Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2020-06-24

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System  එකේ ලොකුම විශේෂාංග මොනවද කියල පෙන්නුවනෙ. බැලුවම මේවයින් ගොඩක් ඒව ඇන්ඩ්‍රොයිඩ් වල තිබ්බ ඒව. ටිකක් හොයල බලන්න හිතුන ඉතිං. පුරුදු විදියටම සමහර ඒවා ගූගල් එකෙන් අවුරුදු ගානකට කලින් දීපු ඒවාම වගේ.


  • Home Screen Widgets
අන්තිමට ඇපල් සමාගම පරිශීලකයින්ට home screen එකට app widgets දාගන්න ඉඩ දීල  තියෙනවා. ඇන්ඩ්‍රොයිඩ් ආරම්භයේ පටන්ම තිබ්බ මේ පහසුකම. හැබයි huawei ල ඇන්ඩ්‍රොයිඩ් උනාට පොඩ්ඩක් වෙනස් කරල හෝම් ස්ක්‍රීන් එකක් නැතිව ඒකට කෙලින්ම app drawer එකම දීල තිබ්බා. පස්සෙ ඕනනම් Home Screen එකක් දාගන්න ඒකෙත් පහසුකම් දීල තිබ්බා.. ඉතිං ඇපල් ල ලොකුම පහසුකමක් විදියට මේක හඳුන්වල දෙනව තිබ්බ ඒකාකාරී iOS Home Screen එක වෙනුවට මේ widgets දාගන්න දීපු එක

  • App List View
ඇපල් අය මේක "The App Library" කියල හැඳින්නුවට මේක කෙලින්ම Google එකේ App Drawer එකනෙ. ඔක්කොම ඇප්ස් මේකෙ පෙන්නනවා ‍Home Screen එකේ වෙනුවට. ඇන්ඩ්‍රොයිඩ් වල වගේ නැතිව  Auto ම ඇප්ස් කැටගරි වෙනව social, entertainment හරි apple arcade විදියට. 
ඇපල්ල හැබයි පරිශීලකයින්ට apps hide කරන්න පුලුවන් කරල තියෙනව එතකොට පෙන්නන්නෙ apps library view එකේ විතරයි


  • Third-Party Default Email and Browser Apps
Mail සහ Safari වෙනුවට ඔන්න පරිශීලකට කැමති Browser එකක් Email App එකක් දාගෙන පාවිච්චි කරන්න අවස්ථාව හම්බෙනව මේකෙදි. 

හැබයි iOS Browsers වල apple වල rendering engine එකම පාවිච්චි වෙන නිසා developers ලට තම තමන්ගෙ email browser apps ඒ Features support කරන විදියට අප්ඩේට් එකක් කරන්න වෙයි. හැබයි maps music ඒව තිබ්බ විදියට ලිමිට් වෙනවා ඒවම පාවිච්චි කරන්න වෙනවා ඔයගොල්ලො Google Maps හරි Spotify වලට කැමති උනත්

  • Discreet Voice Assistant And Calls
මේකත් ඉතිං Google Assistant වැඩ කරන විදියටම Siri ස්ක්‍රීන් එක පුරාම එන්නැතිව යටින් පෙන්නනවා උඩ හරියට යන්නැතිව. මේක ඉතිං ආවම ඉන්කමිං කෝල් highlight නොකර Google එකේ වගේම පොඩියට පෙන්නයි උඩින් මුලු ස්ක්‍රීන් එකේම එන්නැතිව

  • App Slices / App Clips
මේකත් ඉතිං android වල 2017 2018 වගේ ආපු ෆීචර් එකක්.  Google app slices, instant apps වලට සමානකම් දක්වනවා

  • Cycling Directions
Apple maps එකත් ඕන් Google Maps වල කෑල්ලක් දාල.  2010 වගේ Google මේක Maps වලට දැම්මෙ මතක විදියට. ඇපල් එක ඉතිං NYC, LA, San Francisco, Shanghai, Beijing වල විතරයි වැඩ. ඉක්මනට අනිත් රටවල් වල ඒවත් ඇඩ් කරන්න වෙනවා.  

  • Translate
Translate කිව්ව ගමන් ඉතිං Google Translate එකනෙ මතක්වෙන්නෙ. ඉතිං iOS 14 දි ඔන්න ඇපල් යූසර්ස්ලට චාන්ස් එකක් දීල තියෙනවා type කරල හරි කියල හරි ට්‍රාන්ස්ලේට් කරගන්න. මේක safari වලදි website පිටින් translate කරන්න පුලුවන් කියල කියනවා. සීමිත භාෂා ප්‍රමාණයක් විතරයි තාම ඉතිං.

  • Picture In Picture
Android 8 වල තිබ්බ කෑල්ලක් කියන්න පුලුවන් ඉතිං මේ PIP එක.  ඔන්න දැන් පුලුවන් Videos පැත්තකින් Play වෙන්න දාල තව වැඩක් කරන්න. Face time කරද්දි ඉතිං ඔන්න වෙන වැඩක් කරන්න චාන්ස් එකක් හම්බෙලා තියෙනවා ඇපල් පාවිච්චි කරන කට්ටියටත්.

  • Password Monitoring
Google ගිය අවුරුද්දෙ අඳුන්වල දුන්න දෙයක් ඕන් safari වලටත් ආව එහෙනං. Chrome වල Password alert පහසුකම safari වලටත් ඇඩ් වෙනව මේකෙන්.


iOS 14 වල තේමාව වගේ දාලා තියෙන්නෙ Looks Brand new. Feels like Home කියල ඉතිං. 

මේවට අමතරව ඉතිං Messages වල Pinned Conversation, Group Photos, Mention Highlights, Inline replies අලුත් emoji styles, stickers, siri ට web answers ගන්න පුලුවන්කම, Audio Messages එහෙමත් අලුත් Features විදියට දාල තියෙනවා.

අන්තිමට IOT වලට එන Home Automation, car, automatic switching between devices එහෙමත් එකතු කරල තියෙනවා. 

මොනව හරි අමතක වෙලා නං පහලින් ලියාගෙන යන්න බලන්න.

2019-11-22

Realtek පැරණි Drivers නිසා Windows 10 Update ඇණහිටී. Windows 10 version 1909 ට යාවත්කාලීන කරගන්න.

Windows නවතම වෙළුම වන Windows 10 version 1909 මේ වන විට නිකුත් වී තිබෙනවා. නමුත් බොහොමයක් පරිගණක 1903 and 1809 යන වෙළුම් වලටවත් යාවත්කාලීන නොවී දෝෂ පණිවිඩ ලැබී ඇත. 


බොහෝවිට මෙයට හේතුව ලෙස සැලකෙන්නේ Realtek Bluetooth Driver පැරණි ඒවා වීමයි. ඔබේ පරිගණකයේත් පවතින්නේ Realtek Bluetooth Driver පැරණි වෙළුමක් නම් ඔබටත් Windows Update කිරීමේ ගැටළුව පවතිනු ඇත. 

මෙයට විසඳුම වන්නේ  realtek bluetooth driver  අලුත් වෙළුම ස්ථානයයි.  version 1.5.1012 හෝ ඊට පසු version එකක් ස්ථාපනය වී ඇතිනම් windows driver update මගින්ද යාවත්කාලීන වනු ඇත. ඊට පැරණි driver version එකක් නම් ඔබට manually නවතම drivers ස්ථාපනය කිරීමට සිදුවනු ඇත.

දැන ගැනීමට ලැබෙන ආකාරයට Microsoft ආයතනය ඉදිරියේදී මෙම දෝෂය මඟහැරීමට එමකොටස අයින්කර ඇතිනිසා ඉදිරියේදී  windows update කිරීමෙන් පසු මෙම realtek driver දෝෂ සහගත වනු ඇත.  

මෙය මලාට අප්ඩේට් නොකරන License නොමැති හොර ක්‍රම වලින් Windows ස්තාපනය කල අයට අදාල නොවන බව කරුණාවෙන් සලකන්න.


තාක්ෂණික ලෝකයේ අලුත් තොරතුරු සමඟින් නැවතත් ලිපියකින් හමුවෙමු.  TechNotes Like කිරීමෙන් අලුත් ලිපි ලියූ සැනින් ඔබට ලැබෙනු ඇත.

Image source - Microsoft Website

2019-10-25

ඔබේ පරිගණකයත් ස්ලෝ වෙලාද? හේතු මෙන්න

ගොඩක් වෙලාවට අලුතින් ගත්තු computer එකක් ටික කාලයක් යද්දි ස්ලෝ වෙන්න බලනවා. හේතු විවිධාකාර වෙන්න පුලුවන්. ඉතිං කොහොමද හරි හේතුවක් හොයාගන්නෙ කියන ඒක ප්‍රශ්නයක් නම්  ෙමෙහම කරල බලන්න. කී බෝඩ් එකේ  Alt+Ctrl+Delete ඒකට ඔබල එන screen එකෙන් Task Manger හෝ Task bar එක right click කරාම එන Menu එකෙන් Task Manager තෝරන්න. මේ වගේ වින්ඩෝ එකක් එයි. මේ ස්ලෝ වෙච්චි වෙලාවක Task Manger එක බලපු එකක්

Windows 8.1 Task manager

දැන් බලන්න ඒකෙ 100% හෝ ඊට කිට්ටුවෙන් භාවිතා වෙන්නෙ මොන එකද කියල. මේ පෙන්නන එකේ නම් Disk තමා 96% Use වෙන්නෙ.  මේකෙ හැටියට නම් වෙලා තියෙන්නෙ Virus Guard එකෙන් System Scan එකක් යනව. Endpoint Security නිසා user ට Control කරන්න බැහැ Scan වෙන එක. Server එකෙන් තමා Scan Schedule Run වෙන්නෙ. ඔබේ පරිගණකය නම් මෙහෙම වෙන්නෙ කරන්න තියෙන වැඩේ හදිසි නැත්තම් Virus Guard Scan එක run වෙන්න ඇරල වැඩේ කරගත්තනම් Speed එක එයි. නැත්තම් Virus Guard එකේ Scan එක Cancel කරා නම් ස්පීඩ් එක එනවා. (ඒක නම් Not Recommended)

ඔබ පාවිච්චි කරන්න හදන Application එක නැතිව වෙන Application එකක් Disk, Ram යූස් කරනවනම් ඔබට ස්ලෝවීමක් දැනෙන්න පුලුවන්. ඉතිං Task Manager එකෙන් බලල ඒක ඔබ පාවිච්චි නොකරන ඇප් එකක් නම් ක්ලෝස් කරල හෝ End Task කලා නම් Ram Disk Free කරගෙන ඕන Application එකට priority ගන්න පුලුවන්. ස්ලෝ වෙච්ච වෙලාවක කරල බලන්න
Performance Tab එකේ බැලුවනම් CPU, Memory, Disk, Network Summery එකක් බලාගන්න පුලුවන Graphically මේ තියෙනව වගේ




අන්තිමට කියන්න තියෙන්නෙ ඉතිං අද කාලෙ Laptop, Desktop ගනිද්දි තියෙන හොඳම Speed Processor එක අරන් 16GB රැම් එකක් ගැහුවත් වැඩක් නෑ HDD එකේ Speed එක 7200rpm උනත්. හොදටම ස්පීඩ් එක අත්විඳින්න නම් SSD එකක් හයි කරගන්න.  SSD කියන්නෙ Solid State Disk. වැඩි විස්තර ඕන නෑ

HDD vs SSD මේ වීඩියෝ එක බලන්න



හොඳට බලන්න  SSD එක තියෙන Laptop එකේ Desktop එක ආවත් HDD එක තියෙන එක ලෝඩ් වෙනවා. Photoshop ලෝඩ් වෙන්න SSD එකේ යන්නෙ තත්පර 3ක් වගේ කාලයක් තමා.