Satellite හරහා නොමිලේ TV බලමු

TV බැලිල්ල අලුත් අත්දැකීමක් නොවුනත් තනියෙම Satellite එකකට Dish එකක් Align කරල ඒකෙන් TV බලන එක වෙනනම ආතල් එකක්..

iOS 14 අලුත් විශේෂාංග. Apple ලා Android වලින් මොනවද අරන් තියෙන්නෙ

Apple Special Event එකේදි (June 22, 2020) Appleල එයාලගෙ Operating System එකේ ලොකුම විශේෂාංග මොනවද...

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

Pages

2009-09-28

බිංගෝ පරිගණක ක්‍රීඩාව සිංහලෙන් කේත කලෙමි

මෙන්න මගේ මුලින්ම VB.NET වලින් හදපු ක්‍රීඩාව. බිංගෝ ක්‍රීඩාව කරන්න කිවුවෙ ඉගෙන ගනිපු දේවල් භාවිතා කරන්න පුරුදු වෙන්න කියල. අනිත් අය හදල ඉවරවෙනකං නිකං ඉන්න බෑ. පටන් ගත්ත සිංහලෙන්ම හදන්න. ඉතිං මේ තියෙන්නේ මම සිංහලෙන් හදපු බිංගෝ ක්‍රීඩාව.



මෙහෙමයි ක්‍රීඩාකරන්න තියෙන්නේ.
ක්‍රීඩා කිරීමට ප්‍රථම ඔට්ටු ඇල්ලිය යුතුය. ඔට්ටු ඇල්ලීමට අවශ්‍ය පෙළ ඉදිරියේ හෝ ඉහල ඇති කොටු සලකුණු කරන්න. සියළු ඔට්ටු එකවර ඇල්ලීමට සියලු ඔට්ටු බොත්තම ඔබන්න. ඔට්ටුව අවලංගු කිරීම කොටු සලකුණු ඉවත් කිරීම මගින් සිදු කල හැක
ක්‍රීඩා කිරීමට "අරඹන්න (S)" මත ඔබන්න. නැතිනම් යතුරු පුවරුවේ "S" යතුර තද කරන්න. එවිට කොටු තුල ඇති අංක අහඹු ලෙස වෙනස්වේ. වෙනස් වීම නැවත්වීමට "නවතන්න (P)" බොත්තම එබීම හෝ "P" යතුර ඔබන්න. එක සමාන අංක තුනක් ගලපා බිංගෝ ලකුණු ලබාගත හැක.

අංක පේලි, තීරු හෝ විකර්ණ ආකාරයන්ට ගැලපිය හැක. එක් ගැලපීමකට බිංගෝ ලකුණු 50ක් ලබාගත හැක.

හදල ඉවර උනාම මට නම් බිංගෝ ලකුණු ගන්න බැරි උනා. ඔයාලට පුලුවන්ද කියල ට්‍රයි එකක් දෙන්න. ඒවගේම අදහස් සහ දෝශ මෙහි වාර්තා කරන්න පුලුවන් නම් ඉතාම වටිනවා.



2009-09-26

අඟල් 5 1/4 නම්‍ය තැටිති

පරණ නම්‍ය තැටිති වගයක් හම්බුනා. මේ කාලෙ නම් 3 1/2 නම්‍ය තැටියක් වත් භාවිතා කරන්නෙ කලාතුරකින්නේ. ඒ නිසා පින්තූර ටිකක් ගත්ත. පැකිං පොඩ්ඩක් සවුත්තු උනාට තැටි ටික නම් අලුත්ම වගේ.

විවෘත කරන්න තිබුනේ මේ විදියට

ඔන්න ඇතුලෙ තිබුණ නම්‍ය තැටිති ටික එළියට ගත්ත
8ක්ම තිබුණ.
ප්‍රමාණය අඟල් 5 1/4 ක් උනාට ‍ගබඩා කරන්න පුලුවන් මෙගාබයිට් 1.2 ක ප්‍රමාණයක් විතරයි.


ඒකාලෙ හැටියට නම් මෙගාබයිට් එකත් ලොකු ගාණක් වෙන්න ඇති. :D අපට අද ගිගාබයිට් එකක් කිවුවත් ගණන් ගැනෙන්නෙ නෑනේ.

2009-09-22

සීගිරියේ සිංහ පාද

මේ තියෙන්නෙ මොකක්ද කියල බැලුබැල්මටම පේනවනේ. සීගිරියෙ තියෙන සිංහ පාද තමයි. මේ පොටෝ එක මේ විදියට ගන්න කොච්චර උත්සහ කරත් බැරි උනා. එතනදි ආපු අදහසක් ක්‍රියාවට නංවල තමයි මේ විදියට ගත්තේ.

කොයි වෙලාවෙ බැලුවත් ඔතන කවුරුම හරි ඉන්නවා. එක්කො පහල පාද ලඟ. නැත්තම් ඉහලට නඟින පඩි උඩ. අයින් වෙන්න කියන්නයැ. ඉතිං කොහොමද කාවවත් පින්තූරෙට නොවදින්න සිංහ පාද වල විතරක් පින්තූරයක් ගන්නෙ. කට්ටිය සේරම අයින් වෙනකන් ඉතිං දවසම බලන් ඉන්න වෙයි. පොඩි අදහසක් ඔළුවට ආවෙ ඔය වෙලාවෙ තමයි. මොකක්ද දන්නවද පිනතූර දෙකක් ගත්තොත් වැඩේ ගොඩ නේද කියන එක. ඉතිං ගත්ත පින්තූර දෙක තමයි මේ පහල තියෙන්නේ (හැබයි දෙකක් විතරක් අරගෙන එකම තැන දෙන්නෙක් පිනතූර දෙකේම හිටියොත් කියන එකනම් කල්පනා උනේ හදන කොට තමයි.)

ඉතිං පින්තූර දෙකත් ගත්ත කියමුකෝ. ඊළගට මොකක්ද කරන්නේ. ප්‍රශ්නයක් කරගන්න දෙයක් නෑ. ඊට පස්සෙ ඉතුරු ටික කරේ ගෙදර ආවට පස්සේ.

පින්තූර දෙකම Gimp එකෙන් ඕපන් කරගත්ත. Gimp ගැන දන්නැත්තම් ඔය පින්තූරෙ උඩ ක්ලික් කරන්න.


Clone මෙවලම තොරගත්ත. එක පින්තූරෙක තැනක් ක්ලික් කරා Ctrl ‍යතුර එබාගෙනම. අනිත් පින්තූරෙ උඩට ගිහන් හරියටම ක්ලික් කරපු තැන බලල අඳින්න ගත්ත. හරියටම එතන ඉන්න කෙනා මකල පසුබිමේ වැහිල තියෙන එක ගන්නව වාගේ. ඉතිං අන්තිමේදි පිනතූරෙ මෙහෙම පේන්න හදාගත්ත.


කොහොමද Gimp වල බලේ!

ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ ආලෝක ලප

ඉතිං පසුගිය මාසේ ඔන්න මමත් නෑදෑ පිරිවර සමඟ අනුරාධපුර චාරිකාවක් ගියා. ඉතිං ඒ ගිය ගමනේ ගත්ත ඡායා රූප වලින් මේ ලියමනේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වදින්න ගිය අවස්ථාවේ ගත් ඡායා රූප ටිකක් එක් කරන්න හිතුවා.

මේ තියෙන්නේ ඇතුල් වෙන තැන නොවැ. ඉතිං දොරටුව පෙනුනට එතන යටින් ඇතුලු වෙන්න බෑ. ඔය දෙපැත්තෙ තියෙන කුටිය මැදන් තමයි යන්න තියෙන්නේ. ඉතිං ඔය කුටියෙන් යනකොටත් පරීක්ෂා කරල තමයි ඇතුලට ගන්නේ. වැඩේ කියන්නේ මේකනේ ඉතිං ඕක ඇතුලින් අනිත් අය ගියා මම යද්දිම කොළ පාටින් තිබුණු ලයිට් ටික රතුපාට වෙලා එලාම් එකකුත් වැදුනා. මොනවත් අරන් ගියෙත් නෑ. අතේ තිබුනේ ඔය පින්තූර ගත්තු කැමරාවයි, ජංගම දුරකතනයයි. මොකට වැදුනද කියන්න නම් දන්නේ නෑ. හැබයි කරදරයක් නැතුව ඇතුලට ගියා. :D
ඉතිං ඇතුලට යන වෙලාව හරියටම බෝධිපූජාව පැවැත්වෙන වෙලාව. මම මොකද කලේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පින්තූරයක් ගත්ත. ගත්ත පින්තූර වල වෙලාව සටහන් වෙලාම තියෙනවනේ. මෙන්න වැඩක් ගත්ත පින්තූරෙ ආලෝක ලප වගයක් වැදිලා. පින්තූර හොදට බලාගන්න ඕන නම් ඔය පින්තූරෙ උඩ ඔබල බලන්න.
මේක කොහොමද උනේ. කැමරාව සවුත්තු වෙලා වෙන්නත් බෑ. මොකද ගත්ත අලුතම තමයි ඕක අරන්ගියෙත්. ආව අදහසක්! ගත්ත තව පින්තූරයක් එතනම. කැමරාවෙ ලෙඩක් නම් ඒ තැන් වලම ලප හිටින්න එපැයි. හැබයි ඒකෙ සටහන් වෙලා තියෙන්නේ අඩු සංඛ්‍යාවක්නේ. මාර පැටලිල්ල.


තව එකක් අරන් බැලුව. ආලෝක ලප තියෙන තැන් වෙනස් වෙනවා. කොහොම හරි පින්තූරෙ ලප හිටිනවා.

ඒකත් ගත්තට පස්සේ තමයි මතක් උනේ දසුන්ගෙ අලුත් ගෙදර තිබුණ ආලෝක ලප ගැන කතාව. ටික වෙලාවකින් පින් අනුමෝදන් කරන වෙලාව ආව මම ආයිම ඡායාරූපයක් ගත්ත බලන්නකෝ ඒකෙ තත්වය කොහොමද කියල.
පහල මළුවේ ඉඳල රාත්‍රී දර්ශන ආකාරය දාල ගත්ත පින්තූරයක් තමයි මේ.



පහුවෙනිදා උදේ ගත්ත පින්තූර තමයි මේ තියෙන්නේ.
පිනතූර ටික පවතින තත්ත්වය නිසා කෙලින්ම දාන්න මොකක්ද මොකක්ද වගේ. ඉතිං Gimp වලින් පොඩී වැඩක් දැම්ම :D

ඊලඟ පෝස්ට් එකත් ට්‍රිප් එකේදි ගත්ත එකක් ගැනම තමයි දාන්න හිතන් ඉන්නෙ.