Pages

2013-02-14

PHP වලින් මේල් යවමු

php වල තියෙනව mail() කියල function එකක් ඒකෙන් පුලුවනි කාට හරි මේල් එකක් යවන්න.
ඔය බොහොමයක් සයිට් වල රෙජිස්ටර් උනාම අපේ inbox එකට මේල් එන්නේ මෙන්න මේ mail function එක පාවිච්චි කරල. හැබයි මේකට server එකක් තියෙන්න ඕන. localhost එකේ කරනවනම් gmail එකකට හරි config කරගන්න වෙනවා. smtp settings තිබ්බනම් ඇති.

මෙන්න මෙහෙමයි mail function එක භාවිත වෙන්නේ
mail(to,subject,message,headers,parameters)

to - ඔයාගෙ මේල් එක යන්න ඕන කාටද? එයාගේ ඊමේල් ඇඩ්‍රස් එක දෙන්න
subject - මේල් එකේ හෙඩිම.
message - යවන්න ඕන පණිවිඩේ

ඔය ටික දුන්නනම් ඇති ඊමේල් එකක් යවන්න. යවපු කෙනත් සඳහන් කරන්න ඕන නම් headers ඕන වෙනවා.
 headers - යවන්නා. bcc, cc සහ අමතර headers සකසන්න භාවිත වෙනවා

මේ තියෙන්නෙ උදාහරනයක්.
<?php
$to = "your@mail.com";
$subject = "Test E-mail using PHP";
$message = "Hay how are you. this is a test message";
$from = "my@mail.com";
$headers = "From:" . $from;
mail($to,$subject,$message,$headers);
echo "Your E-mail Sent.";
?>


මේ ටික ෆයිල් එකකට දාල ස‘වර් එකකට upload කරල run කරල බලන්න.
මේකෙදි your@mail.com කියන තැනට ලබන්නාගේ ඊමේල් එකයි
me@mail.com කියන එකට යවන්නාගේ ලිපිනයයි දෙන්න.

ඔහොමයි php වලින් මේල් යවන්නේ.
* සැ.යු. : යවන්නා විදියට ඕන කෙනෙක්ගේ ඊමේල් එක දෙතෑකි. හැබයි හොයන්නත් ක්‍රම තියේ. ඒකත් මතක තියාගන්න. ඒකයි free ස‘වර්ස් වල mail disable කරන්නේ. spam කලොත් block කරල දානව.

2 අදහස්:

  1. ස්තුතියි මේ වටිනා දැනුම ලබා දුන්නට.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  2. ස්තූතියි කොමෙන්ටුවට

    ReplyDelete

මෙම ලිපිය කියවනකොට හිතුණු දේවල් වලින් ටිකක් මෙතන ලියලම යන්නකෝ