Pages

2010-07-13

බ්ලොග් විරාමය අවසන්. ඒ විරාමය අතර තුරදී...

මැයි 28 වෙනිදායින් පස්සේ සටහනක් එක් කරන්න බැරි උනා. තව මාසයක් ගියොත් වෙන්නේ මෙන්න මේ පහල එක වගේ මගේ එකත් සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමෙන් අයින් වෙන එකයි. (මේ අයින් වෙලා තියෙන්නේ කාගේ බ්ලොග් එකද කියල දන්නෝ දනිති :D )



ඒකට කලින් ඔන්න සටහනක් තිබ්බා. පෝස්ට් එකක් තියන්න බැරි උනු හේතු ගොඩාක් තිබුණා. ප්‍රධානම ටික කෙටියෙන් කියනවනම්.
1. Multimedia Workshop එකට සහභාගී වීම.
2. UNIVOTEC එකේ Aptitude test එකට මුහුණ දීම.
සහ ලොකූම හේතුව
3. Laptop යන්තරය අක්‍රිය වීම.
3. ගාල්ල තාක්ෂණික විද්‍යාලයේ පූර්ණ කාලීන දෑ අවුරුදු National Diploma in Information & Communication NVQ මට්ටම් 5 සහ 6 පාඨමාලාවේ අවසන් විභාගයට මුහුණ දීම.
4. විභාගයට මුහුණ දීමට රැකියාවෙන් ඉවත් වීම

කාරණා සිද්ධ උණු පිලිවෙල තමයි ඔය. මෙහෙමයි කතන්දරේ සිද්දඋනේ.

ජුලි 1 වෙනිදා පැවැත්වූ NVQ මට්ටම් 5 සහ 6 විශාගයට පෙර ජුනි 14 සිට ජුනි 24 වෙනි දින දක්වා Multimedia මොඩියුලය සම්පූර්ණ කිරීමට අවශ්‍ය දැනුම ලබා ගැනීමට UNIVOTEC හි Audio/Video Lab එක තුලදී වැඩමුළුවක් පැවැත්වෙන බව කලින් දැනුම් දුන් බැවින් නිවාඩු ලබාගැනීමට රැකියාව කරන ස්ථානයට පෙර දැනුම් දුන්නා.
වැඩමුලුවේ සති 2ක කාලයට අධ්‍යාපන නිවාඩු ලබාගත හැකි වූ නිසා 14 වෙනි දින සිට UNIVOTEC තුලවූ ශිෂ්‍ය නේවාසිකාගාරයේ නැවතී එම වැඩමුලුවට සහභාගී උනා. 14 වෙනි දින වන විට තනි නොතනියට ළගින්ම සිටි Laptop යන්තරය අක්‍රිය වීම මහත් පාඩුවක් උනා.(තවම හදාගත්තෙ නෑ) කෙසේ හෝ 14 වෙනි දින උදෑසන 8.30 වන විට විශ්ව විද්‍යාලය ඉදිරිපිට සිටීමට මට හැකි උනා. ඉතින් ඒ සති 2 තුලදී සම්පූර්ණයෙන්ම Multimedia ගැන පුළුල් අවබෝධයක් ලබාගත හැකි උනා. එහිදී ඉගෙන ගත් සියලු කටයුතු මුල සිට අග දක්වාම සාරාංශයක් ලෙස ගත් විට,

1.Introduction to Multimedia Industry
2. Multimedia Basics
3. Instructional Desing
4. Audio Video File Formats
5. Shot definitions
6. Camera Movement Techniques
7. Basic Lightning Techniques
8. Scripting and Story Boards
9. Cost Estimation and preparation of project proposal for Multimedia products
10. Editing Techniques
11. Audio Editing Techniques
12. Introduction to Linear Editing
13. Single Camera Production
14 Introduction to Non-Linear Editing
15 Equipment Safety
16 Production and post-production activities
17. Develop the multimedia production


Facebook ඇල්බම් එකේ පින්තූර ටිකක් විතරක් දාල ඇති. බලන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඔය අකුරු නිල්පාටින් තියෙන තැනට කොටල බලන්නකෝ. කොහොම නමුත් ඒ සති දෙකක කාලය අපේ කට්ටියට නම් ජීවිතේටම අමතක නොවෙන එකක් වෙයි.

24 වෙනි දින සවස ‍නිවෙස් බලා ආවත් නැවතත් 27‍වෙනි ඉරුදින විශ්වවිද්‍යාලය කරා අපේ පාඨමාලාව හැදෑරූ සියළු ළමුන් පැමිණ සිටියේ Aptitude test එකට මුහුණ දීමටයි. එහිදී බුද්ධිය ගණිතය සහ ඉංග්‍රිසි දැනුම පරීක්ෂා කෙරුණා.

මුලින් සති 2 කාලය අවසර ලැබුණ නමුත් විභාගය එදින සිට දින 8ක් දක්වා පැවැත්වෙන බැවින් නැවත රැකියා ස්ථානයට දැනුම් දුන්නා. වැඩමුලුවට සහභාගී වී නැවත රැකියා ස්ථානයට ගොස් අස්වීමේ ලිපිය අත්සන් කර නැවත විභාගයට මුහුණ දීමට අවසානයේ සිදුවුනා.



ජුලි 1 වෙනිදා සිට NVQ මට්ටම් 5&6 National Diploma in Information & Communication සඳහා වූ විභාගය පවත්වනු ලැබුවේ කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව හෙවත් DTET(Department of Technical Education and Training) මගිනි. එහිදී අපට ප්‍රශ්න පත්‍ර 12කට දිනකට 2ක් බැගින් පිලිතුරු සැපයීමට සිදුඋනා.
1.Database Systems
2.System Analysis & Design and Software Testing
3.Software Programming
4.Software Programming (Practical)
5.Graphic Design (Practical)
6.Graphic Design
7.Data Communication and Network
8.Multimedia Applications (Practical)
9.Web Design and Development
10.Web Design and Development (Practical)
11.Mathematics
12.English

විභාගය අතරතුර එනම් ජුලි 3 වෙනි සෙනසුරාදා Future Minds 2010 බැලීමට ගියා. එහිදී 2S කුටියේ තිබූ පුළුල් තිර 3DTV අත්දෑකීමත් සුවිශේෂයි. එහි තාක්ෂණය දැන සිටියත් ඒ වනතුරු අත්විද නොතිබූ බැවින් එය විශේෂයක් උනා. තිරයක් තුලින් ගැඹුර දැකිම වචනයෙන් නම් විස්තර කල නොහැකියි.

කෙසේ හෝ විභාගයට මුහුණ දී අවසන් දැන් විභාග ප්‍රතිඵල එනතුරු NVQ 5 & 6 සඳහා අවශ්‍ය Evidence රැස් කරමින් සිටිමි.

15 අදහස්:

  1. කොල්ල දැං මාර බිසි වෙලා නෙ! හොඳයි හොඳයි.... විභාගය ඉහළින් සමත් වෙන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.... :)

    (උඩින් ඉන්න ස්කිරිංසොට් එක අපේ තිළිණගෙ ටුවිට්පික් එකෙන් උස්සපු එකක් නේද? :P )

    ReplyDelete
  2. @ඩනිෂ්ක
    ස්තූතියි!!

    @Shaakunthala
    ඒකනේ. පැතුමට බො‍හොම ස්තූතියි!

    ස්කිරිංසොට් එක ඒක තමයි. නම මකල දැම්ම නැත්තං ඉතිං මෙතනත් දෙක කරයි නෙව :D

    ReplyDelete
  3. සුබ පැතුම් මචෝ :)

    ReplyDelete
  4. ඒක තමයි වැඩිය පේන්න නොහිටියේ නේද?
    සුභ පැතුම්..!!

    ReplyDelete
  5. අක්ක හරි අක්කෙ ;)
    ඒක නිසා නේන්නම් වැඩිය පේන්න නොහිටියේ.
    ස්තූතියි!

    ReplyDelete
  6. යළුවා මමත් ඩිප්ලොමා පඨමාලාව හදාරන්න බලාපොරොත්තුවෙනුයි ඉන්නේ.(DTET)යලුවා මම නම් ගණිතයටත් ඉංග්‍රිසි වලටත් ටිකක් දුර්වලයි.ගණිතයයි ඉංග්‍රිසි වලයි සිලබස් එක පොස්ට් එකක් විදිහට හරි දමන්නකෝ.ගනිතයයි ඉංග්‍රිසියි අමාරු උනාද ඔයාට? පොඩ්ඩක් විස්තර කියන්නකෝ?

    ReplyDelete
  7. මට නම් අමාරු උනේ නැහැ. දැන් නම් ආයෙ සිලබස් එක වෙනස් කරල තිබ්බ පුලුවන් උනොත් හොයල දාන්නම්.

    ReplyDelete
  8. අනේ මට ටෙස්ට් එකට මොනවගේ ඒවද එන්නෙ කියන්නකෝ. මටත් එන්න කියල ලියුමක් ඇවිත් ඒකට. හොයල හොයල ඔයාවවත් හම්බුනේ. දවස් දෙකයි තියෙන්නෙ එන්නෙ මොනවද දන්නෙ නෑ. අමාරුද ඒක....

    ReplyDelete
  9. @anonymous
    ඒක එච්චර අමාරුවක් වෙන එකක් නැහැ. ඉංග්‍රිසි සහ සාමාන්‍ය දැනීම වගේ අපට නම් තිබුනෙ.
    අනිද්ද නේද ටෙස්ට් එක. බය නොවී මූණ දෙන්න.

    ReplyDelete
  10. @Gayan
    බොහොම පින් ඔයාට reply කළාට..... :-)

    ReplyDelete
  11. #Aptitude_Test UNIVOTEC සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනව


    Aptitude Test එකට අහන ප්‍රශ්න මොනවද කියන්න පුළුවන්ද?

    ස්තුතියි

    ReplyDelete
  12. Genaral Knowledge, බුද්ධි පරීක්ෂණ ගැටළු, ඉංග්‍රිසි තමා අපට නං තිබුනෙ.

    ReplyDelete
  13. බොහොම ස්තුතියි.

    එවායේ පසුගිය ප්‍රශ්නපත්‍ර එහෙම තියෙනවද

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ