This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

ඉර හඳ තරු

කළුවර අහසට ආලෝකය දෙන්න තරු රැසක් මළානික ආලෝකයක් දෙද්දි ආවාට පිරුණු වටකුරු දෙයක් ඒ එළියට වඩා හැමෝම ආස...

සිව්වන වසර ආරම්භය

දැන් මගෙ අතින් බ්ලොග් ලියවෙන්නෙ නැති ද මන්දා.ඒත් ඉතින් සංවත්සරයක් නිසා ලියන්නත් එපැයි.. මාසෙකට පෝස්ට් එකක් දැම්මාට ඕක...

Root නොකර Android එකට සිංහල උගන්වමු

අද කියන්න යන්නේ Android ධාවනය වන ඒවට root නොකර සිංහල දාගන්න විදිය. මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය...

2014-07-31

Browser එකේ save කරපු password එකක password field එකට තරු වැටුනම Safe කියල හිතනවද?

අද කියන්න යන්නේ පොඩි Security සීන් එකක් ගැන. කට්ටිය ලේසියට Browser එකේ පාස්වර්ඩ් සේව් කරන් ඉන්නවනේ. මේ ක්‍රමේ ටිකක් අනතුරුදායකයි. මුලින් කියන්නම් මේ තරු විදියට තියෙන පාස්වර්ඩ් බලන්න විදියක්. ඕන නං javascript එකකින් බලන්න පුලුවන්. මං නං කියන්නෙ ඒකත් ඕන නෑ. chrome හරි firefox හරි තිබ්බනං ඇති. කරන්න තියෙන්නෙ මෙච්චරයි.
මේ වගේ පාස්වර්ඩ් එක සේව් කරල තියෙන තැනක් ආවම Chrome වල නම් නිකම්ම පුලුවන්. Firefox නම් Firebug දාගන්න. ඊට පස්සෙ Password එක ගහන්න තියෙන Text box එක උඩ Right click කරල Inspect කරන්න.  එතකොට මේ වගේ පෙන්නයි

දැන් type="password" කියල තියෙන එක type="text" කියල වෙනස් කරන්න. password කියන එක උඩ ඩබල් ක්ලික් කලානම් නිකම්ම edit mode එකට යනවා. දැන් බලන්න මොකද වෙන්නෙ කියල. password එක කොච්චර ආරක්ෂිතද කියල පේනව නේද?
chrome වල master password එක විදියට windows login password එකම භාවිත කරාට Master Password කොච්චර අනාරක්ෂිතද කියල පේනව නේද? හැබයි Firefox මීට වඩා ඉදිරියෙන් ඉන්නව කියල කියන්න පුලුවන් මොකද Master Password එක නැතිව තරු සලකුණුවත් පෙන්න්නෙ නැති නිසා.

මෙතනින් ගිහින් Firefox වල Master Password එක හදාගන්න පුලුවන්



Internet Explorer පාවිච්චි කලානං අවුලක් නෑ කියල හිතන්නෙපා. ඒකෙත් F12 වැඩ.

2014-07-10

මූලික ඉලෙක්ට්‍රොනික විද්‍යාව

සිංහල බ්ලොග් අවකාශයේ කාලයක් තිබුණු ඉල්ලීමක් තමයි ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගැන ලියන්න කියන එක. මීට අවුරුද්දකටත් පෙර තමයි ඒ ඉල්ලීම සිද්දඋනේ. ඉතිං ඒකට පිළිතුරු විදියට කෙනෙක් ලියන්නම් කිවුවත් තාම නෑ. සමහර විට ඒ කවුද කියලවත් කස්ටියට මතක නැතිව ඇති. අවුරුද්දක් කිවුවම එසේ මෙසේ කාලයක්ද?. සිංහල බ්ලොග්කරුවන්ගේ ප්‍රථම හමුවීමටත් ඒ වගේම කාලයක් ගතවෙලා.

ඉතිං මං හිතන විදියට මුලින්ම ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙදි විභව අන්තරය(V) හා ධාරාව(I) ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ.
ධාරාවක් කියන්නේ ඉලෙක්ට්‍රෝන අඩු තැනක සිට වැඩි තැනකට ගමන් කරන කොට.

හෝව් වැරදුනේ නම් නෑ. ඒක වෙන්නේ මෙහෙමයි. ඉලෙක්ට්‍රෝන කියන්නේ (-) ආරෝපිත ඒවටනේ. ඉතිං - ආරෝපණ වැඩි වෙනව කියන්නේ එතන විභවය අඩු වෙනව කියන එකයි. එතකොට ධාරාවක් ගමන් කරන්නේ ඉලෙක්ට්‍රෝන අඩු තැන ඉඳල වැඩි තැනට. ඒකටම කියන්න පුලුවන් + ආරෝපණ අනිත් පැත්තට ගමන් කරනව කියලා. හැබයි මතක තියාගන්න සන්නායකයක් තුල නිදහසේ චලනය වෙන්න පුලුවන් ඉලෙක්ට්‍රෝන වලට විතරයි කියල

එතකොට විද්‍යුත් රසායනික කෝෂයක් ගත්තොත් මේ විදයට පැහැදිලි කරගන්න පුලුවන්. කෝෂයේ කෙටි ඉර තියෙන පැත්තෙ තමයි ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියෙන්නේ.


මේක ගත්තෙ විකිපීඩියාවේ http://en.wikipedia.org/wiki/Electric_current පිටුවෙන්

මේක හොදට මතකතියාගන්න
ධාරාවක් නැතිව විභව අන්තරයක්(V) තියන්න පුලුවන් උනත් කවදාවත් විභව අන්තරයක් නැතිව ධාරාවක් පවතින්නෙ නෑ

එතකොට මේ ගලන ඉලෙක්ට්‍රෝන ධාරාවට බාධාවක් ඇති කරන දෙයක් තමයි ‍resister එකක් කියන්නේ. ප්‍රායෝගිකව හැම විදුලි උපකරණයකටම resistance එකක් තියෙනවා.

මේ පහලින් තියෙන්නේ ඉලෙක්ට්‍රොනික ලෝකයේ භාවිත වන resister එකක්. මේක ගත්තේ http://www.afestlouis.org අඩවියෙන්


ඔය රෙසිස්ටරයේ පාට වළළු වලින් ඒකෙ අගහ කියවගන්න හැටි ඊළඟ ලිපියෙන් බලමු



Related Posts Plugin for WordPress, Blogger...