Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

Showing posts with label Anniversary. Show all posts
Showing posts with label Anniversary. Show all posts

2010-02-14

දෙවන වසර ආරම්භය.

ඔන්න පෙබරවාරි 14 වෙනිදත් ආවා.
ඉතිං පෙබරවාරි 14 විශේෂ ‍වෙන්නෙ ඇයි.

ආදරවන්තයි‍න්ගේ දිනය කියන නිසා නම් නෙවෙයි. මේ කියන්න යන්නේ සිංහල බ්ලොග් අවකා‍ශයේ තියෙන තාරක‍ගේ සටහන් පිටුව කියන මේ සිංහල බ්ලොග් අඩවියට පෙබරවාරි 14 වෙනිදා තියෙන විශේශත්වය මොකක්ද කියලා.

ඉතිං අදට හරියටම වසරකට කලින් අන්තර්ජාලය නම් මහා දැනුම ගබඩාවට තවත් එක පුංචිම පුංචි බ්ලොග් අඩවියක් ආරම්භ උනා. ඉතිං එදා ඉදලා ලියඋනු ලිපි ටික සංඛ්‍යාත්මකව ගත්තොත් 114ක් වෙනවා. මේ තියෙන්නේ එදා සටහන් කරපු තාරකගේ පළවෙනි සටහන

ඒ සටහනත් එක්ක පටන් ගත්තු සටහන් පිටුවට හැම මාසෙකම නොවැරදීම සටහන් එකතු උනා. ඉතිං මේ සටහනත් එක්ක තාරක සටහන් පිටුවත් අරගෙන ඉර වටේ රවුමක් ගිහිල්ල තියෙන්නේ තාරකටත් නොදැනීමයි.



සටහන් පිටුව ආරම්භ කරාට පස්සේ බ්ලොග් එක කියවපු කියවල අදුන ගත්තු අය එක්ක කොච්චර මේල් යවලා චැට් කරලා ස්කයිප් හරහා කතා කරල තිබුනත් ඒ අය හමුවෙලා දැන හදුන ගන්න ලැබීම මේ අවුරද්ද තුල සිදු වෙච්ච වැදගත්ම දෙයක් කියල කියන්න පුලුවන්.

මුලින්ම දක්ෂිණ ලිනක්ස් සංසදය ආරම්භ කලෙත් එහෙම හම්බෙලා දැන අදුනගෙන හිටපු අය එක්ක නෙවෙයි. දක්ෂිණ ලිනක්ස් සංසදයේ පළමු වැඩසටහනට ගියත් කවුරුවත් මූණ බලල අඳුන ගන්න බැරි උනා. වැටසටහන සංවිධානය කරගත්තෙත් අන්තර්ජාලය හරහාමනේ. එපාර ඩනිෂ්ක අයිය තමයි මුලින්ම කතා කරල අඳුන ගත්තේ ඊටත් පස්සේ ගයාන් කල්හාර, අනුෂ්ක ලක්මාල්, කල්ප පැතුම්, වී අමිත්ත ;) බන්දුල සර් එහෙම අඳුනගත්තා. ටිකක් වෙලා යනකොට අර මුලින් දැනුනු නුහුරු ගතිය නැතිඋනා. කට්ටිය සෑහෙන කාලෙක ඉඳල දන්නව වගේ ආශ්‍රය කරන්න පුලුවන් උනේ අන්තර්ජාලය තුලින් කතා බහ කරල තිබුණ නිසා වෙන්න ඇති.

දක්ෂිණ ලිනක්ස් සංසදය තුලින් අප පාසල් රැසකට නිදහස් හා විවෘත මෘදුකාංග ගැන වැඩමුළු කලා.ඒ සියල්ලම මෙහෙම සඳහන් කරන්න අමාරුයි. ඒ අතර මම බටපොල නවෝද්‍යා පාසල වෙනුවෙන් නිදහස් හා වීවෘත මෘදුකාංග ගැන වැඩමුලුවක් සංවිධානය කලා. එදා තමයි ගෙදරින් දැනගත්තේ මම මේ කරන දේවල් මොනවද කියලා ;) (මගේ අම්මා ගුරුවරියක්) ඉතිං ගෙදර ඇවිත් මට ඌන පූරණ කරන්න විතරයි තිබුනේ. අම්මා සේරම දේවල් අනිත් අයට කිවුවා. මෙන්න මෙහෙමයි වැඩේ උනේ කියලා.

දේශීයකරණ වැඩමුලුත් අමතක කරන්න බෑ ඒ වැඩසටහනෙන් පස්සේ මම කරපු එක තමයි මේ
ඊටත් පස්සේ හන්තාන ව්‍යාපෘතියට දායක උනේ. හන්තාන ව්‍යාපෘතිය හදුන්වා දුන්නේ Software Freedom Day එක දවසෙදී ඒ අයත් එක්කම තවත් කිහිප දෙනෙක් හමු උනා. හිරන්‍ය ශ්‍රීමාල් සහ ප්‍රවීන් ඉන්ද්‍රනාමත් ඒ අය අතර හිටියා.

ඒ අතර තවත් එකක් කට්ටියටම අමතක නොවන හමුවීම මතක ඇති. විස්තර කියන්න ඕන නෑනේ. හැම බ්ලොග් එකකම වගේ ලිවුවනේ ඒක ගැන.

මෙන්න ලින්ක් ටිකක්. සිංහල බ්ලොග් අවකාශයට අලුතින් ආපු කස්ටියයි මතක නැති කට්ටියයි, මතක් කරල නැවත ඒ අවස්ථාව විදගන්න ආස අයයි ආපහු පාරක් ගිහින් බලන්නකෝ

මේ මගේ කැමරාවේ (ඇත්තම කිවුවොත් ජංගම දුරකථනයේ) සටහන් වෙලා තිබුණු සොදුරු මතකසටහන් ටිකක්.


ගයන්තට කන්න පුලුවන් දේවල් තොරන ගමන්
මෙයා කෑම තේරුවනම් තාම තෝර තෝර ඉන්නවා

ශ්‍රී ශානු තාම කෑම කන්න කලින්



මේ තමයි සමූහ ඡායාරූපය ගත්ත හැටි. අර කලින් දාපු ලින්ක් වල කිහිප තැනකම තියෙන නිසා මෙතන සමූහ ‍එක දැම්මෙ නෑ.

නෑෂ් කැමරාව මානමින්..


කාලිංග අයියගේ සමූහ ඡායාරූපකරණය



දකුණු පළාතේ වර්ෂයක් පුරා බ්ලොග් ලියපු තුන්දෙනෙක් :D


අන්තිමට වටිනම පින්තූරේ. බළලා හිනා වෙනව හෙම නෙවෙයි ඕං. ;)

ඉතිං ඔන්න ඔය විදියට තමයි මේ පහුඋන අවුරුද්දක කාලය ගත උනේ..

අවුරුද්දක් පුරා මේ බ්ලොග් එකක් ලියාගෙන ගිහිල්ල ඒකේ සටහන් සියයකටත් අධික ප්‍රමාණයක් තියල කියල හිතෙන කොට මටත් ඇත්තටම පුදුම හිතුනා. මොකද මම එච්චරම ලිවීමේ දක්ෂයෙක් නොවන නිසා. ඒ කොහොම උනත් මේ වෙද්දී සටහන් පිටුවේ පළමු සංවත්සරය සමරන්න වෙලාව ඇවිල්ලා. ඉතිං ඒ අවුරුද්ද පුරාම මාත් එක්කම හිටපු තාරකගේ සටහන් පිටුවේ ප්‍රතිචාර දක්වලා මට සහයෝගය දක්වපු, ප්‍රතිචාර නැති උනත් සටහන් පිටුවට පා තබල කියවපු , කියවපු නැතත් පා තබපු හැමදෙනාටමත්, සටහන් පිටුවට පා නොතබාම RSS හරහා කියවපු හැමදෙනාටමත් බොහොම ස්තූතියි.