Pages

2011-02-14

LED Sign Board එක සහ තෙවන වසරට පා තැබීම.


ඕං තව වැඩක් හරි ගියා.. PIC16F84 දාල හදපු 30x8 LED Sign Board එක තිතට වැඩ කරනවා.. මේ තියෙන්නේ වැඩ කරද්දි ගනිපු පින්තූරයක්. පැහැදිලිව පෙනේද මංදා..



Flasher එක නිසා එළිය අඩුවෙන් තමා පේන්නේ. ඔක්කොම වැඩ ඉවර කලාම වීඩියෝ එකක්ම දාන්නං. ලීවේ Assembly වලින් තමා.. MicroLab IDE එකෙන් ලියල කම්පයිල් කරල Winpic එකෙන් Program කරගන්තා.
දැනට මූලික පියවර ගොඩ.. ඒ කියන්නේ සාර්ථකව වැඩ කරනවා.


ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා.



දෙවන වසරට පා තැබීම ගැන ලීවෙ අද ඊයෙ වගේ උනත් ඒක ලියලාත් අවුරුද්දක් වෙනවා. එතකොට සිංහලෙන් බ්ලොගය ලියන්න අරන් අදට අවුරුදු දෙකක් වෙනවා.. මේ තියෙන්නේ දෙවන වසර ඇරඹුම ගැන ලියපු සටහන..

ඒ කාලේ එක්කල බලද්දී දැන් නම් ලිවීමේ වේගය සීඝ්‍ර ලෙස අඩුවීමක් පෙන්නුම් කරනවා.. ආයෙ ලියන්න ගන්න කාලෙ හරි නෙවෙයි ලියන්න ඕනා.. ඩ්‍රාෆ්ට් වල තියෙන ටික දැන් පරණ නිවුස් නිසා එවු‍ව එහෙමම තියෙන්න ඇරල අලුත් දේවල් ලියන්න තමයි හිතන් ඉන්නේ.

6 අදහස්:

  1. වැඩේ උපරිමයෙන්ම සාර්ථක වේවා කියල පතනව.. ජයවේවා!

    ReplyDelete
  2. එළ.
    කරල ඉවරවෙලා කියන්නකො.
    මාත් වැඩේට බහින්න බැලුවෙ. ඒත් ලිනක්ස් OS වල වැක කරගන්න පුළුවන් IDE එකකුයි, ප්‍රෝග්‍රැමර් එකකුයි හම්බවුණේ නෑ.

    ReplyDelete
  3. LED connect kale wire walinda PCB ekak adhalada.mamath oya wade karanna gihin anagena inne. board eke anek paththe photo ekak danna puluwanda

    ReplyDelete
  4. පිලිතුරු දෙන්න පරක්කු උනා. හැමෝටම ස්තූතියි.

    @chanakalin
    ලිනක්ස් වලත් මම එකපාරක් කරල බැලුව.. ප්‍රෝගැමිං වෙන්න ගන්න කාලය ටිකක් වැඩි උනා..

    @ඉන්දික සඳරුවන්
    මේක මේ වෙරෝ බෝඩ් එකක්. වයර් කරල තමා තියෙන්නේ..

    ReplyDelete
  5. ඕක හදාගන්න හැටි කීවොත් අපි නොබලා ඉන්නෙ නැ ඉතිං :D

    දාපිය අපිටත් අමුනගන්න :D

    එළ එළ

    තව අවුරුදු 60- 70 ඇදගන්ට වාසනාව සක්තිය ලැබෙන්ටෝන :D

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ