Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

Showing posts with label Wesak. Show all posts
Showing posts with label Wesak. Show all posts

2016-06-09

මේ සැරේ වෙසක් සැරසිල්ල

කොහොමද ඉතින් කට්ටියට. ඔන්න ඉතින් ආයෙත් සෑහෙන කාලෙකින් පෝස්ට් එකක් දාන්න හිතුනා. පරණ බ්ලොග් පෝස්ට් බලද්දි තමා තේරුනේ කොච්චර දේවල් ඒ කාලෙ කරල තියෙනවාද කියල. බ්ලොග් එක නොලිව්වට විසිට් 70 ක් විතර දවසට තියෙන නිසා නොලිය ඉන්නකු එකත් අපරාදෙ. ලොකු ලොකු පෝස්ට් දාන්න ගියොත් එකක් වත් ලියන්නෙ නැති නිසා පොඩියට ලියන්න හිතුනා.

2009 සැරසිල්ල

2010 සැරසිල්ල

වැඩි දෙයක් නෑ. මෙන්න මේ පාර වෙසක්  එකට දාපු සැරසිල්ල. නිවෙන පත්තුවෙන ඒව නෑ. LED බල්බ හදන විදියටම සර්කිට් වයර් දාල බල්බ් වැලක් හැදුව අයියත් එක්ක. වැඩිය නෑ බල්බ් 72 යි. වහලෙ දිගට මදිවෙයි කියල හිතුනට වැඩිත් එක්ක තිබුන. හැමදාම සුදු පාටින් අලවන කූඩු හය මේ පාර කහ පාටින් ඇලෙව්වා. එච්චරයි. මේ බ්ලොග් එක ගැන යෝජනා චෝදනා ඕනෙ දෙයක් වෙනද වගේම යට තියෙන කමෙන්ට් බොක්ස් එකේ ලියන්න පුලුවන්.

2010-05-28

මෙවර මගේ පරිගණක වෙසක් සැරසිල්ල

මට ගිය පාර වෙසක් එකට දාන්න බල්බ් වැල ගත්තම ඒකෙ පරිපථයට සිද්ද වෙච්ච දේ කට්ටියට මතක ඇතිනේ. මතක නැති අය නොදන්න අය ඉන්නවනම් මෙතනින් බලාගන්න‍. ඉතිං මේපාර ඒ පරිපථය හොයාගත්තත් වැඩ කරන තත්වයක තිබුනෙ නෑ. ආයිම සංගෘහිත පරිපථ 2ක් අලුතින් සවි කරල. ට්‍රාන්සිස්ටර 6ක්ම දාල ගත්තම වැඩ කරන තත්වෙට ගන්න පුලුවන් උනත් බල්බ වැලට ඇමිණිමෙන් පසු AC විදුලිය ලබාදුන් විට දිගටම දැල්වී තිබෙන්නට වූ නිසා නැවතත් ගියවර කල ආකාරයටම යොමු වීමට සිදු උනා. නමුත් මෙවර කලේ පෙර අවස්ථාවේ භාවිතා කල රිලේ වෙනුවට ට්‍රැයැක් භාවිතා කිරීමයි. (සද්ද නැතිව වැඩ ගැනීමට).

ගියවර ලියාගත්තු පරිගණක වැඩසටහනම මෙවරත් භාවිතා කිරීමට හැකි වුනා. එබැවින් වැඩ ටිකක් ලේසි වූ නිසා එක් වෙසක් කූඩුවක් වර්ණ දෙක බැගින් ආලෝකමත් කරන්නත් හැකියාව ලැබුණා.


ඒ ඉතිං පිටින් එන අයට පෙනෙන ඉදිරිපස පෙනුමනේ.. තිරය පිටුපස පිටින් එන අයට පේන්නෙ නැහැ නෙව. මේ තියෙන්නේ පරිගණකයෙන් එන සංඥා වලින් 230v බල්බ හසුරුවන පරිපථය.


ගියවර භාවිතා කරපු එකමයි. හැබයි රිලේ නැති නිසා සද්ද නැතිව වැඩ. මං 6කින් යුතු 5w බල්බ 38ක් හසුරුවන්නේ පුංචි ට්‍රැයැක් උපකරණ 6කින් තමයි.

සරලව ක්‍රියාකාරීත්වය කිවුවොත් පරිගණකයේ සමාන්තරගත තොටුපලින් එන සංඥා ට්‍රාන්සිස්ටර් මගින් වර්ධනය කර LED දර්ශක(DC) වෙත හා ඉන් අනතුරුව තවත් දර්ශක පෙලකින් පසුව ට්‍රයැක් උපකරණය වෙත ලබා දෙනවා. ට්‍රැයැක් උපරණ වෙත අමුණා ඇති බල්බ වැල පරිගණකයේ සිට එන සංඥා වලට අදාලව පාලනය වෙනවා. ඊට අමතරව එතන පසු ආරක්ෂණ ක්‍රියාමාරිගයකුත් තියෙනවා. (නැත්තං මව්පුවරුවට සොරි තමා)

එකම වෙසක් කූඩුව වර්ණ දෙකකින් දැල්වීමට යොදාගත් උපක්‍රමය තමයි මේ. බල්බ දෙකක් යොදා වෙන වෙනම දැල්විමට සැලැස්වීම තමයි කලේ.



ඔය ඔක්කොම එකතු කරල දවසම මහන්සි වෙලා කරපු දේ අවසන් ප්‍රතිඵලය තමයි මේ තියෙන්නේ.

2009-05-10

ගණිතය+පරිගණය+Electronic+Electrical එකට ගත්කල මැවුණු ආලෝක රටා

මේ පහලින් තියෙන පින්‍තූරෙ තියෙන්නේ මම 2007 දී ඩිප්ලෝමාව අවසානයේ කල ව්‍යාපෘතියේ ආදරශන පුවරුවයි. මේක හැදු‍වෙ පරිගණකය මගින් ගෘහස්ථ විදුලි උපකරණ පරිහරණය කරන ආකාරය පෙන්නන්න.
ආදර්ශකය

පාලක වැඩසටහන
Objectives
  • Develop a system thata controls overall electric items in the house.
  • Develop a system theat can remotely control eletric items.
  • Secure the house from intruders
  • Make use of domestic electricitiy efficiency
මේක මගින් ගෙදර තියෙන ඉලෙක්ට්‍රික් උපකරණ පරිගණකය මගින් පාලනය කරන්නත් ආරක්ෂණ කටයුතු සඳහාත් විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිත කිරීමත් ආදර්ශනය කරන්න තමයි හැදුවේ.

මේක ගැන නෙවෙයි මම කියන්න ගියේ. මේ සැරේ වෙසක් එක දවසේ උදේ බල්බ් වැල එලියට ගත්තා. මීයෙක් ටිකක් අත ගහල තිබුණ නිසා උදේම කරේ ෂොපින් බෑග් එකක් ඉරල මීය වැඩ දාපු තැන් ටික ‍ජොයින්ට් කරල ඔතල රත් කරල සීල් කරා. (ටේප් ගහනවට වඩා ෂුවර්නේ).

ඊලග පියවර බල්බ් වැලට හයි කරල තිබුණු පරිපථය ගෙදර නෑ. මොනව කරන්නද රෑ‍ වෙනකොට වැඩේ තියෙන්න එපැයි. උඩ පින්තූරෙ තියෙන බෝඩ් එක ගත්ත. බල්බ් වැල ඒකට හයි කරා.

(වී‍ඩියෝ වල පැහැදිලි තාව නම් මදි තමයි. කැමරා කොහෙන් හොයන්නද මේ වෙලාවෙ.)

ඊට පස්සේ ඒක පරිගණකයට සම්බන්ධ කරා. අලුතින්ම ලිවුව වැඩසටහනක් රටා වලට බල්බ පත්තු වෙන්න. වැඩසටහන නම් තනිකරම ගණිත සෙල්ලමක්. හිත හිත ඉන්න වෙලා නැති නිසා ‍දෙකේ පා‍දයේ ඒව දහේ පාදයට හරවගන්න තව වැඩසටහනක් ලියා ගත්ත. ‍ඒක නිසා තමයි ඉක්මණට වැඩේ කරගන්න හම්බුණේ. කොහොම හරි දවල් 2 විතර වෙනකොට ‍වැඩේ කරගත්ත.



මේ බල්බ් වැල පරිගණකයෙන් පාලනය කරනකොට ගත්ත එකක්. ටිකි ටික ගාල සද්දෙ එනව දාපු රිලේ වලින් ට්‍රැයක් දැම්ම නම් ඒ සද්දෙත් නැති කරන්න පුලුවන්. ලේසියට තමයි රිලේ පාවිච්චි කලේ. මෙන්න අන්තිම ප්‍රතිඵලය



ඔන්න ඔහොමයි වෙසක් දවස. මේ යුටියුබ් එක්ක වැඩ කරපු පලවෙනි පාර නිසා තමයි පරක්කු උනේ. ඉතිං කොහොමද මගේ වැඩේ.