිට්ටු වෙලා තිබුනා. හරි මං ඒකත් කරල බලන්නම් කියලා තිබ්බා. 2වෙනි චාන්ස් එකත් ඉවරයි. මැසේජ් එකක් ආව. තව පාරක් ගත්තොත් charge කරනව කියල තබයි තිබුනේ.

රිලොඩ් එකක් දාල බලන්න ඕන කියල හිතුන නිසා ඕං යාලුවෙක්ට කෝල් එකක් දීල කිවුවා 20ක් දාන්න කියලා. 20ත් ආව දැන් එකවුන්ට් එක රු 21.02 දැන් හරිනේ කිවුව විදියට දැන් නම් නෙට් යන්න බැරි වෙන්න විදියක් නෑ. ඔන්න ආයිම ට්‍රයි එකක්ද දුන්න. මොන අර විදියමයි. දැන් මොකද කරන්නේ. ආපහු ගත්තොත් charge වෙනවා. විනාඩි 20ක් විතර බලන් හිටියොත් රු20 ආයිම ඉවරයි.

එතකොට තමයි මතක් උනේ මම පාවිච්චි කරන්නේ මොබිටෙල් පසු ගෙවුම් පැකේජයක් කියලා. ඇමතුව පාර්භෝගික සේවා අංශය. විනාඩියක් යන්නත් කලින් ඕන් නියෝජිතවරියක් කතා කරා. එපා වෙලා හිටපු හින්දම උදේ ඉදන් උනු දේවල් කිවුවා. එක පාරක් ගත්තම කට් උනා. කරන්න කිවුව සේරම කලා තාම ඔයාලට හදල දෙන්න බැරි ඇයි කියලා. එපාර කියනවා අර සිම් එකෙන්ම කතා කරන්නලු. මං කිවුව ඒක මොඩම් එකේ තියෙන්නේ. ඒකයි මේකෙන් ගත්තේ කියලා. තද වෙච්ච නිසා මම කෙලින්ම කිවුවා නෙට් යන්න හදල දෙන්න බැරිනම් කැපිච්ච ගාන රිෆන්ඩ් කරන්න කියලා. එපාර අදාල අංශයට ඒ ගැන පැමිණිල්ලක් ගොනු කරන්නම් කියලත් කිවුවා. Weekly Delight එක ඉවර වෙන්න කලින් නෙට් යන්න හරි රිෆන්ඩ් එක හරි නොලැබුනොත් TRC එකට පැමිණිලි කරනවා කියල මම කට් කලා. එදා දවසත් සුපුරුදු විදියටම නෙට් නැතිව ගත කරන්න හිතුවත් පසුගෙවුම් පැකේජ් එකෙන් කනෙක්ට් වෙලා මේල් එක විතරක් චෙක් කරා. BCS එකේ විභාගය 21,22 නිසා Admission එක ප්‍රින්ට් කරගන්නත් ඕන.ඒත් මේල් එක හොයාගන්න බැරි උනා.

මේක මාගලක් වෙලා වගේ වැඩිය දිග ඒව කියවන්න කම්මැලි ඇතිනේ. අන්තිමේ ආපහු ජංජාල ගත වෙච්ච හැටියි අර රු 98.98 ට වෙච්ච දේයි ගැන ඊලග පෝස්ට් එකේ දාන්නම්.

2010-03-18

ඇපල් ලැප්ටොප් එකක් සාදා ගන්නා අන්දම



ඇපල් කිවුවම කවුද නොදන්නේ. ඒ තරම් ජනප්‍රියයි නෙව. ඒක වෙන්නැති විජය ග්‍රැෆික්ස් එකෙත් දොරේ ඇපල් සමාගමේ ඇපල් ගෙඩිය ගහං ඉන්නේ. :D කවුද කැමති නැත්තෙ ඇපල් ලැප්ටොප් එකක අයිතිකා‍රයෙක් වෙන්න. ඉතිං සරල පියවර කිහිපයකින් පහසුවෙන්ම ඇපල් ලැප්ටොප් එකක් හදාගන්න හැටි බලමු.


මුලින්ම අවශ්‍ය කලමනා සූදානම් කරගෙන වැඩේට බහිමු. මුලින්ම ලැප්ටොප් එකක් සපයා ගන්න. එය කුමන වර්ගයේ එකක් උවද කමක් නැත. ඊට අමතරව විනිවිද පෙනෙන ‍පළළින් වැඩි ටේප් රෝලක් සහ අවසන් වශයෙන් කොළ පැහැති ඇපල් ගෙඩියක් ‍සපයා ගන්න.

ඇපල් ගෙඩිය ලැප්ටොප් එකේ ලිඩ් එකේ පිට පැත්තෙන් තබා ටේප් වලින් රදවන්න. එපමණයි දැන් එය පහත රූපයේ පරිදි දිස්වනු ඇත.



සුභ පැතුම් දැන් ඔබ සතුව ඇපල් ලැප්ටොප් එකක් ඇත. කෝලං ඩී

ලැප්ටොප් එකක් සපයාගැනීට අපහසුනම් ඇපල් ඩෙක්ස්ටොප් එකක් මෙයාකාරයෙන්ම සාදාගගත හැක.

2010-01-26

අහෝ ‍නුඹට සිදුවූයේ කුමක්ද?



මේ තියෙන්නේ මගේ ලැප්ටොප් එක. අදට දවස් දෙකකට කලින් මෙයා වැඩ කරන්නෙ නැතිව ගිහින්. විස්සයි දහය අවුරුද්දේ මගේ පළමු ටෙක් අලය තමයි මේ.දැන් ඉතිං මොනව කරන්නද. උන දේ උනා. ගලවල බැලුව ලෙඩක් නම් හොයාගන්න බෑ. පරීක්ෂා කරල බලන්න ලඟපාත හරියන බොඩ්එකක් වත් ප්‍රොසෙසරයක් වත් නෑ. මේ පින්තූරේ ගත්තේ නිදහස් හා විවෘත මෘදුකාංග ගැන වැඩමුලුවක් කරන අතරතුර. ෆෙඩෝරා ගැන ලියපු හැම පෝස්ට් එකක්ම මේකෙන් තමයි කරල බලල ලිවුවේ.


මේ තියෙන්නෙ මේක ගැන පූර්ණ විස්තරයක්
Specification
CPU Intel Celeron M 420 (1.6GHz)
BIOS AMI BIOS. Press DEL to enter
Chipset Mobile Intel 945GM Express
Memory 1GB 200pin DDR2-400/533/667 SODIMM (2 memory slots. Max 2GB)
Hard Drive 60GB
CD Drive Dual layer DVD±RW
Screen 15.4" Widescreen TFT (1280x800)
Video Card Intel 945GM (up to 128MB shared)
Sound Card Realtek ALC883 High Definition Audio
Modem Agere systems AC'97
Network Card Realtek 8139/810X
RaLink RT2500 Wireless LAN *
PC Card None **
Ports
4x USB 2.0
1x LAN
1x Modem
1x Headphone
1x Microphone
1x S-Video (TV-Out)
1x VGA
1x Kensington Lock
Touchpad Synaptics Touchpad
Battery EM-G330L2 (11.1v 4400mAh)
Dimensions 40 x 355 x 273 (HxWxD in mm)
Colour Silver
Weight 2.85kg
Made By ECS G335


කොහොම උනත් මගේ වැඩ වලට(Web Development,Programming) නම් මේක හොදටම ඇති උනා. Web Server, Development Machine එකක් විදියටත් වැඩ ගත්තා. ඒ කිසිම වෙලාවක වදයක් නම් උනේ නෑ.



අනිත්පැත්ත හරවල මේ විදියට කොටසින් කොටස ගැලෙව්වා. ඒත් එතන රැම් එකක් තිබුනෙ නෑ.


පස්සෙ බලද්දි රැම් එක තියෙන්නේ කීබෝඩ් එක යට ඒපැත්තෙන් ගලවල රැම් එක අරන් පොඩ්ඩක් පිරිසිදු කරල ගැහුව.



හරි ගියේ නෑ. වෙන චෙක් කරල බලන්න විදියක් නැති නිසා ආයිම හයි කරල තිබ්බා. දෘඩ තැටිය නම් SATA එකක් නිසා සාමාන්‍ය පරිගණකයට සම්බන්ධ කරන්න පුලුවන්. ඒක නිසා දත්ත ටික නම් ගන්න පුලුවන් උනා. හදා ගන්නකං ඉතිං ඕෆ්ලයින් තමයි ඉන්න තියෙන්නේ. දැන්ම හදාගන්න විදියක් නම් නෑ වගේ.

ආයි කවදා මේක ලියන්න පුලුවන් වෙයිද කියන්න බෑ. උත්තර දීපු ගූගල් ගෲප් වලටත් මද විරාමයක් දෙන්න වෙනවා. එහෙනම් හැමෝටම ආයුබෝවන්.