Pages

2010-04-01

SLT DNS අවුල සහ ටැලිපෝන් කැපීම




පසුගිය දිනවල මා සතු ඩොමේන වලට ප්‍රවේශ වීමට නොහැකි බව කිහිප දෙනෙක් දැනුම් දුන්නා. ඒ අයට මුලින්ම ස්තූතිවන්ත වෙනවා ඒක මට දැනුම් දුන්නට. SLT Automatic DNS වලින් වෙබ් අඩවි වලට ප්‍රවේශ වීමට බැරි වීම තමයි මෙයට හේතුව. මේක මට විතරක් වෙච්ච දෙයක් නොවන වගත් අනිත් අයගේ ප්‍රතිචාර වලින් තේරුණා. මේකට හේතුව හොයාගෙන හොයාගෙන යනකොට නැවතුනේ ටෙලිකොම් එකේ ස'වර් රූම් එකෙන්. එතනදි හොයාගත්ත ලෙඩේ මොකක්ද කියලා.

tracert www.batapola.net කියල දුන්නම එන්නේ මෙන්න මේක
Unable to resolve target system name www.batapola.net.

Google DNS දාල ඒකම දුන්නම
racing route to batapola.net [173.212.202.130]
over a maximum of 30 hops:

1 1 ms <1 ms <1 ms 192.168.1.1
2 353 ms 59 ms 48 ms 220.247.232.35
3 30 ms 26 ms 28 ms 203.94.91.242
4 25 ms 52 ms 77 ms 222.165.130.57
5 36 ms 95 ms 29 ms 222.165.130.10
6 235 ms 209 ms 351 ms so-2-3-3-dcr1.lnd.cw.net [166.63.161.237]
7 176 ms 261 ms 174 ms xe-5-0-0-xcr1.lnd.cw.net [195.2.25.121]
8 382 ms 330 ms 310 ms 195.66.226.167
9 243 ms 246 ms * vl0019.gwy02.sctn01.hostnoc.net [63.218.31.42]
10 415 ms 495 ms 280 ms ec1-00.gwy01.sctn01.hostnoc.net [64.191.108.38]
11 364 ms 241 ms 247 ms ec1-17.agg03.sctn01.hostnoc.net [96.9.191.2]
12 385 ms 246 ms 261 ms ec0-63.bp1901.sctn01.hostnoc.net [96.9.184.42]
13 458 ms 246 ms 270 ms 173-212-202-130.hostnoc.net [173.212.202.130]

Trace complete.

ඉතිං GoogleDNS OpenDNS වගෙම SLTDNS මැනුවල් හදාගත්තමත් යන්න බැරි උනු සයිට් වලට යන්න පුලුවන් උනා. ඒ automatic DNS වලිට පාවිච්චි වෙන්නේ 203.115.0.46 සහ 222.165.*26.22[දෙවනි එක හරියටම ෂුවර් නෑ] IP දෙකම මැනුවල් හැදුවම යන්න පුලුවන් උනා. ඉතිං ඒ ගැන ස'වර් රූම් එකේ ඉන්න අයත් එක්ක කතා කරල විසඳ ගත්තා දැන් ඒ යන්න බැරිව තිබුණු සයිට් වලට යන්න පුලුවන්. ඉතිං මේ දිනවල බටපොල හරිත උදානය 2010 නමින් කෘෂිකාර්මික අධ්‍යාපනික වෙළද ප්‍රදර්ශනය සහ සැණකෙළියක් 2010 මාර්තු 25,26,27,28 හා 29 දින පෙ.ව. 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වෙනවා. ඉතිං මාතර මාධ්‍ය නිවස මගින් විද්‍යාල පරිශ්‍රයේ සිට FM 96.1 ඔස්සේ විකාශය කරනු ලබන සුසර FM දැන් www.batapola.net වෙබ් අඩවිය හරහා ඔබට සවන් දීමටත් හැකියාව ලබාදුන්නා. ඒ වගේම ඔබට සිංදු ඉල්ලීම් කරන්නත් සුසුර FM මෙහෙයවන මාතර මාධ්‍ය නිවසේ අය සූදානම් කරල තිබුනා.[මාතර මාධ්‍ය නිවසේ අය ප්‍රථම වරට අන්තර්ජාල මාධය හරහා කරන ලද විකාශයද මෙයයි.] විකාශය අතර තුර සිංදු ඉල්ලීම් කරන්න පුලුවන් වෙලාවල් සහ දුරකථන අංකය ඔවුන් සඳහන් කරන අවස්ථාවල ඔබ ලෝකෙ කොයි කෙළවරේ සිටියත් සිංදු ඉල්ලීම් කරන්න පුලුවන් උනා. ඒ දිනයන් තුල පානදුර හා දෙහිවල යන ප්‍රදේශවලිනුත් සිංදු ඉල්ලීම් ලැබී තිබුණා. එයත් සතුටට කාරණයක්. FM රේඩියෝ මාධ්‍ය වගේම අන්තර්ජාල මාධයත් භාවිතා වන බව දැන් ඔවුන්ට වැටහෙන්නට ඇති.


ප.ලි: මේක ලියන්න ගත්තේ 26 වෙනිදා . ඒ උනාට කවුරු හරි බටපොල සිට උඩුවිල දක්වා දුරකථන රැහැන් කපා දමා තිබීම නිසා මට අන්තර්ජාලයට සම්බන්ධ වීමට නොහැකි වීමෙන් එදා පෝස්ට් කරගන්න බැරි උනා . දින දෙකක් ඇතුලත SLT ආයතනය රැහැන් යථාතත්වයට පත් කලත් නැවතත් පසුවදාම ඒ සම්බන්ධ කල ස්ථානයට මදක් ඈතින් කපා දමා තිබුණා. කෙසේ හෝ අන්තර්ජාල විකාශය සිදුකරන්නට ගෙදර සිට නොහැකි උනා. මේ සියලු බාධා මැද පාසලේ සිට සජීව විකාශය අන්තර්ජාලය හරහා සිදු කරන්නට කටයුතු සිදු උනා. මා හට පාසලට යාමට නොහැකි උනත් මාගේ සහෝදරයා එම ස්ථානයට යවා සාර්ථක ලෙස එතන සිට විකාශන කටයුතු ගෙන ඒමට පුලුවන් උනා.

ඉතිං පාසලේ පරිගණක විද්‍යාගාරය විවෘත කරන තුරු විකාශන කටයුතු සඳහා බලා සිටීමට සිදුවීමත් නිතරම එතන රැදී සිටීමත් නොහැකි විම නිසා අන්තර්ජාල විකාශනයට බාධා පැමිණුනා. ඒ පිළිබදව මාගේ කණගාටුව ප්‍රකාශ කරන අතර සවන් දුන් අයටත් අන්තර්ජාල විකාශයට තමාගේ සේවාදායකයක් නොමිලේම ලබා දුන් කාලිංග අයියාටත් ස්තූතිවන්ත වෙමි.

8 අදහස්:

  1. මගෙත් www.ishans.info හෙන කාලයක් අවුල් ගිහින් තිබ්බා. නමුත දැන්නම වැඩ කරනවා කියලා ආරන්චියි. ඔයා කරපු දේ හන්නදද දන්නෑ O_o

    ReplyDelete
  2. @Ansh Lucky Sri Jay
    ඔන්න ටැලිෆොන් වයර් කපපු අය අහුවෙලාලු. ඇප වත් දෙන්නෑ කියන්නේ. හොද දඩයකුත් නියම කරලලු

    ReplyDelete
  3. @ඉශාන් තිළිණ
    වෙන්න ඇති. මොකද SLT එකෙන්ම කිවුවා එයාලගේ Automatic DNS Resolve වෙන්නෙ නෑ කියලා. පස්සේ ඒක හැදුව කියල මට මේල් එකක් එවල තිබුණා. :)

    ReplyDelete
  4. අපිනම් ඉතින් ගූගල් DNS තමා. SLT වගේම මොබිටෙල් DNS අල. ‍මොබිටෙල් එකට Google DNS වැඩ, එයාල ස්වයංක්‍රියව දෙන එක වැඩ නෑ කීවහම "සර් මොබිටෙල් වල APN විතරයි හදන්නෙ, අපි DNS හදන්න කියන්නෙ නෑ`" ඒව වෙනම් කරල මොනව හරි උනාට අපිට කරන්න දෙයක් නෑලු, :)

    ReplyDelete
  5. sltdns මැනුවල් හදාගන්නෙ කොහොමද?
    තාම batapola.net පේන්නෙ නෑ

    ReplyDelete
  6. @අඛිල
    ඔයා අන්තර්ජාලයට ප්‍රවේශ වන Connection එකේ Properties වල Internet Protocol {TCP/IP}කියන එකේ properties ගත්තනම්
    පහලින්ම තියෙන use the following DNS server addressed කියන තැනට DNS ip දාගන්න තියෙන්නේ
    ගූගල් DNS නම් preferred DNS 8.8.8.8
    Alternate Dns 8.8.4.4
    දැම්මනම් හරි.

    slt නම් උඩ එක DNs එකක් හරියට තියෙනවා අනික මතක නෑ ආපහු අහගන්න වෙනවා.

    ReplyDelete
  7. Batapola.net එකේ Server එක මාරු කරන්න හදන්නේ ඒක නිසා ‍සමහර විට අවුල් ‍ඇති වෙනවා.

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ