2019-11-22
Realtek පැරණි Drivers නිසා Windows 10 Update ඇණහිටී. Windows 10 version 1909 ට යාවත්කාලීන කරගන්න.
2019-10-25
ඔබේ පරිගණකයත් ස්ලෝ වෙලාද? හේතු මෙන්න
ඔබ පාවිච්චි කරන්න හදන Application එක නැතිව වෙන Application එකක් Disk, Ram යූස් කරනවනම් ඔබට ස්ලෝවීමක් දැනෙන්න පුලුවන්. ඉතිං Task Manager එකෙන් බලල ඒක ඔබ පාවිච්චි නොකරන ඇප් එකක් නම් ක්ලෝස් කරල හෝ End Task කලා නම් Ram Disk Free කරගෙන ඕන Application එකට priority ගන්න පුලුවන්. ස්ලෝ වෙච්ච වෙලාවක කරල බලන්න
HDD vs SSD මේ වීඩියෝ එක බලන්න
2018-12-12
මගියෙක් ලෙස කාර්යාල දුම්රිය රැගෙන ආ පරාර්ථකාමී දුම්රිය නියාමක මහතා
ප්‍රධාන දුම්රිය නියාමක යනු දුම්රියක් බාරව යන තැනැත්තාය. රියදුරුටත් වඩා දුම්රියේ වගකීම පැවරී පවතින්නේ ඔහු වෙතය. කොඩිය ඔසවනවාට, ටෝච් ගසනවාට වඩා ඉතා විශාල වගකීමක් දුම්රිය නියාමක වරයෙකුට පැවරෙයි. කලට වේලාවට දුම්රිය ප්‍රමාදයකින් තොරව ධාවනය කරවීමත් වේගය පාලනය කිරීමත් ඔහු සතුය. දුම්රිය සංඥා කණුවෙන් කණුවට දුම්රිය ගමන් ගත් වේලාව ලොග් පොතට සටහන් කරමින් දුම්රිය ගමන් ගන්නා සම්පූර්ණ කාලසීමාව තුලදීම ඔහු කාර්යබහුලව සිටිය යුතු වේ. ඉහත කරුණු සියල්ල සැලකූ විට දුම්රිය නියාමක තනතුර යනු ඉතා විශාල කාර්යභාරයක් සහිත රැකියාවකි. මගී දුම්රියක නියාමක යනු තවත් භාර්යදූර්ය කාර්යයක් වන අතර කාර්යාල මගී දුම්රියක් යනු ඊටත් වඩා වගකීම වැඩි භාර්යදුර්ය කාර්යයක් වන්නේය. මන්ද කාර්යාලයීය දුම්රියක් නියමිත වේලාවට වඩා ප්‍රමාද විම රටක සියලුම ආයතන වල කටයුතු ප්‍රමාද වීමට හේතුවක් වන නිසාය.
2018-12-11 වන දින එවන් නියාමක වරයෙකු තම නිවාඩු ලබා මාතරින් කොළඹ කොටුව සහ මරදාන බලා උදෑසන ධාවනය කරන සාගරිකා සීඝ්‍රගාමී දුම්රියට ගොඩවන්නේ ඥාතී නිවසක් වෙත යාමට 2 වන පන්තියේ සාමාන්‍ය මගියකු ලෙසින් කොළඹ බලා යෑමටයි.

නියාමක මහතා දෙවන පන්තියේ මගියකු ලෙස
නමුදු දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයට සැපත් වූවත් සුපුරුදු පරිදි ගාල්ලෙන් ඉදිරියට ධාවනය නොවූ නිසා ඔහු රාජකාරියේ නොසිටියත් එලෙස නවතා තැබීම නුපුරුදු දෙයක් වූ බැවින් විමසීමට ඔහුට සිත් විය. එලෙස ප්‍රධාන නියාමක විමසා බැලීමේදි ඔහු හට පෙනී යන්නේ එදින සාගරිකා දුම්රියේ අවසන් දුම්රිය මගී පෙට්ටියක තිරිංග පද්ධතියේ ඇති Triangular Bar කොටස ලිහිල්වීම නිසා එලෙස ධාවනය නොවන බවයි. වහාම ක්‍රියාත්මක වන ඔහු තම ගමන ගැනවත් නොසිතා කම්බි කැබැල්ලක් ගෙන දුම්රිය මැදිරිය යටට රිංගා ගන්නෙ දෝශය නිවැරදි කර ප්‍රමාදය වලක්වා ගැනීමටය. එහිදී කම්බි කැබැල්ලෙන් එම Bar එක ගැටගසා තාවකාලිකව පිලියමක් යෙදූ බැවින් ගාල්ල දුම්රිය ස්ථානයෙන් විනාඩි 15ක ප්‍රමාදයකින් පමණක් සහිතව දුම්රිය ඉදිරියට ධාවනය කිරීමට හැකිවනවා.
අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය වෙත විනාඩි 20ක ප්‍රමාදයක් සටහන් වන්නේ කහව දුම්රිය ස්ථානයේ සංඥා දෝශයක් හේතුවෙනි. අම්බලන්ගොඩ පසු කර ඉදිරියට ඇදෙන සාගරිකා දුම්රියේ ප්‍රමාදය අප්‍රමාදව ජංගම දුරකථන වලට ලැබෙනුයේ RDMNS APP එකෙනි. එය මෙසේ සටහන් වී තිබුණි.

RDMNS යාවත්කාලීන කිරීම
අම්බලන්ගොඩින් පසුව නැවතුම වන අහුන්ගල්ල දුම්රිය ස්ථානයට සාගරිකා කාර්යාල දුම්රිය ලගාවූයේ ගාල්ල බලා දිවෙන මන්දගාමී දුම්රියට හුවමාරුවීමත් සමගිනි. ගාල්ල මන්දගාමී දුම්රිය ඉදිරියට ඇදුනු නමුදු නැවතත් සාගරිකා දුම්රිය ඉදිරියට ධාවනය නොවිණි. දුම්රිය ආරක්ෂක නිලධාරින් සමග සුහද පිළිසඳරක යෙදී සිට අප නියාමක මහතාට නැවතත් දුම්රියේ අසාමාන්‍ය නැවතුම් කාලය ඉව වැටුණි. එසැනින් තම අසුනින් නැගී සිටි ඔහු පා පුවරුවේ සිටි අයට “මල්ලි පොඩ්ඩක් ඉඩදෙන්න“ පවසමින් නැවත බිමට බැස ගත්තේය. “රෝහණ මල්ලි ඉන්නකල් බයවෙන්න දෙයක් නැහැ“ යනුවෙන් එක් ආරක්ෂක නිලධාරියකුගේ මුවින් පිටවිය.
නැවතත් දෝෂ සහගත දුම්රිය මැදිරිය යටට රිංගන ඔහු තම ඇඳුම ගැනවත් නොසිතා නැවත දෝෂ සහගත රෝධක කොටස සමග ගැටෙනු දක්නට ලැබුණි. ඔහුට උදව්වට මෙවලමක් ලෙස තිබුණේ මිටියක් පමණි. නැවතත් ඔහු එම කොටස ගැටගැසීමට තැත් කලත් එම උත්සහය ව්‍යර්ථ විය. එහෙත් ඔහු උත්සහය අත්හැරගත්තේ නැත. කෙසේ හෝ එම කොටස රදවා අලුත්ගම දුම්රිය අංගනයේ සහය හෝ ගැලපෙන මෙවලමක් මගින් මෙම දෝශය නිවැරදි කිරීම එහිදී ඔහුගේ අදහස විය.

රෝධක කොටසේ දෝශය පරීක්ෂා කරමින්
මෙහිදී තවත් කිහිපදෙනෙක් ඔහුගේ උදව්වට පැමිණි නමුත් දුම්රියේ කොටස් නිවැරදිව තිබිය යුතු ආකාරය ගැන නිවැරදි අවබෝධයක් තිබුනේ ඔහුට පමණි.

දෝශය තාවකාලිකව නිවැරදි කරමින් අහුංගල්ල දුම්රිය ස්ථානයේදී
මගීන් ගෙන් පිරී පැවති දුම්රිය සහ සිදුවන දෙය ගැන පරික්ෂාකාරීව පසුවන මගීන් පිරිසක්. එදින රාජකාරියේ නියුතු දුම්රිය නියාමකවරු, දුම්රිය ආරක්ෂක මහතුන් සහ අහුංගල්ල දුම්රිය ස්ථානයේ කාර්යය මණ්ඩලයේ පිරිසත් එතැනට පැමිණ අවශය සහයෝගයක් වේ නම් ලබාදීමට උත්සුක වුහ.

කෙසේ හෝ තාවකාලිකව දෝෂය නිවැරදි කරගෙන අලුත්ගම බලා ධාවනය වීමට කටයුතු සිදු කරන ලදී. (දෝෂය නිවැරදි කිරීමට ස්පැනරයක අවශයතාවය තිබුණත් ලබාගැනීමට හැකියාව ලැබුණේ මිටියක් පමණි)

අහුංගල්ල දුම්රිය ස්ථානයේදී
අලුත්ගම දුම්රිය ස්ථානය බලා ධාවනය කරවීමට ඔහු සිතූ නමුදු නැවතත් කොස්ගොඩ දුම්රිය ස්ථානය පසුවන විට නැවතත් අතරමග නැවත්වීමට සිදුවිය. සිත සිතා නොසිට නැවතත් ක්‍රියාත්මක වූ ඔහු නැවතුනේ සුපුරුදු මගී දුම්රිය මැදිරිය යටය. කෙසේ හෝ වරද නිවැරදි කර ධාවනයට සුදුසු තත්වයට පත් කර ගන්නට ඔහුට එහිදි හැකියාව ලැබුණි. නියමිත වේලාවට වඩා විනාඩි 45ක ප්‍රමාදයකින් පමණක් ප්‍රමාදය නවතාලීමට ඔහුට හැකි විය.
ඉන්පසු අලුත්ගම, දකුණු කලුතර, පානදුර, මොරටුව, බම්බලපිටිය ආදී සුුපුරුදු නැවතුම් වල පමණක් නවත්වමින්
කොළඹ කොටුවට 9:11 පමණ වනවිට ලඟාවීමට හැකවිය.
රැකියාවෙන් ලද වගකීම සාමාන්‍ය මගියකු ලෙස ගමන් කලද ඔහුට නොසලකා හැරීමට ඉඩ නොදුන් බැවින් ඔහු නිසා දුම්රියේ සියලුම මගීන්ගේ දිනය සුරැකිණි. සුන්දර සිනහවකින් නිතරම මුව සරසාගෙන සිටින ඒ වීරයා නමින් P.M.P රෝහණ නම් විය. ධාවනාගාරයෙන් පැමිණ වරද නිවැරදි කිරීමට සිදු වී නම් දවසින් බාගයක් ම එයට ගතවීමට ඉඩ තිබුණි. අත්දැකීම් බහුල නියාමක වරයකු වූ ඔහුට ඒ පිළිබඳ දැනීමක් තිබූ බැවින් මෙලෙස ඔහු විසින්ම දෝෂය නිවැරදි කරන්නට ඉඩ ඇත.

නියාමක මහතාගේ මජං රැදි දෑත්
එදින එම දුම්රිය ඔහුගේ වගකීමක් නොවුනද තම ඇදුම්පැලඳුම් සහ දෑත් කිලිටි කරගත්තේ එදින දුම්රියේ ගමන්ගත් මගී ජනතාව වෙනුවෙනි. එදින පැත්තකට වී සිටීමට ඔහුට ඇති තරම් අවස්ථාව තිබුණි. නමුදු ඔහු එසේ නොකලේ දුම්රිය තවත් ප්‍රමාදවීම වැලැක්වීමටය. මෙවන් නිලධාරීන් රටට සම්පතකි. එවන් නිලධාරීන් පණමෙන් ආදරය කරන දුම්රියන් රැක ගැනීම ඔබ සතු යුතුකමකි.
සටහන - කේ.පී ගයාන් තාරක
2017-11-28
සැටලයිට් අල්ලන්න කලින් දැනගන්න ඕනෙ මොනවද?
අලුතින් Dish ගන්න හිතං ඉන්න අයටත් මේක වැදගත් වෙයි කියල හිතනවා. ගොඩක් වෙලාවට වෙන්නෙ තමන් ගාව තියෙන Dish එකට අහුවෙන්නෙ මොන සැටලයිට්ද කියල දන්නැතිව අල්ලන්න යන එක. මුලින්ම අපිට ඕන චැනල් තියෙන අපට සිග්නල් අහුවෙන සැටලයිට් එකක් වෙන්න එපැයි. නැත්තං ලෝකෙ අනිත්පැත්තෙ තියෙන ඒව කොච්චර හොද චැනල් තිබ්බත් අපට සිග්නල් නෑනෙ.
මේ තියෙන්නෙ 45.1°E පිහිටුමේ තියෙන Intelsat 904 අපි දන්නෙ Dialog TV මගින් ආවරණය වන කලාපය. ලංකාව අයිති ප්‍රදේශයට වැඩිපුර ආවරණය වෙන විදියට තියෙනව පේනව ඇතිනෙ. ඒවගේම 52.6 කියල පෙන්නන්නෙ EIRP අගය dBW වලින්. ඒ කියන්නෙ කොච්චර ප්‍රබලතාවයක් මේ සිග්නල් වල තියෙනවද කියන එක.
ඒ ප්‍රබලතාවය අනුව අපට පුලුවනි බලාගන්න කොච්චර ලොකු Dish එකක් මේ සඳහා අවශ්‍ය වෙනවද කියලා.
මේ තියෙන වගුවෙන් බලාගන්න පුලුවන්.
| EIRP (dBW) | >50 | 50 | 49 | 48 | 47 | 46 | 45 | 44 |
| Size (cm) | 50 | 50-60 | 55-65 | 60-75 | 65-85 | 75-95 | 85-105 | 95-120 |
තමන් සැටලයිට් එක අල්ලන්න හදන ස්ථානය ඒ සිතියමේ ක්ලික් කලානම් එතනට අදාලව කොච්චර Azimuth එකක් සහ Elevation එකකින්ද සිග්නල් එන්නෙ කියල බලාගන්න පුලුවන්.
ඉතිං අල්ලන්න කලින් ඔය විස්තර ගැන ටිකක් හොයල බැලුවනම් වෙලාව ඉතිරිකරගන්න පුලුවන්.
2017-11-12
Satellite හරහා නොමිලේ TV බලමු.
ජනවාරි වලින් පස්සෙ මොකවත් ලියල නෑනෙ මේකෙ.. ආයෙ ලියන්න කියවන්න පටන් ගත්ත ඉතිං. අද නං වෙනස්ම මාතෘකාවක් අරන් ආවෙ. TV වලට කරපු කලින් experiment එක හෙම මතකත් නැතිව ඇති නේ. මෙතනින් ගිහින් බලන්න පුලුවන් ඒක
Satellite හරහා TV බලන්න පුලුවන් කියන එක අලුත් දෙයක් නෙවෙයිනෙ.. CBN SAT ඩයලොග් එකෙන් අරන් දැන් Dialog TV කියල ඇඩ් දානව දැකල ඇතිනෙ ඕනතරම්. තව DishTV, Videoconn එහෙම ඔය හයිකරල තියෙන්නෙ ඕනතරම් ගෙවල්වල වහලවල් උඩ.
ඉතිං TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්.. මේ කියන්න යන්නෙ කොහොමද මේක තනියෙම කරගන්නෙ කියන එක.
Satellite Dish වර්ග දෙකකට බෙදෙනවා.. C Band සහ Ku Band කියල. Ku කියන්නෙ පොඩි සයිස් ඩිෂ් එක. අර ඩයලොග් එකෙන් දෙන සයිස් එකේ එකක්. පෙනුම මේන් මේ වගේ

C බෑන්ඩ් එක ගොඩක් ලොකු සයිස් එකක්. මේන් මේ වගේ.

[image source = http://www.daveswebshop.com/10ft.shtml]
ඕව මැද්දෙ අර ටොච් එක වගේ එකට කියන්නෙ LNB කියලා..
මේ කියන්නෙ Ku Band Dish එකකින් කොහොමද ටීවි බලන්න හදාගන්නෙ කියලා.
ගාණ අඩු නිසාත් තනියෙන් එහාට මෙහාට කරගන්න පුලුවන් නිසාත් මේක පටන් ගන්න හොද වෙයි. මාත් මුලින්ම ටියුන් කලේ මේ Ku Band එකක්. මුලින්ම බලමු මොනවද ඕන කරන්නෙ කියල..
- Ku Band Dish එකක්
- LNB එකක්
- FTA support කරන Satellite Receiver එකක්
- TV එකක්


හරියටම කියනවනං inclinometer කියල වෙනම මීටරයක් තියෙනවා ඇලවෙච්චි ගාන බලාගන්න.
ඔක්කොම ආම්පන්න ටික කොහොමහරි සෙට් කරගත්ත කියමු. කෝ ඉතිං සැටලයිට් එකක් ඇහැට පේන එකක්යැ. අනික අපි කොහොමද දැනගන්නෙ ලංකාවට උඩින් තියෙන/ එහෙම නැතිනං ලංකාවට සිග්නල් එන සැටලයිට් මොනවද කියල. ඒකටත් ඕන තරම් වෙබ් සයිට් තියෙනව බලාගන්න. ඕව හොයන්න කම්මැලි ඇතිනෙ.. ඒකත් මමම කියන්නං ඉතිං.
FTA කියන්නෙ Free-to-Air කියන එක. ඒ කියන්නෙ FTA තියෙන චැනල් බලන්න කාටවත් සල්ලි ගෙවන්න ඕන නෑ.. නොමිලෙම බලන්න පුලුවන්. ඉතිං අල්ලපු රටේ එකකින් පටන් ගමු එහෙම තියෙන.

ඉන්දියාවෙ තියෙනවා DD Free Dish කියල Sattelite TV Service එකක්. ඒක තියෙන්නෙ G-SAT-15 කියන සැටලයිට් එකේ.. Position කරල තියෙන්නෙ 93.5°E කියන තැන. ඉතිං එතන ඉදං එන සිග්නල් තමා අපි අල්ලගන්න ඕන. අල්ලන්න කලින් තියෙන චැනල් මොනවද කියල දැනගන්නත් එපැයි.
මේ ලින්ක් එකට ගියානම් ඒ සැටලයිට් එකේ තියෙන චැනල් සේරම ටික පෙන්නනවා තව විස්තර ටිකක් එක්ක. Satellite ගැන උනන්දුවක් තියෙන එක්කෙනෙක් නම් දැනටම ඔය සයිට් එක දන්නව ඇති.
කැමති නම් ඔය සයට් එකේ තියෙන වෙන සැටලයිට් එකක් උනත් තෝරගන්න පුලුවන්. මේකෙ ගොඩක් චැනල් Free තියෙන නිසා මම මේක තෝරගත්තා.
මේ වගුවෙ Frequency කියන්නෙ අර LNB එකට අල්ලන්න ඕන සංඛ්‍යාතය. ඒක receiver එකෙන් සෙට් කරන්න තියෙන්නෙ. ඒ අදාල Frequency එකෙන් තමා එතන Group එකේ තීන Channel List එකම එන්නෙ. ඉතිං ඒක දාල scan ක ලා නම් ඒ චැනල් ටික සේරම ගන්න පුලුවන් වෙනවා. මං නං වැඩිපුරම බැලුවෙ ඔය Satellite එකේ 9XM එකයි MBeats කියන චැනල් එකයි තමා. සිංදු විතරයි ඒ චැනල් දෙකේම යන්නෙ. ඉතිං ඒ දෙකට අදාල Frequncy පිලිවෙලින් 11510 V සහ 11550 V
9XM කියන චැනල් එක ගත්තම ඒකට අදාල විස්තර මෙහෙමයි තියෙන්නෙ
Satellite : G-SAT-15
Service Provider : DD Free Dish
Frequency :11510 V
Transponder : tp20
Reagion : India
System : DVB-S
Symbol Rate : 29500
Fec : 3/4
Channel Name : 9XM
SID : 2153
VID : 5153
AID : 6153
Language : Hi
හතරවෙනි තීරුවෙ තියෙනවා F කියල අකුරක් ඒකෙන් අදහස් වෙන්නෙ ඒ චැනල් එක Free බලන්න පුලුවන් කියන එකයි.
ඉතිං ඔය විස්තර ටික වගුවත් එක්ක බැලුවම කෙටියන් කියල තියෙන්නෙ මොනවද කියල තේරුම් ගන්න පුලුවන්. ඔතනින් අපට Receiver එකට දාන්න තියෙන්නෙ Frequency එකයි Symbol Rate එකයි FEC එකයි විතරයි. අනික් ඒව ගැන දැනට හිතන්නැතිව ඔන්න ඔය තුන දාගන්නයි තියෙන්නෙ. දාන විදිය receiver එකෙන් receiver එකට වෙනස් වෙනවා. V, H අකුරුවලින් කියන්නෙ Polarization එක. ඒ කියන්නෙ Signal Transmit කරන්නෙ Vertically ද Horizontally ද කියන එක
සරලව මේ පියවර ටික ඕනම receiver එකක අනුගමනය කලා නම් TP (transponder) ටික ඇඩ් කරගන්න පුලුවන් වෙයි.
Menu එකට ගිහින් බලන්න Antenna Setup කියල තැනක් තියෙනවද කියලා.. එතනට ගිහින් Satellite එකක් Add කරගන්න. කැමති නමක් දෙන්න පුලුවන්. ඒ දාද්දි LNB Power එක ON කරන්නත් LNB Type එක Universal කියල දාන්නත් අමතක කරන්න එපා. අනිත් දෙක නම් Off කරන්න පහල පින්තූරෙ විදියට.
ඊට පස්සෙ ඒ සැටලයිට් එකට අදාල Transponders Add කරගන්නයි තියෙනනේ.
මං නම් කරන්නෙ Satellite එකට අදාලව F අකුරු තියෙන ඔක්කොම TP's ටික අදාල Polarization එකත් එක්ක දාගන්න එක තමයි. එතකොට සිග්නල් අහුඋන හැටියෙ ඔක්කොම චැනල් ටික ස්කෑන් කරන්න විතරයි තියෙන්නෙ.Transponders කියන එක උඩට ඇවිත් OK කරාම හරි Satellite එක Add කරගත්තට පස්සෙ TP list කියන තැනට ගියාට පස්සෙ පහල විදියට එකක් එයි. Signal Level කොල පාට නොවී එක බාර් එකක් වත් ඇවිත් නැති වෙන්න පුලුවන්. ඊගාවට කරන්නෙ ඒ විදියට කොල පාට හරි සිග්නල් ලෙවෙල් පෙන්නනකල් ටියුන් කරගන්න එක.
TP ටික දාගත්ත කියන්නෙ දැන් receiver එක රෙඩි. Dish එකට LNB එක හයි කරල LNB එකට Coaxial F connector වලින් TV Antenna Cable එකක් හයි කරගන්න පුලුවන්.

මේ තියෙන්නෙ මම තාවකාලිකව Dish එක කෙලින් තියාගත්ත හැටි.



කාඩ් දාන්නත් බැහැ. FTA Channels විතරයි ඒකත් MPEG-2 විතරයි. MPEG-4 සපෝට් කරන්නෙත් නැහැ. ඒත් 9XM, MBeats වගේ FTA Channels පේනවා.

























