මේ තියෙන්නෙ මොකක්ද කියල බැලුබැල්මටම පේනවනේ. සීගිරියෙ තියෙන සිංහ පාද තමයි. මේ පොටෝ එක මේ විදියට ගන්න කොච්චර උත්සහ කරත් බැරි උනා. එතනදි ආපු අදහසක් ක්‍රියාවට නංවල තමයි මේ විදියට ගත්තේ.
කොයි වෙලාවෙ බැලුවත් ඔතන කවුරුම හරි ඉන්නවා. එක්කො පහල පාද ලඟ. නැත්තම් ඉහලට නඟින පඩි උඩ. අයින් වෙන්න කියන්නයැ. ඉතිං කොහොමද කාවවත් පින්තූරෙට නොවදින්න සිංහ පාද වල විතරක් පින්තූරයක් ගන්නෙ. කට්ටිය සේරම අයින් වෙනකන් ඉතිං දවසම බලන් ඉන්න වෙයි. පොඩි අදහසක් ඔළුවට ආවෙ ඔය වෙලාවෙ තමයි. මොකක්ද දන්නවද පිනතූර දෙකක් ගත්තොත් වැඩේ ගොඩ නේද කියන එක. ඉතිං ගත්ත පින්තූර දෙක තමයි මේ පහල තියෙන්නේ (හැබයි දෙකක් විතරක් අරගෙන එකම තැන දෙන්නෙක් පිනතූර දෙකේම හිටියොත් කියන එකනම් කල්පනා උනේ හදන කොට තමයි.)
ඉතිං පින්තූර දෙකත් ගත්ත කියමුකෝ. ඊළගට මොකක්ද කරන්නේ. ප්‍රශ්නයක් කරගන්න දෙයක් නෑ. ඊට පස්සෙ ඉතුරු ටික කරේ ගෙදර ආවට පස්සේ.
පින්තූර දෙකම Gimp එකෙන් ඕපන් කරගත්ත. Gimp ගැන දන්නැත්තම් ඔය පින්තූරෙ උඩ ක්ලික් කරන්න.
Clone මෙවලම තොරගත්ත. එක පින්තූරෙක තැනක් ක්ලික් කරා Ctrl යතුර එබාගෙනම. අනිත් පින්තූරෙ උඩට ගිහන් හරියටම ක්ලික් කරපු තැන බලල අඳින්න ගත්ත. හරියටම එතන ඉන්න කෙනා මකල පසුබිමේ වැහිල තියෙන එක ගන්නව වාගේ. ඉතිං අන්තිමේදි පිනතූරෙ මෙහෙම පේන්න හදාගත්ත.
කොහොමද Gimp වල බලේ!














