Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

Showing posts with label Localization. Show all posts
Showing posts with label Localization. Show all posts

2009-11-26

Windows XP 64bit එකක සිට සිංහලෙන් ලියමි

Windows XP 64bit SP1 එකට සිංහල යුනිකේත ස්ථාපනය කරන්න ගියාම Service Pack 2 ඕන කියනවා. ඉතිං Service Pack 2 වලට යාවත්කාල කලාට පස්සෙ මෙහෙම කියනවා.

මොනව කරන්නද? ඒත් එහෙම කියල බෑනෙව.

සිංහල යුනිකේත නිවැරදිව කියවීමේ පහසුකම ඉස්කෝල පොත‍ ෆොන්ටය Fonts folder එකට පිටපත් කර දසුන් සමීර සොයුරාගේ ලිපියට අනුව usp10.dll ගොනුව ෆයර්ෆොක්ස් ස්ථාපන ස්ථානයට පිටපත් කර සාදාගත් නමුත් මෙතෙක් සිංහල යුනිකේත ලිවීමේ හැකියාව නොතිබුණි.

නමුත් දැන් KeyTouch නමින් අලුත් IME (Input Method Editor - යතුරුලියන සංස්කරණ මෘදුකාංගයක් හදුන්වා දී ඇති අතර එමගින් සිංහල යුනිකේත ලිවීමේ හැකියාව Windows XP 64bit වෙළුම මතදීද ලබාදේ.

බාගත කිරීමට පහත සබැදියෙන් යන්න

http://cplus.lk/2009/11/keytouch-ime/

2009-11-22

හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය එළි දැක්වේ



වසරකට අධික කාලයක් තිස්සේ කෙරුණු අත්හදා බැලීම්වලින් පසු හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ පළමු අදියර පසුගිය දා සම්පූර්ණ කෙරිණි. හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය දැන් සියලු පරිගණක පරිශීලකයින්ගේ භාවිතය උදෙසා අන්තර්ජාලය ඔස්සේත්, හන්තාන ප්‍රජාවේ ස්වේච්ඡා සම්පත් දායකයින් වෙතිනුත් ලබාගත හැකි ය.

හන්තාන ලිනක්ස් යනු කුමක් ද? එය කාට ද?

හන්තාන ලිනක්ස් යනු සුප්‍රකට Fedora මෙහෙයුම් පද්ධතිය සම්මිශ්‍රණය කරමින් සකස් කළ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියකි. අන්තර්ජාල පහසුකම් අඩු පරිශීලකයින්ට, පාසැල් සිසුන්ට හා ගුරුවරුන්ට සහ අවම තාක්ෂණ හුරුවක් ඇති අයට පවා ඉතා පහසුවෙන් තම පරිගණක වැඩකටයුතු ඉටු කරගැනිමේ අවකාශ විවර කර දීමේ අරමුණින් හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සම්පාදනය කර තිබේ.

Fedora වෙතින් ලැබෙන සියලු පහසුකම්, මෘදුකාංග හා ගුණාංග සියල්ල හන්තාන පද්ධතිය සතු වෙයි. ඊට අමතර ව කාර්යාලයීය, අධ්‍යාපනික, බහුමාධ්‍ය හා ග්‍රැෆික් අවශ්‍යතා සපුරාගැනීමට අවශ්‍ය මෘදුකාංග ගණනාවක් හන්තාන සමග කෙලින් ම ඔබ වෙත ලැබේ. සාමාන්‍ය PC එනම් i686 අකෘති වර්ගයේ පරිගණක සඳහා සැකසූ සජීව තැටියක (Live CD) ස්වරූපයෙන් හන්තාන ඔබ වෙත එයි. දෘඪ තැටියෙහි ස්ථාපනය කිරීමට පළමු ව ඔබට කෙලින් ම මේ සජීව තැටිය මගින්, මෙම මෙහෙයුම් පද්ධතියේ සියලු පහසුකම් ක්‍රියාත්මක කර පිරික්සා බැලීමට පුළුවන.

Fedora වෙතින් ලැබෙන සියලු විශේෂ පහසුකම්වලින් සමන්විත හන්තාන, ඊට අමතර බහුමාධ්‍ය කේතක ගණනාවක් ද පෙරනිමියෙන් ම ඇතුළත් කරගනී. එහෙයින් (MP3 වැනි) ඕනෑ ම බහුමාධ්‍ය අන්තර්ගතයක් සේ ම DVD ආදිය ද කෙලින් ම ධාවනය කිරීමේ පහසුකම හන්තාන සතු ය. හන්තාන බාගැනීමේ දී ඔබට Fedora මෙහෙයුම් පද්ධතියේ නවතම නිකුතුව මෙන් ම RPM Fusion සහ Livna මෘදුකාංග කෝෂ්ටාගාර ද ලැබෙන හෙයින් වෙනත් අමතර පිරියම් කිරීමක් අවශ්‍ය නො වේ. සැකෙවින් කියතොත්, හන්තාන ස්ථාපනය කළ සැණෙකින් ඔබේ කාර්යාලයීය, බහුමාධ්‍ය, ග්‍රැෆික්, අධ්‍යාපනික හා විනෝදාත්මක යන සියලු අංශවල අවශ්‍යතා සපුරාලීමෙයි සමත් වෙයි!

හන්තාන වේගවත් හා සැහැල්ලු ඩෙස්ක්ටොප් පරිසරයක් වන XFCE භාවිත කරන හෙයින් අවම බලයක් සහිත පරිගණකයක් වුව ද වේගවත්ව ධාවනය කිරීමට සමත් වන අතර ඔබේ දෘඪ තැටියේ ඉඩකඩ ද සුරකියි.

හන්තාන ඔබ අතට පත් වනුයේ සපුරා ම නොමිලේ හා නිදහස් ව බැවින් එය පිටපත් කිරීමට හා අන්‍යයන් සමග බෙදාහදාගැනීමට ඔබට සම්පූර්ණ නිදහස හිමි වේ.

හන්තාන ප්‍රජාව


හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන් ම ප්‍රජා නිෂ්පාදිතයකි. හන්තාන ව්‍යාපෘතිය වටා ගොනු වෙමින් තාක්ෂණික, භාෂාමය හා වෙනත් නානා විධ අංශයන්ගෙන් ස්වේච්ඡා දායකත්වය ලබා දෙන උද්‍යෝගීමත් ප්‍රජාව එහි ප්‍රධානතම ශක්තියයි. හන්තාන ලිනක්ස් භාවිත කරමින්, එහි සංවර්ධනයට පෙරළා දායක වෙමින් ඔබට ද එම ප්‍රජාවේ සාඩම්බර සාමාජිකයකු විය හැකියි!

හන්තාන ලිනක්ස් පිළිබඳ ඔබේ ගැටලුවලට විසඳුම් හන්තාන ලිනක්ස් ෆෝරමය, හන්තාන ලිනක්ස් ගූගල් සමූහය හා #hanthana irc චැනලය ඔස්සේ ඉතා ඉක්මනින් ලබාගැනීමට පුළුවන.

වැඩි විස්තර සඳහා දැන් ම ප්‍රධාන හන්තාන ලිනක්ස් වෙබ් අඩෙවිය hanthana.org පිවිසෙන්න.


හන්තාන ලිනක්ස් පාසල් වලට හදුන්වාදීම

හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය පළමුවෙන් පාසල් සිසුන්ට හදුන්වාදුන්නේ මෙම ව‍සරේ ජාත්‍යන්තර නිදහස් හා විවෘත මෘදුකාංග දින එනම් 2009 සැප්තැම්බර් 19 වන දින අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීයේ පැවැත්වූ අම්බලන්ගොඩ කලාපයේ පාසල් වලට පවත්වන ලද වැඩමුළුවේදීය.


2009 සැප්තැම්බර් මස 17 වන දින රුහුණු විශ්ව විද්‍යාලීය ඉංජිනේරු පීඨයේදී සිසුන් 100 දෙනෙකුට හන්තාන ලිනක්ස් ස්ථාපනය කරගැනීම සහ ඒමගින් සාමාන්‍ය කටයුතු කරගන්නා ආකාරය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන ලදි.


අතුරුලිය රතනසාර විද්‍යාලය - අකුරැස්ස, කළහේ ශ්‍රී සුමංගලෝදය - කලහේ, ශාරිපුත්‍ර විද්‍යාලය - අහංගම දැනට හන්තාන ලිනක්ස් භාවිතා කරන පාසැල් අතරින් කිහිපයකි.

මීට අමතරව ගාල්ල මධ්‍ය මහා විද්‍යාලයීය (ඕල් සෙන්ට්ස් විද්‍යාලය) තොරතුරු තාක්‍ෂණික කණ්ඩායම සංවිධානය කළ තොරතුරු තාක්‍ෂණ දිනයේදි ද හන්තාන මෙහෙයුම් පද්ධතිය හදුන්වා දීම සඳහා ආරාධනා ලැබුණි.

බෙලිඅත්ත මහපොල අධ්‍යාපනික ප්‍රදර්ශන භුමියේදි මෙම මෙහෙයුම් පද්ධතිය ප්‍රයෝගිකව අත්හදා බලා ලබා ගැනිමේ අවස්ථාව හම්බන්තොට ප්‍රදේශවාසීන්ට හිමිවිය.

2009-09-28

බිංගෝ පරිගණක ක්‍රීඩාව සිංහලෙන් කේත කලෙමි

මෙන්න මගේ මුලින්ම VB.NET වලින් හදපු ක්‍රීඩාව. බිංගෝ ක්‍රීඩාව කරන්න කිවුවෙ ඉගෙන ගනිපු දේවල් භාවිතා කරන්න පුරුදු වෙන්න කියල. අනිත් අය හදල ඉවරවෙනකං නිකං ඉන්න බෑ. පටන් ගත්ත සිංහලෙන්ම හදන්න. ඉතිං මේ තියෙන්නේ මම සිංහලෙන් හදපු බිංගෝ ක්‍රීඩාව.



මෙහෙමයි ක්‍රීඩාකරන්න තියෙන්නේ.
ක්‍රීඩා කිරීමට ප්‍රථම ඔට්ටු ඇල්ලිය යුතුය. ඔට්ටු ඇල්ලීමට අවශ්‍ය පෙළ ඉදිරියේ හෝ ඉහල ඇති කොටු සලකුණු කරන්න. සියළු ඔට්ටු එකවර ඇල්ලීමට සියලු ඔට්ටු බොත්තම ඔබන්න. ඔට්ටුව අවලංගු කිරීම කොටු සලකුණු ඉවත් කිරීම මගින් සිදු කල හැක
ක්‍රීඩා කිරීමට "අරඹන්න (S)" මත ඔබන්න. නැතිනම් යතුරු පුවරුවේ "S" යතුර තද කරන්න. එවිට කොටු තුල ඇති අංක අහඹු ලෙස වෙනස්වේ. වෙනස් වීම නැවත්වීමට "නවතන්න (P)" බොත්තම එබීම හෝ "P" යතුර ඔබන්න. එක සමාන අංක තුනක් ගලපා බිංගෝ ලකුණු ලබාගත හැක.

අංක පේලි, තීරු හෝ විකර්ණ ආකාරයන්ට ගැලපිය හැක. එක් ගැලපීමකට බිංගෝ ලකුණු 50ක් ලබාගත හැක.

හදල ඉවර උනාම මට නම් බිංගෝ ලකුණු ගන්න බැරි උනා. ඔයාලට පුලුවන්ද කියල ට්‍රයි එකක් දෙන්න. ඒවගේම අදහස් සහ දෝශ මෙහි වාර්තා කරන්න පුලුවන් නම් ඉතාම වටිනවා.



2009-06-08

ලිනක්ස් දේශීයකරණයට මාගේ දායකත්වය -2

මේ සැරේ හම්බුනේ gcalctool නම් gnome හි ගණකය සිංහලට හැරවීමයි. ඉතිං මේක කරද්දී ගණකය කියල දැනගත්ත නිසා සිංහලට හරවන ගමන් ගණකය විවෘත කරල බල බල තමයි කලේ. සමහර වෙලාවට දාපු වචන දාන තැනට අදාලනොවෙන්න පුලුවන් නිසා තමයි එහෙම කලේ. මුහුණතේ බොත්තම් සිංහලට හරවන්න ගියේ නෑ.කාටත් හුරු ඒ බොත්තම් ටික නිසා. ඉතිං පුලුවන් උපරිම විදියට සිංහලට හැරවීමේ කටයුත්ත කරා. Undo Redo කියන වචන දෙක තමයි ලොකුම ගැටළුවකට තියෙන්නේ. ඒක නිරාකරණය කරගන්න බැරි නිසා ඒවිදියටම තියෙන්න ඇරියා. අන්තිමට ගණකය මෙහෙමයි පේන්න තිබුණේ.



කාට හරි පුලුවන්නම් මේ Undo Redo කියන වචන දෙකට හරියන සිංහල පද දෙකක් කියන්න. මොකද මේක හැම යෙදුමකම වගේ තියෙන නිසා.

2009-05-28

බටපොල නිදහස් හා විවෘත මෘදුකාංග වැඩමුළුව

වර්ෂ 2008ක් වූ මැයි මස 26 වෙනිදා ගා/බටපොල නවෝද්‍යා විදුහලේදී නිදහස් හා විවෘත මෘදුකාග ගැන වැඩමුළුවක් විදුහලේ 11, 12 ,සහ 13 ශ්‍රේණි වල ළමුන් සඳහා පැවැත්විණ. මෙය බටපොල ප්‍රදේශයේ පැවැත්වූ ප්‍රථම ලිනක්ස් වැඩසටහන වීමද ‍මෙම වැඩමුළුවේ ‍විශේෂත්වයකි.දක්ෂිණ ලිනක්ස් හවුල මගින් වැඩමුළුව මෙහෙයවූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අම්බලන්ගොඩ කලාප තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂිකා වාසනා මෙනවිය සහභාගි විය.
විදුහල්පති තුමා මෙහි ආම්භක කතාව පැවැත්වූ අතර එහිදී තොරතුරු තාක්ෂණය සහ පරිගණක භාවිතයේ වැදගත්කම ගැන තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂිකා වාසනා මෙනවියද ළමුන්ට මතක් කලාය.
‍
මෙහිදී වැ‍ඩසටහන මෙහෙයවු දක්ෂිණ ලිනක්ස් හවුලේ සාමාජිකයින් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කල කරුණු වූයේ

* නිදහස් හා විවෘත මෘදුකාංග
* ලිනක්ස් යනු කුමක්ද
* පාසල් වල ලිනක්ස් භාවිතය
* Gnome Desktop හි විශේෂතා
* ෆෙඩෝරා අධ්‍යාපනික තැටිය
* ෆෙඩෝරා ස්ථාපනය
* ලිනක්ස් හි සිංහල භාවිතය
* සිංහල ෆයර්ෆොක්ස්
* උබුන්ටු ස්ථාපනය
* පැන විසදුම්

ළමුන් නැගූ පැන වලට විසදුම් දෙන අතරම ලිනක්ස් මෙහෙයුම් පද්ධති අඩංගු තැටි බෙදාදීමද දක්ෂිණ ලිනක්ස් හවුලේ සාමාජිකයන් විසින් සිදු කරන ලදී.

උදෑසන 8.00 සිට පස්වරු 1.30 වන තුරු වැඩසටහන පැවැත්වීමට පෙර සූදානම් කර තිබුණද පාසල කලින් අවසන් කිරීමට කටයුතු යෙදුණු බැවින් දහවල් 12.30 වන තුරු පමණක් වැඩමුළුව පැවත් වීමට සිදුවිය.
වැඩසටහනේ සාර්ථකත්වය ළමුන්ගේ උනන්දුවෙන් පෙනුණි. වැඩසටහන අවසන් වූ පසුවද ළමෝ හවුලේ සාමාජිකයන්ගෙන් අවශ්‍ය දේවල් දැන ගැනීමට ඔවුන් වටා එක්රැස් වී සිටි අයුරු දැකගත හැකිවිය.













2009-05-09

ලිනක්ස් දේශීයකරණය කිරීමට මාගේ දායකත්වය අද සිට...


හා හා පුරා කියා ඔන්න අද තමයි ලිනක්ස් දේශීයකරණයට අතගහන්න හම්බුනේ. අද කල‍‍හේ ශ්‍රී සුමංග‍‍‍ලෝදය මහා විද්‍යාල‍යේ තිබුණ Translation Workshop එක නිසා තමයි වැඩේට අතගහන්න ලැබුණේ. අයහපත් කාලගුණික තත්වය යටතේ උනත් වැඩ සටහන සාර්ථකව කරගෙන ගියා.

අපේ බ්ලොග් කරුවනුත් කිහිපදෙනෙක් හමුවෙලා කතා බහ කරන්නත් අවස්ථාව ‍ලැබුණා. මෙච්චර දවස් දැකල තිබුනෙ නෑනෙ කතා බහ කරාට.
ඉතිං Gnome වල evolution-mapi.master ෆයිල් එක තමයි මුලින්ම සිංහලට හැරෙව්වේ. 72%ක් විතර හැරෙව්වා. ටිකක් ආස හිතෙන වැඩක්.

අද දව‍ස ගතකලේ මේ වෙනුවෙන් තමයි.