Pages

2009-08-29

නම්, පාස්වර්ඩ් Save වෙනවද?

කාලෙකින් බ්ලොග් එක ලියන්න ගත්තෙ. ලියන්න දේවල් බොහොමයි. මතක් උන වෙලාවෙ එකක් ලියන්න හිතුනා.

ගොඩක් වෙලාවට මේක සිද්ධවෙන්නේ පොදු පරිගණක භාවිතා කරන තැන් වල.
GMail Login එක කවුරුත් දැකල තියෙනවනේ. දැකල නැත්තං ඔන්න බලාගන්නකෝ

ඔතන තියෙන Username Field එක උඩ ක්ලික් කරගමන් පරිගණකයේ GMail භාවිතා කරපු අයගේ username ලැයිස්තුවක් බලාගන්න පුලුවන්. රහස්පද සුරැකීම කරල තිබුනොත් නම් ඉතිං ඉවරම තමයි. නම උඩ ක්ලික් කල ගමන් රහස්පදය ඉබේම එනවා.

ඉතිං වෙනත් රහස්පදයක් ඇතුලත් කරල සුරකින එක තරමක් සාර්ථකයි කියන්න පුලුවන් උනත්. ආයිමත් Log වෙන්න උනොත්?

ඊටත් ලේසිම ක්‍රමයක් තමයි තියෙනවා. නොදන්නා අයගේ දැනගැනීම පිණිස මෙහෙම ලියන්නම්.
Username Field එක උඩ ක්ලික් කල විට ලැබෙන පරිශීලක නාම ලැයිස්තුවෙන් ඉවත් කල යුතු නම මතට මවුස් පොයින්ටරය ගෙන එන්න. මවුස් පොයින්ටරය එය මත තිබියදී යතුරු පුවරුවෙන් Del යතුර ඔබන්න. කොහොමද වැඩේ. මහ ලොකු දෙයක් නම් නෙවෙයි තමයි.

අවස්ථාවක් ලැබුනොත් අත්හදා බලන්න. GMail වලට විතරක් නෙවයි. අන්තර්ජාලයේ text Field එකක් තියෙන ඕනම එකක් පිරෙව්වම සුරැකෙන වෙලාවල් වලට මේ ක්‍රමෙන් මකා දමන්න පුලුවන්.

8 අදහස්:

  1. තැන්කූ වේවා.. බොහොම වැදගත් ඔත්තුවක්.
    Gmail නොවන සයිට්වලටත් වැඩ.

    ReplyDelete
  2. මේ කියන්නෙ Browser එකෙන් save කරගන්න එක නේද? 

    ReplyDelete
  3. ආ.. ඔහොම එකක් මාට්ටු උනහම මම නම් මුළු බ්‍රව්සරේම History, clear කරලා දානවා... :D

    ReplyDelete
  4. මේ ක්‍රමේ ඊට ලේසි නැද්ද?

    ReplyDelete
  5. එළ එළ බොහොම ස්තූතියි

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ