Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2009-06-11

ලිනක්ස්හි ඇති බහලුමක් ජාලය හරහා වින්ඩෝස් වලට Share කිරීම

මේක "වින්ඩෝස්හි ඇති බහලුමක් ජාලය හරහා ලිනක්ස් වලට Share කිරීම" ලිපියෙන් සඳහන් කල එකේ අනිත්පැත්ත. ඒකට කරපු සම්බා සැකසුම් ටික ඒ විදියටම මේකට යොදාගන්න නිසා එය මුලින් කියවන එක වඩා සුදුසුයි.

ෆෙඩෝරා පරිගණකයේ සැකසුම්
පද්ධතිය --> කළමණාකරණය --> සම්බා හරහා සම්බා සේවාදායකය මානකරණයට පිවිස (පිවිසීමට root මුරපදය ලබාදිය යුතුය) +පොදුවක් එක්කරන්න මත ඔබන්න.

මුලින්ම සම්බා භාවිතා කිරීමට පරිශීලකයෙක් සාදන්න.ඒ සඳහා රුච් අරුචි-->සම්බා පරිශීලකයන්
හරහා සම්බා පරිශීලකයන් කවුලුව විවෘත කරගෙන පරිශීලකව එකතු කරන්න බොත්තම ඔබන්න.
දැන් නව පරිශීලකයකු සාදන්න කවුළුව විවෘත වනු දැකිය හැක. එහි unix පරිශීලක නාමය ලෙස පද්ධතියේ සිටින පරිශීලකයන් පෙන්වා ඇති අතර ඔබේ පරිශීලක ගිණුම එහිදී තෝරන්න.
windows පරිශීලක නාමය යන ස්ථානයට වින්ඩෝස් වලදී පිවිසීමට හැකි ලෙස වෙනත් නමක් ලබාදිය හැක. එයට කැමති නමක් ලබාදෙන්න. පසුව windows මගින් සම්බන්ධතාව ගොඩනැගීමේදී විමසීමක් සිදුකලහොත් ලබාදිය යුතු ව්නනේ මෙම නාමය බව මතක තබාගන්න. මුරපදය සඳහන් කර තහවුරු කරන්න. හරි බොත්තම ඔබා පරිශීලක සාදාගැනීම අවසන් කරන්න

දැන් සම්බා හවුලක් සෑදීමට බහලුම අඩංගු ස්ථානීය ලිපිනය ලබාදීම හෝ සැරිසරන්න බොත්තම හරහා ගොස් අදාල බහලුම තේරීම මගින් හෝ බහලුම තෝරාගන්න. හවුලේ නමට ඔබ කැමති නමක් ලබාදෙන්න. එය බහලුම ජාලය තුල පෙන්වන නාමය වේ.(බහලුමේ නම එතනට ස්වයංක්‍රීයව ගනු ඇත). කැමති නම් විස්තරය යන ස්ථානයට එය හදුනා ගැනීමට විස්තරයක් වුවද සදහන් කළ හැක.

දැන් මෙම බහලුම ජාලයේ අනෙකුත් පරිගණක වල පෙන්විය යුතුද ලිවීමට ඉඩදිය යුතුද යන්න තීරණය කර ඒ අනුව පහල ඇති කොටු සලකුණු කිරීම කරන්න.

ප්‍රවේශය ටැබයට පිවිස නිර්දේශිත පරිශීලකයන් හට පමණක් ප්‍රවේශ වීමට ඉඩහරින්න තෝරා සාදාගත් පරිශීලකනාමයද එතනින් තෝරාගන්න. හරි බොත්තම ඔබා සැකසුම් සුරක්ෂිත කරන්න.

දැන් ෆෙඩෝරා පරිගණකයේ සැකසුම් කර අවසන්. නමුත් වින්ඩෝස් පරිගණකයකින් ප්‍රවේශ වීමට ෆයර්වෝලය මගින් අවසර ලබාදිය යුතුය.
මේ සඳහා පද්ධතිය --> කළමණාකරණය --> ෆයර්වෝල් වෙත පිවිසෙන්න. එහි samba-client සහ සම්බා තෝරා සළකුණු කරන්න.

දැන් වින්ඩෝස් පරිගණකය හරහා ෆෙඩෝරා පරිගණකයට පිවිස බලන්න

2009-06-09

‍Fedora 11 වෙළුම නිකුත් වූ වගයි.

ඔන්න ‍Fedora 11 නිකුත් වෙලා. ඉතිං ගන්න කැමති අය මෙතනින් ගිහින් අරගන්න.
වැඩිවිස්තර සඳහා නිකුත් සටහන් බලන්න.
‍fc10 Startup එකට තත්පර 30කින් ගියාට මේක තත්පර 20කින් Startup , Boot & Shutdown වේගවත් , තව හොද හොද වැඩ තියෙනව වගේ දාලම තමයි බලන්න ඕන.

Processor and memory requirements for x86 Architectures

The following CPU specifications are stated in terms of Intel processors. Other processors, such as those from AMD, Cyrix, and VIA that are compatible with and equivalent to the following Intel processors, may also be used with Fedora. Fedora 11 requires an Intel Pentium or better processor, and is optimized for Pentium 4 and later processors.
  • Recommended for text-mode: 200 MHz Pentium-class or better
  • Recommended for graphical: 400 MHz Pentium II or better
  • Minimum RAM for text-mode: 128MiB
  • Minimum RAM for graphical: 192MiB
  • Recommended RAM for graphical: 256MiB

Processor and memory requirements for x86_64 architectures

  • Minimum RAM for text-mode: 256MiB
  • Minimum RAM for graphical: 384MiB
  • Recommended RAM for graphical: 512MiB

Hard disk space requirements for all architectures

The complete packages can occupy over 9 GB of disk space.

2009-06-08

ලිනක්ස් දේශීයකරණයට මාගේ දායකත්වය -2

මේ සැරේ හම්බුනේ gcalctool නම් gnome හි ගණකය සිංහලට හැරවීමයි. ඉතිං මේක කරද්දී ගණකය කියල දැනගත්ත නිසා සිංහලට හරවන ගමන් ගණකය විවෘත කරල බල බල තමයි කලේ. සමහර වෙලාවට දාපු වචන දාන තැනට අදාලනොවෙන්න පුලුවන් නිසා තමයි එහෙම කලේ. මුහුණතේ බොත්තම් සිංහලට හරවන්න ගියේ නෑ.කාටත් හුරු ඒ බොත්තම් ටික නිසා. ඉතිං පුලුවන් උපරිම විදියට සිංහලට හැරවීමේ කටයුත්ත කරා. Undo Redo කියන වචන දෙක තමයි ලොකුම ගැටළුවකට තියෙන්නේ. ඒක නිරාකරණය කරගන්න බැරි නිසා ඒවිදියටම තියෙන්න ඇරියා. අන්තිමට ගණකය මෙහෙමයි පේන්න තිබුණේ.



කාට හරි පුලුවන්නම් මේ Undo Redo කියන වචන දෙකට හරියන සිංහල පද දෙකක් කියන්න. මොකද මේක හැම යෙදුමකම වගේ තියෙන නිසා.

වින්ඩෝස්හි ඇති බහලුමක් ජාලය හරහා ලිනක්ස් වලට Share කිරීම

මේක කරල බලන්න නම් පරිගණක Network Environment අවශ්‍ය වෙනවා. තව වින්ඩෝස් සහිත පරිගණකයක් සහ ෆෙඩෝරා සහිත පරිගණකයක්ද අවශ්‍යයි.

Network Environment එකක් ගෙදර කොයින්ද .
පරිගණක දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එකිනෙක සම්බන්ධ වෙනවනම් ඒක Network එකක්නේ. ඉතිං වින්ඩෝස් තියෙන පරිගණකයකුයි. ලිනක්ස් තියෙන පරිගණකයකුයි Cross-over කේබල් එකක් අරගෙන Ethernet port වලින් එකිනෙක සම්බන්ධ කරල ගත්තම ඒකත් Network එකක් තමයි.

ෆෙඩෝරා පරිගණකයේ සැකසුම්
මේකට සම්බා අවශ්‍ය වෙනවා. (හාල් නෙවයි. ) ඒක ස්ථාපනය කරගන්න අග්‍රයේ root ලෙස පහත විධානය දෙන්න
# Yum install samba

දැන් පද්ධතිය --> කළමණාකරණය --> සම්බා අනුගමනය කර සම්බා සේවාදායකය මානකරණයට පිවිසෙන්න. එහිට පිවිසීමට root මුරපදය ලබාදිය යුතුය. දැන්
රුචි අරුචි-->සේවාදායකයේ පරිස්ථිතයන්
වෙත ගොස් පහත විස්තර ලබාදෙන්න.

සේවා කණ්ඩායම workgroup
විස්තරය Fedora

එම කවුළුවේම ඇති ආරක්ෂාව ටැබයට පිවිස
අනන්‍යතාවය තහවුරු කරගන්නා ආකාරය පොදුව
රහස් පදයන් සංකේත වලට හරවන්න ඔව්
ආගන්තුක ගිණුම පරිගණකයට ප්‍රවේශවන නාමය හෝ සකස්කරගත් පරිශීලක නාමය
ලබාදී හරි බොත්තම ඔබන්න. ෆෙඩෝරා පරිගණකය සූදානම් කර අවසන්.

දැන් වින්ඩෝස් ඇති පරිගණකයේ MyComputer මත මවුසයේ දකුණු බොත්තම ඔබා properties ලබාගන්න. එහි Computer Name ටැබයෙන් Change --> Name and workgroup ලබාදෙන්න.
Name windows
Workgroup workgroup

තවද User account එකට Password එකක් ලබාදෙන්න (ජාලය තුල හාවිතයට මුරපද අවශ්‍යෙ වේ.

ජාලය සූදානම් කර අවසන්.

දැන් වින්ඩෝස් වල ඇති Folder එකක් Share කරන්න. ඉන්පසු ෆෙඩෝරා පරිගණකයෙන්
ස්ථාන-->සේවාදායකයට සම්බන්ධවන්න මගින් සේවාදායකටය සම්බන්ධවන්න කවුළුව විවෘත කරගන්න. එහි පහත පරිදි සැකසුම් ලබා දෙන්න.

සේවා වර්‍ගය Windows Share
සේවාදායකය windows (වින්ඩෝස් පරිගණකයට ලබාදුන් නම)
බහලුම Share කරන ලද Folder එකේ නම(Share කරද්දී ලබාදුන් නම)
පරිශීලක නම වින්ඩෝස් හි User Name
කලාප නම workgroup
දැන් සම්බන්ධවීම මත එබූ විට මුරපදය විමසා සිටිනු ඇත. එවිට වින්ඩෝස් පරිශීලකට අදාල මුරපදය ලබාදෙන්න.

එවිට ලබාදුන් පරිශීලක නාමය මුරපදය හා කලාප නම නිවැරදි නම් නව කවුලුවකින් වින්ඩෝස් මගින් share කරන ලද Folder එක තුල අඩංගු සියල්ල පෙන්වනු ඇත.

සිහිනපෙන්වන්නා දැන් ෆෙඩෝරා ඇතුලෙ

වෙබ් ඩිසයිනින් වලට මම ගොඩක් වෙලාවට භාවිත කලේ Dreamweaver8 දැන් CS4 වෙළුම ඇවිත් තිබුණත් මම Code කරල කරන නිසාම අලුත් වෙළුමට මාරු වෙන්න හිතුනෙ නෑ. ඒකෙ තියෙන පහසු බව නිසාම තාමත් ඒක මගේ වැඩවලට සෑහෙනවා. අනික අලුතින් එන එන වෙළුමට මාරු වෙන්න ඕන කියල නියමයකුත් නෑනේ. ඉතිං නිකමට මම Dreamweaver8 ස්ථාපන ගොණුව ෆෙඩෝරා මත ධාවනය කරා. හරියයි කියල හිතුනෙ නෑ.
( වයින් වලින් තමයි Setup.exe එක වැඩකරේ. වයින් දාපු දවස් වලම ඒක ගැන කම්පුටරේට ලිවුව වින්ඩෝස් යෙදුම් ලිනක්ස් මත ධාවනය කියල)

ඉතිං සාමාන්‍යයෙන් වින්ඩෝස් වල ස්ථාපනය වෙන විදියටම Dreamweaver8 ලිනක්ස් වල C:\Program files ඇතුලට ස්ථාපනය කලා.

C:\ එකක් ෆෙඩෝරා වල...
C:\ එකක් ලිනක්ස් වල එන්නේ නෑ තමයි. ඒක කරන්නෙ වයින් වලින් වයින් වලින් ලිනක්ස් ඇතුලෙ C:\ එකක් Virtually හදනවා. තව Registy එකකුත් එක්ක. ඉතිං ඒක වින්ඩෝස් වල වැඩ කරන විදියටම වැඩ කරනවා.

කොහොම හරි දැන් මගේ පරිගණකයේ ෆෙඩෝරා වල Dreamweaver8 ධාවනය කරන්න පුලුවන්.


තව දවස් දෙකකින් ඒ කියන්නේ 9 වෙනිදා ෆෙඩෝරා අලුත් වෙළුම වන Fedora 11 LEONIDAS නිකුත් වීමටත් නියමිත වෙලා තියෙනවා.