
ප්‍රධාන දුම්රිය නියාමක යනු දුම්රියක් බාරව යන තැනැත්තාය. රියදුරුටත් වඩා දුම්රියේ වගකීම පැවරී පවතින්නේ ඔහු වෙතය. කොඩිය ඔසවනවාට, ටෝච් ගසනවාට වඩා ඉතා විශාල වගකීමක් දුම්රිය නියාමක වරයෙකුට පැවරෙයි. කලට වේලාවට දුම්රිය ප්‍රමාදයකින් තොරව ධාවනය කරවීමත් වේගය පාලනය කිරීමත් ඔහු සතුය. දුම්රිය සංඥා කණුවෙන් කණුවට දුම්රිය ගමන් ගත් වේලාව ලොග් පොතට සටහන් කරමින් දුම්රිය ගමන් ගන්නා සම්පූර්ණ කාලසීමාව තුලදීම ඔහු කාර්යබහුලව සිටිය යුතු වේ. ඉහත කරුණු සියල්ල සැලකූ විට දුම්රිය...