Pages

2010-08-16

UNIVOTEC Interview දවස හෙටයි.


ජුලි 27 University of Vocational Technology එකේ Aptitude Test එක ලිවීමෙන් පස්සේ ඔන්න Interview එකට හෙට එන්න කියල 10 වෙනිදා ලියුමක් ඇවිත්. අරන් එන්න කියල තියෙන්නේ
NIC එකයි Diploma සහ වෙනත් සහතික වල Original සහතිකයි. Industrial/ Work experience පෙන්නන්න පුලුවන් සහාය ලිපි තමයි.

ගාල්ල තාක්ෂණ විද්‍යාලයෙන් ඒ විභාගයට මුහුණ දීපු 11 දෙනා අතරින් තිදෙනෙක්ට හැර අනෙක් අයට interview සඳහා කැඳවීම් ලිපි ලැබී තිබුණා. මම හදාරන්න හිතාගෙන ඉන්නේ Bachelor of Technologyin ICT (Multimedia & Web Technology. Web Technology ගැන අත්දැකීම් තිබුණත් Multimedia ගැන නම් තියෙන්නේ සති 2ක පමණ අත්දැකීමක් විතරයි.

ඉතිං මේ දිනවල කරපු වැඩේ තමයි කරපු වැඩ ඔප්පු කරල පෙන්නන්න පුලුවන් ලිපි එක්රැස් කිරීම සහ සහතික ලබාගැනීම. අද දිනයත් ගත උනේ ගාල්ල තාක්ෂණ විද්‍යාලයෙන් National Diploma in Information & Communication NVQ මට්ටම් 5 සහ 6 සදහා විභාගයට මුහුණ දුන් බවට සහතිකය ලබාගැනීම සහ එහි වෙබ් අඩවිය සකස් කල බවට සහතිකයක් ලබාගැනීමයි. උදේ වරුව තුල ඒ කටයුතු කරගැනීමට හැකියාව ලැබුණා. ඊළගට ayurvedakurlaub.de අඩවිය තැනීම සම්බන්ධව සහතිකයක් ලබාගැනීමට හැකියාවක් තිබේදැයි සොයා බැලීමට Lawrence Hill Paradise ‍Hotel වෙත ගියා. එහිදී සිතුවාටත් වඩා හොද recommendation එකක් ලබාගත හැකි උනා.

ඊට අමතරව ඉතිං ජනවාරි 1 වෙනිදා සිට වැඩකරපු ස්ථානයේ සේවා සහතිකයත් සතුව තිබෙන බැවින් Interview එක සඳහා ඒ ඇති වේ යැයි සිතමි. ඉතිං හෙට තමයි ඒ තීරණාත්මක දවස. හෙට සිද්ධ වෙන දේවල් අනුව ඒක තීරණය වෙයි. හැබයි නොතේරුණත් හිතට දුකක් නෑ. ඒත් දැනට බලාපොරොත්තුවක් විතරක් හිතේ තියෙනවා.

ඒ අතරතුර තවත් Offer එකක් ආව. ඒක ගැන පස්සෙ ලියන්න ඕන.

23 අදහස්:

  1. බොක්කෙංම සුභ පැතුං! :D

    ReplyDelete
  2. සුභ පැතුම් සහෝදරයා. මටත් එහි Multimedia පිළිබඳ පූර්ණකාලීන පාඨමාලාවක් හැදෑරීමට දැඩි උවමනාවකින් පෙළුනත් රැකියා ස්ථානයේ වැඩකටයුතු නිසා පසුබාමින් සිටින්නේ.

    ඒත් ඔබට ලැබුණු මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකිවේවා යි මම පතනවා...

    ReplyDelete
  3. සුභපැතුම් ගයාන්.... එනකොට හිටු කියල එනවනේ.... හොඳින් අභ්‍යන්තරය පෙන්නන්න. ඉන්ටර් වීව් එකක්නේ තියෙන්නේ.... :D

    ReplyDelete
  4. @Dakshina
    සුභ පැතුමට ස්තූතියි.

    ReplyDelete
  5. @budhajeewa
    තැංකු බඩී

    ReplyDelete
  6. wow.. එළකිරි...

    සුබපැතුම්...!!

    ReplyDelete
  7. අහසෙ දිදුලන තාරුකාවක
    පැහැය ආලෝකය දරා
    වෙන්න දිදුලන තාරකාවක්
    සුබ පැතුම් දෝතින් පුදා

    ෴ සුබ පැතුම් ෴

    මේ පලවෙනි බැච් එකද මල්ලියා?

    ReplyDelete
  8. @ගයන්ත
    ස්තූතියි.

    ReplyDelete
  9. @wath
    ඔව් අක්කේ. B.TECH එකේ පළවෙනි බැච් එක.

    ReplyDelete
  10. @wath
    ආ තව පොඩියෙං අමතක වෙනවා අක්කගේ කවි සුභ පැතුමට බොහෝම ස්තූතියි!

    ReplyDelete
  11. එළකිරි සුභ පැතුම් මචෝ

    ReplyDelete
  12. Your dreams are too far.

    ADB developed over 30 odd subjects. I do not think we have enough assessors to judge you.

    NVQ is difficult to explain but these courses are benched marked with Australian education system.

    If you get NVQ 4 you will be treated as equal to a NVQ 4 in Australia. This means you will get the same salary as an australian.

    The implementation will take some time.

    Donald Gaminitillake
    Let us change the standard

    ReplyDelete
  13. @පසන් තරිඳු
    Thankyou

    @Thilina
    ස්තූතියි බුවෝ

    ReplyDelete
  14. So how was your interview today?good luck bro..my interview also on 19th this month..

    ReplyDelete
  15. @Donald Gaminitillake
    DTET held written examination for NVQ 5 & 6. is that done due to lack of assessors to TVEC?

    can you explain about what are these papers
    http://bit.ly/daUGUc

    we faced 12 papers for that examination. are they useless?

    if the implementation takes time why they train students?

    ReplyDelete
  16. @ska-kandy
    fine. not asked much questions. checked certificates & working experiences. Thank you and Good Luck. sometimes may be we can met at there :D

    @h
    සමාවෙන්න ඕන. ජංගමය හරහා කමෙන්ටු ඇපෲ කල බැවින් ඔබේ කමෙන්ටුවට මඟහැරුණා. ස්තූතියි සුභ පැතුමට.

    ReplyDelete
  17. Aptitude Test 1 monwada ahanne... mama qs dip1 krala tiyenne...

    ReplyDelete
  18. General Knowledge English තමා වැඩිපුරම තිබුනෙ

    ReplyDelete
  19. Aptitude test Ekata Monawada ahanne???

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ