පරණ නම්‍ය තැටිති වගයක් හම්බුනා. මේ කාලෙ නම් 3 1/2 නම්‍ය තැටියක් වත් භාවිතා කරන්නෙ කලාතුරකින්නේ. ඒ නිසා පින්තූර ටිකක් ගත්ත. පැකිං පොඩ්ඩක් සවුත්තු උනාට තැටි ටික නම් අලුත්ම වගේ.

විවෘත කරන්න තිබුනේ මේ විදියට

ඔන්න ඇතුලෙ තිබුණ නම්‍ය තැටිති ටික එළියට ගත්ත

8ක්ම තිබුණ.

ප්‍රමාණය අඟල් 5 1/4 ක් උනාට ගබඩා කරන්න පුලුවන් මෙගාබයිට් 1.2 ක ප්‍රමාණයක් විතරයි.


ඒකාලෙ හැටියට නම් මෙගාබයිට් එකත් ලොකු ගාණක් වෙන්න ඇති. :D අපට අද ගිගාබයිට් එකක් කිවුවත් ගණන් ගැනෙන්නෙ නෑනේ.
17 අදහස්:
තැටිති ?? තැටි නෙවේද?
වටිනවා, මම අදමයි දැක්කෙ ඔය තැටි
හ්ම්ම්... මම නම් ඕවත් පාවිච්චි කළ කාලයක් තිබ්බා... 1.2 MB විතරක් නෙමේ... ඕවා තිබ්බා 720 KB වගේ ගානක් තියෙන එකකුත්... දැං කාලෙ නම් කවුරුත් ඕවා දැකලත් නැහැනේ :)
@Anonymous
වචනයේ වරදක් නෑ කියල හිතනවා.
@chathuraw
මට නම් පාවිච්චි කරන්න ලැබුනෙ නෑ. දුර්ලභකම නිසාම තමයි ලියන්න හිතුනේ.
@Anonymous
වචනයේ වරදක් නෑ කියල මටත් හිතෙනවා මොකද තැටි කියන එකට කියන්නෙ DISK කියලයි. ඉතින් DISKETTE කියන එකට තියෙන සිංහල වචනය මම දන්න තරමට නම් තැටිති තමයි
I have used thiese floppys on 1997 I think.... Also There were 720KB. At that time these were great things.... :-)
කොහෙන්ද හොයාගත්තේ?
අපේ ඉස්කෝලෙ ලැබ් එකේ නම් එකක්ද කොහෙද තිබ්බා, බට්, හොඳටම අබලන් වුනු එකක්.
@Janath
:D
@Kawshala's Information
Thanks. when i'm using computers these are outdated. only used 3 1/2' floppies. :D
@Supun Budhajeewa.
Telecommunication Lab එකේ තිබුණේ. Hardware පන්තියෙ ලමයින්ට පෙන්නන්න තියෙන එව්ව වෙන්න ඇති. නෝට් ලියන ගමන් තමයි ඔය පින්තූර ගත්තෙත්. :D
අඩේ මචන් පුලුවන් නම් මට එකක් දියන්.. සල්ලි
ඕන නම් දෙන්නම්. මගේ profile එකේ ඊ මේල් ඇඩ්‍රස් එක තියෙනව.. contact me
අතීතය මතක් උනා, ඉස්සර මේවා ගලවලා හොදනවා පුසු බැදුනාම. හික් :D
@Kanishka | කණියා
මේව අරන් මොනව කරන්නද?
@කාලිංග
අව්වට එහෙම අල්ලල වේලුවෙ නෑනේ :D
මට නම් මතක හැටියට මේවා තිබුනේ 5 1/4 විදිහටයි. 3 1/2 සහ 5 1/4 තමයි ඒ දවස් වල ඉතිං ලොකුම දේ. මා 1992 දී ඒවා පරිහරණය කළා. ඒ දවස් වල මගේ පිරිගණනය IBM P/S 2 286 එකක්. දැක්කහමත් සතුටුයි. ඒ නිසා මැය (මාතෘකාව) වෙනස් කළ නම් තමයි හොඳ.
@නිලන්ත පියසිරි
හැබෑව නේන්නම්. 5 1/4 තමයි. මම වෙනස් කරන්නම්. ස්තූතියි අවධානය යොමු කලාට
ඔන්න අඟල් කාලක් අඩුකරල 5 1/4 කියල දැම්ම. :D
ආසාවට මචෝ.. අපි ඉතින් ආදි කාලීන කොම්පීටර් කාරයොනෙ.. මම ගොඩක් කල් ඉඳන් 5.25 ෆ්ලොපියක් හොය හොය හිටියෙ.. ඒත් හම්බුනේ නෑ.. පුලුවන් නම් එකක් එවපන්..
contact me: kani97(ඇට්)gmail.com
@Kanishka | කණියා
කණගාටුයි මිත්‍රයා. ටෙලිකොමියුනිකේෂන් ලැබ් එකේ තියෙනව දැකලයි පින්තූර ටික ගත්තෙ. මගේ නෙවිනේ. මගේ උනා නම් එවනවා.
Post a Comment