Pages

2013-02-14

මගේ ලිවිල්ල සහ ජීවිතේ..

හ්ම්.. ගොඩා....ක් කාලෙකින්. ආයෙම බ්ලොග් ටිකක් කියවන්න ගත්ත. පරණ ලේඛකයෝ අතර අමනාප ගති ටිකක් දැක්ක. පහුගිය ටිකේ මං දන්නෙ නැති ගොඩක් දේවල් වෙලා තියෙනව කියල තේරෙනවා.
මේ පෝස්ට් එකේ ටෙක්නිකල් දේවල් නැහැ. ඒක නිසා ටෙක්නිකල් ලිපි හොයන අය නොකියව ඉන්න තරමට හොදා. මේ තියෙන්නේ මගේ ලිවීමේ වේගය

2009 (104)
2010 (48)
2011 (20) 
2012 (10)

ඒක දැක්ක ගමන්ම පේනවනේ වේගය දෙගුණ වෙමින් මං ලියාගෙන යන විදිය. දැන්නං  මේක වෙනස් කරන්නම ඕන.

පහු වෙච්චි කාලයේ සෑහෙන දේවල් වෙනස් උනා.
තනතුර මාරු උනා. ඒත් එක්කම කතන්දරගෙ තියරිය වෙනස් උනා.

Level 5&6 ගත්තු අයගේ Batch Photo එකට මූණ දුන්න. මේ තියෙන්නෙ ඒකත් එක්කල සමගාමීව තිබුණු තාක්ෂණ විද්‍යාලයේ ISO 9001:2008 තත්ත්ව සහතිකය නිමිත්තෙන් පැවැත්වුණු උත්සවේ ප්‍රවෘත්ති ටික.
මාත් යංතං පේන්න ඉන්නවා. පුලුවන් නං හොයාගන්න. ;)


මේ තියෙන්නේ අපේ කට්ටිය එකතුවෙලා රාජගිරියේ ආයුර්වේද රෝහලට ද්‍රව්‍යමය ආධාර ලබාදීපු වෙලාවේ ගනිපු වීඩියෝව. එයාල ගොඩක් ස්තූතිවන්ත උනා ඒ කරපු වැඩේට. ශික්ෂණ රෝහලක් උනාට ඒකට රාජ්‍ය අනුග්‍රහයක් නෑ වගේ. වැඩිපුරම මේවගේ ආධාර වලින් තමයි අවශ්‍යතා සපිරෙනව කිවුවෙ. පුලුවන් නම් ගිහින් බලන්න. ඒකේ ඉන්න ළමයි/දෙමාපියන් ගැන කියනවනම් ආබාධ නිසා එයාල යන්න පුලුවන් හැම තැනම ගිහින් සෑම ආකාරයකම වෛද්‍ය ප්‍රතිකාර අරගෙන රටේම තියෙන පන්සල් පල්ලි වලටත් ගිහින් මුලු සේසතම වගේ ඉවර වෙච්චි අය තමයි හිටියේ. අන්තිමට මේ රෝහලට ඇතුලත් උනාට පස්සෙ තමයිලු එයාලට සුවයක් තියෙන්නේ.
ඒ වුනත් ඉඩකට සීමිත නිසා ඇඳන් 20ක් විතරයි තියෙන්නේ. අමාරුම ළමයි නේවාසිකව 20ක් ඉන්න අතරේ බාහිර රෝගී අංශයට විශාල ප්‍රමාණයක් එනව කියල එයාල කිවුවා. හැකියාවක් තියෙනවනම් ගිහින් බලන්න. අපි ළමයින්ට තෑගි දුන්නට පස්සේ එයාලගේ අව්‍යාජ සිනාවෙන් එයාල බලද්දි ඇතිවේචි හැඟීම වචනයෙන් කියන්න බැහැ. ටිකදෙනෙක් ගෙ ප්‍රතිචාර මගේ කැමරාවට ගන්න පුලුවන් උනා. මේ වීඩියෝවේ අන්තිම හරිය බැලුවනම් ඔයාලටත් බලාගන්න පුලුවන්.



Android එක්කල කරපු සෙල්ලම් ගැන කියනවනම්. ICS වලින් නැවතත් GinberBread වලට මාරු උනා.
දැන් Xperia X10 එක S එකට Port කරල තියෙන්නේ. වේගය සෑහෙන හොද තත්වයකට ආව. බැටරියත් ගොඩක් කල් තියෙනවා. App දෙකක් වගේ ලියල ටෙස්ට් කරල බැලුවා. නියමෙට වැඩ කරනවා. පබ්ලික් රිලීස් කරන්න තරම් දෙයක් නම් නෑ.

Xperia Live with Walkman එකත් නැවත මටම හම්බුනා. Android ම Phone දෙකක් පාවිච්චි කරන්න චාන්ස් එක හම්බෙන්නෙ කාටද?

UNIVOTEC එකේ 2nd Year 2nd Semester Exam මාර්තු 16 පටන් ගන්නවා. දැනට GPA එක 3ට වැඩියෙන් තියාගෙන ඉන්නවා. මේ Exam එකෙන් පස්සෙ මොනව වෙයිද කියන්න බෑ.

මේ දවස් ටිකේ ගොඩක් ඔන්ලයින් ඉන්න යාලුවෝ ask.fm එකේ කට්ටියගෙ ප්‍රශ්නවලට උත්තර දෙනවා. මට නං ඒ වැඩේ කරන්න හිතුනෙ නැහැ. ගතවෙච්චි අවුරුද්දෙ ගොඩාක් යාළුවෝ මගෙන් ඈත්වෙලා ගිහින්.

About.me පේජ් එක හදාගත්ත. ආයෙ personal page එකක් හදන්න ආසාවකුත් නැහැ. සේරම මෙතන ඇති.
http://about.me/kpgtharaka



 මේක ලියන්න පටන් අරන් අවුරුදු 4ක් වෙනවා. ඒ කියන්නේ මේ පටන් ගන්නෙ 5වෙනි අවුරුද්ද.
කොයි දේත් වෙන්නෙ හොදටයි කියල කියනවනේ. ඕන දේකට එන විදියකට මූණ දෙනවා

5 අදහස්:

  1. ඇත්ත කොයි දේ වෙන්නෙත් හොඳට තමා මල්ලී
    . . .

    මේ වගේ පහුගිය කාලේ දිහා ආපහු හැරිලා බලන එක ඇත්තෙන්ම හොඳ වැඩක් . .

    කරන්න බැරි උනු සෑහෙන දේවල් කරන්න හිතෙනවා එතකොට . .

    හැමදේම වෙන්නේ හොඳට . . .! :D

    ජය වේවා . ..

    ReplyDelete
  2. බොහොම හොඳයි ලියන්න ගත්තු එක... ටෙක්නිකල් ඕන තරං තිබුණට පැහැදිලිව ටෙක්නිකල් හොයාගන්න නෑනෙ... :-)

    ReplyDelete
  3. @දුකා
    ඇත්තටම ගොඩාක් දේවල් මිස් වෙලා කියල තේරෙනවා.
    ස්තූතියි දුකා අයියේ!

    ReplyDelete
  4. @hare
    මේක තාක්ෂණික බ්ලොග් එකක් විදියට හංවඩු ගැහිල ඉවරයිනේ.. :D ඉස්සර ලියපු දේවල නිසා.
    ස්තූතියි කොමෙන්ටුවට

    ReplyDelete
  5. හැමදේම වෙන්නෙ හොදටයි කියල හිතන් වැඩ කරන්න.
    පහුගිය කාලෙ බැරි වුනාටත් එක්ක හරියන්න මේ අවුරුද්දෙ ලිපි ගොඩාක් ලියන්න ලැබේවා......!!!!!

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ