සමහර වෙලාවට php code කරද්දි අවශ්‍ය වෙනවා HTML කෝඩ් ගොඩක් මැද variable එකක් print කරන්න විතරක් php. ඒ වෙලාවට කෝඩ් කරන්න වෙන්නේ
<?php echo $variable ?>
ඒත් ඒ වෙනුවට ඉතාමත් කෙටියෙන් මේ විදියට ලියන්න පුලුවන්
<?= $variable ?>
තවත් මේ වගේ කරන්න පුලුවන් දෙයක් තමයි if විධානය
සාමාන්‍යයෙන් if එක මගින් var නම් variable එක negative ද positive ද බලන්න ලියන්නේ මේ විදියටනේ.
echo "var is ";
if ($var < 0) {
echo "negative";
}else {
echo "positive";
}
මෙහිදී එක statement එකක් විතරක් තියෙන නිසා සඟල වරහන් { } නොමැතිව මේ විදියට ලියන්න පුලුවනි.
echo "var is ";
if ($var < 0)
echo "negative";
else
echo "positive";
තව දුරටත් කෙටි කරනවා නම් මේ විධානය පහත විදියටත් ලියන්න පුලුවනි.
echo "var is ".($var < 0 ? "negative" : "positive");
එහෙනම් කෙටියෙන් ලියමු ඉක්මණට කෝඩ් කරමු. ජයවේවා!