Pages

2011-07-21

අලුත් වැඩක් - පින්තූර ඇල්බම් එක

ඔන්න මාත් පටන් ගත්ත පින්තූර ඇල්බම් එකක්. තාක්ෂණික වැඩ වලට වඩා වෙනස් දෙයක්නේ.. හැමදාම ඒවම කරල හරියන්නෙත් නැහැනේ.. මේක මට ඉස්සරහට වඩාත් වැදගත් වෙයි කියල හිතෙනවා.

Flickr එකේ තමා කරන්නේ..මේක මං අරගනිපු පින්තූර වලින් මට හොදයි කියල හිතෙන පින්තූර ටික දාල හදාපු ඇල්බම් එකක්.

හදන්න හිතුනේ මං ගනිපු පින්තූරයක් දැකල කෙනෙක් ඇල්බම් එකක් නැද්ද කියල අහපු නිසා..  දැන් ඉතිං ඔන්න ගන්න ගන්න පින්තූර ඕකට දාන්න තමා හිතන් ඉන්නේ..

තාම ඉතිං හරියට කැමරාවක් වත් නැහැ.. මේව අරන් තියෙන්නේ මගේ ජංගම දුරකථනයෙන්.. කට්ටියට මතකද දන්නෑ අර රිමෝට් එකක් විදියටත් පාවිච්චි කරනව කීව එක තමයි.

කැමති නම් පින්තූර වලට කමෙන්ට් කරන්නත් පුලුවන්.. අකමැති නම් ඒත් පුලුවන්..
මට හුඟක්ම වටින්නේ පින්තූර ගැන කරන විවේචන තමා..
ඒ කීවේ.. මේක මේ විදියට ගත්තනම් මීට වඩා හොදයි කියල උපදෙසක් ගන්න පුලුවන් නම් තමා..

මොකද මං පොටෝග්‍රැෆි වත් ග්‍රැෆික් ගැනවත් වැඩි දෙයක් දන්නැති නිසා.

එහෙනම් ගිහිල්ලම බලන්නකෝ.

http://www.flickr.com/photos/54021321@N06/

14 අදහස්:

  1. ගිහිල්ලම බලන්නම්කෝ...සුභ පැතුම් අලුත් වැඩේට

    ReplyDelete
  2. ස්තූතියි දීප්..

    ReplyDelete
  3. කෝ බලමු අපිත් නිල් තොප්පියාගේ වැඩ :D

    ReplyDelete
  4. බලන්ට බලන්ට... බලලම කියන්නකෝ

    ReplyDelete
  5. ඔන්න තාරක ඔයාගේ බ්ලොග් එක මගේ බ්ලොග් රෝල් එකටත් දැම්මා, ඇත්තටම ගත යුතු දෙයක් තියන බ්ලොග් එකක් ........

    ReplyDelete
  6. ස්තූතියි පන්සල් හන්දිය..

    ReplyDelete
  7. wow තාරක...නියමට අරන් තියෙනවා පින්තුර ටික.

    ReplyDelete
  8. ස්තූතියි රතු මුහුද.

    ReplyDelete
  9. හොඳ උත්සාහයක් තාරක. ලස්සනයි පින්තූර ටික. අඩු පාඩු කම් කියාදෙන්න තරම් දැනීමක් මට නැති උනත් මගෙ අයිති කාරයානම් ඒ ගැන හොඳ දැනීමක් ඇති කෙනෙක්.එයාගේ අදහස් සටහන් කරන්න කියන්නම්. නරකද Photography ගැන ඉගෙන ගත්තොත්?

    ReplyDelete
  10. @දිල්..
    මඑත් අදහස් තමයි වටින්නේ. එතකොට වැරදි හදාගන්න පුලුවන්නේ.

    ඉගෙන ගන්න නම් ආසයි.. ඒත් තවම කැමරාවක් වත් නැහැ. වැඩිහරිය ගත්තේ මගේ ෆෝන් එකෙන් තමයි. :)
    ස්තූතියි මේ පැත්තෙ ආවට.

    ReplyDelete
  11. ෆොන් එකෙන් ගන්න පුලුවන් හොඳම විදියට අරන් තියෙනවා.
    මම flicker එකේ ඇඩි කර ගත්තා..

    අර IR රිමෝට් එක නම් මමත් ඉස්සර දාගෙන හිටියා. ඒකෙ ට්‍රයල් එකක් තිබ්බේ. ඒ කාලෙ ගියාට පස්සේ ආයෙ ගොඩ ගන්නම බැරි වුනා.

    ReplyDelete
  12. @තාරක Dilsh@n
    ස්තුතියි මිත්‍රයා..

    මාත් ඉස්සෙල්ල ඒක තමයි දාං හිටියේ..
    ෆෝන් එක හැක් කරල තමයි මාත් දාගත්තේ..

    ReplyDelete
  13. 73 එක ඒ විදියට පුලුවන් වුනාට 95 එක බැරි වුනා බන්...
    අන්තිමට ෆොන් එක ෆෝමැටි කරලත් බැලුවා. ඒත් හරි ගියේ නෑ.. මොනව වුනත් සෑහෙන්න වටින එකක් (අපේ ගෙදරදි නම් :P)

    ReplyDelete
  14. අහ්... හිමින් සීරුවේ චැනල් මාරු කරනව වගේ.. මට නම් එක එක තාලේ ටීවි හම්බෙනවා හදන්න ගේන එවුවා.. ඉතිං ඒ වෙලාවට පාවිච්චි කරනවා..

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ