Pages

2009-08-29

Pidgin එකට මූණුපොතේ චැට් එක හදන්නේ මෙහෙමයි.



මූණු පොතේ චැට් එක pidgin එකට හදාගන්න මුලින්ම මේක බාගත කරගන්න.
ටර්මිනලය විවෘත කරගෙන ගොනුව බාගත කරන ලද ස්ථානයට cd විධානය මගින් පිවිසෙන්න. උදාහරණයක් ලෙස Download ෆෝල්ඩරයට බාගත කලේ නම්
$cd /home/පරිශීලක නම/Download
ලෙස ලබාදීමෙන් Download ෆෝල්ඩරයට පිවිසිය හැක.

දැන් එය පහත විධානය මගින් විසුරුවාගන්න.
$tar -xvzf pidgin-facebookchat-1.60.tar.bz2
එවිට ඔබ දැන් ප්‍රවේශ වී සිටින ෆෝල්ඩරය තුල usr නමින් අලුතින් ෆෝල්ඩරයක් තැනෙනු ඇත.
එය තුල වූ usr/lib/purple-2 ෆෝල්ඩරයට පහත විධානය ලබාදී ඇතුලු වන්න.
$cd usr/lib/purple-2
දැන් එය තුල වූ libfacebook.so ගොනුව /usr/lib/purple-2 යන ස්ථානයට පිටපත් කරන්න.
#cp libfacebook.so /usr/lib/purple-2

දැන් pidgin නැවත අරඹා නව ගිණුමක් තනන්න.
එහිදී protocol ඉදිරියෙන් Facebook ලෙස අලුතින් කල එක් කිරීම තේරීමෙන් Facebook ගිණුම pidgin වෙත එක් කරගන්න. දැන් පහසුවෙන්ම Facebook චැට් වෙතට බ්‍රවුසරය විවෘත කිරීමෙන් තොරව පිවිසිය හැක.

pidgin දැන් video චැට් පහසුකමද 2.6 අනුවාදනයේ සිට ලබා දී ඇත.

pidgin හරහා ඔබගේ Facebook Status යාවත්කාල කළ හැක.

1 අදහස්:

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ