ප්‍රධාන දුම්රිය නියාමක යනු දුම්රියක් බාරව යන තැනැත්තාය. රියදුරුටත් වඩා දුම්රියේ වගකීම පැවරී පවතින්නේ ඔහු වෙතය. කොඩිය ඔසවනවාට, ටෝච් ගසනවාට වඩා ඉතා විශාල වගකීමක් දුම්රිය නියාමක වරයෙකුට පැවරෙයි. කලට වේලාවට දුම්රිය ප්‍රමාදයකින් තොරව ධාවනය කරවීමත් වේගය පාලනය කිරීමත් ඔහු සතුය. දුම්රිය සංඥා කණුවෙන් කණුවට දුම්රිය ගමන් ගත් වේලාව ලොග් පොතට සටහන් කරමින් දුම්රිය ගමන් ගන්නා සම්පූර්ණ කාලසීමාව තුලදීම ඔහු කාර්යබහුලව සිටිය යුතු වේ. ඉහත කරුණු සියල්ල සැලකූ විට දුම්රිය නියාමක තනතුර යනු ඉතා විශාල කාර්යභාරයක් සහිත රැකියාවකි. මගී දුම්රියක නියාමක යනු තවත් භාර්යදූර්ය කාර්යයක් වන අතර කාර්යාල මගී දුම්රියක් යනු ඊටත් වඩා වගකීම වැඩි භාර්යදුර්ය කාර්යයක් වන්නේය. මන්ද කාර්යාලයීය දුම්රියක් නියමිත වේලාවට වඩා ප්‍රමාද විම රටක සියලුම ආයතන වල කටයුතු ප්‍රමාද වීමට හේතුවක් වන නිසාය.
2018-12-11 වන දින එවන් නියාමක වරයෙකු තම නිවාඩු ලබා මාතරින් කොළඹ කොටුව සහ මරදාන බලා උදෑසන ධාවනය කරන සාගරිකා සීඝ්‍රගාමී දුම්රියට ගොඩවන්නේ ඥාතී නිවසක් වෙත යාමට 2 වන පන්තියේ සාමාන්‍ය මගියකු ලෙසින් කොළඹ බලා යෑමටයි.
නියාමක මහතා දෙවන පන්තියේ මගියකු ලෙස
නමුදු දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයට සැපත් වූවත් සුපුරුදු පරිදි ගාල්ලෙන් ඉදිරියට ධාවනය නොවූ නිසා ඔහු රාජකාරියේ නොසිටියත් එලෙස නවතා තැබීම නුපුරුදු දෙයක් වූ බැවින් විමසීමට ඔහුට සිත් විය. එලෙස ප්‍රධාන නියාමක විමසා බැලීමේදි ඔහු හට පෙනී යන්නේ එදින සාගරිකා දුම්රියේ අවසන් දුම්රිය මගී පෙට්ටියක තිරිංග පද්ධතියේ ඇති Triangular Bar කොටස ලිහිල්වීම නිසා එලෙස ධාවනය නොවන බවයි. වහාම ක්‍රියාත්මක වන ඔහු තම ගමන ගැනවත් නොසිතා කම්බි කැබැල්ලක් ගෙන දුම්රිය මැදිරිය යටට රිංගා ගන්නෙ දෝශය නිවැරදි කර ප්‍රමාදය වලක්වා ගැනීමටය. එහිදී කම්බි කැබැල්ලෙන් එම Bar එක ගැටගසා තාවකාලිකව පිලියමක් යෙදූ බැවින් ගාල්ල දුම්රිය ස්ථානයෙන් විනාඩි 15ක ප්‍රමාදයකින් පමණක් සහිතව දුම්රිය ඉදිරියට ධාවනය කිරීමට හැකිවනවා.
අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය වෙත විනාඩි 20ක ප්‍රමාදයක් සටහන් වන්නේ කහව දුම්රිය ස්ථානයේ සංඥා දෝශයක් හේතුවෙනි. අම්බලන්ගොඩ පසු කර ඉදිරියට ඇදෙන සාගරිකා දුම්රියේ ප්‍රමාදය අප්‍රමාදව ජංගම දුරකථන වලට ලැබෙනුයේ RDMNS APP එකෙනි. එය මෙසේ සටහන් වී තිබුණි.
RDMNS යාවත්කාලීන කිරීම
අම්බලන්ගොඩින් පසුව නැවතුම වන අහුන්ගල්ල දුම්රිය ස්ථානයට සාගරිකා කාර්යාල දුම්රිය ලගාවූයේ ගාල්ල බලා දිවෙන මන්දගාමී දුම්රියට හුවමාරුවීමත් සමගිනි. ගාල්ල මන්දගාමී දුම්රිය ඉදිරියට ඇදුනු නමුදු නැවතත් සාගරිකා දුම්රිය ඉදිරියට ධාවනය නොවිණි. දුම්රිය ආරක්ෂක නිලධාරින් සමග සුහද පිළිසඳරක යෙදී සිට අප නියාමක මහතාට නැවතත් දුම්රියේ අසාමාන්‍ය නැවතුම් කාලය ඉව වැටුණි. එසැනින් තම අසුනින් නැගී සිටි ඔහු පා පුවරුවේ සිටි අයට “මල්ලි පොඩ්ඩක් ඉඩදෙන්න“ පවසමින් නැවත බිමට බැස ගත්තේය. “රෝහණ මල්ලි ඉන්නකල් බයවෙන්න දෙයක් නැහැ“ යනුවෙන් එක් ආරක්ෂක නිලධාරියකුගේ මුවින් පිටවිය.
නැවතත් දෝෂ සහගත දුම්රිය මැදිරිය යටට රිංගන ඔහු තම ඇඳුම ගැනවත් නොසිතා නැවත දෝෂ සහගත රෝධක කොටස සමග ගැටෙනු දක්නට ලැබුණි. ඔහුට උදව්වට මෙවලමක් ලෙස තිබුණේ මිටියක් පමණි. නැවතත් ඔහු එම කොටස ගැටගැසීමට තැත් කලත් එම උත්සහය ව්‍යර්ථ විය. එහෙත් ඔහු උත්සහය අත්හැරගත්තේ නැත. කෙසේ හෝ එම කොටස රදවා අලුත්ගම දුම්රිය අංගනයේ සහය හෝ ගැලපෙන මෙවලමක් මගින් මෙම දෝශය නිවැරදි කිරීම එහිදී ඔහුගේ අදහස විය.
රෝධක කොටසේ දෝශය පරීක්ෂා කරමින්
මෙහිදී තවත් කිහිපදෙනෙක් ඔහුගේ උදව්වට පැමිණි නමුත් දුම්රියේ කොටස් නිවැරදිව තිබිය යුතු ආකාරය ගැන නිවැරදි අවබෝධයක් තිබුනේ ඔහුට පමණි.
දෝශය තාවකාලිකව නිවැරදි කරමින් අහුංගල්ල දුම්රිය ස්ථානයේදී
මගීන් ගෙන් පිරී පැවති දුම්රිය සහ සිදුවන දෙය ගැන පරික්ෂාකාරීව පසුවන මගීන් පිරිසක්. එදින රාජකාරියේ නියුතු දුම්රිය නියාමකවරු, දුම්රිය ආරක්ෂක මහතුන් සහ අහුංගල්ල දුම්රිය ස්ථානයේ කාර්යය මණ්ඩලයේ පිරිසත් එතැනට පැමිණ අවශය සහයෝගයක් වේ නම් ලබාදීමට උත්සුක වුහ.
කෙසේ හෝ තාවකාලිකව දෝෂය නිවැරදි කරගෙන අලුත්ගම බලා ධාවනය වීමට කටයුතු සිදු කරන ලදී. (දෝෂය නිවැරදි කිරීමට ස්පැනරයක අවශයතාවය තිබුණත් ලබාගැනීමට හැකියාව ලැබුණේ මිටියක් පමණි)
අහුංගල්ල දුම්රිය ස්ථානයේදී
අලුත්ගම දුම්රිය ස්ථානය බලා ධාවනය කරවීමට ඔහු සිතූ නමුදු නැවතත් කොස්ගොඩ දුම්රිය ස්ථානය පසුවන විට නැවතත් අතරමග නැවත්වීමට සිදුවිය. සිත සිතා නොසිට නැවතත් ක්‍රියාත්මක වූ ඔහු නැවතුනේ සුපුරුදු මගී දුම්රිය මැදිරිය යටය. කෙසේ හෝ වරද නිවැරදි කර ධාවනයට සුදුසු තත්වයට පත් කර ගන්නට ඔහුට එහිදි හැකියාව ලැබුණි. නියමිත වේලාවට වඩා විනාඩි 45ක ප්‍රමාදයකින් පමණක් ප්‍රමාදය නවතාලීමට ඔහුට හැකි විය.
ඉන්පසු අලුත්ගම, දකුණු කලුතර, පානදුර, මොරටුව, බම්බලපිටිය ආදී සුුපුරුදු නැවතුම් වල පමණක් නවත්වමින්
කොළඹ කොටුවට 9:11 පමණ වනවිට ලඟාවීමට හැකවිය.
රැකියාවෙන් ලද වගකීම සාමාන්‍ය මගියකු ලෙස ගමන් කලද ඔහුට නොසලකා හැරීමට ඉඩ නොදුන් බැවින් ඔහු නිසා දුම්රියේ සියලුම මගීන්ගේ දිනය සුරැකිණි. සුන්දර සිනහවකින් නිතරම මුව සරසාගෙන සිටින ඒ වීරයා නමින් P.M.P රෝහණ නම් විය. ධාවනාගාරයෙන් පැමිණ වරද නිවැරදි කිරීමට සිදු වී නම් දවසින් බාගයක් ම එයට ගතවීමට ඉඩ තිබුණි. අත්දැකීම් බහුල නියාමක වරයකු වූ ඔහුට ඒ පිළිබඳ දැනීමක් තිබූ බැවින් මෙලෙස ඔහු විසින්ම දෝෂය නිවැරදි කරන්නට ඉඩ ඇත.
නියාමක මහතාගේ මජං රැදි දෑත්
එදින එම දුම්රිය ඔහුගේ වගකීමක් නොවුනද තම ඇදුම්පැලඳුම් සහ දෑත් කිලිටි කරගත්තේ එදින දුම්රියේ ගමන්ගත් මගී ජනතාව වෙනුවෙනි. එදින පැත්තකට වී සිටීමට ඔහුට ඇති තරම් අවස්ථාව තිබුණි. නමුදු ඔහු එසේ නොකලේ දුම්රිය තවත් ප්‍රමාදවීම වැලැක්වීමටය. මෙවන් නිලධාරීන් රටට සම්පතකි. එවන් නිලධාරීන් පණමෙන් ආදරය කරන දුම්රියන් රැක ගැනීම ඔබ සතු යුතුකමකි.
සටහන - කේ.පී ගයාන් තාරක