2009-08-29

Pidgin එකට මූණුපොතේ චැට් එක හදන්නේ මෙහෙමයි.



මූණු පොතේ චැට් එක pidgin එකට හදාගන්න මුලින්ම මේක බාගත කරගන්න.
ටර්මිනලය විවෘත කරගෙන ගොනුව බාගත කරන ලද ස්ථානයට cd විධානය මගින් පිවිසෙන්න. උදාහරණයක් ලෙස Download ෆෝල්ඩරයට බාගත කලේ නම්
$cd /home/පරිශීලක නම/Download
ලෙස ලබාදීමෙන් Download ෆෝල්ඩරයට පිවිසිය හැක.

දැන් එය පහත විධානය මගින් විසුරුවාගන්න.
$tar -xvzf pidgin-facebookchat-1.60.tar.bz2
එවිට ඔබ දැන් ප්‍රවේශ වී සිටින ෆෝල්ඩරය තුල usr නමින් අලුතින් ෆෝල්ඩරයක් තැනෙනු ඇත.
එය තුල වූ usr/lib/purple-2 ෆෝල්ඩරයට පහත විධානය ලබාදී ඇතුලු වන්න.
$cd usr/lib/purple-2
දැන් එය තුල වූ libfacebook.so ගොනුව /usr/lib/purple-2 යන ස්ථානයට පිටපත් කරන්න.
#cp libfacebook.so /usr/lib/purple-2

දැන් pidgin නැවත අරඹා නව ගිණුමක් තනන්න.
එහිදී protocol ඉදිරියෙන් Facebook ලෙස අලුතින් කල එක් කිරීම තේරීමෙන් Facebook ගිණුම pidgin වෙත එක් කරගන්න. දැන් පහසුවෙන්ම Facebook චැට් වෙතට බ්‍රවුසරය විවෘත කිරීමෙන් තොරව පිවිසිය හැක.

pidgin දැන් video චැට් පහසුකමද 2.6 අනුවාදනයේ සිට ලබා දී ඇත.

pidgin හරහා ඔබගේ Facebook Status යාවත්කාල කළ හැක.

නම්, පාස්වර්ඩ් Save වෙනවද?

කාලෙකින් බ්ලොග් එක ලියන්න ගත්තෙ. ලියන්න දේවල් බොහොමයි. මතක් උන වෙලාවෙ එකක් ලියන්න හිතුනා.

ගොඩක් වෙලාවට මේක සිද්ධවෙන්නේ පොදු පරිගණක භාවිතා කරන තැන් වල.
GMail Login එක කවුරුත් දැකල තියෙනවනේ. දැකල නැත්තං ඔන්න බලාගන්නකෝ

ඔතන තියෙන Username Field එක උඩ ක්ලික් කරගමන් පරිගණකයේ GMail භාවිතා කරපු අයගේ username ලැයිස්තුවක් බලාගන්න පුලුවන්. රහස්පද සුරැකීම කරල තිබුනොත් නම් ඉතිං ඉවරම තමයි. නම උඩ ක්ලික් කල ගමන් රහස්පදය ඉබේම එනවා.

ඉතිං වෙනත් රහස්පදයක් ඇතුලත් කරල සුරකින එක තරමක් සාර්ථකයි කියන්න පුලුවන් උනත්. ආයිමත් Log වෙන්න උනොත්?

ඊටත් ලේසිම ක්‍රමයක් තමයි තියෙනවා. නොදන්නා අයගේ දැනගැනීම පිණිස මෙහෙම ලියන්නම්.
Username Field එක උඩ ක්ලික් කල විට ලැබෙන පරිශීලක නාම ලැයිස්තුවෙන් ඉවත් කල යුතු නම මතට මවුස් පොයින්ටරය ගෙන එන්න. මවුස් පොයින්ටරය එය මත තිබියදී යතුරු පුවරුවෙන් Del යතුර ඔබන්න. කොහොමද වැඩේ. මහ ලොකු දෙයක් නම් නෙවෙයි තමයි.

අවස්ථාවක් ලැබුනොත් අත්හදා බලන්න. GMail වලට විතරක් නෙවයි. අන්තර්ජාලයේ text Field එකක් තියෙන ඕනම එකක් පිරෙව්වම සුරැකෙන වෙලාවල් වලට මේ ක්‍රමෙන් මකා දමන්න පුලුවන්.

ආසනම් මේවත් කියවන්න..

Related Posts Plugin for WordPress, Blogger...