සිංහල බ්ලොග් අවකාශයේ කාලයක් තිබුණු ඉල්ලීමක් තමයි ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගැන ලියන්න කියන එක. මීට අවුරුද්දකටත් පෙර තමයි ඒ ඉල්ලීම සිද්දඋනේ. ඉතිං ඒකට පිළිතුරු විදියට කෙනෙක් ලියන්නම් කිවුවත් තාම නෑ. සමහර විට ඒ කවුද කියලවත් කස්ටියට මතක නැතිව ඇති. අවුරුද්දක් කිවුවම එසේ මෙසේ කාලයක්ද?. සිංහල බ්ලොග්කරුවන්ගේ ප්‍රථම හමුවීමටත් ඒ වගේම කාලයක් ගතවෙලා.
ඉතිං මං හිතන විදියට මුලින්ම ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙදි විභව අන්තරය(V) හා ධාරාව(I) ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ.
ධාරාවක් කියන්නේ ඉලෙක්ට්‍රෝන අඩු තැනක සිට වැඩි තැනකට ගමන් කරන කොට.
හෝව් වැරදුනේ නම් නෑ. ඒක වෙන්නේ මෙහෙමයි. ඉලෙක්ට්‍රෝන කියන්නේ (-) ආරෝපිත ඒවටනේ. ඉතිං - ආරෝපණ වැඩි වෙනව කියන්නේ එතන විභවය අඩු වෙනව කියන එකයි. එතකොට ධාරාවක් ගමන් කරන්නේ ඉලෙක්ට්‍රෝන අඩු තැන ඉඳල වැඩි තැනට. ඒකටම කියන්න පුලුවන් + ආරෝපණ අනිත් පැත්තට ගමන් කරනව කියලා. හැබයි මතක තියාගන්න සන්නායකයක් තුල නිදහසේ චලනය වෙන්න පුලුවන් ඉලෙක්ට්‍රෝන වලට විතරයි කියල
එතකොට විද්‍යුත් රසායනික කෝෂයක් ගත්තොත් මේ විදයට පැහැදිලි කරගන්න පුලුවන්. කෝෂයේ කෙටි ඉර තියෙන පැත්තෙ තමයි ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියෙන්නේ.
මේක ගත්තෙ විකිපීඩියාවේ http://en.wikipedia.org/wiki/Electric_current පිටුවෙන්
මේක හොදට මතකතියාගන්න
ධාරාවක් නැතිව විභව අන්තරයක්(V) තියන්න පුලුවන් උනත් කවදාවත් විභව අන්තරයක් නැතිව ධාරාවක් පවතින්නෙ නෑ
එතකොට මේ ගලන ඉලෙක්ට්‍රෝන ධාරාවට බාධාවක් ඇති කරන දෙයක් තමයි resister එකක් කියන්නේ. ප්‍රායෝගිකව හැම විදුලි උපකරණයකටම resistance එකක් තියෙනවා.
මේ පහලින් තියෙන්නේ ඉලෙක්ට්‍රොනික ලෝකයේ භාවිත වන resister එකක්. මේක ගත්තේ http://www.afestlouis.org අඩවියෙන්
ඔය රෙසිස්ටරයේ පාට වළළු වලින් ඒකෙ අගහ කියවගන්න හැටි ඊළඟ ලිපියෙන් බලමු
ඉස්කෝලේ යන කාලේ ඔය රිසිස්ටන් කෑලි ගන්න රොබට් ඒජන්සි බඩගැව හැටි මතක් වුණා
ReplyDeleteඉතිං නලින් අයියෙ ඒ කතා ටිකත් ලියමුකෝ.
ReplyDeleteමේක වැරදිල පබ්ලිෂ් උනේ. අවුරුදු ගාණකට කලින් ලියපු පෝස්ට් එකක් :D
ගොඩක් වැදගත් ස්තුතියි ඔබට
ReplyDeleteස්තූතියි මේ පැත්තෙ ආවට
ReplyDelete